IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘ජල සම්පාදන මණ්ඩලයත් විකිණීමේ සැලසුමක්‘

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පෞද්ගලීකරණය යටතේ විකුණා දමා වැඩි මිලට එම සමාගම්වලින් ජලය ලබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩල සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක මහතා අද (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ නිසා ජල ඒකකයකට රුපියල් 50ක් හෝ ඊට වැඩි මිලක් ජනතාවට ගෙවීමට සිදුවන බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

‘ජල සම්පාදන මණ්ඩලයත් විකිණීමේ සැලසුමක්‘

මහේෂ් ඩුබායි Sunday, 15 January 2017 01:59 PM

අනේ අර බුද්ධිමත්, දේශ හිතෙෂි ලක්ෂ 62 මහජනතාව කෝ හැබෑට? ඔබට සතුටුයිද දැන්? (බ)

:       0       0

හිමාල් Sunday, 15 January 2017 02:51 PM

කලින් ජල ගාස්තුව වැඩි කරන්න හදනකොට ලාවුළු කාපු රිලවු වගේ කට වහන් ඉඳලා දැන් පුද්ගලීකරණය කරලා ගාස්තු වැඩි කරන්න හදනවලු. මෙතන තියෙන්නේ තමන්ගේ අකාර්යක්ෂමතාව වහගන්න හදන එක. (බ)

:       0       0

දක්ෂිණ Sunday, 15 January 2017 03:22 PM

මොවුන් නියම වැඩකරන මිනිස්සු නම් මිනිසුන්ගේ ජල අවශ්‍යතාව සපුරන්න පුලුවන්වෙන්න ඕනෑ (නි)

:       0       0

ශෙහාන් Sunday, 15 January 2017 04:10 PM

රාජ්‍ය සේවය රටට බරක් කළේ කවුද කියලා අමතකවෙලා (නි)

:       0       0

පරාක්‍රම Sunday, 15 January 2017 04:41 PM

මේ කාලයේ ඇතැමුන්ට කඩේ යන ඇතැමුන් පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා ජනතාව කුලප්පු කරවීමට මනෝ ලෝකයක සිට මනෝවිකාර දොඩවමින් සිටින බව නම් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ඇත්ත නැත්ත ගැන විපරම් කර බලා අදහස් දැමීමත් ක්‍රියාත්මකවීමත් කාගේත් යහපතට යෝග්‍යයයි සිතමි. (නි)

:       0       0

අප්පුහාමි Sunday, 15 January 2017 05:22 PM

ඕක මොකක්ද? දැන් ලංකාවම විකිණුවත් මම නම් පුදුමවෙන්නෙ නැහැ (නි)

:       0       0

සරා Sunday, 15 January 2017 05:29 PM

"සීගිරි ගලත් දීලා ගල් කොරියකට, හෝටන් තැන්න දෙමු සෙල්ලම් පිටියකට" (නි)

:       0       0

චන්දා Sunday, 15 January 2017 07:31 PM

තව ටික කලකින් වැසිකිළි යන්න වතුර ටිකක් ගන්න වෙන්නෙත් පිටරට කොම්පැනියකට සල්ලි දීලා. (නි)

:       0       0

ශානක Sunday, 15 January 2017 10:13 PM

අශාන් වගේ ලෝකය ගැන දන්නා ගොඩක් අය තමා මේ යහපාලනයට ඡන්දෙ දීලා මේ රටට මෙහෙම කළේ (නි)

:       0       0

සඳුන් Monday, 16 January 2017 12:03 AM

රජයේ සේවකයෝ අතරින් 1% විතර නම් හොඳ මිනිස්සු ඉන්නවා රටගැන හිතල වැඩකරන. මම නම් කියන්නේ මේ රජයේ ආයතන සියල්ල පෞද්ගලිකරණය කළා නම් වැඩ ටික හරියට නියම වෙලාවට කරගන්න පුළුවන් අපිට පගාව නොදී. (නි)

