රුපියල් දහසේ හොර නෝට්ටු 151 ක් සමග ටෙලි නාට්‍ය නළුවෙකු සහ ගීත ගායකයෙකු අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
අංක 13 කින් වූ මෙම හොර නෝට්ටු මාරු කරන්නට යද්දී ඔවුන් පොලිසියට අසුවිය.
පන්නිපිටියේ දෙපානම පදිංචි මෙම ටෙලි නාට්‍ය නළුවා පවසා ඇත්තේ මිතුරෙකු වන බන්ධනාගාර සිරකරුවෙකුගේ දැනුම් දීමක් අනුව කුරුණෑගල නිවසකින් මෙම හොර සල්ලි ලැබුන බවයි.
මෙම හොර නෝට්ටු සිලි සිලි මල්ලක තිබූ බව ඔහු පොලීසියට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ඕවා ගැන දුක් වෙන්නේ නැහැ. ස්ථිර පඩි ලබන ගන්න රාජ්‍ය නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් කරන්න හොරකම් වංචාවල් දැක්කාම ඔය දෙන්නා අහිංසකයි (නි)
මේ ආවො ...... ගියෝ .... නළුවෝ, ගායකයො තමයි මේ වගේ ජරා වැඩ කරන්නේ. (ස)
මේ වැඩ කරන මිනිස්සුන්ටම බනින්න එපා. රටේ ආර්ථිකය වැටිලා. එන්න එන්නම උද්දමනය වැඩි වෙනවා. ඒකයි මිනිස්සු මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ. (නි)
මේවා වැරදි තමා , එත් අනේ ඉතින් පාලකයෝ කොයිකවුරුත් අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි නිලලත් විදිහට හොරකම් කරනවද ඒවා හොරකම්විදියට නොදකින අයම තමා මේවාත් හොයන්නේ, (දී)
අර්ෂා ....ෂරියා නීතිය කියන්නෙම නින්දිත අපරාධයක්....ඒ නිසා ඒ ම්ලේච්ඡ නීති අදාළ රටවල් වලම තිබුණාදෙන්..(අ)
මෙයාගේ නම දාන්නේ නැද්ද? (නි)
බොහෝවිට ලංකාවේ නළුවෙක් නිලියක් වෙන ක්‍රමය මෙසේය. 1. අමාරුවෙන් හරි වචන ගැටගහගෙන එෆ්.එම්. එකක හරි ටීවී එකක හරි එනවුන්ස් කිරීම. 2.ඉංග්‍රීසි සිංහල පටලව පටලවා කතා කිරීම. 3.ඔය අතර ස්ටාර් තරඟයකට ඉදිරිපත්වීම 4. ප්‍රසිද්ධ වේදිකා සටහනකදී දන්නා කෙනෙක් ලව්වා රඟපාන්න කැමති නැද්ද කියා ප්‍රශ්නයක් අසාගැනීම. 5.නළුවෙකු හෝ නිළියක වීම. බොරු නම් කියන්න දැන් ඉන්න කීදෙනෙක් මේ විදිහට නෙමෙයිද ඇවිත් ඉන්නේ කියලා. (නි)
ලොකු අය කරන වැඩ බැලුවහම මේවා තමා කරන්න ඕනෑ.නැත්නම් කන්නේ බොන්නේ කොහොමද මේ ගහලා තියන බඩුවල මිළ හැටියට (නි)
ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න අපේ රට හම්බ රටක් නෙවේ. අර්ෂා මේක නියම සිංහල රටක්... ඕගොල්ලො වෙළඳාමට මෙහේ ආවේ කියලා අමතක වුනොත් අපට සිද්ධ වෙනවා ඒක මතක් කර දෙන්න.. (ස)
මිනිස්කමෙහි ගුනදහමට නිගා නොදෙන විදියේ හොඳ ශිෂ්ට සම්පන්න නීතියක් තියෙනවා. (නි)
නම් දෙක කිව්වත් සමහර විට හුඟ දෙනෙක් දන්නේ නැති වේවි. සමහර ගායකයෝ/ නලුවෝ ප්‍රසිද්ධ සමහර චැනල් වල විතරයි. ඒ චැනල් බලන කට්ටිය සමහරවිට අඳුර ගනීවි. (ස)
අනිත් වැරදි දිහා බැලුවම මේක ලොකු වරදක් නෙවේ කියලත් හිතෙනවා.(ස)
අර්ෂා, ඔයාගේ ෂරියා නීතිය ඔයාලම තියාගන්න. අපිට ඕනේ නැ. අපේ රටෙත් රජ කාලේ ඔය වගේ දඩුවම් දුන්නා. බොරුවට අද ඊයේ පහළ වෙලා ෂරියා නීතිය කියන්න එපා. වෙන්න ඕනේ පවත්නා නීතිය හරියට ක්‍රියාත්මක වීම. (ස)
දැනුණා එදාට වැඩිය අද ගොඩ ලොකුයි. (ස)
කවුද නළුවා?කවුද ගායකයා? (අ)
කරුණාකරලා නම දෙන්න (නි)
රෝහණ, මේ දේවල් අද ඊයේ වෙන දේවල් නෙමෙයි. හැම කාලෙකම මේවා සිද්ධ වුනා, නමුත් මාධ්‍ය මඟින් මේ දේවල් ජනතාවට දැනගන්න ලැබෙන්නේ දැන් තමයි... (ස)
අපේ රටේ ගායකයෝ නළු නිලියන්ටත් මෙච්චර මුදල් අහේනියක් තිබේද? (නි)
මේක ටෙලි නාට්‍යයේම ජවනිකාවක් වෙන්න ඇති. ගායකයා අනිත් නළුවා නැති නිසා සහයට එන්න ඇති. මේවා දැන් ලංකාවේ සාමාන්‍යය සිද්ධීන් බවට පත්වෙලා. හැම තැනම සිදුවෙන්නෙ මේ වගේ දේවල්. (ස)
ෂරීයා නීතිය ක්‍රියාත්මක කරනකම් මේ අපරාධ වලක්වන්න බැ. (ස)
නම දැනගැනීමේ අයිතියක් අපට තිබෙනවා. (නි)
නාට්‍ය වලත් ඔය වගේ චරිත ද දන්නේ නැහැ කරන්නේ. (නි)
ඒක නේ. නම් දෙක දාන්න ඕනේ හැමෝටම දැන ගන්න.(ස)
අද කාලේ හොර සල්ලි නැති කෙනෙක් හොයා ගන්න බැරි තත්වයක් ඇති වේගෙනයි යන්නේ. (ස)
දැන් මේක කියවන අපි හැමෝටම තියෙන් ප්‍රශ්ණය කවුද මේ නළුවා සහ ගායකයා කියන එකයි. රටට මොනවද මේ වේගෙන යන්නෙ කියන එක නෙමෙයි. බොරුද මං අහන්නේ? (නි)
නමත් එක්ක දැම්ම නම් තමයි වඩා හොඳ ..... (ස)
ඔය සමහර නළුවෝ ගායකයෝ (රැල්ලට ආපු අය) හිතාගෙන ඉන්නේ ඔවුන් විතර කවුරුත් නැහැ කියලා. ඒක නිසා ඒවගේ අයගේ නම් ප්‍රසිද්ධ කරන එක හොදයි (නි)
දැන් සෑම ක්ෂේත්‍රයකටම තක්කඩින් අරක්ගෙන ඉවරයි. මේවා සුද්ධ කරන එක ලේසි නෑ. (අ)