IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජවිපෙ රෝමෙදී චේ සමරයි

සමාජවාදය ලොවට තිලිණ කිරිම සදහා විප්ලවීය නායකයෙකු වු අර්ජන්ටිනා ජාතික අන්ස්ට් ටෝ චේ ගුවෙරා සෑමරුමක් පසුගියදා රෝමයේදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණ අනුබද්ධිත සමාජවාදි තරුණ සංගමය විසින් මෙය සංවිධානය කළේය. ඉතාලි හා සිංහල ජාතිකයෝ රැසක් මේ සදහා සහභාගි විය.



අදහස් (0)

ජවිපෙ රෝමෙදී චේ සමරයි

හැරිස් Wednesday, 23 October 2013 08:37 AM

අපේ රට අපිම හදා ගනිමු. චේ ගේ ජීවිතය මහගු ආදර්ශයක්. මුළු රටම චේ සැමරිය යුතුයි. චේ, නුඹට නිවන් සුව. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 October 2013 02:20 PM

පස්රුල් , එක පැත්තකින් ඔයාගේ කතාවේ ඇත්තකුත් තිබෙනවා. හැබැයි චේ කියන්නේ සැමරුවට වරදක් නැති කෙනෙක්. මොකද මේ කෙනා අවස්ථාවාදියෙක් ආත්මාර්තකාමියෙක් නොවී උත්තම ඝනයේ සමාජවාදියෙක් වුණ නිසා වගේම තමන්ගේ මුළු ජීවිතේම අනුන්ගේ යහපත වෙනුවෙන් කැපකළ අති උතුම් කෙනෙක් නිසා. විහිලුවට කාරණය තමයි , අපේ මේ අය මේ මනුස්සයව සිහි කරන්නේ එයා උදේ හෙලු කෙළ පිඩක් ගානට පිළිකුල් කළ ලෝකයේ තිබෙන ධනවාදීම රටක ඉඳගෙන සියලු සැප සම්පත් විඳින ගමන් වීමයි. වාසනාවට අද චේ නැහැ. (නි)

:       0       0

කරාපිටිය ජයලත් Tuesday, 22 October 2013 02:29 PM

අපෝ මෙයාලගෙ කට්ටිය ඉතාලි වලත් ඉන්නවද , ? චේ ගුවරගේ නම කැත කරන්න එපා . මැරුන මිනිසුන්ගේ මිනි උඩින් නම් උඩින් හරි නැති වෙන තැන ගන්නට යන්නේ . ඉතාලි වල සිදුවන නිසා සිතා ගන්නට පුළුවන් ආපු අය ගැන. (ස)

:       0       0

බංඩා Tuesday, 22 October 2013 08:32 PM

මේ ගොල්ලට තියෙන තැන පහුගිය ඡන්දෙන් දැක්ක නේද ?(නදී)

:       0       0

කුමාර Tuesday, 22 October 2013 02:56 PM

මේ අය කිසිම දවසක රෝමයේ පන්සලකට ඇවිත් තම දෙමුපියන් සිහිකර මලක් පහනක් පුජා කරලා තියෙනවද?? (ස)

:       0       0

පද්මේ Tuesday, 22 October 2013 02:57 PM

චේ යනු පක්ෂයකට දෙකකට අයිති පුද්ගලයෙක් නෙවෙයි .ඔහු සියල්ලන්ටම පොදු මනුස්සයෙක්.චේ ගැන බොහෝ දෙය දැනගන්න ගිය ඉරිදා ලංකාදීප දියත කියවන්න. (ස)

:       0       0

මිනිපෙ Wednesday, 23 October 2013 09:38 AM

සමාජවාදය අදට ගැළපෙන්නේ නැහැ.සමාජවාදය කියන්නේ හරියට, ඇන්ටික් කාර් රථයක් ගෙදර තබාගෙන,කවදා හෝ එයට මිලක් ලැබෙයි කියා හිතා ඉන්න ධර්මයක්.අපිට අර වාද මේ වාද ඕනෑ නැහැ.කාටත් කරදයක් නැතුව ජිවත් වෙන්න.එක එක මනස්ගාත වලට බිලි වෙන්න එපා. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 22 October 2013 03:12 PM

හදිසියේම ජනතා විමුක්ති පෙරමුණ ආයෙත් චේ ගුවේරා සමරන්න පටන් අරගෙන තියෙන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 22 October 2013 09:07 PM

