පෙර ගෙවුම් කාඩ්පතකින් ගමන් ගාස්තුව ගෙවා පෞද්ගලික බසයේ ගමන් කළ හැකිඊ බස් ටිකට් පත මාතර ප්‍රධාන බස් නැවතුම් පොළේදී හැටන් නැෂනල් බැංකුව අද නිකුත් කළේය.
එච් එන් බී පෙර ගෙවුම් කාඩ්පත ඉදිරිපත් කොට විද්‍යුත් බස් ටිකට් පත්‍රය ලබා ගෙන පෞද්ගලික බසයක යාමේ අවස්ථාව හිමි කර ගත්තේ යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජපානයේ ශ්‍රී ලංකා තානාපති නොබිනිතෝ නොබෝ, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඒ සමරසිංහ, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී කාංචන විජේසේකර, මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ඒ කේ එච් හල්පගේ යන මහත්වරු ඇතුළු පිරිසක් ද ඊ ටිකට්පත් ගෙන බස් රථයට ගොඩ වී පළමු ගමන් වාරයට සහභාගී වූහ.
මෙම කාඩ්පතින් භාණ්ඩ මිලදී ගැනීම, බිල් ගෙවීම, මුදල් ලබා ගැනීම ආදී සේවා රැසක් සිදු කර ගත හැකි යි.
බසයේ ගමන් වාර සඳහා ගෙවන මුදල බැංකු ගිණුමෙන් අය කර ගෙන බස් රථ හිමියාගේ ගිනුමට ස්වයංක්‍රීයව බැර කැරෙයි.
එච් එන් බී බැංකුව, එයාර් ටෙල් දුරකතන සමාගම, සෝනි නිෂ්පාදන ආයතනය, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා මාතර මගී ප්‍රවාහන සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ.
පළමු අදියර ලෙස එන් එෆ් සී තාක්ෂණය ඔස්සේ දුර ගමන් බස් රථ 225කට නව යන්ත්‍ර ලබා දී ඊ බස් ටිකට් නිකුත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ සඳහා වූ ටිකට් පත් යන්ත්‍ර ලබා දීමද මාතර වෙරළ තීරයේ පැවැති උත්සවයේ දී සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක හොඳ දෙයක්. නමුත් හරියට කලේ නැත්නම් ලෙඩ ගොඩයි. අනිත් එක අපේ බස් සේවයට මේකද තකහනියේ කරන්න අවශ්‍ය වෙලා තිබුනේ? (නදී)
මමත් පෙර ගෙවුම් කාඩ්පතක් පාවිච්චි කරනවා. නමුත් සමහරදාට මැෂින් එකේ බැටරිය බැහැලා. මේවටත් පිළියම් යොදන්න වෙයි. (නි)
විචක්ෂණ ඔයා ගේ කීම නම් ඉතා වටිනවා. මටත් ඒ අහිංසක සතාව දැක්කම හිතුනේ ඕකම තමයි.(නදී)
මීට කලින් සුද්දෝ හදුන්වාදීපු ලංකාවේ සීසන් කියල ක්‍රමයක් තිබුණා, ඒකත් පෙරගෙවුම් කාඩ් එකක්, ඉස්සර කොලයක් දැන් ප්ලාස්ටික්. අද ඒකම තාක්ෂණය යොදල ඉදිරිපත් වෙනවා. අපි වෙනස් වෙන්න බයයි. ඒක නැතිකරගන්න ඕනා. (නදී)
සිංගප්පුරුවේ ඉතාමත් ටික කාලයකින් ජනතාව මේකට පුරුදු වුණා. දැන් කාඩ් එකෙන් ගෙවනවා නම් සාමන්‍ය ගාස්තු. මුදල් ගෙවනවා නම් ගාන පොඩ්ඩක් වැඩියි. (නි)
හොද වැඩක්. මමත් පිටට රට ගියහම මේ ක්‍රමය භාවිතා කර තිබෙනවා. හරිම පහසුයි. සුභ පතනවා! (නි)
කමල්, වැඩි ඈතක යන්න ඕනෑ නැහැ. සිංගප්පූරුවට ගිහිල්ලා බලන්න. (නි)
අහිංසක සතුන්ද පීඩාවට පත් වෙන හැටි? (නි)
ඔය ක්‍රමය දුම්රියට පළමුව හඳුන්වා දුන්නේ නැත්තේ ඇයි කියා මට ගැටළුවක් තිබෙනවා. (නි)
කකුලෙන් අදින්නේ නැතිව ඉදිරියට යමු හොඳ වැඩක්.(නදී)
මේකට මොකටද අලි ගේන්නේ. සතුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නම් ඉවරයිනේ. දේශපාලක මහත්තයෙක් ගෙනල්ල අව්වේ තියල තිබ්බා නම් ජනතාව විඳින දුක හරි පේනවා. (නදී)
