පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි එම පක්ෂයේ හිටපු මන්ත්‍රී ඩබ්ලිව් එම් උදය කුමාර එම පක්ෂයේ නායක විමල් වීරවංශ ඇමැතිට අභියෝග කරයි.
වීරවංශ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඌව පළාත් සභාව නියෝජනය කළ ඔහු ස්වාධින අපේක්ෂකයකු වශයෙන් මෙවර තරග කරයි.
‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් .තවම අයින් වුනෙත් නෑ.අයින් කළෙත් නෑ.ස්වාධිනව තරග කර ජයගන්නවා. ශ්‍රී.ල.නි.ප ලයිස්තුවේ අංක දහයට මගේ නම තිබුණා විමල් වීරවංශගේ දෙබිඩි පිළිවෙත නිසා එය ටිපෙක්ස් කළා‘.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල්ට කැමති අය ගණන දැන් බොහෝ අඩුවෙලා (නි)
බොරුවට කෑගහල වැඩක් නැහැ උදය කුමාර මහත්තයෝ, දිනලා පෙන්නන්නකෝ. එ්ත් ඒ පැත්තේ කාලයක් මේ පැත්තේ කාලයක් ඉදල තමුන් විතරක් හැදෙන ඔබතුමාලා ගැන උෟවේ ජනතාව දැන්වත් හිතල බලනවානම් හොදා නේ. (නදී)
අපි ඔබට සුභ පතනවා! (නි)
ඔබ ඔහුට කරන අභියෝගය ඵෙයිතිහාසිකයි. ඔබගේ ජයග්‍රහණය තුලින් ඔහු කවුද කියා ප්‍රායෝගිකව කියා දෙන්නට ඔබට මහඟු අවස්ථාවක් තිබෙනවා. ඔබට ජය! (නි)
අපිට සේවය කරන්නද මෙච්චර මේ දඟලන්නේ? (නි)
හොඳ අභියෝගයක් නුඹට ජය වේවා (දිල්)
ටිපෙක්ස් කළා නම් ලිස්ට් එක ප්‍රතික්ෂේප වෙන්න ඕනෑ නේද? (නි)
විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ ආදීන් දේශප්‍රේමී නායකයෝය. දුෂණ නොවේ නම් මේ පවතින ක්‍රමය රටට හොඳ බව ඔවුන් තේරුම්ගෙන ඇත. (නි)
ඉස්සර විමල් කියන්නේ වාමාංශික දේශපාලනය ඇඟේ තිබෙන අයගේ වීරයෙක්.එහෙත් අද තත්වය ගොඩක් වෙනස් (නි)
ටිපෙක්ස් අපේක්ෂකතුමාට ඔය ටික අවබෝධ කරගන්න ඔච්චර කල් ගියාද? (නි)
අපි නම් එයාගේ පිළිවෙත දැනගෙන හුඟක් කල්. (නි)
මේ අය මේ වළිකන්නේ ජනතා සේවයට නොවේද? (නි)
කාටවත් අභියෝග නොකර තමා පළාත් සභාවේ ඉන්නකොට ජනතාවට කළ සේවය අනුව ජයගෙන පෙන්වන්න. විමල්ගේ අභියෝගය ඔබ ජයගන්නේ එවිටයි. (නි)
ඔබතුමා එයාගේ පිළිවෙත හඳුනාගත් එක හොඳයි. හොඳ ප්‍රචාරයක් ගෙනයන්න. ඔබට ජය ලැබෙනවා සත්තයි. (නි)
හොඳ ප්‍රචාරයක් ගෙනයන්න. ඔබට දිනන්න පුළුවන්. ජනතාව හැමදාම රැවටෙන්නේ නැහැ (නි)
විමල්ගේ අවසාන මොහාත ඉතාම ඉක්මනට උදාවේවා(අ)
එයාගේ කඩේ ලොකුයි, ඔයා පොඩි මුදලාලි කෙනෙක්. (අ)
ජනතා විමුක්ති ලොකු නායකයෝ තාමඅඬනවලු. අනේ මුන් එක්කද අපි විප්ලව කරන්න හැදුවේ කියල.(අ)
අනේ ඔයත් විමල් වගේ කඩේ යන්නකෝ (අ)
ජ.ව්.පෙ දාල ආණ්ඩුවට මුක්කු ගහල දැන් අනාගන නේද?(අ)
බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්ඩ වෙන බව තේරෙනවද දැන් (අ)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ...(අ)
ඔහොම යමුකෝ (නි)
විමල් ලොක්කගේ කනෙන් රිංගන එක නම් බොරු! (අ)
විමල් දැන් අවසන් මරලතෝනි දෙන්නේ ඔබ තුමාට සුබ පතනවා (නදී)