IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ටිකට් මිල වැඩි නොකර කොමිස් ඉල්ලති

ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද (2) දෙවැනි දිනටත් සිය අලෙවි කටයුතු වලින් බැහැර වූහ. කොට්ටාව නගරයේ ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද නගරයේ විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයේ යෙදුණහ.

ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 30 වැඩි නොකරන ලෙසත් දැන් පවතින රුපියල් 20 මිල වෙනස් නොකර කොමිස් මුදල වැඩි කරන ලෙසත්  ඔවුහු ඉල්ලති.

vlcsnap-2017-01-02-10h51m54s38 vlcsnap-2017-01-02-10h52m08s178



අදහස් (0)

ටිකට් මිල වැඩි නොකර කොමිස් ඉල්ලති

රාධා Tuesday, 03 January 2017 01:29 AM

මේ ඔක්කොම "ශර්ලොක්" ඉල්ලීම්නේ. මිනිසුන් ලොතරැයි මිල වැඩිකළත් නොකළත් විකිණෙන ටිකට් ගණන (මුදල) සමාන විය හැක. මොකද, ගන්න අය ගන්නවා. ඔයගොල්ලන්ගේ කොමිස් මුදල පිළිබඳ වගකීම ලොතරැයි ඒජන්තගේ වගකීමක්. බැරිනම් විරිඳු රබානක් අරගෙන බස් රථ වලට ගොඩවෙලා විරිඳු කියන්න. අලුත් අය ටිකට් විකුණයි. (නි)

:       0       0

තරිඳු Tuesday, 03 January 2017 02:42 AM

ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 200ක්ම ලොතරැයි විකුණලද ජීවත්වෙන්නේ? (නි)

:       0       0

තුෂාර Tuesday, 03 January 2017 03:57 AM

තරිදු ගණන් ඉගෙනගෙන තියෙන්නේ ගීතා කුමාරසිංහගෙන්. (බ)

:       0       0

සහන් Friday, 06 January 2017 11:14 AM

මේක සුදුවක් ඕක නවත්තන්න කටයුතු කරන්නේ නැත්තේ ඇයි. (ර)

:       0       0

අරුණ ලක්මාල් Tuesday, 03 January 2017 04:38 AM

ලොතරැයි කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවේ. ඒක නිසා මිල වැඩි වුණහම ඉල්ලුම අඩුවෙනවා. එතකොට ආදායම පහළ යනවා. මේකෙන් සැලකිය යුතු පිරිසක් ජීවත්වෙනවා. ටිකක් මානුෂිකව හිතන්න (බ)

:       0       0

රමසි Wednesday, 04 January 2017 01:50 PM

මේ මිනිස්සු රටට වැඩක් වෙන ස්වයන් රැකියාවලට යොමු කලොත් මිට වඩා හොඳ නැද්ද? (ම)

:       0       0

ඉසුරු Tuesday, 03 January 2017 10:38 PM

කොහෙන් ගියත් ගෙදර අහිංසකයන්ගේ බඩටයි වදින්නේ (නි)

:       0       0

සාලිත Monday, 02 January 2017 06:48 AM

සිගරැට් මිල වැඩි කරලා රටේ අාදායමට බලාපොරොතු වුණු මුදල තියා තිබුණු අාදායමත් නැති කරගත්තා. දැන් ඔය සූදු කොළෙනුත් වෙන්නේ ඔය ටිකමයි. (නි)

:       0       0

ලක්විදු Wednesday, 04 January 2017 04:54 PM

ලොතරැයි කියන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් ලැබෙන ලොකු තෑග්ගක් පෙන්නලා මිලියන ගණනක් දුප්පතුන්ගේ සල්ලි සූරාකෑමක්. ඒවා තහනම් කළයුතුයි. (නි)

:       0       0

හිමාල් Monday, 02 January 2017 08:09 AM

සිගරැට් අඩුවෙන් විකිණෙනවා නම් ඒක ජනතාවගේ සෞඛයට හොඳ දෙයක්. ලොත‍රැයි නියෝජිතයන්ට බැරි නම් නිකන් ඉන්න කියන්න. ලොත‍රැයි කියන්නේ සූදුවක්. (නි)