:       0       0

රාධා Monday, 16 January 2017 01:24 AM

මෙම ආයතනයේ සමහර වෘත්තිය සංගම්වල නිලධාරින් ක්‍රියාකරන්නේ ආයතනය රැකගැනීමට නොව තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සංවර්ධනය කරගැනීමටය. තමාගේ රාජකාරි කටයුතුවත් නොකරමින් සිටින රාජ්‍ය ආයතන වලින් මුලින්ම නම් සඳහන් වන්නේ මේ ආයතනයයි. (නි)

:       0       0

සමන්ති Monday, 16 January 2017 01:33 AM

රාජ්‍ය ආයතන අතරින් මෙම ආයතනය වැඩකරන අයට ලෙඩ දමන දේශපාලකයින් විසින් පත්වීම්, තනතුරු දී ඇති වැඩ නොකරන සේවකයන් සිටින ආයතනයක් ලෙස සම්මාන පවා ලැබියයුතු ආයතනයකි. (නි)

:       0       0

ජනහිත Monday, 16 January 2017 03:02 AM

මොවුන්ට කියන්න තියෙන්නේ මොන වචනද කියලා දන්නේ නැහැ. මොකද ඒවා දැන් මරදානේ තියා ගම්වලවත් අහන්න නැහැ. (නි)

:       0       0

ජගත් ලියනගේ Sunday, 15 January 2017 08:01 AM

මෙහෙම ගිහිල්ල අපිවත් කාට හරි විකුණලා දානව ,ඔය විදියට ගියොත් (බ)

:       0       0

අනුරාධ Sunday, 15 January 2017 08:26 AM

මෙම අායතනය වගේ ම ,අනෙකුත් රජයේ සහ අර්ධ රජයේ සේවකයෝ බහුතරයක් දුන්නේ ,හංසයාට තමා. දැන් බොරුවට කෑකෝ ගසනවා (බ)

:       0       0

සමන් මිනුවන්ගොඩ Sunday, 15 January 2017 08:30 AM

ජයවේවා : තවත් යහපාලන ඡන්ද ප්‍රතිඵලයක්. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 15 January 2017 08:39 AM

රජයේ කියාලා සේවකයෝ උඩ ඉඳලා පහලටම ආයතන කා දමනවානම්, වැඩකරන්නේ නැතිනම් වර්ජන තර්ජන හැමදාමත් නම්, පුද්ගලික අංශයට දීලා සේවය ලබාගැනීමේ ඇති වරද කීම? (බ)

:       0       0

ශානක Sunday, 15 January 2017 08:39 AM

අනේ ආසියාවේ හොදම මොලේනේ රනිල්ට තියෙන්නේ එ්නිසා රටම විකිණුවත් හුරේ දාන්න මෝඩ ජනතාවක් ඉන්නේ ලංකාවේ (බ)

:       0       0

කුමාර Sunday, 15 January 2017 08:46 AM

නියමයි. ජය ශ්‍රී යහපාලනයට! (නි)

:       0       0

අශාන් Sunday, 15 January 2017 08:59 AM

ශානක,පොඩ්ඩක් ලෝකය ගැන දැනගන්න උත්සාහ කරන්න. අද දියුණු ආර්ථික තියෙන රටවල හැමදෙයක්ම තියෙන්නේ පුද්ගලික අංශයේ.රජයන් මුදල් ඉතිරි කරන්නේ ඒ විදිහටයි. අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ හැමදෙයක්ම රජයෙන් නිකන් ගන්න (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 15 January 2017 09:06 AM

මමනම් කියන්නේ රටේ තියෙන සියලුම ජලාශ ටික විකුණාදමා රට ණය බරින් මුදවා ගතයුතුයි ...යහපාලනයට දෙවියන්ගේම පිහිටයි ...(බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 16 January 2017 06:25 AM

විකුණන්නේ නැතුව මොනවා කරන්නද?රාජපක්ෂ යුගයේ ගත් ණය කන්ද ගෙවන්න නම් ඔක්කොම විකුණන්න වෙනවා. මේ රජයේ කවුරුවත් වංචා දුෂණ කරන අය නැහැ (නි)

