IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජවිපෙ නව නායක මංගල රැල්ල මහරගම

‘රනිල්ට, මහින්දට මේ රට හදන්න බෑත අවුරුදු 66ක් තිස්සේ වසර 33 ගානේ රට පාලනය කර ඒ පක්ෂ දෙකම රට අඟලක්වත් ඉදිරියට ගන්න බැහැ කියා ඔප්පු කර තිබෙනවා.‘ යැයි ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක මහතා සිය මංගල රැල්ල අමතමින් මහරගම දී පැවසීය.

‘මේ ආණ්ඩුව ප්‍රධාන කේන්ද්‍ර පහක් ගැන කිව්වා. දැනුම, බලශක්ති, නාවික, ගුවන්, වෙළෙඳ. පොදුරාජ්‍ය මණ්ඩලීය චෝගම් සමුළුවේදි සංචාරක කේන්ද්‍රය කියලා තව එකක් එකතු වුණා.

අපේ රටේ බලශක්ති කේන්ද්‍රය හදන්නේ  මාස 32ක් ඇතුළත 26 වතාවක් කැඩුණු නොරොච්චෝලේ තියාගෙන. විදුලිබල මණ්ඩලය 2011-2012 වර්ෂ දෙකේ පාඩුව රුපියල් කෝටි 8042යි. විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 8042යි. තෙල් සංස්ථාවේ පසුගිය වසර දෙකට පාඩුව 18,415ක්. ජනතාවට බදු ගහලා දඩ ගහලා ගන්න මුදල් ගිලින බහිරවයන් බවට  පත්වෙලා. ගුවන් කේන්ද්‍රය කරන්න තියෙන ආයතන දෙකේ පාඩුව කෝටි ගණනක්.

කුඩු, එතනෝල්, කැසිනෝවලින් කේන්ද්‍රයක් හදා තිබෙනවා.

මේ නිසා මේ රටට ප්‍රබල විපක්ෂයක් ඕනෑ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.‘

හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෝ ද ඊට සහභාගී වූහ.



අදහස් (0)

ජවිපෙ නව නායක මංගල රැල්ල මහරගම

රුවන් Friday, 28 February 2014 12:10 PM

රටේ යම්කිසි සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. නැහැ කියන්න බැහැ. නමුත් මම කියන්නේ අනිත් අය විවේචනය කර කර ඡන්දෙ ඉල්ලපු කාලේ දැන් අවසන් (අ)

:       0       0

ආශා Sunday, 16 February 2014 09:13 PM

ජය වේවා (දී)

:       0       0

චන්ද්‍ර Sunday, 16 February 2014 09:14 PM

එක අයකුට පමණක් රතු අඩු ඇදුමක් , වෙනස කුමක්ද?(දී)

:       0       0

saleem Sunday, 16 February 2014 09:19 PM

ජේ.වී.පී.ප්‍රතිපත්ති හොදා මොන එකක් වෙලාද මන්දා චන්දයක් දෙන්ඩ හිතක් නැති හැටි ! (දී)

:       0       0

නිහාල් Tuesday, 18 February 2014 01:32 AM

සුභ පැතුම් ඔබට ජය නියතයි. දූෂණයට ඉඩ දෙන්න එපා. (නදී)

:       0       0

දුක්වන රාල Sunday, 16 February 2014 09:44 PM

ඔබලාගේ කතා ඇත්ත ආණ්ඩුව ගන්නේ කසේද (දී)

:       0       0

දම්මිකා Sunday, 16 February 2014 10:13 PM

ජනතා විමුක්තියට ජයවේවා (දී)

:       0       0

අබ්දුල් සමාඩ් Sunday, 16 February 2014 10:13 PM

මෙරටේ ඉන්නා බත් ගිලින සිංහලයන්ට මේවා ගැන කොච්චර කිව්වත් තේරෙන්නේ නෙහෙ සහෝදරයා. (දී)

:       0       0

ජනක වැනිසියා Monday, 17 February 2014 12:02 AM

88 / 89 රට ආපස්සට ඇද්දේ කවුද (අ)

:       0       0

රණා Monday, 17 February 2014 12:47 AM

බීජ අයිතිය නැති කරන බිජ පනත, විෂ එකතු කරපු කෘමිනාශක ගැන කතා කරන ඒවා එහෙම අපට අදාල නැහැ හොදේ එතකොට අර අය තරහ වෙනවනේ. (අ)

:       0       0

විසුම්පල Monday, 17 February 2014 01:18 AM

මෙයාලටත් යමක් රටට කලහැකියි නමුත් ටිකක් උද්දච්චකම ඉවතලන්න ඕනේ . (අ)

:       0       0

සත්‍යා Monday, 17 February 2014 01:40 AM

ජයවේවා ..(දිල්)

:       0       0

රත්නායක Monday, 17 February 2014 01:52 AM

ජනතාවගේ එකම බලාපොරොත්තුව.ජනතාවාදී රජයක්! ජයවේව!!(දිල්)

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 17 February 2014 03:24 AM

රටේ මහජනතාවගේ කැමැත්තෙන් කවුරැ රටේ බලයට ආවත් කිසිම ප්‍රශ්ණයක් නැහැ. (දී)

:       0       0

තිස්ස Monday, 17 February 2014 04:57 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

පාලිත Monday, 17 February 2014 08:42 AM

නිර්ධන පන්තියට ජය වේවා (දී)

:       0       0

පෙරේරා Monday, 17 February 2014 08:52 AM

අපි බලමු නව නායකත්වය දේශපාලන කරලියේ නව වෙනසක් කරයිද කියලා (දී)

:       0       0

මංජුල Monday, 17 February 2014 08:58 AM

ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා , නව නායකත්වයට ජයවේවා (දී)

:       0       0

තිලින සම්පත් Monday, 17 February 2014 09:52 AM

මෙදා සැරේ අපි ජවිපෙට.(නදී)

:       0       0

චන්දන Tuesday, 18 February 2014 10:26 AM

සුභ පැතුම් ඔබට ජය නියතයි. දූෂණයට ඉඩ දෙන්න එපා.(නදී)

:       0       0

අචිනි Monday, 17 February 2014 10:18 AM

රට ගැන හිතන ඔබට සුබ පැතුම්.. ජයවේවා! (නදී)

:       0       0

කල්ප Monday, 17 February 2014 10:54 AM

සුභ පැතුම් ජයවේවා (දිල්)

:       0       0

ධම්ම Monday, 17 February 2014 03:01 PM

නව නායකයාගේ ඉලක්කය ප්‍රබල විපක්ෂයක්. අපගේ පූර්ණ සහයෝගය ඔබට ලැබෙනවා. ජයවේවා! (දිල්)

:       0       0

සේනක Sunday, 16 February 2014 04:53 PM

මහරගමින් ගිහිල්ලා ඉවරයි හෙට (දී)

:       0       0

සුභ Tuesday, 18 February 2014 01:57 PM

සුභ පැතුම් ඔබට ජය නියතයි. දූෂණයට ඉඩ දෙන්න එපා.(දී)

:       0       0

ගුණරත්න Sunday, 16 February 2014 05:18 PM

ජය වේවා .......................... (දී)

:       0       0

නුවන් Sunday, 16 February 2014 05:22 PM

ඔබ ට ජය (දී)

:       0       0

සඳුන් Monday, 17 February 2014 04:59 PM

ඔබ හරි. ජ.වි.පෙ. විතරයි මෙහෙමවත් ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. ජය වේවා! (අ)

:       0       0

තිලක් Sunday, 16 February 2014 05:32 PM

අපේ පැතුම ඔබ අපේ රටේ නව නායකය බවට පත්වේවා (දී)

:       0       0

ජයතිස්ස Sunday, 16 February 2014 05:32 PM

රට වෙනුවෙන් කරන්න තියෙන හැම දේම නොබියව කරන්න ශක්තිය ලැබේවා (දී)

:       0       0

මොහාන් දමාම් Sunday, 16 February 2014 06:19 PM

නියම රැල්ලක් නේ (අපට නොපෙනෙන) (දී)

:       0       0

විධුෂක Sunday, 16 February 2014 07:09 PM

මොන රැල්ලක්ද? රැල්ලක් තිබුනානම් මෙලහකට ජේවීපී රටේ පාලන බලයට පත් වෙන්න ඕනේ. කලින් නායකයා කෝ රටේ බලය ඇල්ලුවද? ජ්වීපී එකට පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තියක් නෑනේ.(දී)

:       0       0

චම්පා Sunday, 16 February 2014 07:14 PM

සුභ පැතුම් (දී)

:       0       0

රජින්ද Sunday, 16 February 2014 07:26 PM

ශා.... වාව්.... මාරයිනේ.... නියමයිනේ..... 100කට වඩා ඇවිල්ලා.(දී)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 06:39 AM

2005 දී වැලේ වැල් නැතිව හිටපු ශ්‍රී.ලං.නි. පක්ෂයට ජයග්‍රාහී ලෙස ඔලුව උස්සන්න අත දීපු ජේ.වී.පී එක දේශපාලන වශයෙන් සමුල ඝාතනය කරල දාන්න කටයුතු කරන අයට දිට්ට ධම්ම වේදනීය කර්මයෙන් ම දඬුවම් ලැබෙයි. (අ)

:       0       0

ලංකා Sunday, 16 February 2014 07:50 PM

ඔබලා මොනවා කලත් ඔබලාට කතිරේ ගහන්නේ හැමදාම දෙන අය පමණයි (දී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 16 February 2014 07:50 PM

මොනවද මේ කතා.....නිදහස ලැබී වසර 66 තුල මේ රටේ සංවර්ධනය විනාශ කලේ 1971සහ 88,89 වකවානුවල ජ.වී.පෙ. සහ 30 වසරක ත්‍රස්තවාදයක් කල එල්.ටී.ට්.ඊ .එකත් බව වගකීමකින් බාරගත යුතුයි. (දී)

