ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය ඔක්තෝබර් මස 26 වැනි සෙනසුරාදා ඩෙන්මාර්ක්, ස්විඩන් ඇතුළු අනෙකුත් අසල්වාසි රටවල දායක බෞද්ධ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
ස්කැන්ඩිනේවියා රටවල ශ්‍රී ලාංකීය බෞද්ධ විහාරයන්හී ප‍්‍රධාන සංඝ නායක සහ ස්වීඩනයේ ස්ටොක්හොලම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, මාතලේ ධම්මකන්ද හිමි, යූ සෝබන හිමි, නෝර්වේ ඔස්ලෝ බෞද්ධ විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමි, ප‍්‍රංශයේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති තලංගල්ලේ සුමංගල හිමි, ස්වීඩනයේ හෙල්සින්බෝර්හි බොරලැස්ගමුවේ සතිමන්ත හිමි පිංකමට සහභාගි වීමට නියමිතය.මෙදින කඨින චීවර පූජාවේ ප‍්‍රධාන දායකත්වය දේවිකා සුරින්සන් මහත්මියගෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඉන්නේ ඔය ළග රටක. නවාතැන් දෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න, මමත් ආසයි බලන්න යන්න (නි)
සාදු සාසු ,සාදු. බුදු සසුන බැබලේවා.නමෝ බුද්ධාය.අට මහා කුසල් වලින් පළමු තැන ගන්නේ මෙම පින්කමය.ඔබත් මෙම පින අසා හෝ දැක පින් සිදු කර ගන්න.(පත්යානුමොදෙන ) (අ)
මමත් කවදාහරි එනවා. සාධු සාධු! (නි)
සදු ,සදු සදු ...මහා කුසල් වලින් එක්කක් ....(අ)
ෆිරෙන්සේ වලත් පන්සලක් තියනවා. ඒ වුනාට ගොඩක් ධයකයෝ වර්ජනය කරලා තියෙන්නේ පන්සල (නදී)
මුළු ලොවෙහිම බුදු සුසුන බබුළුවන්නට බුද්ධ පුත්‍රයන්ට ශක්තිය ලැබේවා.. (නදී)
ඕනෑම අයකුට අවශ්‍ය දහම් කරුණු පමණක් දැනගන්න අවශ්‍ය නම් පමණක් මට කතා කරන්න./ලියන්න (නි)
ඩෙන්මාර්කයේ ඉන්න ලාංකිකයන්ට බුදු සරණයි! (නි)
පිරෙන්සි පන්සල දායකයෝ ඇයි වර්ජනය කරලා තියෙන්නේ? (නි)
කලබල වෙන්න එපා. (නි)
ඩෙන්මාර්කයේ සිංහල පිරිස හරි හොද වැඩ කරන බවේ පේනවා (අ)