:       0       0

ගයාන් Sunday, 15 January 2017 09:59 AM

මෙම ආයතනය පාඩු ලබන ආයතනයක් , මෙහි කාර්යක්ෂමතාව ගැන නිකන් සොයා බලන්න. වැඩිය නෙමේ අලුතින් ජාල සැපයුමක් ගන්න ගියොත් නිලධාරීන්ගේ තරම මැනගන්න පුළුවන්. කෙදිනක හෝ මෙය පෞද්ගලික අංශයට විකුණා කාර්යක්ෂම හා සාධාරණ සේවයක් ලබාදීමට හැකිනම් විකුණා දැමීමේ කිසිදු වරදක් නැත. (බ)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 15 January 2017 10:10 AM

හැමදේටම කලින් රටේ ලොකුම සුදු අලියා වන, රාජ්‍ය සේවය පෞද්ගලීකරණය කළ යුතුයි. හැබැයි, ඒකනම් කවදාවත් වෙන්නේ නැහැ. මොකද, රටට මිසක් දේශපාලුවන්ට එයින් වාසියක් වෙන්නේ නැහැනේ. (බ)

:       0       0

ප්‍රියාන් Sunday, 15 January 2017 10:19 AM

නන්දා මාලිනියගේ සින්දුව ඇත්ත වෙන්න වගේ යන්නේ..මේ විදියට ගියොත් ඒවත් විකුණයි පඩි ගෙවා ගන්න බැරුව..(බ)

:       0       0

නදීක Sunday, 15 January 2017 10:56 AM

මොන දේශපාලන මත වාද වල හිටියත් ඇත්ත ඇති සැටියෙන් දකින්න. එතකොටයි අපිට ජාතියක් විදිය ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නාස්තිය සම්පත් අවභාවිතය අවම කරන්න පුළුවන් නම් ආයතනයක සේවකයෝ මේ තමන්ගේ තැන කියල හිතනවානම් ,තවදුරටත් තරගකාරීව ප්‍රශස්ත සේවාවක් සපයනවානම් කවදාවත් පාඩු ලබන ආයතන ඇතිවෙන්නේ නැහැ. (බ)

:       0       0

රණතුංග Sunday, 15 January 2017 12:12 PM

ඔන්න ඔහේ විකුණලා දාන්න දෙමු මචන්. ඔය තව දෙක තුනක් තියෙන්නේ ආණ්ඩුවට. නොමිලේ සෞඛ්‍ය, නොමිලේ අධ්‍යාපන, ආහාර ආනයනය. වගේ දේවල්. හැබැයි පුතෝ සමනල ගිරි, සිගිරි දෙකනම් විකුනන්න දෙන්න එපා. (බ)

:       0       0

සෙනෙවි Sunday, 15 January 2017 01:32 PM

ජලසේවා සහ ජල සම්පත් පෞද්ගලිකකරණය කිරීමට වසර 2000දී රනිල්-ච්න්ද්‍රිකා ආණ්ඩුව පණත් හදනකොට ඊට සහය ලබාදුන් නෙදර්ලන්තය ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජලසේවා පෞද්ගලිකකරණය කිරීම වළක්වන පරිදි සකස් කරගත්තා .උරුගුවේ රජයත් එලෙස කරගත්තා .රනිල්-චන්ද්‍රිකා රජය 2003දී ජලසේවා බ්‍රිතාන්‍ය සමාගම් වලට විකිණීමේ අදහසින් ‘ජලසේවා ප්‍රතිසංස්කරණ පනත‘ කෙටුම්පත් කළත් මහජන විරෝධය නිසා අකුලා ගත්තා .එය නැවත කරලියට ගෙන ඒමට උත්සාහ ගන්නා බව පෙනේ .මෙය ක්‍රියාත්මක කිරීමට තැත්කලහොත් බොලීවියාවේ ඇතිවූ මහජන අරගල වලට සමාන තත්ත්වයක් අපේ රටෙත් ඇතිවී ආණ්ඩු කරන අයට ගෙදර යාමට සිදුවන බව කිවයුතුය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 894 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 137 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 328 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 473 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2163 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4214 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site