IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ටනාකාගේ 'ඇතුල්වීම තහනම්'

2016-12-28-ent-94

බොහෝ දෙනෙකු හඬ කැවීමේ ශිල්පිනියක ලෙස හඳුනාගත් ඇය ගායිකාවකි. මේ දිනවල ගුවන් විදුලි නාළිකා කිහිපයකින්ම අසන්නට ලැබෙන "ඇතුල්වීම තහනම්" ගීතය හරහා ශ්‍රාවකයන් අතරට පැමිණි ඇය විශාරද ටනාකා තාරකීය.

 

හඬ කැවීම් ශිල්පිනියක ලෙස තමයි බොහෝ දෙනෙක් ඔබව හඳුනා ගන්නේ. ගීත ගායනයට යොමුවීමට අදහස් කළේ ඇයි?

2016-12-28-ent-93මම හඬ කැවීම් වැඩ කටයුතුවලට ලොකු කාලයක් වෙන්කරලා තිබුණා. ගෙදර සංගීතයට අවශ්‍ය පරිසරය සැකසිලා තිබුණා. ඒත් සංගීතය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් මට තිබුණෙ නැහැ. පාසලේ අධ්‍යාපන කටයුතු නිමවීමත් එක්ක මාධ්‍ය ආයතනවලින් ආරාධනා ගොඩක් ලැබුණා. ඒ නිවේදනයට හඬ කැවීම් කරන්න. නමුත් මගේ කැමැත්ත තිබුණෙ ගායිකාවක් වෙන්න. එහෙත් ඒ වෙනුවෙන් දෙයක් කරන්න මට ලැබුණෙ නැහැ. මම හිතනවා මේක තමයි ගීතයක් නිර්මාණය කරන්න මට ලැබුණ වෙලාව.

 

එලෙස නිර්මාණය වුණ ඔබේ මුල්ම ගීතය ගැන අපි කතා කරමු?

තාත්තත් ගීත නිර්මාණය කරලා දුන්නා. තාත්ත ටෙලි නාට්‍යවල තේමා ගීත නිර්මාණය කළා. වෙළෙඳ දැන්වීම්වලට ගීත කළා. මගේම ගීතයක් නිර්මාණය කරන්න ලැබුණෙ නැහැ. මාධව හේවාවසම් හා ප්‍රියන්ත නාවලගේව තාත්තා හඳුනා ගැනීම එක්ක මමත් ඔහු සමග නිර්මාණ කටයුතු සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ %ඇතුල්වීම තහනම්^ කියන ගීතය නිර්මාණය වුණේ. ඒ ගීතය විද්‍යුත් මාධ්‍ය රැසක මේ වනවිට ප්‍රචාරය වෙනවා. ඒ වගේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

මේ දිනවල හඬ කැවීමෙන් දායක වෙන නිර්මාණ ගැන කතා කළොත්?

මේ දිනවල ස්වර්ණවාහිනියේ "මගේ සඳ ඔබයි" කියන නාටයේ "සත්‍යාගේ" චරිතයට හඬ කැවීමෙන් දායකවෙනවා. "ප්‍රේම දඩයම", "මේ ආදරයයි" හි "ශගුන්"ගේ චරිතයට හඬ කැවීමෙන් දායක වෙනවා. "මෙලඩි ඔෆ් ලව්" හි "දුල්මිට" හඬ කැවීමෙන් දායක වෙනවා. හිරු නාළිකාවේ විකාශය වන "රොබින් හුඩ්" නාට්‍යයේ "මැරියන්"ගේ චරිතයට හඬ දායකත්වය ලබාදෙනවා. ඒ වගේම සිරස එෆ්.එම්. ගුවන් විදුලි නාට්‍යයකට දායක වෙනවා.

 

ඉදිරි කටයුතු ගැන කතා කළොත්?

මගේ බලාපොරොත්තුව ගායිකාවක් වීම. එහි මුල්ම පියවර මේක. මගේ වයසත් එක්ක ලොකු අත්දැකීම් ලැබුණා. මගේ හඬ කැවීම් හා නිවේදනය තුළ යම්කිසි දෙයක් කරන්න ලැබුණා. දේශීය අනන්‍යතාවයක් තියන ගී නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

රංගන මදුසංඛ

 



අදහස් (0)

ටනාකාගේ 'ඇතුල්වීම තහනම්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 38 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 196 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 287 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 529 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 162 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 120 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26089 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site