දම්මික, අංක මොනවා වුණත් අපිට කියන්න දෙයක් තිබෙනවා.රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා ඇමතිකමුත් දරලා ප්‍රබල දේශපාලන බල අධිකාරියක් ගොඩනගාගෙන හිටපු කාලේ, 88/89 දී සාහසික කුරිරු ම්ලේච්ඡ වද බන්දන වලට භාජනය වෙලා බල්ලෝ බළල්ලු වගේ මහමග මරලා දාපු තරුණ තරුණියන්ගේ මරණ වලට වගකිවයුත්තන් හෝ තමන්ගේ නායකයා අත් අඩංගුවට ගෙන සියලු ආචාර ධර්ම වලට පිටින් ම්ලේච්ඡ ඝාතනයකට ලක් කළ වගකිවයුත්තන් හෝ කිසිවෙක් නීතිය හමුවට ගෙනෙන්න හඩක් නොනගපු නිකරුනේ මැරුම්කාපු අහිංසක තරුණ තරුණියන්ට සධාරනත්වයක් ඉටු නොකරපු අය අද කරන දේවල් ගැන අපිට නම් ලැජ්ජයි. (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 22 October 2013 03:27 PM

මේ ගොල්ලෝ ඉස්සෙල්ලම බිලි දුන්න ලංකාවේ කොල්ලෝ ටික සමරන්න කවුරුවත් නැහැ. (ස)

:       0       0

අමිත Tuesday, 22 October 2013 09:34 PM

සාමාජවාදී අදහස් දැරූ උසස් නායකයින් අතීතයේ දි ලෝකයේ හිටියා. නමුත් දැන්නම් නැහැ වගෙයි. අද නම් ලංකාවෙ විතරක් නොවෙයි ලෝකයෙත් එහෙම අය නැහැ. (නි)

:       0       0

ගජ මෑන් Tuesday, 22 October 2013 03:28 PM

ලංකාවේ සමරන්න වීරයෝ නැතුව ඇති මේ ගොල්ලන්ට. (ස)

:       0       0

ධම්මික Tuesday, 22 October 2013 04:06 PM

මෙතන අදහස් දාලා තියෙන හැමෝටමයි මේ කියන්නේ.. 01. ලංකාවේදි 71 සහ 89 කාලේදී මරා දැමූ අපේ (ජවිපෙ) සහෝදරයන්ව සමරන්න තමයි ඉල් මහ සමරුව සහ අප්‍රේල් විරු සමරුව කරන්නෙ.. 02. චේ එක් පක්ෂෙකට දෙකකට අයිති නැහැ තමයි. ඒක හරි. ඒත් චේ අයිතියි මේ ලෝකේ ඉන්න යුක්තිය, සාධාරනත්වය, නිදහස, සමාජවාදය වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට. 03. ජනතා විමුක්ති පෙරමුණට චේ එක පාරටම මතක් වුනා නෙවෙයි. ඔයාලා අද ඉපදුනා වගේ කතා කරන්න එපා. ජවිපෙ හැමදාමත් චේ සමරනවා. මෙවර සමරන්නේ 46වැනි වතාවටයි. (ස)

:       0       0

මගරි Tuesday, 22 October 2013 04:35 PM

ධම්මික, ඉතින් මෙහෙ ඉඳන් සැමරුවා නම් ඉවරයි නේ.මෙහෙ ඉඳන් සමරන්න දැන් ගෙන්නව ගන්න සෙනඟකුත් නැද්ද? (ස)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 22 October 2013 04:41 PM

චේ ශ්‍රේෂ්ඨ විප්ලව වාදියෙකි. (ස)

:       0       0

වන් ෂොට් Tuesday, 22 October 2013 10:39 PM

චේ ගුවේර සමරනවාට වඩා ලංකාවේ අපිට සමරන්නට අපේම (ස)

:       0       0

සුනිල් යහම්පත් Tuesday, 22 October 2013 10:43 PM

අපිට සමරන්නට අපේම වීරයන් සිටින අවස්ථාවක . මෙපමණ දුරක් ගෙවා ගොස් වෙනත් රටක වීරයකු සේමරිම . ගඟෙන් වතුර බිල මුහුදට ආවඩනවා වෙනිය. අපේ රටේ කොපමණ වීරයන් සිටියද අපේ රට වෙනුවෙන් විජාතික බලවේග වලට විරුද්ධව . එයි අපිට බේරී අපේම වීරයන් සමරන්නට . චේ ගුවේර නරක නැත . එහෙත් ඔහු ලංකාවට කල දෙයක් නොමැත . අනික එදා කලදේ අද කරන්නට ඉඩ නොමැත . (ස)

