(සුරංග රාජනායක)
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හැර යාම සිදුවෙමින් තිබෙන බව එගම් වැසියෝ පවසති.
මෙහි බොහෝ නිවාස වල ජලය පරිහරණය කිරීම සිදුකරනුයේ එය ලෝකයේ අන්තිම ජල බිඳු කීහිපය පරිද්දෙනි.
නිවසට රැගෙන එන ජල කළයෙන් හාල් සේදීම කළහොත් ඉන් පසු එම ජලයෙන් කෝප්ප පිඟන් හා හැලි වළං සෝදා ඉතිරිය විසි නොකර වැසිකිළි කැසිකිලි පහසුකම් වලට යොදා ගන්නාබවද මොවුහු පවසති.
ජලය නොමැතිව මෙතරම් පීඩාවට පත්ව සිටින්නේ බෝවල, කැබැල්ලගොල්ල, මිරිහන්දෙනිය ,තේ වත්ත, අඟුරුවල හා වළහේන ගම්මානයි. මේ සෑම නිවසකටම වැසි ජලය එකතු කරන භාජන තබා ඇත්තේ නව ව්‍යාපෘතියක් පරිද්දෙනි.
මෙම ගම්මාන සියල්ලටම ඇත්තේ කිලෝමීටර් එකහමාරක් දෙකක් දුරින් පිහිටි පුද්ගලික නිවසියෙකු සතු ලිඳකි.ගම්මානවල සිටින පිරිස් වැඩි දෙනෙක් එදිනෙදා කුලී වැඩ කර ජීවත් වන්නන් ය.
බොහෝ දෙනෙකුට සිදුව ඇත්තේ මුදලට තම ජල අවශ්‍යතා සපුරා ගැනීමටය. වතුර කළයක් කර තබා ගමට රැගෙන එන අයකුට රුපියල් සීයක් දෙසීයක් දිය යුතුය.
එසේ නොමැති නම් කුලිය දී තීරෝද රථයකින් ජලය රැගෙන ඒමද මොවුන් සිදු කර ගනිති.
තේ දළු කඩා හෝ වතු සුද්ද කර ජීවත්වන තමාට එසේ මුදලට ජලය ගතහොත් එදින ආහාර වේල පිරිමසා ගැනීමටද නොහැකි වන බවද ඔවුහු සඳහන් කරති.
මෙම ගම්මානවල කොටසක් උඩුනුවර ප්‍රාදේශීය සභාවටත් තව කොටසක් ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය සභාවටත් අයත්ය.
ඒහෙත් ඒ එක පරිපාලන ඒකකයකින්වත් මොවුන්ගේ ගැටළුවට විසඳුමක් ලැබී නොමැත. මීට වසර 15කට පෙර සමෘද්ධිය මගින් ගමට ජල ටැංකි දෙකක් සාදා දී ඇතත් අදටත් ඒවාහි එක වතුර බිංදුවක්වත් නොමැත.
එසේම මෙයට වසර හතරකට පෙර ජල සම්පාදන ඇමති ඇතුළු ප්‍රදේශයේ ඇමතිවරු පැමිණ මුල් ගල් තබා නාම පූවරු ගසා ජල ටැංකියක් සෑදුවද අදටත් එය ක්‍රියාත්මක නොමැත.
ජලය මුල් කර ගනිමින් ඡන්දයට පමණක් ගමට විත් තමන්ව රවටන දේශපාලඥයන්ට විරුද්ධව ගම්මු එම නාමපුවරුද කඩා විසිකල බව පවසති.
පාසල් ළමුන්ට නිසි ලෙස පිරිසුදු වී පාසල් යාමට නොහැකි අතර බොහෝ දරුවන් නිවසින් පිරිසිදු ජල බෝතලයක් රැගෙන පාසල් ගියද මෙම දරුවෝ පාසල් නළ ජලය බලාගෙන හිස් බෝතල් පාසලට රැගෙන යන බව පවසති. එසේම මව්වරු පවසන්නේ සතියට දින දෙකක් ළමුන් පාසල් නොයවන බවයි.ජලය ඇති ඈත ප්‍රදේශවලට ගොස් ළමුන් නහවා පිරිසිදු කිරීමට අවශ්‍ය නිසා මේ ලෙස කරන බවද ඔවුන් සඳහන් කරති.
ජල සම්පාදන මණ්ඩලයද පවසා ඇත්තේ ජළ පීඩනය අඩු නිසා ගමට ජලය දීමට නොහැකි බවය. එහෙත් ගම්මු පවසන්නේ ජල සම්පාදන මණ්ඩලය සතු නිල්ලඹ ජලයෝජනා ක්‍රමය හා ගම්පල ජළ යෝජනා ක්‍රමය මෙම ගම්මාන වලට ඉහළින් පිහිටා ඇති බවය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජලය නොමැති ගම්මාන පහක්
සමන් Monday, 07 October 2024 05:52 AM
යකෝ ඔය මිනිස්සුන්ට බොන්න වතුර ටික හදලා දෙන්න...!
K W සුගතපාල Monday, 07 October 2024 06:30 AM
ලිපියේ කරුණු අනුව ව්‍යාපෘති ආරම්භ කල දේශපාලුවො වැඩ සම්පූර්ණ නොකර විවෘත කර ගිහිල්ලා කියලා පේන්නෙ ජල ටැංකි හැදුවා කියලා ජලය ලැබෙන්නේ නැහැ කියලා උන්දැලා නොදන්නා බව පේනවා ඔය තත්වය රටේ අනෙක් ප්‍රදේශවල තියෙනවා ඒත් ඔය තරම් දරුණු තත්වයක් නැහැ මම උදාහරණයක් කියන්නම් මෑතකදී දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගත් 1970 සිට පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් ජල ඇමැතිවරයා වෙලා තමන් අවුරුදු පනහකට වැඩි කාලයක් දේශපාලන කටයුතු කල ආසනයේ ජලනල එලා වැඩක් ආරම්භ කලා ජල නල දිරාපත් වෙනවා කරපු දෙයින් සිදුවූ නාස්තිය ගැන විගණන නිළධාරින් මෙතෙක් කලක් බැලූ බවක් නැහැ එම දේශපාලුව තමන්ගේ ආසනය වෙනුවෙන් කළ එකම වැඩෙත් එහෙමම නෑවතිලා . එතින් අවුරුදු 54 ක් කාලයේ ඒ මිනිහා කල වැඩේ එහෙම නම් අවුරුදු 76 ක් තිස්සේ මොනවාද කලේ ඇහුවම වරදක් නැහැ නේද