:       0       0

මාගලි Monday, 02 January 2017 08:46 AM

සාලිත, සිගරැට් මිල තවත් වැඩි කරන්න ඕනෑ. මිනිස්සු සිගරැට් නොබී ඉන්නවා නම් අනේ හොඳයි (නි)

:       0       0

ලංකා Monday, 02 January 2017 08:56 AM

පාලිත හොඳට සිගරැට් බොන කෙනෙක් වගේ (නි)

:       0       0

දහම් Monday, 02 January 2017 09:14 AM

ඉතින් හිමාල් ඔයාගේ න්‍යාය අනුව ඇයි මේ ආණ්ඩුව සිගරට් සහ ලොතරැයි දෙකම තහනම් කරන්නේ නැත්තේ. ආණ්ඩුවට කඩේ ගියාට කමක් නැහැ මෝඩයෙක් කියල පෙන්නන්න එපා. (අ)

:       0       0

ලුම්බිණි Monday, 02 January 2017 09:29 AM

ලොතරැයි මණ්ඩලයට අලුතින් වෙළඳ නියෝජිතයන් ගත්තම ප්‍රශ්නය ඉවරයි. (නි)

:       0       0

ලක්විදු Tuesday, 03 January 2017 11:48 AM

ඉන්දියාවේ චෙන්නායි ආදර්ශයට ගන්න. එහි කිසිම ලොතරැයියක් විකිනීමට නොමැත.(හේ)

:       0       0

සුකුමලී (ජර්මනිය) Monday, 02 January 2017 12:48 PM

ලොතරැයි කියන්නේ එක්තරා විදියක සූදුවක් .එයට ඇබ්බැහි වූවෙකුට එයින් අත් මිදීමට සැහෙන ප්‍රයත්නයක් දරන්න සිදුවෙනවා. ඒ සදහා වැය කරන මුදල එකතු කළානම් වසර අවසානයේ සැලකිය යුතු මුදලක් තමන් අතට ලැබෙනවා. ඒ වගේම තම දුම් බීමත්! එයින් තමන්ට තමන් අවට සිටින අයට වගේම පරිසරයටත් හානියක් සිදුවෙනවා. එය තේරුම් ගන්නේ ඉතාමත් අතලොස්සක් පමණයි (බ)

:       0       0

රොහාන් Monday, 02 January 2017 12:48 PM

ලොත‍රැයි නියෝජිතකම සහ අලෙවිය ආබාධිත රණවිරුවන්ට පමණක් දෙන්න. (බ)

:       0       0

හිමාල් Monday, 02 January 2017 01:15 PM

දහම්, මේකට දේශපාලනය ගේන්නේ කවුද? නීතී විරෝධී නොවන දේවල් කොහොමද තහනම් කරන්නේ? හරියට අජිනමොටෝ වගේ. මොකද පැකර්ලා ලංකාවට ආපු හැටිත් අපට මතකයි, දහම්ට අමතක වුනාට. (බ)

:       0       0

මනෝජ් Monday, 02 January 2017 02:29 PM

ලොතරැයියේ මුලෝපය තණ්හාවයි. ඕක 30 නොවේ 50 කළත් විකිනෙන එක විකිණෙනවාමයි. බලන්න කොළඹ ලොතරැයි කුඩු ළඟ හාමුදුරුවරු කීදෙනෙක් ඉන්නවද කියල. (බ)

