ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.
මාර්කෝ රූබියෝ ද ට්‍රම්ප්ගේ සමීපතම හිතවතෙකි. මෙම 2024 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපති සගයා වීමට පැවැති තරගයට ද රූබියෝ ඉදිරිපත් විය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපතිවරයා තේරී පත් වීමට සමත් වූයේ ජේ.ඩී. වෑන්ස්ය.
මාර්කෝ රූබියෝ, ලතින් සම්භවයක් ඇති අයකු බැවින්, ඔහුට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය හිමිවුවහොත් එම ධුරය හිමිවන පළමු ලතින් සම්භවයක් ඇති තැනැත්තා ඔහු වනු ඇත.
ට්‍රම්ප් රජයේ ඉහළ තනතුරුවලට පත් කරන සියලු දෙනාට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය යුතුය. ඔවුන්ට එම ධුර හිමිවන්නේ ඒ අනුවය. පසුගිය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලයත්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බලයත් ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. එහෙයින්, ට්‍රම්ප්ගේ තීන්දු තීරණවලට කිසිදු විරෝධයක් එල්ල වනනේ නැත.
(ඒ.එෆ්.පී.)
දකුණු කොරියාවට හදිසි හමුදා නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් අද ප්‍රකාශ කළේය.
මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දි අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා
අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් ප
ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින
’අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම වැඩසටහනට මේ දක්වා
මාවනැල්ල මහාවිද්‍යාලයක භුමියේ වගාකාර ඇති ආදර්ශ ඖෂධ උයනේ ඖෂධ ශාඛයක ගෙඩි කෑ බව කියන සිසුන් අටදෙනෙක් වමනේ යෑම සහ බඩඑළියේ යෑම හේතුවෙන් අද (03) පස්වරුවේදි මා
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