IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ටානියාගේ 'බබා පාට්'

2016-09-09-ent-54

කලා ක්ෂේත‍්‍රයේ මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දෙපළක් තමයි ටානියා සහ ඩොක්ටර් නාරම්පනාව කියන්නෙ.

මේ දෙන්නා පැටලිලා තියෙන අනියම් සම්බන්ධය ගැන අද වන විට බොහෝදෙනා කතා කරන්න පටන් අරන්. ඒ නිසාමයි නාරම්පනාව හොස්පිට්ල් එක පැත්තට ගිහින් අපිටත් ඒ ගැන හොයන්න හිතුණෙ.

ඉතින් මේ හොස්පිට්ල් එකේ සුරූපී හෙදිය ‘‘ටා’’ කව්ද කියලා ඔබ දැනටමත් දන්නවා ඇති.

ඇය තමයි අපි කව්රුත් දන්න හඳුනන ආදරය කරන ජනප‍්‍රිය රංගන ශිල්පිනී පියුමි ශානිකා බොතේජු.

අපි ඇයගෙන්ම අහලා දැනගමු මේ හොර සම්බන්ධෙ මොකක්ද කියලා...

 

මොකද්ද මේ ඩොක්ටර් නාරම්පනාව එක්ක තියෙන හොර සම්බන්ධය?

2016-09-09-ent-55ඩොක්ටර් නාරම්පනාව ටානියාට ආදරේ කරනවානෙ. ඒ ඇයගෙ තියෙන නැලවිලි ගැස්සිලිවලට කතාවට සහ ඇගේ රූප ස්වභාවයට. ඉතින් එහෙම වෙන්නෙ ‘‘මෙඩි සිනා’’ නාට්‍යයෙ තමයි.

 

මෙඩිසිනා සඳහා කොහොමද පියුමිට ආරාධනා ලැබෙන්නෙ?

ඒ සඳහා මට ආරාධනා ලැබෙන්නෙ අපේ නිෂ්පාදකතුමිය ඇන්ජලා කුරුප්පු මහත්මිය හරහා. ඇය මට ආරාධනා කරනවා මේ චරිතය උපරිමයෙන් කරලා දෙන්න කියලා. ඉතින් මම මගෙ උපරිමය ඒ වෙනුවෙන් ලබාදුන්නා. ඉතින් මම හිතනවා අද වෙද්දි ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක ඒ චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා.

 

ටානියා චරිතය ගැන කතා කළොත්?

ටානියා චරිතයෙ තිර පිටපත පළමුවෙන්ම අතට ගත්ත මොහොතෙ ඇය බර්ගර් කාන්තාවක් කියලා සඳහන් වෙලා තිබුණෙ නෑ. ඉතින් මම එය අතට ගත්තම දැනුණා මේ සඳහා මම කතා කරන විදිය ටිකක් වෙනස් කරගන්න ඕනෑ කියලා. ඉතින් මම පළමුවෙන්ම අධ්‍යක්ෂතුමාට ඒ චරිතයෙදි කතා කරන විලාසය කියලා පෙන්නුවා. එතකොට එහි අධ්‍යක්ෂ වශයෙන් හිටියෙ ශිවා අයියා. ඉතින් ඒ වොයිස් එකෙන් කතා කරලා පෙන්නුවම ඔහු කීවෙ ෂා... ඒ විදිය මරු නංගි දිගටම ඒ වොයිස් එකම වර්ධනය කරගෙන යමු... ඒක ගොඩක් ලස්සනයි කියලා. ඊට පසුව මෙහි තිර පිටපත් රචක ගාමිණී එස්. බංඩාර ඒ චරිතය බර්ගර් කාන්තාවක් ලෙසම රචනා කළා.

