2008 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ලොව විශාලතම මින්මැදුර ලෙස නිල වශයෙන් ගිනස් වාර්තා පොතට ඇතුළු වී ඇත්තේ ඩුබායි නගරයේ මින්මැදුරයි. බර්ජ් ඩුබායි සංකීර්ණයේ පිහිටි ලොව විශාලතම වෙළෙඳ සංකීර්ණය වන ඩුබායි මෝල් සංකීර්ණයෙහි මැද කොටසේ මේ මින් මැදුර පිහිටියේය. මෙහි ජල ධාරිතාව ලීටර අනූ ලක්ෂයකි. ජලජ සත්තු 33000ක් මෙහි ජීවත් වෙති. ඒ අතර මෝරු 400කට වැඩි ප්‍රමාණයක් ද සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නෙත් ඩුබායි තමයි.හැබැයි මෝරු 400ක් ඉන්නවනම් කවදාවත් දැකල නැහැ.(ස)
බලන්නත් ආසයි (දී)
කෝ මධූ? මේවා දැක්කහම ඇඩෙනවා ඇති. (නි)
අනේ බොරුනම් කියන්න එපා..... (ස)
මම ගියසතියෙ ගිය වෙලේ මෙච්චර මෝරු ගොඩක් නම් දැක්කේ නැහැ. හැබැයි හරිම ලස්සනයි අප්පා. (නි)
බොරුනම් කියන්න එපා රංග (ස)
ඩුබායි වල මෝරු මින්මැදුරේ හිටියට ලංකාවෙ නම්..... (නි)
ඩුබායි කියන්නේ සංචාරක පුරවරයක්. සංචාරක ආකර්ශනය දිනාගන්න එයාලා මොනවාමහරි කරනවා. හරියට අපේ රටේ "බස් රේස්" යනවා වගේ. (නි)
බලන්න ලස්සනයි . හැබැයි භයානකයි (දී)
සත්තුන්ට කිසිම පවක් නැහැ. පිං කරපු මාලුවන් කිසිම අවහිරයකින් තොරව ජිවත් වෙනවා. ප්‍රමිතියට අනුව හැමදේම මෙහි තිබෙනවානේ. (නි)
මම මේක බලලා තියෙනවා. හරිම ලස්සනයි. (නි)
ජානකගේ කතාව ඇත්ත.. වැඩිම උනොත් මෝරු 10-12ක් තමයි.!(නු)
අයියෝ! මෙහෙමත් සල්ලියක්? (නි)
මින් මැදුර හොදයි. පවි අසරන සත්තු (ස)
ප්‍රසන්න මිනිසුන් වෙනුවෙනුයි ලෝකෙ හැම දෙයක්ම තියෙන්නේ.. පේන්නෙ නැද්ද කොච්චර සෙනග කොච්චර සතුටින් බලනවදා කියලා.. වරදක් නැහැ ඒ අයට අවශ්‍ය ප්‍රසිද්ධියයි සැළකීමයි තියෙනවානම්.. සුභවාදීව හිතන්න.. අපිට මුහුදට ගිහිල්ලා බලන්න බැරි දේවල් මේ වගේ එකක තියෙනවා නම් සතුටුවෙන්න.. පිං දෙන්න..!(නු)
ඒක නම් ඇත්ත.!(නු)
මම මෝරු දැකලා තියෙනවා මේ තරම් නැහැ (දී)
සොභා දහමේ අසිරිය වැනසීමකුත් මෙතන සිදු වෙනවා කියලා අපි අවබෝධ කර ගන්න ඕනෑ. ජීවත් වීමේ අයිතිය නැති කිරිමක්.... මේ සතුන්ට මේක හිර කූඩුවක් වගේ කියන එකයි මගේ නම් අදහස. (නි)
බලන අය කරනවැඩ? (නි)
ලස්සනයි. (නි)
මම මෙතනට ගිහින් තියෙනවා. ඔය මාලුවෝ ඒ ටැංකි වල ඉන්නේ හරිම අමාරුවෙන්. (නි)
ඩුබායි කියන්නේ හැම අතින්ම ලස්සන වගේම දියුණු රටක්. අපි සුභ පතනවා. (නි)
අපි ඕක දහ දොලොස් වතාවක් දැකලා තියෙනවා. ඒත් ඔච්චර ගොඩක්නම් නෑ (ස)