තමාත් තම කාර්යාලයත් අවමානයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කර හරිතියි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ ශ්‍රී ලංකාවට චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීම අස්වාභාවික බවත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා රජයේ නිලධරයන් විවේචනය කරමින් ඇගේ ප්‍රකාශය නිකුත් කර ඇත.
ඇගේ ශ්‍රී ලංකා ගමන ගැන රජයේ උසස් නිලධරයන් කළැයි කියන ප්‍රකාශ ගැන එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ඩීඑස් සේනානායක මහතා ගැන වචනයක්වක් කතා නොකැර තිබියදී නිදහස් චතුරස්‍රයේ පිහිටි ඔහුගේ එම පිළිරුව එතැනින් ඉවත් කරන ලෙස තමා මහින්ද රාජපක්ෂ ජනපතිට කළැයි කියන ප්‍රකාශය ඇය තරයේම ප්‍රතික්ෂේප කරන්නීය.
‘එම කතාවේ අංශු මාත්‍රයක ඇත්තැක් නැහැයි‘ ඇය කියන්නීය.
නිදහස් චතුරස්‍රයේ ඇති බෞද්ධ කොඩිය බවත් කරන ලෙස කළැයි කියන ප්‍රකශය ද එවැනි එකකි.
ශ්‍රී ලංකාවේ නොයෙක් ජාතීන් අතර උණුසුම් හා අවේගශීලී තත්ත්වයක් පවතිද්දී ජාතික කොඩිය සමග එක් ආගමක කොඩියක් පමණක් එහි ඇත්තේ ඇයිදැයි ඇය ජනපතිට කී බවත් ජාතික කොඩිය පමණක් එහි ඔසවා තැබීම ගැන ඇය යෝජනා කළ නමුත් කිසිම කොඩියක් ඉවත් කරන ලෙස ජනපතිට නොකී බවත් පිල්ලේ වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කරන ඇගේ ප්‍රකාශක රූපඩ් කොල්වින් ස්විට්සර්ලන්යේ ජිනීවා නුවරදී පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රුදාවක්නේ තියෙන්නේ. ලංකාවේ අනික් ආගමිකයන්ටවත් නෑනේ මෙහෙම ප්‍රශ්නයක්. බෞද්ධ රටේ බෞද්ධ කොඩි ගහන්නේ නැතුව මොන කොඩි ගහන්නද කියන්නේ? (අ)
විමල් කියන මෝඩ කම (අ)
රට ඇතුලේ මේ සෙල්ලම් දැම්මට ජාත්‍යන්තරයත් එක්ක මේ සෙල්ලම් හරියන්නේ නැහැ.(නදී)
පිල්ලේ කියපු කතාව එයාට තේරුනේ එහෙම වෙන්න ඇති .(අ)
කොඩි දෙකෙන් ජාතික කොඩිය විතරක් තියන්න කියල කිව්වලු. ඒ කියන්නේ අනෙක අයින් කරන්න කියන එක නෙමේද? (අ)
අපි හරියට දන්නේ නැහැනේ, මෙතන ඇත්ත නැත්ත. (නි)
මට හිතෙන්නේ පිල්ලිට ලංකාවන් කසාද බදින්න හිතිල වගේ, මොනවටද අපේ දේවල් වලට අනවශ්‍ය විදියට හොම්බ දන්නේ (අ)
සෑම්..මතක තියාගන්න..හැමදාම අපිට එරෙහි වුනු අපව විවේචනය කරන පක්ෂග්‍රාහී ගැහැණියකගේ ප්‍රකාශයකට ගෝඨාභය කෙරෙහි වූ ජනතා විශ්වාසය පලුදු නොවන බව. (අ)
නෝනා ඔය කතව කියන්න ඇත්තේ සිංහලින් වෙන්න ඇති එතකොට මෙහෙට විතර නේ තේරෙන්නේ (අ)
ඔය කියපු දේවල් අනිවාර්යයෙන් පටිගත කරලා ඇති.එලියට දාන්න ඔය ගැනිගේ රෙදි ගැලවිලා යන්න.මෙයා හිතන් ඉන්නේ මෙයා මහා රැජින කියල වගේ....පිල්ලේගේ ඇදුම සෑම් මහත්තය ඇදගෙන හැඩ බලනවා .....ලස්සනයි (අ)
දුර දිග නොබලා කියන දේවල් වලට පසුතැවෙන්න වෙන්නේ පහුවෙලා (අ)
ඩී.ඇස්. ට කතාකරන්න පුළුවන් උනානම් එයා අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියන වින්නැහිය හන ඉස්සරවෙලාම කතා කරයි. මෙහෙම ගියොත් මගේ පිළිමේ බෙරගන්නවත් කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ඉතුරුවෙන එකක් නැහැ කියල කියාවි. (අ)
සෑම ජාතික කොඩියක් ලගම බෞද්ධ කොඩියක් තිබීමේ කිසිම වරදක් නැත. මෙරටට පැමිණ වෙසෙන අනෙක් ජාතීන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇතත් සිංහල බෞධයන්ට හා එම ප්රෙතිපත්තීන්ට ගරු කිරීමට දැනුවත් වියයුතුයි (අ)
දැන් ලංකාවේ එකම ප්‍රශ්නේ මේකද? (අ)
දෙයි හාමුදුරුවනේ පිළිමයක් කොහොමද කතා කරන්නේ.
