(සුසිල් ප්‍රියන්ත සහ ජේ. ඉඳුරුවගේ )
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කොස්ගොඩ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මහ ඉඳුරුවේ පදිංචි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සේවකයකු වූ තිලක් කුමාරසිරි නැමති තිදරු පියෙකි.
ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා බලපිටිය රෝහලටත් එතැනින් කරාපිටිය රෝහලටත් ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ට්‍රැක්ටරයේ හතර දෙනකු ගමන් කර ඇති අතර අතර දුම්රිය එනවාත් සමගම ට්‍රැක්ටරයේ පසුපස සිටි දෙදෙනෙක් ට්‍රැක්ටරයෙන් පැන දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.
ගේට්ටු රහිත මෙම දුම්රිය හරස් පාරේ ඇති ස්වයංක්‍රීය සීනු හා විදුලි පහන් සංඥා ඇතැම් අවස්ථාවල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීහු පවසති.
නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටේ අයෙක්මරුට: අයෙක් රෝහලට
ජගත් ලියනගේ Tuesday, 14 May 2024 05:23 AM
සිග්නල් හරි හැටි වැඩ කරන්නේ නැති නං, අදාළ නිලධාරීයට නීති මගින් ක්රියා කර සේවයෙන් පහ කළ යුතුයි මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරනවාට .