මොරටුව ගාලු පාරේ වඩු කාර්මිකයන්ගේ උත්ඝෝෂණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මොරටු සංවිධායක හා හිටපු තැපැල් සේවා ඇමැති ජිවන් කුමාරණතුංග මහතාට වතුර බෝතල් ගැසී යැයි කියන සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් යුතු කණ්ඩායමක් පත් කැර ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජු මහත්මයා වැරදියි, මිනිස්සු අමනුස්සයෝ වෙලා නෙවෙයි, අමනුස්සයෝ කරවලා (ස)
පෙළපාලි වේලට වතුර, බව්සර් වලින් නේ ගහන්නේ. (ස)
මෙයා රටට මොනවද කලේ? රගපාමින් නැටුවා අපි ඒවා බැලුවා.(නදී)
මේක චණ්ඩින්ට ගිය රටක් (නි)
නැද්ද කැමරා දර්ශන එහෙම? (නි)
මහජනතාවගේ ඡන්දයත් අරන් ,ජනතාවගේ සල්ලි වලින් සුරසැප විදිමින් ,ජනතාවට පීඩා දෙන හොර දේශපාලකයන්ව හොයන්න තමා නියම විදියට නම් පොලිසිය දාන්න ඕනෑ. (නි)
ජීවන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
පොලිසිය මේවා තමා පන දාගෙන හොයන්නේ, සාමාන්‍ය මිනිහගේ කට උත්තර ලියා ගන්නෙත් නැ. (ස)
මම හිතනවා තව පොලිස් කණ්ඩායම් කීපයක්ම පත් කලයුතුයි මේ භයානක දේ කරපු මිනිස්සු අල්ලන්න. (ස)
නිතිය අකුරටම කෙරෙනවා, හැමෝටම එක වගේ සලකන්නේ. නේද? (නි)
වතුර බෝතලෙන් ගහපු එකට සහකාර පොලිස් අදිකාරී සමග පොලිස් කණ්ඩායමක් පිස්තොලෙන් ගහපු අය ගැන සොයන්න හොරා පොලිස් කණ්ඩායමක්. අනේ දෙවියනේ?(නදී)
මෙතන පොඩි අත් වැරදීමක් වෙලා වගේ නේද? ඇමති තුමා අව්වේ කට්ට කාගෙන එනවා දැකපු පාක්ෂිකයෙක් බොන වතුර බෝතලයක් ලඟට විසිකලා මයේ හිතේ. එහෙම නැතුව හුදී ජනතාවට ඇමති උත්තමයෙක් ලඟට ගිහින් වතුර බෝතලේ දෙන්න ආරක්ෂකයෝ ඉඩ දෙනවයෑ ආය්බෝවන්. (මේක ඇමති තුමාට තේරුම් කරලා දෙන්න. එතකොට ඕක හොයන්නත් ඕනේ නැහැ).(නදී)
සාමාන්‍ය මිනිස්සුන්ට ඔය විදියට සංවිදානය වෙන්න බැහැ. ඕක යට රතු මල්ලිලා ඇති නිසැකවම. ඔහොම තැනටකට යනකොට කල්පනාවෙන් යන්න. රතු මල්ලිලා ඉන්නේ දැන් මොකකින්ද මොකක් කඩා ගන්නේ කියල බලාගෙන. (නදී)
හිටපු ඇමති නෙමෙයි අපේ දැන් ඉන්න ඇමති ජීවන් මහත්තයා.(නදී)
ඇමති තුමා ඔය මිනිස්සුන්ට සමව දෙන්ඩ. ආයි ඔවැනි තැන්වලට යන්න එපා, දැන් මිනිස්සු අමනුස්සයෝ වෙලා තියෙන්නේ. (ස)