සිංහල බෞද්ධයන් සමඟ ඇති වෛරය හොදින් ඉස්මතුවෙනවා නේද? (අ)
කොහොමත් ඔය ගෑනි අපට ආදරේට ආපු ගමනක් නෙවෙයි නේ. කියන්න දෙයක් නැතිකොට ඔන්න ඔහේ වල් පල් කියවපුදෙන් .(අ)
එහෙම නොකියා දේශප්‍රේමීන් වෙන්නේ කොහොමද?.අනික දේශප්‍රේමීන්ට කොළඹ තියෙන වටිනා කියන ඉඩම් ටික විකුනන්නේ කොහොමද? (නදී)
ඒ විශ්වාසය නැති වෙලා ගොඩාක් කල් සෑම්. (නි)
රොෂාන් ප්‍රනාන්දු, ලංකාවේ අය මොනවා කිවුවත්, පිල්ලේ කියපු ඉංග්‍රීසි වාර්තාව තියනවා. ඒකේ ඩි.එස් පිළිරුව ගැන නැහැ. (නි)
බුදු හාමුදුරුවන් කියපු බුදු බණත් වෙනස් කරන රටේ ඕවා මොනවද?දෙවිවරුන්ට උපන් දින හදන රටේ,දෙවිවරුන්ට වැලන්ටයින් දිනයක් හදන රටේ,දෙවිවරුන් කසාද බදින රටේ ඕවා මොනවද? (නි)
බොහෝ දෙනෙකුගේ අදහස් වලින් පෙනෙනවා මේ අය කොතරම් ජාති වාදීද කියල. (අ)
පිල්ලේ ඇත්තටම එහෙම කියලා නැහැ. (නි)
තමන් දැන් මොනවා කිව්වත් තමන්ගේ හදවතට බොරු කරන්න බැහැ මැතිනියනී. ඔබ තුමිය කරන්න හදන්නේ අපේ දේශපාලක නායකයින් බේද කරන්න හදන එකයි (අ)
නව නින්දිත පිල්ලේ නෝනා සහතික ඇත්ත කියලා තියෙන්නේ. (නි)
"එම කතාවේ අංශු මාත්‍රයක සත්‍යයක් නැතැයි" පිල්ලේ මහත්මිය ප්‍රකාශ කරලා තියනවා. ඒත් අපේ ඇත්තන්ට ඒවා වැදගත් නැහැ. (නි)
ලුම්බිණී "මේ අය" කිව්වෙ පිල්ලෙ නෝනටද? (නි)
පිල්ලේ නෝනා, සමාවෙන්න. අපේ රටට එනවිට සිංහල ඉගෙනගෙන එන්න (නි)
දැන් තේරෙනවද අපි ලංකාවේ මෝඩයෝ නොවෙයි කියලා? (නි)
ඔන්න ඔන්න පිල්ලේ නෝනා අපිව ගොනාට අන්දන්න හදනවා. බෞද්ධ කොඩිය ඉවත් කරන්න කිව්වත් එකයි. ජාතික කොඩිය විතරක් එල්ලන්න කිව්වත් එකයි. හරියට දොර බාගෙට අරින්න කියලා මම ඒක බාගෙට වහලා තියන්න කිව්වේ නැහැ කියනවා වගේ. (නි)
අනේ යන්න නිකන්... ඔයාට මොකටද කාගෙවත් කොඩි? ඔයාට මොකටද කාගෙවත් පිළිරූ? ආවේ වෙන දේකට නේද? (නි)
ශ්‍රී ලංකාවේ නොයෙක් ජාතීන් අතර උණුසුම් හා අවේගශීලී තත්ත්වයක් පවතිද්දී ජාතික කොඩිය සමග එක් ආගමක කොඩියක් පමණක් එහි ඇත්තේ ඇයිදැයි ඇය ජනපතිට කී බවත් ජාතික කොඩිය පමණක් එහි ඔසවා තැබීම ගැන ඇය යෝජනා කළ නමුත් කිසිම කොඩියක් ඉවත් කරන්න කීවෙත් නැති බවත් නේද දැන් ඔය කිවුවයි කියලා කියන්නේ? (නි)
පිල්ලේ, යන්න ඉන්දියාවට. ගිහින් බලන්න එහේ වෙන දේවල් (නි)
පොල් ගහට නැගපු මිනිහා පොල් කඩන්නේ නැතුව වත්තේ හතර මායිම් බලනවා කියන්නේ ඕකට තමයි (නි)
නවි පිල්ලේ කොහොමද කිව්වේ නැහැ කියන්නේ? අපි පත්තර වල ඔක්කොම විස්තර දැක්කා.කොටි පිල්ලි සහ අන්තර්ජාතික කුමන්ත්‍රණ පරාජය කිරීමට පෙළ ගැසෙමු (නි)
