සීතාවක රජ මාලිගාවේ පිවිසුම් දොරටුව,කොටු පවුර ඇතුළු ස්ථාන කිහිපයක් හඳුනාගැනීමට හැකි වී යැයි සබරගමුව පුරාවිද්‍යා කාර්යාලය කියයි.
සිතාවක අගනුවර කැර ගනිමින් මායාදුන්නේ ක්‍රි.ව1521-81 හා ඔහුගේ පුත් ටිකිරි කුමරු හෙවත් පළමුවැනි රාජසිංහ රජු සිතාවක මාලිගයේ සිට රජකම් කළ බව ඉතිහාසය කියයි.
සබරගමුව සහකාර පුරා විද්‍යා කොමාසාරිස් පී කේ මදුරප්පෙරුම මහතා පැවසුයේ රාජසිංහ මාලිගාව සේවීමේ කැණිම්වලදී ලන්දේසි යුගයේ සාධක මුලින්ම සොයාගත් බවයි.
‘ලන්දේසි බල කොටුව සාදා ඇත්තේ විනාශ කැර දැමු රජ මාලිගාවේ අත්තිවාරම උඩ බව පේනවා.ලන්දේසි බලකොටුව කබොක් ගලින් සදා තිබෙනවා.පසුව මාලිගාව හැදිමට කළු ගල් ද යොදාගෙන ඇති බව පේනවා.මාලිගයට පිවිසුම් දොරේ හා උළුවස්සේ හා කෙළවර තිබු අගුලක්ද සොයා ගත්තා.’
ප්‍රාදේශිය කැණිම් හා කෞතුකාගාර නිලධාරිනි ජයන්ති බියන්විල මහත්මිය පැවසුයේ අනුරාධපුර යුගයේ කාසියක්, ලන්දේසි යුගයේ තඹ දොයිතුවක්, රජ මාලිගයේ උළු කැට,වළං,රට පිඟන් කෑලි,පරාල ගැසීමට ගත් අගල් හයක් දිග පරාල ඇණ කිහිපයක් ද සොයා ගත් බව කිවාය.
පුරා විද්‍යා කැණිම් ශිල්පි ඩී එම් එස් දසනායක මහතා සඳහන් කළේ සීතාවක රාජසිංහ රජුගේ මාලිගයේ නටඹුන් සොයා ගත් බව ස්ථිර ලෙසම ප්‍රකාශ කළ හැකි බවයි.
රජ මාලිගය කඩා බිද ගිනි බත් කිරීමෙන් පසු පිළිස්සී ගිය අළු පවා සොයා ගත්තා.සිංහල උළු කැට කැබළි සොයාගත්තා.පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසින් අතින් සිදු වු විනාශය මෙම කැණිම් වලින් පෙනෙනවා යැයිද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ මියගිය කෙනෙකුට එරෙහිව ළමා අපචාර නඩු දමා දඩුවම් නියම කළා. මේවා උදාහරණයට ගෙන අපේ මේ රටට ඔවුන් කර ඇති හානිය ඔප්පු කිරීමට කරුණු ඇති නිසා විශාල වන්දියක් ඉල්ලා ඒ ඒ රට වලට විරුද්ධව නඩු පැවරිය යුතුයි (නි)
බලාගෙනයි.අර හෙලිකොප්ටරය ඔය පළාතේ උඩින් කැරකෙයිද දන්නේ නැහැ, ඔය මාලිගාව යට පුරා වස්තුත් ඇති නේ,(නදී)
එතකොට මිහින්තලා පුදබිමේ පල්ලියක් හැදුවේ ලන්දේසිද? (නදී)
රටවල්වල තියෙන වස්තු කංඳරාව අරගෙන තමා ඒ රට පොහොසත් වෙලා තියෙන්නේ.(නදී)
කෝ “රාජසිංහ පරපුරක අපි“?(නදී)
ඉතිහාසය බුද්ධාගම ලැබීම - දේවානම් පියතිස්ස රජු කාලය රජ පෙළපත ඇරඹීම - පන්ඩු කාභය රජු කාලය විජය පැමිණීම - පන්ඩුකාභය රජට පෙර කාලය විජය ට පෙර - යක්ෂ, නාග, සහ විවිද ජන වර්ග සිටියා ආගම - මේ මිනිසුන් නොයෙක් දේ ඇදහුවා. දෙවියන් මුලිකම (නදී)
