IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ටයිල් බාස්ගෙ මාරක නිෂ්පාදනය වැලි ගොඩ අස්සේ

උණ්ඩ හයක් ස්වයංක්‍රීව නිකුත් කළ හැකි ගල් කටස් අවියක් හංවැල්ලේ ගමක වැලිගොඩක් අස්සෙන් සොයා ගත් පොලිසිය ටයිල් බාස් කෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

බිරියත්, නැන්දම්මාත්, තව කෙනකුත් මරා දැමීම සඳහා ඔහු තුවක්කු බාස්ලා තිදෙනකුගේ සහායෙන් මේ තුවක්කුව හදවාගෙන ඇතැයි ද, ඒ සඳහා රුපියල් 1500ක් පමණ ඔහුට වැය වී ඇතැයි ද කියති.

මෙවැනි අවියක් තමන් දුටු පළමු වැනි අවස්ථාව මෙය බව ද පොලිසිය කියයි.

 



අදහස් (0)

ටයිල් බාස්ගෙ මාරක නිෂ්පාදනය වැලි ගොඩ අස්සේ

බමුණු Thursday, 03 October 2013 05:32 PM

රුපියල් 1500 ක්? ඉතුරු ටික ලියලා වැඩක් නැත (නි)

:       0       0

සදුනි Thursday, 03 October 2013 05:51 PM

මොහු මෙය වැරදි දෙයකට යොදා ගත්තේ නම් දඩුවම් දිය යුතුයි.නමුත් මේ තාක්ෂණික ඥානය රටේ ආරක්ෂක අංශ සදහා යොදා ගන්න උත්සාහ ගන්නවා නම් කොතරම් අගෙයිද..? (නි)

:       0       0

ටිරෝන් Thursday, 03 October 2013 01:04 PM

අපරාදේ මේ මනුස්සයා යුද්දෙ කාලෙ අහුනූනේ (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 03 October 2013 01:06 PM

ඒක වැලිකටස් එකක් (නි)

:       0       0

මඩු Thursday, 03 October 2013 06:05 PM

සදුනි මේ පළවෙනියා නෙමෙයි.මේ වගේ නිෂ්පාදන කරපු තව කී දෙනෙක් හිටියද? එයාලා ජීවතුන් අතර ඉන්නවද දන්නෙත් නැහැ.අනේ මන්දා ඒකයි අපේ රටේ වෙනස. (නි)

:       0       0

වන් ෂොට් Thursday, 03 October 2013 01:10 PM

රුපියල් 1500 කට මෙවැනි අවියක් සැපයූ කෙනා හොයලා උදවු කරලා තාක්ෂණය සපයලා හොඳ වැටුපක් ලබාදී, අඩුමුදලට පොලිසියට සහ හමුදාවට අවශ්‍ය අවි නිපදවීමේ කර්මාන්ත ශාලාවක් දමන්න (නි)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 01:12 PM

මෙය නිර්මාණය කළ තැනැත්තාගේ හැකියාව යොදාගමු රටේ දියුණුවට. (නි)

:       0       0

කුමාරි Thursday, 03 October 2013 01:13 PM

ඕක නිර්මාණය කළ කෙනාට ලක්ෂ 10ක විතර තෑග්ගක් දෙමු (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 05 October 2013 12:09 AM

යකඩ බට ටිකක් එක මිටියට පාස්සලා මිටකුත් පාස්සලා ඒකට වයර් ටිකක් අමුණලා බැටරි කෑල්ලක් සවිකළාට මේක පිස්තෝලයක් වෙන්නේ නැහැ. කවුරුහරි ගිනිඅවි පිළිබඳ දැනුමක් තිබෙන කෙනෙකුට කියලා පරික්ෂා කරලා බැලුවා නම් හොදයි නේද? (නි)

:       0       0

නීල් රණා Thursday, 03 October 2013 01:22 PM

අපි නම් දැනගෙන හිටියේ බැරල් දෙකේ තුවක්කු ගැන විතරයි. නමුත් දැන් බලනකොට බැරල් හයේ ඒවත් මෙහෙම හදනවනෙ. චීනෙට ආවඩමින් චීන්නුන්ගේ සපත්තු ලෙවකන්න බලාගෙනම ඉන්නේ නැතුව ලංකාවේ නිර්මාණශීලී දක්ෂ මිනිසුන්ගෙන් ප්‍රයෝජනයක් ගතයුතුයි. (නි)

:       0       0

රන්ජා Thursday, 03 October 2013 01:36 PM

රුපියල් 1500 තුවක්කුවක්... ඒකත් බට 6 එකක්... වහාම ඔහුව රජයේ අවි නිෂ්පාදක ලෙස පත් කරන්න (නි)

:       0       0

නලින් Thursday, 03 October 2013 02:07 PM

මේ වගේ මිනිස්සුන්ගෙන් මීට වඩා හොද නිෂ්පාදන හදාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. හිරේට දානවට වඩා වැදගත් (නි)

