IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජොහාන්ගේ ආධාරකරුවකුට ගහලා

කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ජොහාන් ප්‍රණාන්දු මහතාගේ ආධාරකරුවකු බව කියන කුරුණෑගල නගරයේ ත්‍රීරෝද රථ රියැදුරකු අද සවස පැහැරගෙන ගොස් ඇති පිරිසක් ඔහුට පහර දී ඇතැයි ද, ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇතැයි ද වැල්ලව පොලිසිය කියයි.

කිංස්ලි මුතුකුඩ (33) නම් ත්‍රීරෝද රථ රියදුරා එසේ තුවාල ලැබීය.

පහර දුන් පිරිසෙන් දෙදෙනකු හොදින් හදුනන බව ඔහු කියයි.

පහරදීමෙන් ඔහුගේ මුහුණට හානි සිදුව ඇත.



අදහස් (0)

ජොහාන්ගේ ආධාරකරුවකුට ගහලා

අනුරශාන්ත Thursday, 26 September 2013 11:03 AM

අනේද කියන්නේ (නි)

:       0       0

සම්පත් Wednesday, 25 September 2013 09:16 AM

පක්ෂ විපක්ෂ ‍ලොකු ලොක්කෝ හැමදාම එකටයි ජය පැන් බොන්නේ. නමුත් පක්ෂ විපක්ෂ පොඩි ඇත්තෝ රෝහලේ වෙන වෙනම බෙහෙත් බොනවා.ඕකතමා අපිටත් නොතේරෙන දේ. (නි)

:       0       0

රොකී Wednesday, 25 September 2013 09:56 PM

ඔවුන්ට කශිප්පු බාගය බැගින් දවසට තුන් වේලක් දී උදයට සහ හවසට විනාඩි තිහ බැගින් නායකත්ව පුහුණුව දෙනු.(නදී)

:       0       0

මෂූඩ් Tuesday, 24 September 2013 08:53 PM

කලදුටු කල වල ඉහගන්නවා.(නදී)

:       0       0

රනා Wednesday, 25 September 2013 10:03 AM

කවදද මේ මනාප ක්‍රමය ඉවර වෙන්නේ. භාරත ලක්ෂ්මන් ....කතාවෙන් මෙය අවසන් කරන්න කොතරම් පොරොන්දු උනාද. ඒත් දැන් තම තමන්ගේ පිලේ අය තරඟ කරන කොට එයාලගේ ලොක්කොත් මරාගන්න වෙන එක දෙමළ ඩයස්පෝරාවට මී පැණි වගේ ඇති. (ස)

:       0       0

බිමල්කා Wednesday, 25 September 2013 10:04 AM

අනේ වරුණ, අපි ඔයාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඔයාගේ අති බුද්ධිමත් දේවල් මේකට නොදා, පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. රටට වැඩක් වෙන දෙයක්, තමන්ට වැඩක් වෙන දෙයක් කරන්න. උදේ ඉඳන් හවස් වෙනකම් මේක කරන්න ඔයාට වැඩ නැද්ද? සේවය කරන ආයතනයට අවංක වන්න. (ස)

:       0       0

සොමි Tuesday, 24 September 2013 10:04 PM

ගහන්න නෙවෙයි අරක්කු පොවන්න තිබුනේ.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 25 September 2013 04:10 PM

අපේ මිනිස්සු පත් කරගන කනවා කනවා කියලා දැන් කෑගහනවා. (ස)

:       0       0

තබුක් සිල්වා Wednesday, 25 September 2013 10:19 AM

මම කිසිම දේශපාලනයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි.ජනතාව තේරුම් ගෙන නියම සුදුස්සාට ඡන්දය දී තෝරා පත් කර ගැනීම අප රටටම ලැබූ ජයග්‍රණයක්.වයඹ ජනතාවට මගේ ප්‍රණාමය (නි)

:       0       0

ලාල් Wednesday, 25 September 2013 10:22 AM

ඕක නම් ඉතින් ඌ මට ගැහුවා, මට මට ඌ ගැහුවා වගේ දෙයක් වෙන්න ඇති. (නි)

:       0       0

උපාලි Tuesday, 24 September 2013 11:38 PM

චන්ඩි සමග හිටියම පැරදුන දවසට කන්න වෙනවා (නි)

:       0       0

දිල්ශානි Wednesday, 25 September 2013 05:02 PM

අයි මෝඩයිනේ මේ දේශපාලුවෝ පස්සේ යන්නේ? අපිට නම් මේ අය තිත්තයි. අර දයාට සහයෝගය දුන්නා නම් ඉල්ලන් කන්නේ නැහැනේ. අපි නම් හැමදාම දයාට තමා (නි)