රෝහණ අයියා ඉතිහාසය ඉගෙන ගත්තේ ඉන්දියාවේදීද? (නි)
පුෂ්ප, ඔය කියූ එක හරි. ඒ වුණත් මතකනේ කොළඹ කටුගෙයි තිබුණු කඩු වලට වුණ දේ.ඒ විතරක් නොවේ තව තව තැන් වල (පන්සල් වල )තිබුණු පුරාවස්තු මංකොල්ල කන්න ගිහින් හාමුදුරුවරුත් මැරුම් කෑවා. අනේ ඔය තිබෙන බඩු ටික ඔහෙම තිබුණාදෙන්. සිංහාසනේ ගෙනාවොත් ලංකාවට,ඒක ගැන තිබෙන ආසාව අත්හැරියොත් හොදයි. (නි)
නිහාල්ලාගේ, රෝහණලාගේ පන්සල් කෝවිල් හෝ දේවාල මේ බිමේ කොහේ තිබුනද මම නම් දන්නේ නැහැ. අපි විජයගෙන් පැවතෙනවා නම් අපිටත් මේ බිමේ අයිතියක් නැහැ.මේ බිමේ අයිතිකාරයෝ තවම දඹාන පැත්තේ ඉන්නවා.ඒ මිනිස්සු ඔය එකක්වත් දන්නේ නැහැ.පසු කාලයක මහියංගන හා කතරගමට පුද පූජා කළත් තවමත් ඔවුන්ටම ආවේණික වූ යකුන් වන්දනාවත් කිරිකොරහා ශාන්ති කර්මයත් කරගන යනවා. පිටින් ආ අපි තමයි සියල්ල පටලවාගෙන තිබෙන්නේ. (නි)
සිංහලකම තම තියෙන අය ඉන්න බව දැනුනම සතුටු වන බව කාරුණිකව දන්වමි. (නදී)
රෝහණ, මම දන්නා තරමට කෝවිල් තිබී නැහැ. හැබැයි මියගිය රජවරු වගේ කට්ටිය දේවත්වයෙන් සළකලා වැදුම් පිදුම් කරන්න දේවාල වගේ තැන් තිබී තිබෙනවා. ඔය කියන කෝවිල් කියන නම ඉන්දියාවේ හින්දු බලපෑම මත පසුකාලීනව ආ හින්දු දෙවිවරු උදෙසා වැදුම් පිදුම් කරන තැන් වලට භාවිතා කරන්නේ.. (නි)
ඔය මාලිගාව තියෙන තැන කියන්නකෝ අපිටත් බලන්න යන්න. (නි)
තව දවස් දෙක තුනකින් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
ලංකාවේ කෝවිල් මුලින්ම හැදුනේ ක්‍රි. ව. 1707-1739 අතර ලංකාවේ රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නම් සිංහල රජු දකුණු ඉන්දියාවේ නායක්කර් වංශික රජ කුමරියක් ඔහුගේ එක බිසවක් ලෙස ගෙන්වා ගැනීමෙන් පසුවය. එම බිසව හින්දු භක්තික වූ නිසා ඇයගේ පරිහරණයට පන්සල අසල හින්දු කෝවිලක්ද ඉදි කිරීමට සිදු විය. (නි)
ටෙනිසන්, අපිත් එක්කත් වැඩකරනවා ඔය වගේ කෙනෙක්. මිනිහත් දන්නේ පරිඝනකයේ චැට් කරන්න වගේ දේවල් විතරයි. ඔයා දන්නේ නැති වුණාට අපි මොනවා කරන්නද . අහෝ මුසිල නොදිටි මොක්පුර. (නි)
අපිනම් ජිවත් වෙන්නේ කිසිම කෙනෙකුට හිරිහැරයක් නොවෙන විදිහට, අපි පල්ලි හැදුවේ හෙලබිමිමේ හුදකලා බිම්වල, (අ)
