IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ටෙස්ට් තරග නැති නිසා ආදරය වැඩිවුණා

2016-07-22-ent-18


මංජුලා කොහොමද ඉතින් ජීවිතේ? 

2016-07-22-ent-16ජීවිතය ඉතා හොඳින් සතුටින් ගෙවනවා. පොඩි අයගේ වැඩත් එක්ක කාලය ගතවෙනවා දැනෙන්නෙම නැතුව. 

 

දැන් කලාවෙන් අෑත්වෙලා කොච්චර කල්ද ?

අවුරැදු 10කට වැඩියි. 

 

ජනප්‍රියම කාලෙදී කලාවෙන් ඈත්වෙන්නේ. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මෙහෙමයි. තව කාලයක් හිටියා නම් හොඳ නිර්මාණ කිහිපයකට දායක වෙන්න තිබුණා. නමුත් ඩිල්ෂාන්ගෙයි මගෙයි විවාහයත් එක්ක අපි ගොඩක් විදෙස්ගතව හිටියේ. ඉතින් රංගනයට දායක වෙනවා නම් ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඒ සඳහා කාලය හොයාගන්න අමාරැ නිසා තමයි කලාවෙන් ඈත් වුණේ. 

 

ඩිල්ෂාන් එපා කිව්වද?

අනේ නෑ. එයත්  කැමතියි ගොඩක් කලාවට.

 

අද වෙනකොට දුකක් නැද්ද?

හ්ම්, පොඩි දුකක් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම නැතිවෙලා යනවා ඩිල්ෂාන් ලබාගත්ත ජයග්‍රහණ ගැන මතක් වෙද්දී. දරැවෝ එක්ක කාලය ගතවෙද්දි. 

 

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් වීම ගැන මොකද හිතෙන්නේ? 

ඇත්තටම මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් කියලා දැනෙන්නේ ඩිල්ෂාන් ක්‍රිකට් පිටියේ තරග කරන අවස්ථාවේදී විතරයි. අනෙක් හැම වෙලාවෙම අපි ගතකරන්නේ සරල ජීවිතයක්. හැබැයි ඩිල්ෂාන්  ක්‍රිකට් පිටියේදී ලබන ජයග්‍රහණෙවලදී නම් මටත් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මොකද ඩිල්ෂාන් ගැන රටම ආඩම්බර වෙද්දී මේ මගේ ඩිල්ෂාන් කියන හැඟීම මට දැනෙන නිසා. 

 

හරි, අපි දරැවෝ තුන්දෙනා ගැනත් මතක් කරමු?

මගේ ලොකු දුව ලිසංසා. එයාට දැන් අවුරැදු 8ක්. පොඩි දුව ලිසදි, අවුරැදු 6ක් වෙනවා. පුතාට අවුරැදු 5 යි. එයා දිහෙල.

 

දරැවෝ දැන් ටිකක් ලොකුයි. අායෙත් කලාවට එන්න අදහසක් නැද්ද?

ඒක නම් කියන්න නම් අමාරැයි. මොකද මට දැනුණා ඉස්සරට වඩා දැන් හැමදේම වෙනස් කියලා. අපි ඒ කාලේ කලා කටයුතුවලට සහභාගී වුණේ ලොකු ගරැත්වයකින්. මට දැනෙනවා දැන් ඒ දේවල් වලින් පොඩ්ඩක් බැහැර වුණ ස්වභාවයක්

 

මංජුලා ඇයි එහෙම හිතන්නේ? 

මට එහෙම වුණේ මේ නිසා කියන්න අමාරැයි. මොකද දැන් මේ හැමදේම වෙනස් වෙලානෙ.

 

දැන් තියෙන නිර්මාණ ගැන මොකද හිතෙන්නේ? 

නිර්මාණ පැත්ත ගත්තොත් හොඳ නිර්මාණ තියෙනවා. TV එක බැලුවත් අලුත් FILM දිහා බැලුවත් ඒ ගැන පේනවා.

 

ආරාධනාවක් අාවොත් අලුත් නිර්මාණයකට භාරගන්නවද?

තාම කාලය ඇවිත් නෑ. ඉදිරියේදී බලමු ඉතින්. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ ගැනත් හිතලා කාලය ගැනත් හිතලා බලනවා. 

 

ඔබ රඟපෑ නිර්මාණවලට තාමත් ප්‍රතිචාර ලැබෙනවද? 

අපෝ ඔව්. අදටත් මට කතා කරන්නේ නිලංජනා සහ ප්‍රාර්ථනා කියලා. මංජුලා කියලා කතා කරනවා අඩුයි. සතුටුයි ඒ ගැන. වසර 10ක් ගිහිල්ලත් අදටත් ඒ චරිත ප්‍රේක්ෂකයින්ට මතක තිබීම ගැන. 

 

මංජුලා රඟපෑ චරිත වලින් කැමති චරිතය මොකක්ද?

ඇත්තටම මම ප්‍රාර්ථනා කියන චරිතයට. මම ඒ චරිතය කළේ ඒ මමමයි කියලා හිතාගෙන. ඒ තරමටම මගේ ජීවිතයට සමීපයි. නිලංජනා චරිතයත් එහෙමයි. 

 

කොහොමද ඩිල්ෂාන්ගෙන් ලැබෙන සහයෝගය? 

ලොකු සහයෝගයක් ලැබෙනවා. දැන් අපිත් එක්ක ඉන්න ලැබෙන කාලය වැඩියි. මොකද, ටෙස්ට් තරග වලට සමුදුන්න නිසා අපි ගොඩක් සතුටින් ආදරෙන් ඉන්නවා. 

 

අනූ

 

2016-07-22-ent-17



අදහස් (0)

ටෙස්ට් තරග නැති නිසා ආදරය වැඩිවුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 727 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2175 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11141 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 564 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1935 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3813 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site