මහනුවර මහියංගන දහඅට වංගු පාරට පස් හා කළු ගල් කඩා වැටීමෙන් සබරගමු මහ ඇමැති මහීපාල හේරත් හා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන්ගේ වාහනද පාරේ හිර විය.
පැය පහක් පමණ අවහිරය පැවැතියේය.
ටිල්වින් සිල්වා මහතා බාධක අතරින් පයින් පහළට බැස දුරකතන ඇමැතුමක් දී වාහනයක් ගෙන්වාගෙන මහියංගනයට ගියේය.පාරේ අවහිරය අවසන් වන තුරුම මහ ඇමැති එහි රැදී සිටියේය.
ඔහු පයින් යනු දුටු මහ ඇමැති කීවේ මේ ගල පෙරැළිමේ වරද ඔහු ආණ්ඩුවට කියනු ඇති බවයි.
ටිල්වින් සිල්වා මහතා මහියංගනයේදී කීවේ ප්‍රමිතියකින් තොරව කඳු මාර්ග පළල් කිරීම නිසා මෙවැනි දේ සිදු වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනකම දේවදත්තලා.(අ)
දේශපාලන වෙනස පැත්තක තියමුකෝ.දෙන්නා දිහා බලන කොට කතා නොකළත් ඔය ගමන පයින් යන්න පුළුවන් දෙන්නගෙන් කාටද කියල ඕනෙම කෙනෙක් දන්නවා.(දිල්)
ඕස්ට්‍රේලියාවේ අගමැති පහුගිය නත්තල් නිවාඩු කාලේ පවුලත් සමග එංගලන්තෙට හොලිඩේ ගිහිල්ලා තිබුනේ ඉකොනොමි ක්ලාස් එකෙන්.. අපි ඊට වඩා කොතරම් දියුණුද? (නදී)
භාදක මැඩගෙන ඉදිරියට යන්න පුළුවන් අය ඉන්නේ ජේ වී පි එකේ විතරයි ! මෙන්න උදාහරණ !(දී)
එයා නම් කෝල් දීල වාහන ගෙන්නාගෙන යයි ඒත් සාමාන්‍ය මිනිස්සු කොහොමද ඒක කරන්නේ (දිල්)
කාර්යක්ෂම බව පේනවා තමාගේ ගමන කොහොම හරි යන අධිෂ්ඨානය ..(අ)
ටිල්වින් මන්ත්‍රීතුමා පයින් ගියේ ඇයි? එතුමා එනතුරු වැඩසටහනට සහභාගීවන අනෙක් පිරිස රස්තියාදු කිරීම යුතු නොවන නිසා විය හැකිය. අපේ මහ ඇමතිතුමා පයින් නොගියේ ඇයි ? එතුමා එනතුරු වැඩසටහනට සහභාගීවන අනෙක් පිරිස රස්තියාදු වූවදතමන් කර ඇති කුසල් අකුසල් ගැන හිතලා විය හැකිය. (අ)
වංගුව මැව් වෙනසක අරුමේ (අ)
වැඩ කරන කෙනෙකුට නම් ඔය පැය පහ බොහොම වටිනවා. (නදී)
මෙයින් පෙන්නේන්නේ ජවිපෙයට කුමන බාධක ආවත් ඉදිරියට යාමට ඇති උවමනාව සහ හැකියාව! (අ)
මහ ඇමතිට කකුල් නැද්ද ආබාධිතයො ඇමතිකම්වලට ගියාම ඔහොම තමයි (අ)
අනේ ඇමතිතුමෝ වෙන කෙනෙක් වැරැද්ද පෙන්නන්න කලින් එහෙම පෙන්නයි කියල කලින්ම කියල ඇග බේර ගන්නවා නේද?. අපි ඉතින් බත් නෙමෙයිනේ කන්නේ (අ)
අද පාරවල් වලට කියලා විශාල වශයෙන් නය ගන්නවා. මේ මුදල් ඇත්තටම ගන්නේ පාරවල් හදන්නද කියන දේ අයෙත් හිතන්න වෙනවා මේ සිද්දි දැක්කම (අ)
ලංකාවේ කිසිම දෙයක් ප්‍රමිතියකට කෙරෙනවද?(අ)
ජෙප්පෝ කවදත් බාදක පරදා ඉදිරියට යනවා.... (අ)
වෙනස...........................(අ)
ඉස්සර නම් කථාව දෝලාවෙන් ගමන පයින් , දැන් කතාව කාර් එකෙන් ගමන් පයින් , අනේ මෙහෙමත් ලජ්ජා නැති සමාජවාදියෝ , මෙයාලගේ දහමට අනුව මේ රථවාහන වලට වය කරන නාස්ති මුදල් රටේ දුප්පත් ජනතාගේ සුබසෙත සඳහා වෙන් කරලා බස් එකේ ගමන් බිමන් යන්න ඕන (අ)
මතකයිනේ හමබන්තොට වාරයේ තිබුණ ගලට එක්කෙනෙක් අර පැත්තේ ඉද්දි කියපු කතාව සහ අනිත් පැත්තට ආපුවම කියපු කතාව. ලංකාදීප පඨකයිනි හොදදේ හොදින් බලන්න . නරක දේ නරක විදියට බලන්න! (අ)
ඉස්සර පාරවල්වලට ගල් පෙරලන්කොට ඔය ප්‍රමිතිය ගැන මතක් උනේම නැතිද ටිල්වින් සහෝදරයට? (අ)
ටිල්වින්ලා කරපු දෙයකුත් නෑ.කරන්න පුළුවන් දෙයක් ඇත්තෙත් නෑ. (අ)
දැන් ඉතින් ගල් පෙරලෙන කතා කියයි.(නදී)
ටිල්වින් මහතාගේ කතාව හරියටම හරි.(නදී)
මම ඉස්සෙලා කිව්වා වගේ ලඟකදී ඉඳලා ඔය දහ අට වංගුව ප්‍රදේශය වැස්ස කාලෙට හරිම භයානකයි. ඒ කාලෙට ඕක වහල තිබ්බා නම් හරි.(නදී)
එජාප ආණ්ඩු කලේ කවදාවත් ගල් පෙරලුනේ නැහැ (අ)
මහා ඇමතිගේ අදහස හරි. (අ)
ටිල්වින් සහෝදරයලාට පයින් ගමන් අලුත් දේවල් නෙමේ ඒත් මහ ඈමතිගෙ ගල් කතාවට නම් හිනා වෙනව ඈරෙන්න වෙන දෙයක් කරන්න නෑ (අ)
ඇයි මැති ඇමති උනා කියල උන්ට පයන් යන්න බැරිද? ඔතන සාමාන්‍ය මිනිස්සු කොච්චර ඉන්න ඇතිද ඔයට වැඩිය ඉගෙන ගත්ත එහෙම. අනේ අනේ "ටිල්වින් 18 වංගුවේ පයින් යයි" (අ)
එක්කෙනෙක් සත්‍යය පවසන විට අනේ එක්කෙනා සත්‍යයෙන් පැනල යන්න හදනවා. ලජ්ජා නැතිකම මහා මුදලි (ඇමති) කමටත් වඩා ලොකුයි කියල කියමනක් තියෙනවනේ. (අ)
හොරට කලින් කෙහෙල් කැන වැට පනිනවා (දිල්)
පාරට ගල් පෙරළෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේකේ පුදුමේ නම් එක්කෙනෙකුට තමන්ගේ බර ඔසවාගෙන පයින් ඇවිදින්න පුළුවන් අනෙකාට බැහැ.(අ)