ඉන් අනතුරුව ‘‘ටානියා’’ කියන නමත් එක්ක මගෙ ස්වරූපය, ඇවිදින ආකාරය ඒ හැමදේම වෙනස් කරන්න වුණා. ඇය කිසිම දෙයක් නොතේරෙන බබා පාර්ට් එකේ ඉන්න කෙනෙක්. ඒ ටානියාගෙ ඇත්ත ස්වරූපය. ඒ විදියට වෙනස්වීම් මත තමයි චරිතය ගොඩනැගිලා තියෙන්නෙ.

 

ඒ චරිතය එතරම් සාර්ථක කරගන්න ඩොක්ටර් නාරම්පනාවගෙනුත් හොඳ සහයක් ලැබෙනවා නේද?

ඇත්තටම ඔව්. මගෙ පළමු වේදිකා නාට්‍යය ‘‘මල්සර බිසව්’’ කරන්නෙත් ඩොක්ටර්ගෙ චරිතය නිරූපණය කරන සම්පත් ජයවීර අයියත් එක්ක. ඔහු තමයි ඒ සඳහා මාව හේමන්ත ප‍්‍රසාද්ට හඳුන්වලා දෙන්නෙත්. ඉතින් මට ලොකු පහසුවක් වුණා සම්පත් අයියා ඩොක්ටර්ගෙ චරිතයට ඒම. මොකද කාලාන්තරයක් තිස්සේ දන්න හඳුනන යාළුවෙක් නිසා. අපි දෙන්නා මේ නාට්‍යයේ චරිතයන් තුළ යම් යම් දේවල් කරන්නෙ දෙන්නා කතා කරගෙන. ඉතින් මම හිතනවා අපේ තිබුණු ඒ සහසම්බන්ධතාවයක් එක්ක මේ චරිත තව තවත් මිනිස්සු අතරට යන්න හේතුවෙන්න ඇති කියලා.

 

ඔයාට කෙණෙහිලිකම් කරන දෙන්නා ගැනත් කතා කරමු?

නිරෝෂායි, නිර්මලායි තමයි එහෙම කරන්නෙ. මේ නාරම්පනාව හොස්පිට්ල් එකේ ඉන්න නර්ස්ලා තුන්දෙනා තමයි අපි. ඉතින් ඒ විදියෙ කෙණෙහිලිකම් එයාලා මට කරන්නෙ ඩොක්ටර් මට හැම සපෝට් එකක්ම කරන නිසා. මම මොනාත්ම වැඩක් කරන්නෙත් නෑ. ඩොක්ටර්ව නලව නලවනෙ ඉන්නෙ. මගෙ අතින් ලෙඩෙක් පවා මැරෙනවා පැය 16 කට දෙන්න තියෙන බෙහෙතක් පැයයි විනාඩි 6 කින් දීලා.

ඒ වගේ ලොකු වැරැුදි වුණත් ඩොක්ටර් මට මොනවත්ම කියන්නෙ නෑ. ඒවා තමයි අනිත් අයට දරාගන්න බැරි. ඉතින් තිරයෙදි ඒ කෙණෙහිලිකම් කළාට අපි තුන්දෙනාම හොඳ යාළුවො.

 

එතකොට පෙරේරා?

පෙරේරා තමයි මිහිර සිරිතිලක අයියා. ඔහු සමඟත් මම කාලයක් වැඩ කරලා තියෙනවා. මේ සඳහා රංගනයෙන් දායක වුණු සියළුදෙනාම නිතර දෙවේලෙ මුණගැහුණු හොඳ හිතවතුන්. මේ නාරම්පනාව හොස්පිට්ල් එකට මේ හිතවතුන් පිරිස එක්රැුස් වීමෙන් හොඳ නිර්මාණයක් පේ‍්‍රක්ෂකයන්ට දෙන්න හැකිවුණා.

 

පේ‍්‍රක්ෂකයන් වුණු අපිට මේ තරම් හිනායනව නම් රූගත කරන අතරතුරදී ඔබ ඒ සඳහා මුහුණදෙන්නෙ කොහොමද?

