කුඩු කිලෝග්‍රෑම් 261 කින් යුක්ත කන්ටේනරය නිදහස් කරන්නැයි ඉල්ලා අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් යොමු කළ බව පිළිගැනීමෙන් හෙළිවන්නේ අගමැති වෙනුවට ලේකම්වරුන් රට පාලනය කරමින් සිටින බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ට නිදහසේ සැරිසරන්නට ඉඩ දී මතට ඇබ්බැහිවූ තරුණයන් සිරගෙයි ලෑම තම ප්‍රතිපත්තිය දැයි රජයෙන් විමසා සිටින බව ද හෙතෙම කීය.
කුඩු එතනෝල් හා අරක්කු ජාවාරම පිටුපස ඇමැතිවරුන් රැසක් සිටින බවට චෝදනා කළ මන්ත්‍රීවරයා එවැනි තත්ත්වයක දී අගමැතිවරයා පමණක් නොව සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර වලින්ම පේනවා අපේ රටේ ඉන්නේ හඳ පෙන්නන කොට ඇඟිල්ල දිහා බලන, ඇඟිල්ලේ ඇද බලන අය බව.(නදී)
මත් කුඩු රට ජාතියට අහිතකර,භයානකම උවදුරක් (නි)
ප්‍රියන්ත, අජිත්, මාත් ඔබ සමගයි. ජ.වී.පෙ. නෙමෙයි රටට ආදරයක් තිබෙන යකෙක් වුනත් මේ මොහොතේ කලයුතු 'දේව කාරියක්' මේ මහා කුඩු කාරයින් හෙළි දරවු කරන එක. වෙන රටවල නම් ඇමතිවරු, අගමැතිවරු මෙවැනි දේට නම ගෑවුණු පමණින් ඉල්ලා අස්වෙනවා. ස්වාධීන පරීක්ෂනවලට ඉඩ දීලා. ජපන් අගමැතිවරු දෙන්නෙක් අල්ලස් චෝදනා එල්ල වූ පමණින් ඉල්ලා අස්වුණා.(නදී)
ඉන්ටනෙට් තියෙන්නේ මෙ වගේ ප්‍රථිපල රහිත උත්තර නොලැබෙන දේවලට කතාකරන්න නෙවෙයි. මුහුණු පොතට ගිහින් ඕන නුඩ්ල්ස් එකක් කාලා නිදාගන්න.(නදී)
දැන් කුඩු කන්ටේනර් ගනන් ගේන එකත් සාමාන්‍යකරණය කරන්න වගෙයි වෑයම. ජවිපේ විතරක් නෙමෙයි ඔබ මම ඇතුළු සියළුම දෙනා මේකෙ එල්ලෙන්න ඕනි. අපේ දරුවන්ගෙ අනාගතේ ගැන හිතන්න බැරි නම් අපේම අනාගතේ ගැන හිතල හරි.(නදී)
මමත් කවදාවත් ජවිපෙට ඡන්දය දීල නෑ. නමුත් මේ වගේ මුළු රටටම බලපාන සිද්දියකදී ජවිපෙ ඒ ගැන හොයා බලන එක හොඳයි.(නදී)
අමිත්, ඔයාගේ පක්ෂේ නිසා අගමැති ලේකම් කුඩු ගෙනාවත් කමක් නැහැ කියලද කියන්නේ. අනේ මෙහෙමත් හරක්. (නදී)
කුඩු කිලෝග්‍රෑම් 261 කින් යුක්ත කන්ටේනරය නිදහස් කරන්නැයි කළ ඉල්ලීම ගැන ජවිපෙන් යෙන් හොද හෙළිදරව්වක් කරලා තිබෙනවා. මේ පිටුපස ඉන්නේ කව්ද කියලත් සදහන් කරලා තිබෙනවා. වැඩි විස්තර අන්තර්ජාලයෙන්. (නදී)
කතාව ඇත්ත, අපිත් ඔයාගේ අදහස අනුමත කරනවා. මොනවා වුනත් ගෝනි බිල්ලා ටත් කතා කරන්න දෙයක් ආව එක ගැන අගමැති තුමාට පින්. (නදී)
මේක දරුණුම අපරාදයක්. කවුරු එල්ලුනත් මොකද මේ ප්‍රශ්නෙදි. ලංකාව නිකන්ම නාස්ති වෙනවා කුඩු නිසා. (නදී)
ඕකේ තව කව්ද එල්ලීලා ඉන්නේ කියල හෙලි කරොත් හොඳයි.(නදී)
ජනතා විමුක්ති පෙරමුණ හින්දයි අපි මේවා දැනගන්නේ.(නදී)
මේ කුඩු ප්‍රශ්නය යට යන්නට නොදී වැරදිකරුවන්ට දඩුවම් දෙන තෙක් ක්‍රියා කළ යුතුය.(දිල්)