:       0       0

රෝහණ Wednesday, 25 September 2013 10:49 AM

මෙම සිද්ධි වල අවසානයක් නැද්ද? මොවුන් මෙම දේශපාලනයේ කරන්නේ අවංකවම මහජනතාවට සේවයක් කිරීමටද? නැත්නම් අපේ රට ව්‍යාකුල තත්වයට පත්කරලා සදාචාරය නැත්තටම නැති තත්වයට පත්කරන්නද? අපේ මුල් කාලයේ දේශපාලනය බලවතුන් මෙම විදියට හැසිරුනේ නැහැ. මේවට එයාලගේ දෙමව්පියනුත් වග කියන්න ඕනෑ (නි)

:       0       0

ධම්ම Wednesday, 25 September 2013 10:52 AM

වයඹ අයට දැන් 'ඕමාර් ඛයාම්' ලා වෙන්න තව එකයි අඩු. (නි)

:       0       0

සේරම් Tuesday, 24 September 2013 11:56 PM

අනේ පව් වැඩක්, එයාගේ ආධාරකරුවන්ට ගහන්නේ. (නි)

:       0       0

කමල් Wednesday, 25 September 2013 11:09 AM

ඇත්තටම දැන් ඡන්දෙ ඉවර හින්දා අරක්කු දෙන්න සල්ලි ඉල්ලන්න ඇති. පහුගිය දවස්වල පිනට බීලා පුරුද්දට තරහ ගිහිල්ලා ගහන්න ඇති. ආ... නැද්ද ...... හා....... (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 25 September 2013 05:43 PM

මේ ගොල්ලෝ හරියට ක්‍රියාකරන්නේ අර ඉස්සර කාලේ හිටි රජවරු වගේ. බලය පියාගෙන් පුතාට. තමන්ගේ රාජධානිය රැකගැනීමට යුද්ධ කිරීම... මේ වැනි ඇමතිවරුන් කාලය රජයේ මුදල් සහ සම්පත් යොදවන්නේ තමන්ගේ බලය රැකගැනීමටයි. ජනතාව දුක් විදිනවා. උතුරේ සහ දඹුල්ලේ ගොවියෝ එළවලු කිලෝ එක රුපියල් 5 කටවත් විකුණාගත නොහැකිව ලතවෙන අතර පාරිභෝගිකයෝ කිලෝ එකට 200 වඩා ගෙවා මිලදී ගන්නවා. (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 25 September 2013 12:41 AM

ජොහාන් ගහපු කෙනෙක් ආපහු ගැහුවද දන්නේ නැහැ. දෙවියෝ දනී අපි නොදනී.(නදී)

:       0       0

අරුණ ද සිල්වා Wednesday, 25 September 2013 01:59 AM

ගුටිත් කෑවද? (නි)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 03:15 AM

දැන් අර නිරීක්ෂක කට්ටිය ගිහින් නේද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. (නදී)

:       0       0

ශ්‍රී Wednesday, 25 September 2013 03:36 AM

ලංකාවේ තවත් මෝඩයෝ ඉන්නවනේ. ලොකු අය එකට එකතු වෙලා සුර සැප ගන්නවා, මේ මෝඩ මිනිස්සු මරාගන්නවා (නි)

:       0       0

අමිළ කටුනායක Wednesday, 25 September 2013 04:40 AM

මනාපෙන් අමනාපය.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 25 September 2013 12:33 PM

කවුද මේ කළුගලේ ඔලුව ගහගත්තු මෝඩයෝ?සෙල්ලම් වෙන්නේ නැහැ කොල්ලනේ.පරෙස්සම් වෙයල්ලා. (ස)

:       0       0

අනිල් Wednesday, 25 September 2013 05:09 AM

කවදා දිනේද ඉතින්? (නි)

:       0       0

සිජී Wednesday, 25 September 2013 06:21 AM

අපේ අයගේ නැති බැරි කමට නුගත් කමට උපන් ගෙයි ගති අරින්න බැරි නිසා මෙහෙම වැඩ කරන්නේ.(නදී)

:       0       0

ග්‍රේඩ් Wednesday, 25 September 2013 06:45 AM

මෙලෙස ගුටි කන වැඩිදෙනා අමුම අමු මැරයන් බවට සැකයක් නොමැත (අ)

:       0       0

වරුණ Wednesday, 25 September 2013 07:39 AM

රිටන් එකද කොහෙද එන්නේ?තව පරිස්සම් වුණොත් හොදයි. (නි)

:       0       0

ඩයස් Wednesday, 25 September 2013 08:23 AM

තව කෑවේ නැහැ. ඉස්සහරට තව බැලිය හැකියි. මෝඩකම් නවත්වා ගත යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 549 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2070 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1554 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1495 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1737 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24721 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23342 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site