කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී හදිසියේම ඇතිවු ගින්නකින් සම්පුර්ණයෙන්ම විනාශ වී ගියේය.
26 වැනි දින රාත්‍රී 11.30 ට පමණ ගින්න හට ගත් අතර අලුයම 1 පමණ වන තුරු ගින්න පැවතිණි.
ගින්න හට ගන්නා අවස්ථාවේදී බස් රථයේ මගීන් 27 දෙනෙකු සිට ඇත.නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.
රාත්‍රී 9.15 පමණ කොළඹින් ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථය අලුයම 5.00 ට යාපනයට ළගා වීමට නියමිතව තිබී ඇත.
ගමන් කරමින් තිබුණු බස් රථයේ ඉදිරිපස ටයරයක් එක්වරම පුපුරා ගිය බවත්,ඒ සමගම ගින්න හට ගත් බවත් ගිනි ගෙන විනාශ වු බස් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත.ඒ සමගම බස් රථයේ සිටි සියළුම මගීන්ව සහ එහි තිබු බඩු බාහිරාදිය ඉවත් කරන්නට බස් රථයේ සේවකයින් කටයුතු කර ඇත.නමුත් හදිසි ගින්නක් ඇති වුවහොත් එය නිවා දමන්නට ගිනි නිවන උපකරණ බස් රථයේ තිබී නැත.
ගින්න අවසන් වනතුරුම එය නිවා දමන්නට කිසිදු ගිනි නිවන රථයක් හෝ ඒකකයක් පැමිණියේ නැත.
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මෙම සිද්ධිය සිදුවීම නිසා එම මාර්ගයේ ගමන් කළ සෙසු වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යවන්නට මාදම්පේ පොලීසියේ රථවාහන අංශයේ නිළදාරීන් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන බස්.(දිල්)
ගිනි නොගෙන තියේවී යැයි යන්නේ රොකට් වගේනේ.(දිල්)
නව තාක්ෂණය ලොව වෙලා ගනිද්දී යදිමින් සේරකර බලන් හිටිය අපි(දිල්)
මේවා ඉන්දියානු බස් රථ තාක්ෂණයේ දුරුවල තැන තම මේ..මමත් ගිහින් තියනව හදිසියට පිට වෙන්න තියන දොර අරිනවා තිය හිතාගන්නව බැහැ. විදේශ රට වල සැම වහනයකම ගිනි නිවීමේ උපකරණය අනිවාර්යයි අදායම් බලපත්තරය අලුත් කරන්න බැහැ ගිනි නිවීමේ උපකරණය සහ ආරක්ෂක පියවරයන් නැත්නම්.(දිල්)
මේ ඉන්දියන් අශෝක් ලේලන්ඩ් එකක්නේ. ඔය පැහැදිලිවම පෙන්න තියෙන්නේ (දිල්)
ගිනි නිවන උපකරණ නොතිබූ එකට අයිතිකරුට වෙනම නඩුවක් දාන්න ඕනෑ.ජිල්මාට් එකක්ද මන්දා..?කොහොම වුණත් ජීවිත බේරුනාට අපේ සතුට.කිසිම ගිනිනිවන ඒකකයක සහය නොලැබුනාද?නොපැතුවාද?...ප්‍රශ්ණ වැලක් වගේ.. (නි)
මගීන්ට කිසිදු අනතුරක් සිදුවී නැත්තේ කොහොමද? (නි)
ඉන්ෂුවරන්ස් කොම්පැණියට ඇඩෙනවා ඇති මේක දකිද්දී. (නි)
හරිම අපරාධයක් නේ ....? (නි)
ආපොයි මෙය සිදුවී තියන්නේ අපේ ගමේමනේ අපරාදේ බසෙක. ජීව්ත හානියක් නැති වීම ගම් බාර තනිවැල්ලේ දෙවේයන්ට පින් සිද්දෙ වෙන්ඩ ඕන (අ)
ඇත්තටම කොහොමද ජීවිත බේරුනේ? ටයර් එකක් ගියා කියලා බස් එකක් ගිනි ගනීද? කෝ අපේ රටේ ගිනි නිවන ඒකකය? (නි)
අපේ මිනිස්සු අලියා ගත්තට හෙන්ඩුව ගන්න ලෝබයි (දිල්)