IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජවිපෙත් ඡන්දෙට වීදී නාට්‍ය

 බස්නාහිර හා දකුණු  පලාත්  සභා මැතිවරණ වෙනුවෙන්  ජනතාව දැනුම්වත්  කිරීම සඳහා ජනතා විමුක්ති  පෙරමුණේ සමාජවාදී කලා සංගමය  සංවිධානය කළ  වීදී නාට්‍ය  මාලාවේ පළමු  නාට්‍ය අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී  අද සවස පැවැත්විණි.

වත්මන්  දේශපාලනය ,ආර්ථික හා සමාජ ගැටළු පිළිබඳව නට්‍යානුසාරයෙන් මේ වැඩසටහන් ඉදිරිපත් කැරිණි.

 

 



අදහස් (0)

ජවිපෙත් ඡන්දෙට වීදී නාට්‍ය

නෙසන් Tuesday, 04 March 2014 08:18 PM

ජ්ව්ප් සහෝදරයන් ගොන්පාට් නටන්නේ අද ඊයේ විතරක්ද ? (නදී)

:       0       0

නුවන් Wednesday, 05 March 2014 07:48 PM

මේ නාට්‍ය කණ්ඩායම විශ්ව විද්‍යාල සිසුන්ද. එයාලත් නිතරම නාට්‍ය කරනවා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 04 March 2014 09:26 PM

නෙල්සන් මහත්තයෝ අපි අවුරුදු 66ක් තිස්සේ නාට්‍ය බල බල තමයි ඉන්නේ, තාම අපි ඉන්න තැන හැබැහින් දැක්කේ නැහැ බොහොමයක්.(නදී)

:       0       0

දර්ශන Tuesday, 04 March 2014 09:27 PM

මෝඩ වැඩක්.

:       0       0

බණ්ඩා Tuesday, 04 March 2014 09:43 PM

මොන ගොන් පාට් දැම්මත් ජ වී පෙ මේදා පාර අකුලාගෙන යනවා.(නදී)

:       0       0

විධුෂක Tuesday, 04 March 2014 10:43 PM

රෝහණ විජේවීර සහෝදරයා සංකල්පය මුලින්ම ගෙනිච්චේ ගමටනේ. මෙයා නගරයට?? (දිල්)

:       0       0

ජනක Tuesday, 04 March 2014 11:28 PM

රංගනය විතරයි.(නදී)

:       0       0

දීපාල් Tuesday, 04 March 2014 11:34 PM

ගොන් වැඩක් .(නදී)

:       0       0

ප්‍රේමනාත් Tuesday, 04 March 2014 11:38 PM

නිවමයි! ජෙවීප කොහොමත් කරන්නේ අලුත් වැඩක්. ජයවේවා! (නදී)

:       0       0

ධම්ම Tuesday, 04 March 2014 11:40 PM

ජවිපෙ කවදත් නවමු දේ රටට හදුන්වලා දුන්නා. බලන්න අනෙක් පක්ෂත් දැන් මේ හා සමාන දේ නොකරයිද කියලා. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 04 March 2014 11:44 PM

කොහොමටත් ජවිපෙ අවසානෙන් පටන් ගන්නේ. ඉවර කරන්නේ පටන් ගන්න ඕනේ තැනින්. ඒකයි ඒ ඇත්තන්ට වරදින්නේ. (නදී)

:       0       0

සරත් Tuesday, 04 March 2014 11:56 PM

බංඩෝ මම හිතන්නේ මේ සැරේ ටිකක් උඩට එනවා.(නදී)

:       0       0

ඩයස් Wednesday, 05 March 2014 12:07 AM

ඔයාලත් වලං ටිකක් බිදලා, නලා පාරක් දාලා,ගොන් කරත්තවලත් ගිහින් කරානම් තමා හොද. මොකද අලුත් වෙනසක් ඔයාලගෙන් ජනතාව බලාපොරොත්තු වෙනවානේ. හෑමදාම එකම තෑනනේ කෑරකෙන්නේ. එකම සිංදුවමයි අහන්න තියෙන්නේ.(නදී)

:       0       0

සමන් Wednesday, 05 March 2014 12:16 AM

අනේ බොලව් උඹලට වෙච්චි නස්පැත්තියක්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 05 March 2014 12:22 AM

විරාජ් ඔබ හරි, ඉන්න තැන පෙනුණු දාට අපේ අයට යන්න තැනකුත් නෑ.(නදී)

