වැලි පැටවු ටිපරයක් ගලේවෙල බස් නැවතුම් පොළ අසල නතර කර තිබු බසයක හැපී බසයට නගිමින් සිටි පළතුරු වෙළෙන්දකු මියගොස් මගීන් දස දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
බරපතල තත්වයේ සිවි දෙනකු පසුවන බව රොහල් ආරංචි කියයි.




වැලි පැටවු ටිපරයක් ගලේවෙල බස් නැවතුම් පොළ අසල නතර කර තිබු බසයක හැපී බසයට නගිමින් සිටි පළතුරු වෙළෙන්දකු මියගොස් මගීන් දස දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
බරපතල තත්වයේ සිවි දෙනකු පසුවන බව රොහල් ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිග ඉන්න ලාංකිකයෙක් හැටියට මට මේක දැක්කම පුදුම තරහක් ඇතිවෙන්නේ. හේතුව අපේ මිනිස්සුන්ට මනුස්සයා කියන සතා කෙරෙහි තියෙන අඩුම අඩු ආදරය හා ගෞරවය ගැන. මොකද මට මතකයි මතුගම පැත්තේ පාර මැද්දට නයෙක් ඇවිල්ලා පැය ගානක් වාහන බ්ලොක් වුනා ඌ යනකන්. ඒත් ටවුමක් මැද්දෙන් යන අපේ රියදුරෝ මේ නයාට දීපු ගෞරවයවත් මේ මිනිස් සතාට නොදෙන එක ඛේදනීයයි. මේ ක්‍රමය වෙනස් කල යුතුයි. මේකට හොඳ දඬුවම් දියයුතුයි. මිනිස් ජීවිතයක වටිනාකම වටහා දිය යුතුයි. ගව ගාතනය වගේම මේකත් වැරදියි නොවෙද? මේ මිනිස් ගාතන වලට කට්ටිය කොච්චර බයක් තියනවද? අනේ අපේ රට හදන්න කවදා හැකිවේවිද? සත්තකින්ම පුදුම කේන්තියක් හිතට එන්නේ. අම්මපා මට බලය තිබ්බා නම් ඕක ඉතා හොඳ මට්ටමකට ගෙනෙන්න මම උත්සාහ කරනවා. නැවතත් කියන්නේ මරන හරකෙකුට වඩා මැරෙන මිනිසකු වෙනුවෙන් රටම "බල සේනාවක්" වී හඬක් නගමු. මිනිස් ජීවිත බේරාගනිමු. (දී)
චන්දි, මෝඩ කතා එපා. ආගම දෙකේ ඇත්ත නැත්ත කොහොමද මනින්නේ ඇක්සිඩන්ට් එකකින්? පාරේ ගිය ටිපර් එකක් බස් එකක හැප්පිලා, ඔයා කොහොමද ඒකට ආගම ගාවා ගන්නේ? (නි)
දෙවි පිහිට පාරේ යන අයට වෙන දේ තමයි මේ (නි)
කඋරුත් කැමති නැත හප්පගන්න,සැම දේකටම දඩුවම ගැන කතා කරන්න එපා.දඩුවම් වැඩිවෙන්න වැඩිවෙන්න වැරදි වෙනවා වැඩිය (ත)
බසයට බුදු සරණයි. ! ටිපරයට ජේසු පිහිටයි ! (ස)
මෙවැනි රියදුරන්ට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් පැමිණවිය යුතුයි. නීතිවේදීන්ද මෙවැනි අය වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි. (නි)
මෙම අනතුරින් මියගියේ පළතුරු වෙළෙන්දා නොව ඒ අසල සිටි වෙනත් පුද්ගලයෙකි. පළතුරු වෙළෙන්දාගේ එක් පාදයකට තුවාල සිදුවී ඇත.(නදී)
රුවනි, ඔයා ලියපු දේම මටත් හිතුන නිසා නැවතත් ලිවුවේ.වාහන දෙකේ වචන දෙක ගත්තම ඇත්තටම දැන් මේ ආගම් වල සත්‍යක් තියෙනවද කියලත් සැකයි නේද (නි)