:       0       0

ආශා Thursday, 24 October 2013 06:32 PM

සමාජවාදය එදාට වඩා අදට ගැලපෙනවා. අදට වඩා හෙටට ගැලපෙනවා. ඒක තේරුම් ගන්න පාට කණ්නාඩි දාගෙන බලලා හරියන්නෑ. සමාජය සංවර්ධනය වෙනවා.සංවර්ධනයේ උපරිමය සමාජවාදයට එහා ගිය කොමියුනිස්ට් සමාජයයි. කවුරු හරි හිතනවා නම් මේයිට එහා සමාජය සංවර්ධනය වෙන්නෑ කියලා ඒක මහ විහිලුවක්.(දිල්)

:       0       0

සත්‍යා Wednesday, 23 October 2013 01:06 AM

මේ විප්ලවවාදී තරුණ නායකයාගෙන් අපට උගත හැකි දේ අති විශාලයි.ලංකාවේ ළිං ගෙම්බන් වැන්නවුන් ගැන මට කණගාටුයි.තමුන් බොන වතුර ටික නැති කරනකොට කට වහගෙන ඉදලා දැන් කයිවාරු ගහනවා. (නි)

:       0       0

චන්දිම Tuesday, 22 October 2013 06:17 PM

දෙයක් කරනකොට මොකක් හරි තේරුමක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සදමාලී ගුණසේකර Wednesday, 23 October 2013 02:33 AM

දක්වා තිබෙන අදහස් දුටුවිට හිතාගන්න පුලුවන් ලංකාවේ මිනිස්සු කොයිතරම් පසුගාමිද, නිවටද කියලා (නි)

:       0       0

සදුනි Tuesday, 22 October 2013 06:48 PM

මනෝරාජික ලෝකයක ඉන්නා මිනිස්සු. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 22 October 2013 01:17 PM

වීර මද්දුම බණ්ඩාර, වීර කැප්පටිපොල, අනගාරික ධර්මපාල, වගේ අය සමරන්න අපේ රටට වෙලා. අඩුම ගානේ ඡන්ද ටිකක් වත් ගන්න පුළුවන්. රෝමයට ගිහිල්ලා ඕවා සමරලා මොනවා කරන්නද? (ස)

:       0       0

හැරිස් Tuesday, 22 October 2013 01:35 PM

රටේ අය වැඩිපුරම ඉන්නේ දේශපාලන වශයෙන් තවමත් මොන්ටිසෝරියේ. (නි)

:       0       0

මර්වින් Tuesday, 22 October 2013 01:35 PM

මිනිස්සු තවමත් මේවායේ එල්ලිලා ඉන්නවා (නි)

:       0       0

සංජීව Tuesday, 22 October 2013 01:35 PM

පුදුම සෙනග ගොඩක් ඉන්නේ (නි)

:       0       0

එඩී Tuesday, 22 October 2013 01:54 PM

චේ සමරන්න ඕනෑ ලංකාවේදී නෙමෙයි, පිටරටදී. පිටරට මිනිස්සු ඔහුව දන්නවා (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 22 October 2013 01:54 PM

ගෆුර්,මසුරන් කියමනක්. (නි)

:       0       0

මිනිපෙ Thursday, 24 October 2013 09:22 PM

ආශා, ඔයා පාට කණ්ණාඩි දාගෙන නැහැ, එකයි ඔයාට පෙනෙන්නේ කොමිනිස්ට්වාදයේ ලස්සන.සමාජවාදය කියන්නේ සමාජ මර්දනයකට. (නි)

:       0       0

රවී Tuesday, 22 October 2013 02:05 PM

කටාර් යාලුවගෙ අදහසට ගරු කරනවා. රට යන්න වියදම් කරන සල්ලි අපේ රටේ දුප්පත් පවුලකට නිවසක් හදන්න දුන්නා නම් වටිනවා නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 784 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1175 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5459 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1240 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5298 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4711 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17339 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 85 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 270 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 139 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site