කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ජොහාන් ප්‍රණාන්දු මහතාගේ ආධාරකරුවකු බව කියන කුරුණෑගල නගරයේ ත්‍රීරෝද රථ රියැදුරකු අද සවස පැහැරගෙන ගොස් ඇති පිරිසක් ඔහුට පහර දී ඇතැයි ද, ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇතැයි ද වැල්ලව පොලිසිය කියයි.
කිංස්ලි මුතුකුඩ (33) නම් ත්‍රීරෝද රථ රියදුරා එසේ තුවාල ලැබීය.
පහර දුන් පිරිසෙන් දෙදෙනකු හොදින් හදුනන බව ඔහු කියයි.
පහරදීමෙන් ඔහුගේ මුහුණට හානි සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ විපක්ෂ ලොකු ලොක්කෝ හැමදාම එකටයි ජය පැන් බොන්නේ. නමුත් පක්ෂ විපක්ෂ පොඩි ඇත්තෝ රෝහලේ වෙන වෙනම බෙහෙත් බොනවා.ඕකතමා අපිටත් නොතේරෙන දේ. (නි)
අනේද කියන්නේ (නි)
ඔවුන්ට කශිප්පු බාගය බැගින් දවසට තුන් වේලක් දී උදයට සහ හවසට විනාඩි තිහ බැගින් නායකත්ව පුහුණුව දෙනු.(නදී)
මේ ගොල්ලෝ හරියට ක්‍රියාකරන්නේ අර ඉස්සර කාලේ හිටි රජවරු වගේ. බලය පියාගෙන් පුතාට. තමන්ගේ රාජධානිය රැකගැනීමට යුද්ධ කිරීම... මේ වැනි ඇමතිවරුන් කාලය රජයේ මුදල් සහ සම්පත් යොදවන්නේ තමන්ගේ බලය රැකගැනීමටයි. ජනතාව දුක් විදිනවා. උතුරේ සහ දඹුල්ලේ ගොවියෝ එළවලු කිලෝ එක රුපියල් 5 කටවත් විකුණාගත නොහැකිව ලතවෙන අතර පාරිභෝගිකයෝ කිලෝ එකට 200 වඩා ගෙවා මිලදී ගන්නවා. (නි)
අයි මෝඩයිනේ මේ දේශපාලුවෝ පස්සේ යන්නේ? අපිට නම් මේ අය තිත්තයි. අර දයාට සහයෝගය දුන්නා නම් ඉල්ලන් කන්නේ නැහැනේ. අපි නම් හැමදාම දයාට තමා (නි)
අපේ මිනිස්සු පත් කරගන කනවා කනවා කියලා දැන් කෑගහනවා. (ස)
කවුද මේ කළුගලේ ඔලුව ගහගත්තු මෝඩයෝ?සෙල්ලම් වෙන්නේ නැහැ කොල්ලනේ.පරෙස්සම් වෙයල්ලා. (ස)
ඇත්තටම දැන් ඡන්දෙ ඉවර හින්දා අරක්කු දෙන්න සල්ලි ඉල්ලන්න ඇති. පහුගිය දවස්වල පිනට බීලා පුරුද්දට තරහ ගිහිල්ලා ගහන්න ඇති. ආ... නැද්ද ...... හා....... (ස)
වයඹ අයට දැන් 'ඕමාර් ඛයාම්' ලා වෙන්න තව එකයි අඩු. (නි)
මෙම සිද්ධි වල අවසානයක් නැද්ද? මොවුන් මෙම දේශපාලනයේ කරන්නේ අවංකවම මහජනතාවට සේවයක් කිරීමටද? නැත්නම් අපේ රට ව්‍යාකුල තත්වයට පත්කරලා සදාචාරය නැත්තටම නැති තත්වයට පත්කරන්නද? අපේ මුල් කාලයේ දේශපාලනය බලවතුන් මෙම විදියට හැසිරුනේ නැහැ. මේවට එයාලගේ දෙමව්පියනුත් වග කියන්න ඕනෑ (නි)
ඕක නම් ඉතින් ඌ මට ගැහුවා, මට මට ඌ ගැහුවා වගේ දෙයක් වෙන්න ඇති. (නි)
මම කිසිම දේශපාලනයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි.ජනතාව තේරුම් ගෙන නියම සුදුස්සාට ඡන්දය දී තෝරා පත් කර ගැනීම අප රටටම ලැබූ ජයග්‍රණයක්.වයඹ ජනතාවට මගේ ප්‍රණාමය (නි)
අනේ වරුණ, අපි ඔයාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඔයාගේ අති බුද්ධිමත් දේවල් මේකට නොදා, පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. රටට වැඩක් වෙන දෙයක්, තමන්ට වැඩක් වෙන දෙයක් කරන්න. උදේ ඉඳන් හවස් වෙනකම් මේක කරන්න ඔයාට වැඩ නැද්ද? සේවය කරන ආයතනයට අවංක වන්න. (ස)
කවදද මේ මනාප ක්‍රමය ඉවර වෙන්නේ. භාරත ලක්ෂ්මන් ....කතාවෙන් මෙය අවසන් කරන්න කොතරම් පොරොන්දු උනාද. ඒත් දැන් තම තමන්ගේ පිලේ අය තරඟ කරන කොට එයාලගේ ලොක්කොත් මරාගන්න වෙන එක දෙමළ ඩයස්පෝරාවට මී පැණි වගේ ඇති. (ස)
කලදුටු කල වල ඉහගන්නවා.(නදී)
තව කෑවේ නැහැ. ඉස්සහරට තව බැලිය හැකියි. මෝඩකම් නවත්වා ගත යුතුයි (නි)
රිටන් එකද කොහෙද එන්නේ?තව පරිස්සම් වුණොත් හොදයි. (නි)
මෙලෙස ගුටි කන වැඩිදෙනා අමුම අමු මැරයන් බවට සැකයක් නොමැත (අ)
අපේ අයගේ නැති බැරි කමට නුගත් කමට උපන් ගෙයි ගති අරින්න බැරි නිසා මෙහෙම වැඩ කරන්නේ.(නදී)
කවදා දිනේද ඉතින්? (නි)
මනාපෙන් අමනාපය.(නදී)
ලංකාවේ තවත් මෝඩයෝ ඉන්නවනේ. ලොකු අය එකට එකතු වෙලා සුර සැප ගන්නවා, මේ මෝඩ මිනිස්සු මරාගන්නවා (නි)
දැන් අර නිරීක්ෂක කට්ටිය ගිහින් නේද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. (නදී)
ගුටිත් කෑවද? (නි)
ජොහාන් ගහපු කෙනෙක් ආපහු ගැහුවද දන්නේ නැහැ. දෙවියෝ දනී අපි නොදනී.(නදී)
අනේ පව් වැඩක්, එයාගේ ආධාරකරුවන්ට ගහන්නේ. (නි)
චන්ඩි සමග හිටියම පැරදුන දවසට කන්න වෙනවා (නි)
ගහන්න නෙවෙයි අරක්කු පොවන්න තිබුනේ.(නදී)