හෙට (10) සහ අනිද්දා(11) පැවැත්වීමට නියමිත ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නීති විරෝධී බවත්, තේරීම් කාරක සභාවේ තීන්දුව අභියාචනාධිකරණය මගින් අහෝසි කර ඇති නිසා විවාද කිරීමට දෙයක් නොමැති බවත්, තමන් විවාදයට සහභාගී නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.
එහි දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා කියනුයේ දෝෂාභියෝගයට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත කරන සියලු අරගල වලට සහාය දක්වන බවයි.
‘ආණ්ඩුව පලාර්ලිමේන්තුවේදී සිදුකරන විවාදයට අපි කිසි සේත් සම්බන්ධ වන්නේ නැහැ. එසේ සම්බන්ධ වුවහොත් අපි අධිකරණ තීන්දුව නොසලකා හැරියා වෙනවා.
සැකකරුවන් පැය 48ක් රඳවා තබා ගැනීම ගැන අධිකරණය දුන් අර්ථ නිරූපණයත්, දිවි නැගුම පණත ගැන දුන් අර්ථ නිරූපනයත් පිළි ගත්ත ආණ්ඩුව මේක පිළි ගන්නේ නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ චන්දය දෙන්න ඕනේ නැතිනම් විරුද්දව නොදෙන්න ඕනේ මොකද වර්ජනය කලේ (දී)
එකත් හොදයි
විරුද්දද නැද්ද (දී)
ඒක ඒ ගොල්ලන්ගේ කැමැත්ත (දී)
දැන් එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ නැති නිසා විවාදය නොගෙන ඉඳීවිද දන්නෙ නැහැ නේද? (නි)
මමත් ජේවීපී සමග එකඟයි (දී)
අධිකරණ තීන්දුවට ගරුකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ලක්ෂණයක්. (නි)