ආසියාවේ ආශ්චර්යම තමයි මේ (දිල්)
වැලේ වැල් නැති ජේ වී පිය දැන් මේකෙද එල්ලිලා ඉන්නේ? (නදී)
ගලබඩ ලෙක්කෝ, අමිත් ඔබලාගේ අදහස හරි. ඔය කුඩු කන්ටේනරයේ එල්ලෙන්න පුළුවන් අර ලේකම් වැනි බලවත් අයට විතරයි. ජ.වී.පෙ ඒකේ එල්ලුනහම ඒකේ අගය අඩුවෙනවා. (නදී)
අද වෙනවිට මෙවන් දුෂණ ක්‍රියා පිළිබද කතා කරන්න හෝ එල්ලෙන්න ඉන්නේ ජේ.වී.පි. එක විතරයි. අතීතයේ ඔවුන්ගේ මොන වැරදි තිබුනත් අද වනවිට ඔවුන් දේශපාලනයේ නොසිටියා නම් ලංකාවම ඉවරයි. ඒ නිසා ජේ.වී.පි. එක කුඩු කන්ටේනරයේ එල්ලීම ගැන අගය කරමි.(නදී)
ජවිපෙට වැලේ වැල් නැත කියන්නේ කුඩ්ඩෝ.(නදී)
ජවිපෙ පමණක් නොව කුඩු වසංගතයට විරුද්ධව අපි හැමෝම් කුඩු කන්ටේනරයේ එල්ලෙන්න ඕනා.(නදී)
කුමට මෙරට අධිකරණය නිතිය සහ විනිසුරුවරුන් තම තමන්ගේ පාට කන්නාඩි දාගෙන මේ ප්‍රශ්නය දිහා බලන්න එපා .(දිල්)
කුඩු නම් අප රට තුල තිබෙන බරපතලම ප්‍රශ්නයක් මේ සම්බන්දව දු දරුවන්ගේ දෙමව්පියන් ද සැළකිල්ලට ගත යුතුයි (දිල්)
කුඩු ජාවරමට එරෙහි වීමට ජවිපෙට තහනම්ද ?ඇයි මොකද ඒ අය එල්ලුනාම.(නදී)
මම කිසිම පක්ෂයකට ඡන්දය දුන් කෙනෙක් නොවෙමි. නමුත් කව්ද මේ කාලකන්නි කියා රටට හෙළිදරව් කරන්න ඔබලා මෙහි එල්ලීම ගැන සතුටුවෙමි. (නදී)
මේ ගැනත් සංගණනයක් කර බැලුවොත් නරකද?(දිල්)
ඔව්.. ඔව්... දැන් ඉතින් වෙන මාතෘකාවක් නැති හින්දා එකවත් අල්ලන් ටික දුරක් යන්නකෝ (දිල්)
මේ වගේ දේවලින් රට බේරා නොගත්තහොත් රටත් දරුවනුත් ඔවුන්ගේ අනාගතයත් ඉවරයි(දිල්)
කියන්නකො මේවා අදාළ බලධාරීන්ට. එවිට නිසි පරීක්ෂණ කරයි. බෝක්කු උඩට වෙලා කියනවා වගේ කෙඳිරි ගාලා හරියන්නේ නැහැ. කියන්ට ඕනෑ තැන් තියෙනවනේ මිනිස්සු චුන් කරලා වැඩක් නැහැ. (නදී)
ඒ කියන්නේ සිම්න්ති කොට්ට වලින් බැලුවොත් කොට්ට 5 කුත් කිලෝ 11 ක්. හොදටම රටට සෞභාග්‍ය උදාවෙයි කිරි පැණියෙන් නෙමෙයි කුඩු වලින්.(නදී)
රටේ සිදුකරන මේ ව්‍යසනයට එරෙහිව කඩිනමින් පිළිතුරු සෙවිය යුතුය. දේශපාලකයන්ගේ නම් ගම් උපයෝගී කරගෙන ලංකා ඉතිහාසයේ කෙදිනකවත් නොවූ තරම් කෙරෙන මෙබදු දුෂණ ක්‍රියා නිසා රටේ කීර්ති නාමය ,සංස්කෘතිය,සදාචාරය භයානක ලෙස පිරිහෙනවා. මේ වන විට ලංකාව ජාත්‍යන්තර හෙරොයින් හුවමාරු වෙළද මධ්‍යස්ථානයක් බවට පත් කර ගෙන හමාරය. කුඩු ව්‍යාපාරිකයා සිප වැලද ආරක්ෂා කරමින් එයට ඇබ්බැහි වුවන් සිරගත කිරීම තේරුමක් නැති දෙයකි. රටේ සමස්ත ජනතාව දැන් වත් මේ තත්වය බුද්ධිමත්ව තේරුම් ගෙන අනාගත දරු පරපුර මේ ආගාදයේ කොටස් කරුවන් නොකළ යුතුයි. (නදී)
රටේ පාලනය කොහේද,පහු පහු වෙන කොට කොහු කොහු වෙනවලුනේ (දිල්)