:       0       0

සජී Thursday, 03 October 2013 08:13 PM

අනේ මන්දා මෙතන ප්‍රතිචාර දමන අය ඔහේ කියවල බලන් නැතුව අදහස් දමනවා.. අවිය කොහොමද කියලා දැකලවත් නැතුව.. උණ්ඩ 6ක් ස්වයන්ක්‍රීයව කියලා තිබුනාට එකවර නිකුත්කරනවා කියලා නැහැ, T 56 අවියටත් උණ්ඩ 30ක් ස්වයන්ක්‍රීයව නිකුත්කරන්න පුළුවන් එත් ඒ එකවර නෙමේ. මමනම් හිතන් නැහැ මේක ඒ වගේ දියුණු අවියක් කියලා, රුපියල් 1500කට අපි හිතන තරම් දියුණු අවියක් නිපදවන්න බැහැ, මෙම අවිය ප්‍රථමික තාක්ෂණයෙන් යුතු අවියක් වියයුතුයි නිසැකවම.(අ)

:       0       0

චූටි පුතා Friday, 04 October 2013 10:13 AM

ඔබට අවශ්‍යය ඕනෑම ප්‍රමාණයක ගිනි අවි පහසු මිලට. භාවිතය සඳහා උපදෙස් නොමිලේ (නි)

:       0       0

අසෝක Thursday, 03 October 2013 02:26 PM

මේවා හදන්න මොළය තියෙන මිනිසුන්ට ඒ මොළය යොදවලා යහපත් වැඩක් කරන්න සිත් දේවා! (නි)

:       0       0

චාන් Thursday, 03 October 2013 02:34 PM

වියදම රු,1500යි, මෙවන් අයව අභාවයට යානොදී රැකගෙන රටට සේවය ලබාගත යුතුය. (නි)

:       0       0

නිල් රනා Thursday, 03 October 2013 10:03 PM

සජී, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා. ස්වයංක්‍රීය තුවක්කුවක් හැදුවනම් බැරල් හයක් ඕනෙ වෙන්නේ නැහැ, එක බැරල් එකයි අවශ්ය. අනික එක සැරේට උන්ඩ හයක් යවන්නේ මොන මෝඩයද. නමුත් අවශ්යනම් මෙය හැදූ කෙනාට එවැන්නක් වුවත් කළ හැකියි. රුසියානු ඒ. කේ. 47 මැෂීන් ගන් එක නිර්මාණය කලෙත් යුද්දෙදි තුවාලවී රෝහල් ගතවූ සාමාන්ය සෙබලෙක්. හංවැල්ලට ඉස්සර කිව්වේ ගුරු බැවිල කියල. සීතාවක රාජසිංහ රජු වෙනුවෙන් කොඩිතුවක්කු, කාලතුවක්කු හදපු දක්ෂ කාර්මිකයන්ගෙන් පැවත එන පරම්පරාවල් තවමත් මෙහි සිටිනවා. ඒවිතරක් නෙමෙයි, මායාදුන්නේ රජු තැනූ ආරක්ෂක දිය අගල් සහිත කොටුව හෙවත් කෝට්ටේත් තවමත් හංවැල්ලේ තිබෙනවා. එහි ඉංග්‍රීසි හත්වන එඩ්වර්ඩ් රජු සිටවූ කොස් ගසත් සෙල්මුවා ආසන දෙකත් අදත් ජීවමානයි.

:       0       0

නිල් රනා Thursday, 03 October 2013 10:03 PM

සජී, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා. ස්වයංක්‍රීය තුවක්කුවක් හැදුවනම් බැරල් හයක් ඕනෙ වෙන්නේ නැහැ, එක බැරල් එකයි අවශ්‍ය . අනික එක සැරේට උන්ඩ හයක් යවන්නේ මොන මෝඩයද. නමුත් අවශ්‍ය නම් මෙය හැදූ කෙනාට එවැන්නක් වුවත් කළ හැකියි. රුසියානු ඒ. කේ. 47 මැෂීන් ගන් එක නිර්මාණය කලෙත් යුද්දෙදි තුවාලවී රෝහල් ගතවූ සාමාන්‍ය සෙබලෙක්. හංවැල්ලට ඉස්සර කිව්වේ ගුරු බැවිල කියල. සීතාවක රාජසිංහ රජු වෙනුවෙන් කොඩිතුවක්කු, කාලතුවක්කු හදපු දක්ෂ කාර්මිකයන්ගෙන් පැවත එන පරම්පරාවල් තවමත් මෙහි සිටිනවා. ඒවිතරක් නෙමෙයි, මායාදුන්නේ රජු තැනූ ආරක්ෂක දිය අගල් සහිත කොටුව හෙවත් කෝට්ටේත් තවමත් හංවැල්ලේ තිබෙනවා. එහි ඉංග්‍රීසි හත්වන එඩ්වර්ඩ් රජු සිටවූ කොස් ගසත් සෙල්මුවා ආසන දෙකත් අදත් ජීවමානයි. (දී)

:       0       0

ගජබා Thursday, 03 October 2013 03:51 PM

ටයිල් බාස්ලා ටයිල් වල හිල් විදින්න පාවිච්චි කරක යන්ත්‍රයක්ද කොහෙද... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 364 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1689 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1029 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1647 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1198 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2859 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20805 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19802 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 309 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 165 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site