කණගාටුයි. එක වහනයක ලියා ඇත්තේ ජේසු පිහිටයි ,අනිකේ ඇත්තේ නමෝ බුද්දාය කියා. අපට කිව හැක්කේ මියැදුන මිනිසාට නිවන් සුව ලැබේවා කියලයි (නි)
මෝඩ කමට බෙහෙත් නැහැ යාලු. ඒත් හැම දේම හිතලා බලලා කරනවානම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
සමහරුන්ගේ කතා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ..... (දී)
ටිපර සදහා දැඩි නීති පනවන්න. එය නිසා නොසිතු විරු අනතුරු සිදුවෙනවා. (දී)
මා දිනපතා කිමි 25-30 ක් ප්‍රධාන මාර්ගවල බයිසිකල් පදිනවා. ඒ නිසා ස්ථිරවම කිවහැකියි බස් රියදුරන්ට වඩා ටිපර් රියදුරෝ පාරේ යන මගීන් හා බයිසිකල්කරුවන් ගැන වැඩි අවධානයක් යොමුකර හැමවිටම වාගේ නලාව ශබ්ද කරන බව. ලොරිකාරයෝ හොඳට කන බොන මිනිස්සු වෙච්ච පලියට ඔවුන්ට නිරපරාදේ දොස්කියන එක වැරදියි. දඩාවතේ යන බල්ලන්ට බොරු අනුකම්පාවක් පෙන්වා ලේසියෙන් පින් රැස්කර දිව්‍යලෝකේ සැප ගන්න ඉන්න කට්ටිය නිසා සිදුවන මාර්ග අනතුරු ඇත්ත වශයෙන්ම මීට වඩා ඉතා අධිකයි. (දී)
ඕගොල්ලෝ ඔක්කොම කියන්නේ මේ බස් වල රියදුරන් තමයි බස් අනතුරුවලට වග කියන්න ඕනෑ. ඒකත් එක හේතුවක් තමයි. මුලික ප්‍රශ්නය තියන්නේ පගා අරගෙන එලවන්න බැරි රියදුරන් සහ මාර්ග නීති රීති නොදන්නා අයව පාස් කරන අය. (දී)
වෙල්ගම මහත්තයෝ, බස් රථවල නාරං, දොඩන්, රට කජු, සුකිරි විකුනනවා මදිවට අරාබීන්ට ගෑනු යවන ඒජන්තලගේ මනස් ගාත සඟරාත් බලෙන් මගීන්ගේ ඇඟේ ගසමින් අලවිකිරීම ඉතා අනතුරුදායක බව වටහාගෙන දැන්වත් පොදු ප්‍රවාහන රථවල සිදුකෙරෙන කරදරකාරී වෙළඳාම තහනම් කරන්න. (දී)
තාම දන්නේ නැහැනේ රියදුරුගේ වැරැද්දෙන් ද, වාහනයේ දෝෂයක් නිසාද මේ අනතුර සිද්ධ වුනේ කියලා. කොහොමත් ඔය ටිපර්, බස් එලවන කවුරුත් එයාලගේ රථය පාලනය කරගත හැකි වේග සීමා ඉක්මවල ධාවනය කරවනවා. මොකද අනිත් පොඩි වාහන ඒවාට බය වෙලා පන බේරගන්න අයින් කරගන්න බව දන්නා නිසා. (දී)
ආන්ඩුවෙන් මත්වතුර පෙර පෙරා දෙනවා මිනිස්සු බීල මැරෙනවා.(නද
ඔය බර වාහන පදවන රියදුරෝ බොහොම වෙලාවට බීලා ඉන්නේ. නීති ගෙන්න ඕනෑ මෙයාලා අර පොල්ගහවෙල (යාන්ගල් මෝදර) රියදුරාට වගේ මිනීමැරුමට වරදකරු කරන්න පුළුවන් විදිහට. (දී)
අහිංසක වෙළෙන්ඳා මාරවෙස් ගත් රියැදුරා අරන් ගියා (දී)
කිසිම කතාවක් ඕනෑ නැහැ. ඔය වගේ රියදුරන්ගේ ලයිසන් එක කැන්සල් කරන්න ඕනෑ (දී)
මොකද මේ වෙන්නේ? පරණ ගුවන් විදුලි බලපත්‍ර වලින්ද මේ අය වාහන එලවන්නේ? (දී)