ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකා එක්සත් ජනපදය නව තීරුබදු මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.කෙසේ වෙතත් නව තීරු බදු අයකරන රටවල්වලට ශ්‍රි ලංකාව ඇතුළත්ව නොමැත. 

ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන නව බදු ඇමෙරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් වන  චීනය, යුරෝපීය 
සංගමය සහ ජපානය, දකුණු කොරියාව සහ තායිවානය ඇතුළු රටවල් 12 කට එරෙහිව ප්‍රකාශයට පත්කර තිබේ.

නව තීරු බදු යටතේ චීනය 40% දක්වා ඉහළම තීරුබදු අනුපාතයකට මුහුණ දෙන අතර, පසුව වියට්නාමය 35% දක්වා ඉහළම 
තීරුබදු අනුපාතයකට මුහුණ දෙන අතර අනෙක් යුරෝපා සංගමයට හා අනෙකුත් රටවලට 20% සිට 25% දක්වා බදු ප්‍රකාශයට 
පත්කර තිබේ.

නව තීරුබදු ලබන වසර දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා නොකරන අතර මහජන උපදේශන වට සහ නඩු විභාගයන් හරහා මෙම නව තීරුබදු අනුමත කළ යුතු වෙයි.

යෝජිත තීරුබදු චීනය, යුරෝපීය සංගමය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, 
කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය, ජපානය සහ ඉන්දියාව යන රටවලට බලපානු ඇත.