IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජවිපෙ යෝජනාව හිස් පුටුවලට ඉදිරිපත් කරයි

බස්නාහිර පළාත් සභාව අද (6) රැස්වී තේ පානයෙන් පසු නැවත ආරම්භ කරන විට එහි ප‍්‍රධාන අමාත්‍යවරයා හා ඇමැතිවරුන්ද  සභානායකවරයා හෝ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයාද සභාවේ නොසිටීමෙන් සභාවේ මුල් පුටු හතම හිස්ව පැවති අතර, ඔවුන්ට සභාවට පැමිණෙන ලෙස දැනුම්දීමට එම අවස්ථාවේ මුලසුන හෙබවූ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.

බස්නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එම සභා ශාලා පරිශ‍්‍රයේදී අද පෙරවරු 9.30ට රැස්වූ අතර එම අවස්ථාවේ මහ ඇමතිවරයා, අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධානීන් සියලූ දෙනා සභාවේ රැඳී සිටියත් තේ විවේකයෙන් පසු ඔවුන් කිසිවෙක් සභාවට පැමිණියේ නැත.

මේ හේතුවෙන් මෙහිදී විවාදයට ගැනුණු ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී මහින්ද ජයසිංහ මහතාගේ යෝජනාව ඔහු ඉදිරිපත් කළේ ඇමැතිවරු නොමැති හිස් අසුන්වලටය.

මේ අවස්ථාවේ නැගී සිටි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරයෙක්, මැති ඇමතිවරුන්ට සභාවේ අසුන්ගෙන විවාදයට ගන්නා යෝජනාවට ඇහුම්කන්දෙන ලෙස දන්වන්නැයි මුලසුනෙහි සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව නියෝජ්‍ය සභාපතිවරයා එම දැනුම්දීම කළ අතර එය පිළිගෙන මැති ඇමැතිවරු සභාවට පැමිණි අතර පළමුව සභාවට පැමිණියේ ප‍්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාය.

ඉන් පසු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, අමාත්‍යවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ, සභානායක සුනිල් ජයමිණියන මහත්වරු ද සභාවට පැමිණියහ.

බස්නාහිර පළාතේ පාසල්වල විවිධ කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම නරත කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී මහින්ද ජයසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් හා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී දරුවන් හා දෙමාපියන් විඩාවට පත්කරන වත්මන් ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා ඉදිරිපත් කළ යෝජනාවක් විවාදයට ගැනුණු අතර එම යෝජනා දෙකම විරෝධතාවකින් තොරව සභා සම්මත විය.



අදහස් (0)

ජවිපෙ යෝජනාව හිස් පුටුවලට ඉදිරිපත් කරයි

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 07:46 AM

පළාත් සභා සුදු අලියෙක්. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 October 2015 04:28 AM

ඒවගේම ගුරුවරුන්ගේ ක්‍රියාකලාප නිසා පිඩාවට පත්වන පාසල් දරු දැරියන් කෙරෙහිත් අවධානය යොමුකරන්න.සමහර පාසල්වල ගුරුවරුන්ගේ විනය හැදියාව පිරිහීමෙන් දරුවන්ගේ මනස නොසන්සුන් තත්වයකට හා කළකිරීමකට තුඩු දී ඇත. මෙය මා මගේ දරුවාගෙන් ලබපු අත්දැකීමකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 95 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 245 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 176 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 892 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 315 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3311 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 179 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site