:       0       0

නඩරාජා Wednesday, 05 March 2014 12:54 AM

හොඳ වෙස්මුනු දාගෙන තමයි දැන් නටන්නේ , ලඟකදී ඕවා ගැලවිලා වැටෙයි. මෙහෙමත් බොරුකාරයෝ.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 05 March 2014 01:18 AM

හොදට තේරෙන ප්‍රචාරක වැඩක්. පරිසරයත් රැකලා,කලාවත් දියුණුවෙලා මිනිසුන්ට හිතන්ඩ පුරුදු කිරීමක්.(නධී)

:       0       0

සමීර Thursday, 06 March 2014 08:32 AM

ඇත්තටම නියම වැඩක්..කලාවෙන් කරන්න පුළුවන් දේ රට වෙනුවෙන් කරන්න ඕන.නිවටයෝ වගේ ඉන්නවට වැඩ රටට යමක් කරලා මැරෙන එක වටිනවා (දිල්)

:       0       0

ආරච්චි Wednesday, 05 March 2014 03:32 AM

ගොන් පාට් දාන්නේ අපි නෙමෙයි. මෝඩ අදහස් පලකරන්න එපා.(නදී)

:       0       0

කීර්ති Thursday, 06 March 2014 10:21 AM

මේ වැඩේට ආණ්ඩුවේ කව්විය ඇවිස්සිලා වගේ නේද ? ඇයි ඔච්චර බය විදි නාට්‍ය වලට. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 March 2014 05:03 AM

හැංගි හැංගි වෙස්මුහුණු බැඳලා නටනවාට වඩා නම් හොඳයි. නමුත් 1971 දී සහ 89-89 දී මේ ගොල්ලන්ව සමුල ඝාතනය කරන්න වැඩ කරපු අයටම අද අති උතුම් සේ සළකා පිළිගන්වලා තියෙන්නේ "ඉදිරි වැඩපිළිවෙල". වසර 20 කට හෝ 25 කට සැරයක් මේ ගොල්ලෝ ඉල්ලන් කන්නේ මේ අමන කම හින්දම තමයි.(නදී)

:       0       0

ගුණවර්ධන Thursday, 06 March 2014 10:23 AM

තොරතුරු දැනගැනීමේ අයිතිය සිමා කර ඇති රටක ජනතාව මෙහෙම හරි දැනුවත් කරන එක ගැන බොහොම පින්.(නදී)

:       0       0

හැරල් Thursday, 06 March 2014 10:26 AM

තව ටික කාලෙකින් විදි නාට්‍යත් තහනම් කරන්න ඕනේ කියයි. ඉස්කෝලේ ළමයි ගෙදර යන්න වෙලා යනවා , පාරේ නාට්ටි පෙන්නනවා කියලා.(නදී)

:       0       0

රානා Wednesday, 05 March 2014 05:25 AM

අලුතෙන් වීදි නාටිටිය හදන්ට ඕනේ නැහැ. පොතේ ගුරෙක් විතරක් ඉදගන ඒ උදවිය කරාපු වැඩ ටික එකෙන් එක විස්තර කරානම් අනිත් නාඩගම් කාරයන්ට දුවන්න තමයි වෙන්නේ. (නදී)

:       0       0

ආරියසේන Wednesday, 05 March 2014 06:19 AM

ඔය ගොනා පාට් ඇක්ට් කලාට මොලේ ඇති ජනතාවගෙන් ඡන්දය ලබාගන්න නම් ලෙහෙසි වෙන්නේ නැහැ. ඡන්ද ප්‍රතිපල වලින් පස්සේ හරියටම ඔය දාන පාට් එක ගැලපෙනවා.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 05 March 2014 07:30 AM

පෝස්ටර් ගහමින් පරිසරය විනාශ කරනවට වඩා මෙහෙම අලුත් දෙයක් කරන එක අගය කල යුතුයි. (නදී)

:       0       0

අසාද් Wednesday, 05 March 2014 07:37 AM

පිස්සුද මන්දා.(නදී)

:       0       0

රොකී Wednesday, 05 March 2014 07:38 AM

ගොන් කවුද කියන එක ඔය පණ්ඩිත උන්නහෙලාගේ කතා වලින්ම තේරුම් ගන්න පුළුවනි. කොහොම වුනත් අර රතුපස්වලදී, වනාතමුල්ලේදී එහෙම දකින්න ලැබුණු වීදි නාට්‍යවලට උන්නැහේලා බොහොම කැමති ඇති.(නදී)

:       0       0

රකිත් Wednesday, 05 March 2014 07:52 AM

හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එලි පිට. බලමුකෝ රතු මල්ලිලාගේ කෙරුවාව 29 වෙනිදා.(නදී)

