(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුන කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල තවත් පැතිරී ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අද (18) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මේ පරීක්ෂණය හෙට(19) දිනයේත් පැවැත්වෙන බව හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවත් පරීක්ෂණය අවසන්වීමෙන් පසු ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාරදීමට නියමිත බවත් ආචාර්යවරයා කීවේය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ මෙම විකෘති අවස්ථා තුන මුල්වරට හඳුනාගනු ලැබුවේද සැර කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසිනි.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ මෙම විකෘති අවස්ථා තුන පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) මුල්වරට අනාවරණය කළේය.
ඩෙල්ටා ප්‍රභේදයේ මෙම විකෘති අවස්ථා තුන එස්. ඒ 222වී,එස්.ඒ 701එස් සහ එස්.ඒ1078එස් යනුවෙන් නම් කර ඇතැයිද ජයසුමන මහතා එහිදී පැවසුවේය .
මෙම විකෘති අවස්ථා සම්බන්ධයෙන් අප ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒවා හමුවූයේ කුමන සාම්පලවලින් දැයි තමාට මේ අවස්ථාවේදී නිශ්චිතවම පැවසිය නොහැකි බවයි.
කෙසේ වෙතත් ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා වැඩියෙන්ම යොමු කරනු ලැබුවේ කොළඹ ප්‍රදේශයෙන් ලැබුණු ජෛව පටල සාම්පල යැයි ඔහු වැඩි දුරටත් කීවේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩෙල්ටා විකෘති ප්‍රභේද සොයන්න තවත් පරීක්ෂණයක් අද ඇරඹේ
මහසෙන් Wednesday, 18 August 2021 06:19 PM
මහතැනට ඇතිවෙලා තියෙන විකෘතිතාවය සහ සංවේදී බවක් නැතිකම ගැන පරීක්ෂණ කරන්න ඇයි බැරි? මෙපමණම මිනී දකින්න ආසාවක් ආවේ කොහොමද නැත්නම්..?
කිරි පුතා Wednesday, 18 August 2021 07:02 PM
විකෘති හොයහොයා ඉන්න එකත් තේරුමක් නැතුව දෝ මන්දා... මොකද හෙව්වා කියලා කරන්න දෙයකුත් නෑනේ. සේරම සැරයි කියලා හිතාගෙන ආරක්ෂා වෙන්නයි තියෙන්නේ...
Sri Lanka Wednesday, 18 August 2021 07:20 PM
වැඩ නැතුවට වැඩ...