:       0       0

රවීන්ද්‍ර Monday, 02 January 2017 02:29 PM

මොවුන්ගේ තර්ක පිළිගන්න බෑ.. රුපියල් 20 සිට 30 දක්වා වැඩි කළ විට අලෙවිය අඩුවීම නිසා ආදායම් අඩුවෙනවා යයි කීම මිත්‍යාවක්.. රු. 20 ගණනේ ටිකට් 3 ක් විකිණුවහම ලැබෙන්නේ රු. 60 යි. රු. 30 කළ විට අලෙවිය අඩු වී විකිණෙන්නේ ටිකට් 2 නම් ඒත් ලැබෙන්නේ රු. 60 යි. නමුත් මේ අලෙවිය අඩු වීම ටික දිනකින් යථා තත්ත්වයට එනවා. නැතිනම් ඉස්සරම ලොතරැයියක් තිබුනේ රුපියලකට. අද වන විට රුපියල් 20 කට වැඩි වීත් ලොතරැයි විකිණෙනනවා. (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 02 January 2017 03:36 PM

පිට රටවලත් ලොතරයි මිල වැඩි වෙනවා ඒවා වෙන්නේ වරකට 5% විතර වැඩි වීමක් නමුත් ලංකාවේ වගේ එකවරම 50% විතර වැඩි වීම් වෙන්නේ නැහැ රුපියල් 2-5 අතර මිලකින් වැඩි කරානම් සාධාරණයි.(අ)

:       0       0

විරාජ් Monday, 02 January 2017 04:10 PM

මේක සුදුවක් බව ඇත්ත, නමුත් මේක තුල අහිංසක පවුල් ගානක ලක්ෂ ගානක් ජිවත් වෙනවා, රු 30 ක් වුනාම ලොතරැයි පතක් මිලදී ගන්න මැලි වෙනවා ඕන මිනිහෙක්, හිතන්නකෝ කොමිස් මුදල රු 5යි කියල එක ටිකට් පතකින්, ටිකට් 100ක් වික්කොත් රු 500 අදායම දවසටම, එක විකුනන්න කොච්චර කෑගහන්න ඕනද , මීට වඩා මානුෂිය වෙන්න , මේක සිගරට් අරක්කු රේස් බයි ගානට දන්නා හොද නැහැ, මේක පිටුපස ඉන්න ජීවිත ගැන කාරුණික වෙන්න (බ)

:       0       0

ශෙහාන් Monday, 02 January 2017 06:25 PM

යහපාලනයට ඡන්දෙ දීපු අය තමා මේ ඉන්නේ. හොඳ වැඩේ. දැන් විඳවන්නකෝ (නි)

:       0       0

සෑම් Monday, 02 January 2017 08:20 PM

මේ ප්‍රදර්ශනය කරන පුවරු වල ලියලා තියන දේවල් කියෙව්වාම මේකේ තියන බොරුව අහුවෙනවා. "අසරණ පාරිභෝගිකයා රු.5 වැට් ගෙවයි"? ඒ කියන්නේ මේගොල්ලෝ මේවා කරන්නේ පාරිභෝගිකයා ගැන දුක හිතිලද? ඊළඟට "20 ලක්ෂයක ජීවිත අනතුරේ" ඒ කියන්නේ ලංකාවේ ජනගහණයෙන් 10%ක් ජීවත්වෙන්නේ ලොතරැයි වලින්ද? කාගේහරි ඉගැනුම් බහකට බෝඩ් එක උස්සාගෙන ඉන්නවා මිසක් අඩුතරමින් ඒකේ තියෙන්නේ මොකක්ද කියලාවත් මේ අය නොදන්නා බව සහතිකයි (නි)

:       0       0

භාතිය Monday, 02 January 2017 08:24 PM

මිල වැඩිකළ හැමදේකටම මහජනයා හුරුවුණා. පළමු මාස දෙකෙන් පස්සේ අලෙවිය පෙර පරිදි හෝ ඊට වැඩිවෙනවා සිකුරුයි. අපේ ජාතික ලක්ෂණය අනුව අපිට හැම දෙයක්ම මතක තියෙන්නේ දින ගණනයි. (නි)

:       0       0

රෙක්ස් Tuesday, 03 January 2017 05:24 PM

ලොතරැයි කියන්නේ දුප්පතුන්ගේ මුදල් සූරාකන ව්‍යාපාරයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 61 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3129 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 564 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1058 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 767 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 812 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site