උතුරේ මහ ඇමති සි.වී. විග්නේෂ්වරම් හිටපු විනිසුරු ඉදිරිපිට දිවුරුම් නොදි වෙල්ලමුල්ලිවයික්කාල් යුද පිටියේදි අද(14) දිවිරුම් දිමට සැළසුම් කළසිටි ටී එන් ඒ මන්ත්‍රින් නව දෙනා සිය අදහස වෙනස් කළ බව දැන ගන්න්ට ඇත. රායප්පු ජෝශප් මන්නාරම් රදගුරු තුමන්ගේ මැදිහත්විමෙන් මේ වෙනස සිදු වු බවත්, රදගුරුතුමා ප්ලොට් නායක ධර්මලිජගම් සිද්ධාර්තන් සහ ඊ පී ආර් එල් එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් කැඳවා දෙමළ ජාතික සංධානයේ සමගියට මුල් තැන දෙන්නැයි ඉල්ලා සිටිමෙන් පසුව සිය අදහස වෙනස් කර මහ ඇමැති ඉදිරියේ දිවුරුම් දිමට තීරණය කළ බවද දැන ගන්න්ට ඇත
පළාත් සභාවේ මංගල සැසියට පෙර ඔවුන් දිවුරුම් දෙතියි පැවසේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල මැදහත් සිතින් බලා ඉදිමු. (නි)
කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ... (නි)
අශාන්,මොන ප්‍රශ්න විසදා ගන්නද ප්‍රභාකරන්ගේ සොහොන ළගට ගිහින් දිවුරන්නේ? (නි)
සමගිය තබාගෙන වැඩ කරන්න. ඕක අපේ අයටත් හොඳ ආදර්ශයක්. (නි)
ඒ නවදෙනා ට ඡන්දෙ දුන්නේ එහෙදි මැරිච්ච කට්ටිය නැගිටලා ඇවිල්ල වත්ද ? (ස)
මොනවා නැතත් ලොකු දෙයක් වෙන්නයි යන්නෙ....දෙමළ මිනිස්සු මේ වගේ උන්ට ඡන්දේ දීලා කර ගත්තේ ලොකු මෝඩකමක්... (ස)
යුද්ධය අවි බලයෙන් ඉවර කලාට මිනිසුන්ගේ ප්‍රශ්න එහෙමමයි. ( දකුණේ ප්‍රශ්නත් ඇතුළුව).අපි යුද්දේ ඉවර කලා කියලා ඔහේ දුක් විඳ විඳ හිටියට හැමෝම එහෙම ඉඳියි කියල හිතන්නද බැහැ.... (ස)
මම සේනගේ අදහසට කැමති වෙනවා, ඡන්දෙ දුන්නෙත් එයාලගේ අයමනේ (නි)
මේ අයට ඡන්දෙ දුන් අය සමගයි මගේ නම් තරහා තිබෙන්නේ (නි)
ත්‍රස්තවාදය තිබියදී හැංගිලා ගුලි ගැහිලා හිටපු අයට මුල අමතක වෙලා දැන් තියෙන්නේ. හැමෝම එකට එකතුවෙලා රට දියුණු කරන එකයි දැන් කළයුත්තේ. (නි)
අපරාදේ. එතනදීම තීරණයක් ගන්න තිබුනා (නි)
ඒ මිනිස්සු එහෙමවත් අහනවා ආගමික නායකයෝ කියන දේවල්. එකට අපේ අයියලා (දිල්)
වෙල්ලමුල්ලේවයික්කාල් වල මේ දවස් වල උරුමස් හිග නිසා ඒ පැත්තේ යාම අත් හරින්න ඇති.(දිල්)
ප්‍රශ්නයේදී මැදිහත්වීම ගැන අපගේ ප්‍රසංසාව(දිල්)
මොන විදිහකට වුණත් මෙයාලට බලය ලැබුණම වෙන දේ තමයි මේ දැන් දකින්න ලැබෙන්නේ. (නි)
එල්.ටී.ටි.ඊ. සෙවණැලි නැති දවසක් කවදා ඒවිද? (නි)
ටී එන ඒ එකට රිංගාගෙන සිටින බෙදුම්වාදයට පක්ෂ කීපදෙනා ඉදිරියේදීද බොහෝ කරදර කිරීමට ඉඩකඩ ඇත. (නි)
වෙල්ලමුල්ලිවයික්කාල් වල තියෙන්නේ අපේ රණවිරු ස්මාරකයක්නේ. ඒක ඉදිරියට එන්න කියන්න (නි)