කමල් මහත්මයා, විවිධ අංශ වල ප්‍රමිති හඳුන්වාදීම රටක දියුණුවට ඉතාමත් වැදගත්. මේ ක්‍රමය නිසා දැනට පවතින වංචනික ක්‍රියා ගොඩක් දුරට මග හරවා ගන්න පුළුවන්. බස් හිමියන්ටත්, මගීන්ටත් වාසි සැලසෙනවා මේ ක්‍රමය නිසා. ඩ්‍රයිවර්ල කොන්දොස්තරලා නම් අකමැති වෙයි. දියුණු රටවල මේ ක්‍රමය දැනටමත් ක්‍රියාත්මකයි. (නදී)
කමල්ගේ කතාව හරි, මට කියන්න තියෙන්නෙත් ඕකම තමා. ලංකාවේ මිනිස්සු අනවශ්‍ය දේවල් තමයි ලංකරගන්නේ. කරන්න දේවල් ගොඩක් තියනවා. (නදී)
කමල්ගේ බුද්ධිමත් අදහසටම ඉතා ගරු කරනවා. අදාල බැංකුවේ ගිණුම් විවෘත කරවීමට කරන වක්‍ර වූ වැඩ පිළිවෙලක් පෙනෙනවා. මොකද මෙම කාර්ඩ් පත ලබා ගන්නට බැංකු ගිණුමක් අනිවාර්යයි.(නදී)
ඔක්කොම බස් වලට එක විදියට සලකන්න. නැත්නම් මගියා අතරමන්. අනික මගීනුත් ඉගෙන ගන්න. (නදී)
කමල් දියුණු රටවල් වලත් මේ තාක්‍ෂණය පාවිච්චි කරනවා. කොපමණ මුදලක් වැය කරනවද කියල දන්නේ නැති උනත් මේ ක්‍රමයෙන් යන මගියාටත් පහසුයි. වෙන රටවල් වල තියෙන පහසුකම් අපේ රටෙත් තියෙනවා නම් අපිත් කැමතියි. (නදී)
අගේ ඇති හඳුන්වාදීමක්. කොන්දොස්තරලට තව නම් මඩිය තරකරගන්න බැරි වෙයි.(නදී)
කොන්දොස්තරගේ මාටියා පාරත් නැති වුනා වගෙයි.(නදී)
මේක එච් එන් බි ක්‍රෙඩිට් කාඩ් වලින් විතරද කරන්න පුළුවන්? මටනම් මේවගේ දේවල් වල සාර්ථකත්වය ගැන අවිස්වාශයි. මීට වසර 25 කට පමණ පෙර සුද්දෙක් ප්‍රයිවෙට් බස් එකක කොන්දොස්තරට කෑ ගහනකොට ඒක මොකක්ද කියලා බැලුවම ඒ සංචාරකයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් බස් ගාස්තුව ගෙවන්න ගිහින්. කොන්දා සල්ලි මිසක් කාර්ඩ් ගන්නේ නැහැ කිව්වම ඒ සුද්දා බස් එකේ දොරේ අලවා තිබු ලොකු ස්ටිකර් එකෙක් පෙන්වලා ඒක ඉරලා විසිකලා. ඒකෙ තිබුනේ වීසා/ මා ස්ටර්කාඩ් ඇමරිකන් එක්ස්ප්‍රස් වෙල්කම් කියලා. (නදී)
කමල්, ඔයා දියුනු රටකට ගිහින් නැති හින්දා ඔය වගේ කියන්නේ. ඕකට කියන්නේ පෙර ගෙවුම් පත. යුරෝපයේ හැම රටකම වගේ ඔය ක්‍රමය තියෙනවා. අපි ෂොප් වලට ගිහින් බඩු ගන්නේ මුදල් ගෙවලා නෙවෙයි. ඔය කාර්ඩ් එක දෙන්නේ. ඒ ක්‍රමය හරිම ලෙහෙසියි.(නදී)
මට නම් මේවා පිස්සු වැඩ.(නදී)
පළමු වරට අපේ ලංකාවේ ඇමතිවරු ටිකක් '(මැතිනියගෙන් පසුව ආපු) සල්ලි දිල ගමනක් යනවා.(නදී)
නවීන ලෝකය සමග ඉදිරියට යන්න (දී)
අපි කාටවත් මෙහි වරදක් දකින්න බැහැ (දී)
එතකොට ගෝලයන්ගේ මාටිය පාර නැතිවෙනවනේ, ඕක සාර්ථක වෙන ක්‍රමයක් නෙවෙයි ලංකාවේ.(නදී)
අපේ අය ඉස්සහට ඕකට මොනවා හරි කරයි බලන්නකෝ. (නදී)
කමල් ඔයා දන්නේ නැති වුණාට ඉතාලිය වගේ යුරෝපා රටවල් හැම එකකම මේ පෙරගෙවුම් කාඩ් තියෙනවා මම දැකලා තියෙනවා. නව තාක්ෂණය නැත්තම් රට වැසියෝ ළිදේ මැඩියෝ වෙනවා(දිල්)
අමතර සේවා ගාස්තු නැතිද? (නදී)
කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි ටික දවසකින් මේක කඩයිද? (නදී)
දොසක් දකිනවා නොවේ. දියුණු රටවලත් නැති කෝලං මේ රටේ තියනවා. ව්‍යාපෘති කියලා විශාල මුදලක් වැය කර අත්හැරලා දානවා. තාකෂණය ආයුදයක් කරගෙන, හරියට ඉංග්‍රීසි දන්නේ නැති අයට ඉංග්‍රිසි ආයුදයක් කරගත්තා වාගේ, ගොවිතැනයි, කිරි ටිකයි හදාගත්තා නම් පළමුවෙන්ම හොද නැද්ද? (නදී)
ඉතාම හොඳ වැඩක්.ලංකාව පුරාම කරන්න පුළුවන් නම් හොඳයි.(දිල්)