වර්ගයා වර්ගයාට අදිනවා මිසක් අපිට අදීද? කතාවෙන්ම තේරෙනවා පොඩි ළමයෙකුට වුණත් 75% බොදු දහම අදහන ලංකාවේ කොඩිය දැම්මේ ඇයි කියලා අහපු එක ගැන. කොටි කොඩිය තිබුනා නම් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩේ බැදපු චීනෙක් හොයලා ඔය කතාව කිවුවා නම් ඉවරයි. කොටි අවුරුදු 30 ක් තිස්සේ දහස් ගණනක් අහිංසක මිනිස්සු මරනකොට මෙයා හිටියේ කොහෙද දන්නේ නැහැ. (නි)
පිල්ලේ නෝනා, එංගලන්තේ රැජිනගේ ඔටුන්නේ තිබෙන කුරුසය ඔබට ප්‍රශ්නයක් නොවේද? (නි)
දැන් ඉතින් සමාව හොරෙන් හරි ඉල්ලන්න වෙනවා (නි)
එක කොඩියක් ඔසවා තබන්න යෝජනා කළා කියන්නේ,අනික් කොඩිය ඉවත් කරන්න යෝජනා කළා කියන එකනේ. (නි)
ඉතින් ජාතික කොඩිය පමණක් එහි ඔසවා තැබීමට යෝජනා කිරීම යනු බෞද්ධ කොඩිය එතනින් ඉවත් කිරීමට යෝජනා කිරීමක්නේ ..මෙයාගේ හැම කතාවක්ම ඔයවගේ තමා. (නි)
ඉන්දියාවට ගිහින් එහේ කොඩි ගලවාගන්න. මේක ශ්‍රී ලංකාව. මේක බෞද්ධ රටක්. (නි)
ඩී.එස්. බිසී වෙන්න ඇති (නි)
පිල්ලේ, ඔබ සහ අපේ දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. (නි)
දැන් ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එතන තියනවා නම්, ජාතික කොඩිය පමණක් ඔසවා තැබීම ගැන යෝජනාවක් කළා නම්, එහි තේරුම බෞද්ධ කොඩිය ඉවත් කිරීම නොවේද? (නි)
අපේ අය වරදවා තේරුම්ගන්න ඇති සමහරවිට (නි)
නොකියා කියලා තියෙන්නේ ඒකමනේ!! (නි)
නවනීදන්ට නින්දක් අවශ්‍ය වෙලා වගෙයි. දැන් ටිකක් විවේකයක් ගන්න (නි)
එයා කියපුවා මෙයාට තේරුණ හැටියට වෙන්න ඇති මෙයා සිංහලෙන් රටේ ජනතාවට කිවුවේ .. (නි)
පිල්ලේ නෝනා ඇසූ දේවල්වලට ප්‍රති පිළිතුරක් රජයෙන් ලබා දිය යුතුයි. අනිවාර්යයෙන්ම අපේ දේශපාලන වාචාලයෝ ගිරව් වගේ වේදිකාවලත්,මාධ්‍ය සාකච්ඡාවලත් විදේශිකයන්ට හා විදේශ රටවලට සිංහලෙන් චන්ඩිකම් දානවා. ඔය ඕලමොට්ටලයන් හිතන්නේ නැහැ ඉංග්‍රීසි මාද්‍යයෙනුත් පරිවර්තන පුවත්පත් මගින් ලංකාවේදීම තානාපති කාර්යාල වලට බෙදනවා කියලා.(නදී)
මෙයවෙ අපි සිරස සටන වැඩ සටහනට ගෙන්වමු.(නදී)
ලංකාවේ අය බොරු කිව්වට, පිල්ලේ කියපු ඉංග්‍රීසි වාර්තාව තියනවා. එකේ ඩි.එස් පිළිරුව ගැන නැහැ ,ලංකාවේ අය බොරු කියනවා.(නදී)
කොඩිය ඉවත් කරන්න කිව්වනම්, අනිත් එකත් කියන්න ඇති, දැන් බොරු කිව්වට.(නදී)
ඒ කියන්නේ කොටි කොඩියත් එතන එල්ලන්න කියලද නෝනේ? එතකොට අරයගෙ පිලිරුවකුත් තිබුනානම් තමයි හොඳ නේද? (නදී)
ගෝඨාභය පිළිබඳ ජනතා විශ්වාසය නැති වීමේ ආරම්බය මෙතැනින් ඇරඹෙන වගයි. (අ)
සියලු ජාතින්ට ආගමික අනන්‍යතාවයක් තියෙනව.. ඇමරිකාවෙ ක්‍රිස්තියානි ආගමික මූලිකත්වයක් තියෙන්නෙ.. සල්ලි කොලේ පවා දෙවියන් ගැන ප්‍රකාෂ කරනව...ආගමික සහජීවනයට කළ යුතු දේ බොහෝමයි ...දෙමල සම්භවයක් ඇත්තියගෙ ඇදිල්ල දෙමල ජාතියට ම තමා... (අ)