රජයේ නිලධාරින්ට ලිපි ලිවීමට බලයදී ඇති ආයතන සංග්‍රහයේ විධිවිධාන මෙම අයට ද බලාත්මක වන පරිදි සංශෝධනය කිරීමට නොහැකි ද? (දිල්)
වෙන මාතෘකා කෙසේ වෙතත්, මේක තමයි නරකම මාතෘකාව. ඒ අපේ වර්ගයා විනාශ කරන්නේ අපේම උන් නිසා. ඒ වගේම ලෝක ත්‍රස්තවාදයට මුදල් ලබා දෙන්නෙත් මේ අය නිසා.(නදී)
මෙහෙම ගියොත් ඉදිරියේදී මේ රට දුවන්න වෙන්නේ නේ කුඩු වලින්, කැසිනෝ වලින් හා ගණිකා වෘත්තීයෙන්. කොහොමද අර ඇමතිගේ ගැහිල්ල. දන්නවනේ වත්කම්.(නදී)
මේවා මෙහෙම කියල බැහැ. හේතුව මේවා ලොකු වැරදි ලෙසින් අපි කවුරුත් ගණන් ගන්නවා. මහජනයාට මේවට කරන්ට දෙයක් නැහැ. (දිල්)
"ජවිපෙත් කුඩු කන්ටේනරයේ එල්ලෙයි" මෙම ලිපියේ හෙඩින් එක නම් නියමයි. හොදට ගැලපෙනවා එයාලට. මොකද එල්ලෙන්න වැල් සොයනවනේ. (නදී)
කොහොම නමුත් ජවිපෙ මේ සම්බන්දව එල්ලීම ගැන සතුටු වෙමි. වෙන රටක නම් අගමැති මෙලහට ඉල්ලා අස්වෙලා. කවුරු උනත් මේ නරුමයන් කව්ද කියා රටට හෙළි කරන්න.(නදී)
කුඩු ගෙන්වන්නේ සිංහළ තරුණ පරපුර වනසන්න. කවුරුන් හෝ මේ සම්බන්ධව ප්‍රබල හඞක් නැගිය යුතුයි. වෙන රටක නම් අගමැති ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තනතුරින් ඉල්ලා අස්වෙලා.(නදී)
මේ වගේ අකටයුතුකම් සිදු වනවානම් ඒ පිළිබදව මහජන නියෝජිතයන්ව දැනුවත් කරලා බලන්න අනේ මන්ද කාට කියන්නද (දිල්)
ඇත්තටම මේවා කරන්නේ කවුද ?(දිල්)
මේක ආණ්ඩුවාදීන්ගේ කොණෙන් පේන්නේ දේශපාලන මඩ ගැහීමක් උපහාසයක් හැටියටයි. මේක පුද්ගලික ප්‍රශ්නයක් නෙවේ රටේ ජාතික මෙන්ම ජාත්‍යන්තර කැළලක්. වහාම ස්වාධීන පරික්ෂයක් කර වැරදි කරුවන්ට නිසි දඩුවම් දිය යුතුයි. වැරදි කරු හැංගි තවත් කන්ගැට්ටේකු බිහි උනොත් නම් පලක් නැහැ. එහෙම අතිතයක්නේ අපට තියෙන්නේ.(නදී)
කුඩු ප්‍රශ්නේදී නම් අගමැති තුමාගේ නම විකුණලා කියල පැහැදිලියි. ඒත් වගකීමෙන් ගැලවෙන්න එතුමාට බැහැ.(නදී)
මට හිතාගන්න බැරි මේ ලේකම් කියනවා ලියුමක් නිකුත් කලේ කුඩු බව නොදැනයි කියලා. මට තියන ප්‍රශ්නේ වෙන රටක නම් කුඩු නොවේ කිසිම දේකට ලියුමක් නිකුත් කිරීම අතිශය වරදක්. හේතුව ඒක රාජ්‍ය බලය අනිසි ලෙස යෙදවීමක්. "නෙපටිසම්"කියන සිංහලෙන් වචනයක් නැති පහත් ක්‍රියාවක්.(නදී)
ලේකම් කෙනෙක් ලියුමක් කුඩුවලට නොවේ කිසිම දේකට නිකුත් කිරිමම වෙනත් රටක නම් ඉතා ලොකු වරදක්.(නදී)
හෙට අනිද්දා වෙද්දී ඉස්පිරිතාලෙන් භාගයක් අල්ලගන්නත් කාගේ හරි ලියුමක් එවන්න වෙන තත්වයක් දැන් තියෙන්නේ. මෙවැනි දේ කොච්චර සාමාන්‍ය දෙයක් වෙලාද කිවොත් මේ කියන ලේකම් ප්‍රසිද්දියේ කියනවා කුඩු බව නොදැන ලියුමක් දුන්නා කියලා. කුඩු නොවේ මොනවට ලියුම් දීමත් හිරේ තපින වැඩක්නේ....හරිනම්.(නදී)