"පවුලේ සැවොම දැන් සුරක්ෂිතයි" තේමාව යටතේ ඩෙංගු මර්දන වැඩ සටහනක් අද (09) පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී ආරම්භ විය.
ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මාධ්‍ය අංශයේ සංවිධානයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය ( ඩෙංගු මර්ධන ඒකකය ), ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසීය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
‘ඩෙංගු මර්දන සටනක් අපි ගෙන යන මොහොතකදී ත්‍රිවිධ හමුදාව,සිවිල් ආරක්ෂක බලකාය,පොලීසිය සහ සියලුම රාජ්‍ය ආයතන එකතු වෙලා කොළඹ නගර සභා විශාල මෙහෙවරක් කරනවා. අද ඩෙංගු රෝගයත් පාවිච්චි කරනවා දේශපාලන වේදිකා වලට. ඩෙංගු හැදෙන්නේ තමන්ගේ සහ තමා වටේ ඉන්න උදවියගේ ආත්මාර්තකාමී කම නිසා. ඒ අයට අපිට තදින් නිතීය ක්‍රියාත්මක කරන්න වෙනවා‘ යැයි මෙම වැඩසටහනට එක් වෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩසටහන ගම් නියම් ගම් වලටත් ගියොත් තමයි හොද? (ර)
ඉතින් මෙයාමනේ මේ දේශපාලනේ මෙතනට ගාවගෙන තියෙන්නේ. (ර)
දේශපාලන කතා නවත්තලා රට ගොඩනගන්න.(හේ)
මෙයාලගේ නැටුම් අපිට බලන්න ඕනෑ නැහැ. අපි වරිපනම් ගෙවනවා. වරිපනම් ඉස්සර වගේ නොවෙයි ලොකු ගණන්. විශ්‍රාම ගියාම අපි ගෙවන්නේ බොහොම අමාරුවෙන්. එකල සාධාරණව නගර සබාවෙන් මිනිසුන් යොදා ගෙදරට වත්තට තෙල් ගහනවා, දැන් ඇවිත් නඩු දානවා. අැයි අපි වරිපනම් බදු ගෙවන්නේ? (නි)
"පවුලේ සැවොම දැන් සුරක්ෂිතයි" යන කියමන හැමතැනටම පොදුද කියලා කාටහරි කියන්න පුලුවන්ද? වැඩ ජනතාවට පෙන්නන්න ඕනෑ නැහැ, වැඩ කරලා ප්‍රශ්න විසඳමු. (නි)
මුදල් නාස්ති කරන බොරු සන්දර්ශන නැතුව කොළඹ තිබෙන අපවිත්‍ර ඇළ මාර්ග පද්ධතිය පිරිසිදු කරන වැඩ පිළිවෙළක් සකස් කරන්න. (බ)