:       0       0

නිමල් Wednesday, 05 March 2014 08:04 AM

හැමෝම ආණ්ඩුවට බනිනවා බඩු මිල වැඩ්යි කියලා. රට නය බරින් පිරිලා කියලා. හැබැයි තව අවරුදු 20 ක් අපි දුක් විදගෙන, යන්තන් කාල හරි ඉවසගෙන හිටියොත් එදාට අපේ දරුවන්ට නය බරින් තොර, අදායමට සරිලන වියදමක් ඇති රටක් නිර්මාණය කර ගන්න පුළුවන්.(නදී)

:       0       0

රානා Wednesday, 05 March 2014 08:10 AM

අපිට හොඳ විපක්ෂයක් ඕනේ. හැබැයි මේ වගේ ගොන් පාට් දාල නම් ඒක වෙන්නේ නැහැ. මිනිසුන්ට ඇඟට දැනෙන දෙයක් කල යුතුයි. (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 05 March 2014 08:10 AM

කොල්ලෝ කෙල්ලෝ ජොලියට සහ සොමියට මේවා කලාට ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට ඡන්දය දෙන්න තරම් ලංකාවේ අය මෝඩ නැහැ. නාට්‍ය බලන්න කවුරුත් ඒවි නමුත් ඒ අය ඡන්දය දෙනකොට සත්‍යට ගරු කරනවා. මේක හරිම වෙනස් රටක්.(නදී)

:       0       0

මංජුල Wednesday, 05 March 2014 08:18 AM

හොද දේට හො‍්ඳයි කියනවා මිස නරකයි කියන අය මෝඩයි. (නදී)

:       0       0

නිශාදි Wednesday, 05 March 2014 10:35 AM

මෙතෙක් කල් මෝඩයෝ අපිමයි නේද? ජීවිතේ ආපස්සට හැරිලා දෙසැරයක් හිතන්න. ඒ වගේම ඉදිරියට විය යුත්තේ කුමක්දැයි හිතා බලා මෙය ඔබේ අවස්ථාව කරගන්න. (දිල්)

:       0       0

වාසනා Wednesday, 05 March 2014 10:59 AM

අපට කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙන් ගෙඩියද තව ඕන කියන්නේ.(නදී)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 05 March 2014 11:10 AM

මේ වගේ කාලේ කන අයට කියන එක මගේ හිතට එනවා.(නදී)

:       0       0

තළණ Wednesday, 05 March 2014 11:12 AM

බුද්ධියක් නැති මිනිස්සුන්ට මේවා මෝඩ වැඩ. සුමංගල හාමුදුරුවන්ගේත් කවි හොඳ වැඩියි ලංකාවේ අන් ඇති මිනිස්සුන්ට. ලින් ගෙම්බො වගේ නැතුව ලෝකේ දිහා බලපල්ලා, ඉගෙන ගනිල්ලා. මේවගේ දෙයක් අනිත් කිසි එකෙකුට කරන්නත් බැහැ, කරන්නෙත් නැහැ.(නදී)

:       0       0

තිලක් Wednesday, 05 March 2014 11:18 AM

කව්රු මොනවා කීවත් අද රටේ වෙන දේවල් ගැන කතා කරන්නේ ජ වී පෙ පමණි. එම නිසා මේ පාර වැඩිම මනාප ගානක් දීලා එයාලා උඩට ගන්න. ඒකෙන් රට අගාදයකට යන එක නවත්තන්න පුලුවන්. (නදී)

:       0       0

චාමික Wednesday, 05 March 2014 11:36 AM

ජ වී පෙ දේශපාලනික වශයෙන් ගතිපු හොඳ තීරණ වගේම නරක තීරණත් තිබෙනවා. ආතර් සී ක්ලාක් මහත්මය වරෙක සඳහන් කරනවා නියමුවෙකුට වැරදෙන්න පුළුවන්. එත් නියමුවෙක් වැනෙන සුළු වෙන්න බැහැ. ප්‍රායෝගික දේශපාලනයත් එහෙමයි. කෙසේ වුවත් විශ්වයේ ඕනෙම තැනක පැවැත්මට බල තුලනයක් ඇතිවීම වැදගත්.(නදී)