වැරදි තැනට වැරදි ඇමති තුමා ගිය නිසානේ මේක උනේ. ඒ නිසා මේ අහිංසක මිනිසුන්ගෙන් පලි ගන්න එක නම් හරි නෑ නේද ආයිබෝන්. ඔන්න වඩු කර්මාන්ත ඇමති තුමා ගිහින් කලබල කලානම් දඬුකඳේ ගැහුවත් අපිනම් හුම් කියන්නේ නැහැ.(නදී)
මතකද පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී හාමුදුරුනමකට තවත් ජනතා සේවකයෝ ටිකක් එකතුවෙලා කරපු අසමච්ජාති හිරිහැරය." දිට්ට ධම්ම වේදනීය කර්මය " කියන්නේ මේවට තමයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් යුතු කණ්ඩායමක් පත් කැර ඇතැයි කියල පත්තරේක තියනවා එදානම් අපි දැක්කේ නැහැ. ඕවට උත්තර දෙන්න මගේ කතෘ තුමා ඉඩදෙන එකක් නැහැ. මේකනම් කපන්නේ කොටන්නේ නැතිව පලකරන්න. (නදී)
පොඩි මිනිහා මොනදේ කළත් ඒක ලොකුවට අරන් ඒ ගැන හොයන්න බලන්න කට්ටිය ඉන්නවා. ඒත් මීට වඩා දේවල් ලංකාවේ වෙනවා. ඔය ඇමතිලා මන්ත්‍රිලාගෙන් පොඩි මිනිහාට වෙන දේවල්. ඒවා බලන්න කවුද ඉන්නේ කවුද? මේකද මේ ආස්චර්‍යය (නි)
මෙයා රඟපානකොට ඉහලට මතුවෙන්නෙ පසුබිම් ගායකයාවනේ. (නි)
ලොවෙහි එකෙක් එක දෙයකට වෙයි සමත කියල පැරණි කියමනක් තියෙනවනේ ...... නළුකම හොඳ නැද්ද ඇමතිතුමෝ ඔය කමකට නැති දේශපාලනයට වඩා... නළුවෙක් වෙලා හිටිය කාලේ ඔබට මිනිස්සු කොයි තරම් ආදරය කලාද? අද ඔබතුමා දේශපාලන රාමුව තුල හිරවෙලා නේද ? (ස)
ගල් වලින් ගහන්නේ නැතුව වතුර බෝතල් වලින් ගැහුව එක හොඳයිනේ. (ස)
ප්ලාස්ටික් වතුර බෝතලයකින් ගැහුවම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් යුතු කණ්ඩායමක් පත්කරනවා. නුරි වත්තේ මිනීමරුවෝ නිදැල්ලේ, ස්ත්‍රී දුෂක ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරු නිදැල්ලේ. එයාලව හොයන්න එක පොලිසියක්වත් පැමිණිල්ලක්වත් බාරගන්නේ නැත්තේ ඇයි? (නි)
පොලීසියෙන් වැරදිකරුවන් හොයන්නේ පැමිණිලිකරු බලවතෙක් නම් පමණයි, නූරිවත්තේ අධිකාරිතුමාට වෙච්ච දේත් හොයන්නේ වක්‍රාකාරව හෝ ඇමරිකානු මැදිහත්වීමක් තියන නිසාලුනේ? සාමාන්‍ය අපට ගැන බලන්නේ කවුරුද? (නි)
අර මාලිංගට වගේ,මෙයාට ඔයවගේ තැන් වලට යන එක වසර 2 ට තහනම් කරන්න ඕනෑ (නි)
බලය ඉදිරියේ අසරණ වෙලා සිටින සාමාන්‍ය ජනතාවට දැන් කේන්ති එන කාලයක්. පරිස්සමින් පිලියම් යෙදිය යුතුයි. (ස)
ඔට්ටුයි බැරුවට වතුර බවුසර් ගෙනෙන්න ගන්න වෙලාවක් නැති නිසා,ජනතාව විසුරුවා හරින්නද වතුර බෝතල් ගැහුවේ? හැබැයි මම හිතන්නේ වැදුනේ ඇමතිතුමාටයි! (නි)