ෂෙරිෆ් - ඔයාල පව් අනේ දැන් හැම රටකම ඔයාලගේ අය මරාගන්න හින්ද මෙන්න මෙහෙට වෙලා ඉන්න. (දිල්)
ඔය කවුරුත් අදටත් කරන්නේ අපේ සිංහල ශ්‍රී විභූතිය වලදමා ඔවුන්ගේ සංස්කෘතිය,පල්ලි කෝවිල් ඒ මත ඉදිකිරීමි.සිංහලයා අහිංසකයි..(නදී)
ගජමන්, ධම්මික, සෑම් එක්ක මාත් එකඟයි. ඔටුන්නයි, කඩුවයි ගිලින්න පුළුවන් අයට සිංහාසනයක් ගිලින එකත් බැරි වෙන එකක් නැහැ. .(නදී)
සුද්දෝ අපේ පුරාවස්තු මන්කොල්ලකාල එංගලන්තෙට අරන් ගිය එක වැරදි උනාට ඒවා මෙහෙ තිබුනානම් කාටවත්ම නෑ. කන්ගැට්ටා නාඩගම රගදක්වපු හැටි මතකනේ?.(නදී)
එංගලන්තෙට අරන් ගිය අපේ දේවල් එහෙම තියන එක හොදා....ඒව ආරක්ෂා ඇතුව තියනවා...මෙහෙ ගෙනාවොත් හොරකම් කරනවා .(නදී)
මොකද නැත්තේ? රෝහණ කියන විදිහට මුල් අවදියේ කෝවිල් තමයි තිබුණේ. (නි)
ඒ වුණත් අන්තිමේදී රජ්ජුරුවෝ සුද්දාට පාවා දුන්නෙත් ටිකිරි බණ්ඩලාම තමයි. (නි)
රෝහණ ඉතිහාසය ඉගෙන ගත්තේ මොන පොතෙන් ද (අ)
රෝහණ තිබුන කෝවිලක නමක් ගමක් සදහන් කරනවද?හින්දු කෝවි ලක්ද?මොනවහරි ලිඛිත සාක්ෂියක් සදහන් කරනවද? (අ)
රෝහණ, මොන කෝවිල්ද? කොහෙද ? කොයි කාලේ ඉඳලද? කියන්නකෝ. අපටත් දැන ගන්න.(අ)
රෝහණ, ලංකාවේ තිබුනේ දේවාල මිසක් කෝවිල් නොවෙයි, අදටත් තැන තැන මේ දේවාල තියනවා, දේවාල වල හිටිය දෙවියාට ඉන්දියානු දෙවියා අරුඩ කරවපු අය දැන් බහු බුත කියනව (අ)
නිහාල්, ලංකාවේ පන්සල් වලට පෙර කෝවිල් තිබුනා. ඔබගේ දැනගැනීම සඳහායි (නි)
අපේ පෞරාණික දේවල් ලංකාවට ගෙනාවොත් ඊට පස්සේ කවුරු හරි හොරකම් කළහොත් කාටවත් නැහැ. ඊට මීට වඩා හොඳයි ඒවා ඔහේ තියෙන තැනක තිබුනාවේ. (නි)
ඉංග්‍රීසි අය යනකොට අරගෙන ගිය අපේ පෞරාණික දේවල් ආපසු අපේ රටට ගෙන්වාගන්න දැන්වත් රජය උනන්දු වුණොත් වැදගත්. බ්‍රිටිෂ් කෞතුකාගාරයේ මේවා උදාර විදියට තැන්පත් කරලා තිබෙනවා. උදාහරණයක් රාජසිංහ රජුගේ සිංහාසනය. මේවා මංකොල්ලකෑම් විදියටයි දැන් හඳුන්වන්නේ. ඉරානය වැනි රටවල් නම් ඒ අයගේ පුරා විද්‍යාත්මක වැදගත් දේවල් ආපසු ලබාගන්න උත්සාහ කරනවා. අපිත් මේ ගැන උනන්දු වෙමු. (නි)
වසර 500කට එහා අතීතයට යමු (නි)
තඹ දොයිතුවක් නැහැ කියන්නේ කට කහනවට නෙමෙයි නේද? සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා! (නි)
තඹ දොයිතුවේ සමීප ඡායාරූපයක් තිබුනා නම් වටිනවා. අහලා තිබුනාට දැකලා නැහැ. (නි)