ඇත්තටම මට නම් කොමඩි රංගනයක් කරද්දි කවදාවත් හිනායන්නෙ නෑ. අපි තිරෙන් එහා විහිළු කරගන්නවා. ඒ වෙලාවට අපි ඇතිවෙන්න හිනාවෙනවා. නමුත් චරිත නිරූපණය කරද්දි හිනායන්නෙ නෑ. රූගත කිරීම්වලින් පසුව නම් ඉබේම හිනායනවා කරපු ඒවාට. මොකද මගෙ රංගනයෙ හැමවෙලේම කියන දෙයක් තමයි ‘‘ඩොක්ටර් මට ලොකු බොරුවක් තමා කියන්නෙ කියලා.’’

එතකොට ඒ කියන විදියත් එක්ක හිනා යනවා. ඒ විදියට එක එක්කෙනාගෙ වචන සෙට් එකක් තියෙනවා. ඒවා කියද්දි නම් ඉතින් හිනා යනවා.

 

‘‘ටා’’ ට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

අම්මෝ... ලැබෙන ප‍්‍රතිචාර ඉතා ඉහළයි. මම මේ ළඟදි කොළඹ තිබුණු මැච් ඒක බලන්න ගියා. ඒ ගියෙ මම ක‍්‍රිකට් කණ්ඩායමට සහ ක‍්‍රිකට් වලට තියෙන ආසාවට. නමුත් මැච් එක දිනුවෙ නම් නෑ. මැච් එක බලන්න ඇවිල්ලා හිටපු ගොඩක් අය ඒ මොහොතෙ මාව දැකලා ‘‘ටා’’ කියලා කෑ ගැහුවා. ‘‘ටා’’ අනේ අත වනන්නකෝ කියලා කෑ ගහනවා. ඒ විදියට ප‍්‍රතිචාර ගොඩක් ලැබුණා.

ඒ හැමදේත් එක්කම ලොකුම සතුට තමයි අපේ ක්ෂේත‍්‍රයේ ඉන්න අයගෙන් ප‍්‍රතිචාර ලැබෙන එක. මොකද ඇත්තටම අපට තියෙන වැඩත් එක්ක තමන්ගෙ නාට්‍යයක්වත් බලන්න වෙලාවක් නෑනෙ. නමුත් සංගීත ක්ෂේත‍්‍රයේ සහ රංගන ක්ෂේත‍්‍රයේ ගොඩක් අයගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ විදියට ප‍්‍රතිචාර ලැබෙද්දි ගොඩක් ආසයි. මීට කලින් පබා ටෙලිනාට්‍යයෙ හිමාලිට බොහෝ පිරිසක් ආදරේ කළා. ඉතින් එතනින් මිදිලා දැන් ‘‘ටානියා’’ ට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒ පිළිබඳ හරිම සතුටුයි.

 

අනිත් රංගන කටයුතු කොහොමද?

බුද්ධිනි ජයවර්ධනගෙ ‘‘මේ මමයි’’ නාට්‍යයෙ වැඩ කටයුතු කළා. ඊට අමතරව ඇයගේම අළුත් නාට්‍ය ‘‘විහාරා’’ හි වැඩ කටයුතු ඉදිරියෙදි පටන් ගන්නවා. මෙඩිසිනා රූගත කිරීම් සිදුවෙනවා. අළුත් වේදිකා නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තව ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පේ‍්‍රක්ෂකයන්ට පුදුම හිතෙන රියැලිටි අත්දැකීමක් ලබාදෙන්න. ඒ සඳහා ආසාවෙන් බලාගෙන ඉන්නවා.

 

ධනු විජේරත්න

 

2016-09-09-ent-57
2016-09-09-ent-56



අදහස් (0)

ටානියාගේ 'බබා පාට්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 9 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 301 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 179 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 655 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 303 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site