:       0       0

පෙරේරා Sunday, 16 February 2014 07:51 PM

ඔබලාගේ රැලියට අපේ සුභ පතුම (දී)

:       0       0

තුවාන් Sunday, 16 February 2014 07:55 PM

අනුර කතා කරන්නේ කටින්ද? වෙන්න නම් බැහැ. රටේ සංවර්ධනයක් වෙලා නැහැ කියන්නේ මොන කෝණයෙන් බලලද? යුද්දය නැවැත්තුවේ කවුද? නිදහසේ සාමයෙන් ජීවත්වෙන්නට පරිසරය හැදුවේ කවුද? රට පුරා මාර්ග පද්ධතිය සංවර්ධනය කලේ කවුද? උතුරේ සිට දකුණ දක්වා නගර සංවර්ධනය කළේ කරන්නේ කවුද? ගොවි ජනතාවට සහනාධාර දුන්නේ කවුද? අපේ රට සහලින් ස්වයංපෝෂිත කළේ කවුද? රැකියා අවස්ථා ඇති කරමින් උපාධිධාරීන්ට රැකියා දී සහන සැලසුවේ කවුද? නව තාක්ෂණය උපයෝගී කරගණිමින් කර්මාන්ත දියුණුව ඇති කළේ කවුද? පාසැල්වල පරිඝනක සහ මෘදුකාංග අධ්‍යාපනය ඇතිකළේ කවුද? රෝහල් සංවර්ධනය කෆ්<අ කවුද? මේ ආදී විශාල වැඩ කොටසක් කළේ නැහැ කියා කියන්නට පුලුවන්ද? රටක් කරවද්දී නොයෙකුත් අඩුපාඩුකම් ඇතිවෙනවා. ඒක ස්වභාවයයි. එහෙත් ඒවා හැකිතාක් අවම කරමින් මේ ගමන යන්නේ ඉදිරියටත් විශාල වැඩ කොටසක් කිරීමට සැලසුම් හදාගෙනය. කළු කණ්නාඩියෙන් රට දිහා බලන්නට එපා. වරද පමණක් නො දැක හරි දේත් දකින්නට අවංක උත්සාහයක් කළොත් ඔබලාට අතලොස්සක ජනතාවට වඩා ඒක රාශි කර ගත හැකිය. රජයට බනින කොට චුන් වන ජනතාවක් දැන් නැහැ. (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 17 February 2014 08:20 PM

.අද මේ වගේ වැලේ වැල් නැති තත්වයකට ජේ වී පී එක පත් කලේ ,කරන්න පාර කැපුවේ මේ අය තමයි.(අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 20 February 2014 07:50 AM

කවුරුවත් කරන්න ඕන නැහැ සත්‍ය මහත්තයෝ..ඔය නායක තුමා එක අපුරුවට කරලා පාන්සකුලෙත් දීල සොහොන් කොතකුත් බන්දාවී ..ඉතාම කෙටි කාලෙකින්.. (දී)

:       0       0

ප්‍රදීප් Monday, 17 February 2014 09:04 PM

ආණ්ඩුවේ නාස්තිය ඇත්ත. එයට පිළියම් යොදන්නත් ආණ්ඩුවට උවමනාවක් නැහැ. නමුත්, පාරවල් දිගේ මිනී මරලා,ලංගම බස් ගිනිතියලා, බෝම්බ ගහලා, ආරක්ෂක සේවයේ අය මරලා, මේ රටට මිනීමැරුම්, බෝම්බගැසීම් පුරුදු කලේ මේ රතු සහෝදරයෝ මිසක් වෙන කවුරුත් නෙවෙයි. (නදී)

:       0       0

ශාන්ත Sunday, 16 February 2014 08:15 PM

ආඩම්බරයි (දී)

:       0       0

ක්‍රිස් Sunday, 16 February 2014 08:33 PM

මේ ගොල්ලන් බන කිව්වට රටක් හදන්න යු එන් පී හැර වෙන කාටවත් බැහැ මේ තියන තත්වටෙන් ගොඩගන්න (දී)

:       0       0

අල්විස් Monday, 17 February 2014 09:59 PM

මේවා අහල අන්න විජේවීර මහත්තයා තමන් මේක නිර්මාණය කෙරුවේ මේකටද කියල අහනවලු. (නදී)

:       0       0

අබිදුල් රහ්මාන් Monday, 17 February 2014 09:59 PM

කොහොම වෙතත් දැන් අපිටත් ජේ.වී පී ඒක ගැන පැහැදීමක් තිබෙනවා. නමුත් ඒහි යථාර්ථය දකින්නට නමි මේ සංවිධානයට පොන්සේකාත් චන්ද්‍රිකාත් ඒකාබද්ධ විය යුතුයි. එවිට විජයග්‍රාහී මාවතක් කරා ගමන්කරන්නට හැකිවෙනවා.(නදී)

:       0       0

ඇසළ Sunday, 16 February 2014 08:43 PM

සු ගාල ජන ගංගාවක්. 71 මතක් වෙනවා සහෝදරයා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4310 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 69 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 190 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 210 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 128 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 167 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site