යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය මේ වසර අවසන් වීමට පෙර නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන සමාගම සමග නව ගිවිසුමකට එළැඹෙන බවත් එය වරාය නගර සංවර්ධනය පමණක් නොව ඩුබායි සහා සිංගප්පූරුව අතර මුල්‍ය නගරයක් ලෙසද සංවර්ධනය කෙරෙන බව අගමැතිවරයා කීය.
කොළඹ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස ඉහළින් දිවෙන අධිවේගී මාර්ගයක් තැනීම සඳහා ජපාන රජයේ මුල්‍යාධාර හිමිවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට ඇරගෙන බලාඉන්න ලැබෙනතුරු. අද වෙනතුරු මේ ආණ්ඩුව අපි වෙනුවෙන් මොනවද කළේ? (නි)
දැන් එහෙනම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැනේ (නි)
ඉතින් ඔබටත් ආඩම්බර නැද්ද? (නි)
මෙයාලා යුරෝපා සංගමයට මොනව දෙන්න පොරොන්දු වුණාද දන්නෙ නැහැ (නි)
කියවිල්ල වගේම කෙරුවාවත් තිබුනා නම් හොඳයි. (නි)
දැන් ලංකාවේ බොරුව රජවෙලා (නි)
මේ ආණ්ඩුව එච්චර කල් දුවයිද, මේ යන හැටියට? එළඹෙන පළමු අවස්ථාවේදීම අපි අපේ තීන්දුව ගන්නවා එළවාදැමීම සඳහා. (නි)
සමන්ත, ඔබගේ කටේ මසුරන් දාන්න ඕනෑ. නමුත් අපේ අවාසනාවට, මේ රටේ නිකරුනේ වාචාලකමට කියවන මිනිසුන් වැඩයි. රනිල් මැතිතුමනි, ඔබට මේ වැඩපිළිවෙල කරගන යාමට ශක්තියත්, දේව ආශිර්වාදයත් ලැබේවා! (නි)
කරන දෙයක් ශ්‍රී ලංකාව පරදේශක්කාරයන්ට පාවානොදී කිරීමට වග බලාගන්න. එසේ නොවුණොත් ඉදිරි පරම්පරාව වගකිවයුතු සියලුම දෙනාට මතු ශාප කරනවා ඇත (නි)
මුළු රටම පංචවිධ බොරුවෙන් රැවටු මේ ආණ්ඩුව නම් හරිම අපූරුයි (නි)
දැන් අපිට මේ විනෝද සමය බලබලා ඉදල ඇති වෙලා??? (ම)
කිසිම පදනමක් නැතුව නැවත බලය ලබා ගන්න රට පාවාදෙන්න යන්න කියන අයට රැවටිලා. (ම)
බොරුවේ පියා යනුවෙන් අපේ රටේ ඉතිහාස ගත වෙනවා ඔබ තුමා (ම)
කටින් බතල කොළ හිටවන්නේ නැතුව, රටට වැඩක් කරපු මහත්මයෙක්. (ර)
මහත්තයෝ, ඒවා දකින්න අපි ජීවත්වෙලා ඉඳීද මේ අවුරුද්දේ අග වෙනතුරු මේ තියන වියදම් එක්ක? (නි)
අපේ රට ගොඩනඟන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා තේරුම් ගන්න නොමඟ ගිය බොරු දේශප්‍රේමීන්ට රැවටුණු ජනයාට තව කලක් ගතවේවි. මෛත්‍රී රනිල් එකතුවෙන් හොරුන්ට බේරෙන්න නොහැකිවීම හොරුන් අනුගමනය කරන පිරිසට අද තියෙන ලොකුම ගැටලුවයි. එමනිසා එම පිරිසට අනුකම්පා කරමු (නි)
මොන ප්ලස් හම්බ උනත් අපි තාමත් එතනමනේ. (ර)
අන්න කරනවානම් වැඩ මහත්තයෝ. නැව් නැති වරායවල් සහ ප්ලේන් නැති එයාර්පෝට් වගේ නෙවේ. (බ)
කියන විදියට වෙනවා නම් නේද හොද?(හේ)
රට හොඳ තත්වයකට නම් ගනී මෙතුමලා. එ්ත් අපි හිතන තරම් ඉක්මනට කරන්න බැරිවෙයි (නි)
බහුතරයක් ජනතාව මත්ස්‍ය ඝාතනයට විරුද්ධයි. මේක බොදු ජනතාව බහුතරයක් ජීවත්වන රටක්. (නි)
තිලක්, ජීඑස්පී දෙන්න එපා කියලා කිව්වේ කවුද? කොයි කාලෙද? ජීඑස්පී ගැන එතරම් බලපෑමක් යුරෝපා රටවලට කරන්න පුලුවන් ලංකාවේ දේශපාලඥයා කවුද? (නි)
මුළු කතාවම ඇහුවා නම් තේරෙනවා, ජීඑස්පී ඉස්සරහට දාල, ඉට්කා ගැන කතාකෙරුවේ කියලා. හැමදාම මෙහෙම කොලේ වහලා තමයි වැඩේ දෙන්නේ ආණ්ඩුව. (නි)
බලමු ඔය කියන විදිහටම වෙයිද කියලා (නි)
අනේද කියන්නේ! කවුද දන්නේ නැහැ ජීඑස්පී දෙන්න එපා කියලා ලෝකේ වටේ ගිහින් කිව්වේ (නි)
බාලගිරි අද නොවෙයි හෙට... (ර)
මේ වෙනතෙක් රනිල් වික්‍රමසිංහ යන චරිතයට වැඩ කරන්න ඉඩ දුන්නේ නැති, වැඩක් ගත්තේ නැති ජාතියක් මේක. බාගෙට වැඩ කරද්දී කකුලෙන් අැදලා, මඩ ගැහුවා. අද වෙනකොට ඒවා නිෂ්ඵල වෙලා තියෙනවා. දැන් හැමෝටම බලාගන්න පුළුවන් ඔහුට කළහැක්කේ කුමක්ද, නොකළහැක්කේ කුමක්ද කියන කාරණය. අගමැති තුමනි, ඔබට වගේම රටටත් ජය වේවා! (නි)
ඒ කියන්නේ කොන්දේසි 58ටම එකඟවෙලා වගෙයි (නි)
කතන්දර අහල අහලා දැන්නම් එපාවෙලා. පෙනෙන්න දෙයක් කරනවා නම් තමයි වටින්නේ, රටත් පාවා නොදී. (නි)
ඉතා හොඳ අදහසක් (බ)
ජීඑස්පී නැති කිරීමට මුල්වූ අයෙක් මොහු රටට ආදරයක් නැති කෙනෙක් (බ)
රටට හෙටක් තනන මිනිසෙක්.(හේ)
ඒක හොදයි.(හේ)