:       0       0

ඩි.එන්.හෙට්ටිආරච්චි Friday, 07 March 2014 02:04 AM

මේවා ගොන් පාට් කියල ලියල තියෙන අයගේ දැනුම ගැන හිතන විට ලංකාවේ මිනිස්සු ඉන්න තැන ගැන හරිම කනගාටුයි. ආචර්ය හත්තොට්ටුවගම ලංකාවට හඳුන්වා දුන් විදි නාට්‍ය කලාව ජවිපෙ කලා සංගමයේ සොයුරු සොයුරියන් නැවත විදියට ගෙන ඒම පැසසිය යුතු උතුම් ක්‍රියාවකි. සින්තටික් ලෝකවල ජිවත්වන අයට මේවා තේරුම් ගැනීම අපහසුයි තමා. කවුරුන් හෝ ඒ අසරණයින්ට මේවා පහදා දෙන්න.(නදී)

:       0       0

තිවංක නාථ Wednesday, 05 March 2014 12:33 PM

තරුණයන්ගේ වීදි නාට්‍ය නම් හොදටම තියෙන්න ඇති. මොකද මේ අය බුද්ධිමත්. (දිල්)

:       0       0

ගුණේ Wednesday, 05 March 2014 12:50 PM

ඇත්තටම මේ දෙකෙන් සත්‍ය කුමක්ද කියලා තේරුම් ගන්නට බැරිව වල්මත්වී ඉන්න ජනාතවම තමයි හැමදාම ගොන්නු වී ඉන්නේ. අලුත්ම දේ, අර රතුපස්වල ජල ප්‍රශ්නයේදී ජිවිත විනාස වෙලා, එම ගමේ ජනතාව එක් එක් අයගේ ගැටවලට අසුවෙලා, වල්මත් වී ඉන්න විට. ප්‍රශ්නයට පිළිතුරක් නොදුන් උදවිය. මැතිවරණය ආසන්න වනවිට, ඒ ප්‍රශ්නය විසදලා දෙන්න ඇවිත් කතාවකුත් පවත්වල, ඡන්ද පත්‍රිරිකාත් එම ජනතාවගේ අතට බෙදා හැරලා, ජනතාවගේ අත්පොලොසන් සමග හුරේ පාරකුත් ලබාගෙන ජනතාව ගොනා කරලා ඡන්දෙට කතිරෙත් ගස්සා ගැනීම ගැන හිතන විට හැමදාම ගොනා කවුද ? මේ ගොන්නුන්ට ඔන්න ඕක හැමදාම තේරුම් ගන්න බැරි කම තමයි ගොන් කම. (නදී)

:       0       0

අනුර Friday, 07 March 2014 07:08 AM

නිමල් ඔබගේ අදහස හරි පාලනය අවංක ,උගත් පිරිසක් අතරට දුන්නොත් පමණයි හරි.(නදී)

:       0       0

අනුර Friday, 07 March 2014 07:10 AM

රංජිත් සිල්වා, ඔහේ කියන ප්‍රතිපත්තිය ගැන කරුණු ටිකක් පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා.(නදී)

:       0       0

අචලා Wednesday, 05 March 2014 03:32 PM

ඔය විකාර බල බලා ඉන්න මිනිස්සුන්ට වෙලා නෑ. ජනතාවට පිස්සු නෑ මේකේ ඉන්න මිනිස්සුන්ට වගේ.(නදී)

:       0       0

ගේපාල් Wednesday, 05 March 2014 03:40 PM

මේකේ තියන පින්තුර ටික දැක්කහම පේනවා මේක විකාරයක් කියලා. ඔය වගේ මෝඩ වැඩ කළා කියල මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ. හරි දෙයක් කරන්න ඕනේ ඡන්දෙ දෙන්න නම්.(නදී)

:       0       0

සංක Wednesday, 05 March 2014 03:44 PM

ආරි, ඔයා ඔය කියන මොලේ තියෙන මිනිස්සු ඉන්නේ කොයි හරියේද කියලා කියන්න බැරිද? මොකෝ පාර්ලිමේන්තුවෙ,පළාත් සභාවල ඉන්න හාදයෝ දැක්කම අපේ අයගේ මොලේ තරම හොදට තේරෙනවා. ඔබතුමාලා සාරි,ෆෝන්,ටකරන්,පරිප්පු බෙදල ඡන්දෙ ගන්න අයට මොකුත් කියන්නේ නැහැ. මේ ළමයි බුද්ධිමත්ව ජනමතයක් ඇතිකරන්න හදන එකට තමා ඔක්කොම චෝදනා.(නදී)

:       0       0

නිරෝෂා Wednesday, 05 March 2014 03:49 PM

මට නම් හිතෙන්නේ ඕක කිසිම තේරුමක් නැති වැඩක්. මේ ගොල්ලන්ට ඡන්දෙ දුන්නොත් අපට වෙන්නේ උන් රඟපානවා බල බල ඉන්න තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2092 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2198 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2756 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1891 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6531 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18453 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site