IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ජල පනතක් ගෙන එනවා ‘

(විනීතා එම් ගමගේ)

ජල පනතක් ගෙන එන්නට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ජල මූලාශ්‍ර, ඒවායේ සංවිධිත බව, එහි අයිතිය වගකීම වැනි කරුණුවල දී ජලය සම්බන්ධ නීතියක අවශ්‍යතාව පැන නගින බැවින් ජල පනතක් ගෙන එන්නට අවශ්‍ය බව හෙතෙම කියා සිටියේය.

නව පනත උල්ලංඝනය කළ හොත් නීතිමය පියවර ගත හැකි පරිදි නව පනත ගෙන එන බවත් එය කිසිසේත්ම ජනතාවට පීඩාවක් බවට පත්වන පනතක් නොවන බවට සහතික වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජලය සීමිත සම්පතක් වන බවත් එය ජනතා අයිතියක් බවත් කී නානායක්කාර මහතා සීමිත පිරිසක් එහි ප්‍රතිලාභ ගැනීම වලක්වා සියලු දෙනාට ජලය ලබාගැනීමට ඇති අයිතිය ජල පනතකින් තහවුරු කරන බව ද කියා සිටියේය.

වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ ජල සම්පාදන අමාත්‍යංශයේ අද  (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි වසර පහ අවසන් වන විට සියලු දෙනාට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙලක් යටතේ මෙම ජල පනත ද ගෙන එන බවය.

තැන් තැන්වල සිදුවන භූගත ජලය ලබා ගැනීම වැරදි බවත් මතුපිට ජල තලයේ ජලය රඳා පවතින්නට නම් භූගත ජලයේ මට්ටම යහපත් විය යුතු බවත් කී අමාත්‍යවරයා ජල සංරක්ෂණය හා උත්පාදනය සිදුකළ යුතුව ඇතැයි ද කීය.

ජලයේ ඉපැයීමක් නැතිවම සැපයීම සිදුවන්නේ යැයි ද ඒ පිළිබඳ පර්යේෂණ සිදුව නැතැයි ද කී නානායක්කාර මහතා අහසින් වැටෙන ජලය මුහුදට යා නොදී යළි භූගත කිරීමට කටයුතු කළ යුතු බව ද එවිට මතුපිට ජල මට්ටම තබා ගත හැකි බව ද කියා සිටියේය.

නව ජල යෝජනා ක්‍රම පහක් ක්‍රියාත්මක කරන බවත් දිනපතා ඇතිවන නව ජල අවශ්‍යතා සඳහා එම යෝජනා ක්‍රම තුළින් විසඳුම් ගෙන එනු හැකි වන බවත් ඔහු සඳහන් කළේය.

එම නව ජල යෝජනා ක්‍රම වන්නේ පට්ටියවිල , මන්නාරම, කටාන, දැදුරුඔය හා මාතලේ  යන ජල යෝජනා ක්‍රම යැයි ද එයින් පවුල් තුන් ලක්ෂ දස දහසකට අධික පිරිසකට ජල සම්බන්ධතා ලබා දිය හැකි වන්නේ යැයි ද නානායක්කාර මහතා පැවැසීය.
         



අදහස් (5)

‘ජල පනතක් ගෙන එනවා ‘

Asanga Monday, 31 August 2020 11:24 AM

ඕක ඉතින් ආයේ අමුතු මාධ්‍ය සංදර්ශන දාන්න අවශ්‍ය දෙයක්ද? තියෙන නීතිටික ආරක්ෂා කළොත්නේ වඩාත් වැදගත්..

:       0       1

Rohana Monday, 31 August 2020 11:28 AM

පළමුවෙන් හා ඉක්මන් අවශ්‍යතාව වන්නේ ජල සම්පත් මණ්ඩලයට ජල මීටර් හා ජලබට ඉක්මණින් සපයාදී ජල පහසුකම සඳහා මුදල් ගෙවා ඇති සැමට ජල සම්බන්ධතාව ලබාදීම ඉක්මන් කිරීමයි. ජල මීටර් සහ ජල බට මණ්ඩලයට නොමැතිකමින් අනාගත ජල පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති...

:       0       0

විජේ Monday, 31 August 2020 12:04 PM

ඇමතිතුමා පරිස්සමින්, පනතෙ 'න' යන්න වෙනුවට 'ක'‍ යන්න ලියැවෙයි.. පුරුද්දට වගේ..

:       0       1

pradeepa Monday, 31 August 2020 03:05 PM

වාසු වතුරවලට ෆ්‍රී ඔෆ් චාර්ජ් කරන්නකෝ? සාමාන්‍ය පාරිභෝගිකයින්ට.. ඔය පනතින්..

:       0       1

Bamunuarachchi Tuesday, 01 September 2020 01:48 AM

මේ හදන්නේ ළිංටික වහලා දමන්න. ළිංවලට බදුගැසුවා කියලා මේ උන්දෑ කියන ගැටලු විසඳෙන්නේ නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 58 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1854 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4282 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1063 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2846 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1483 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site