තමන් එක ඩොලරයක් හෝ සොරකම් කොට ඇතැයි සාක්කි සහිතව පෙන්වුවහොත් ගෙල සිඳගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ දී ‘ජපන් ටයිම්ස්‘ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත.
ජපන් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ජෙෆ් කින්ග්ස්ටන් සමග රාජපක්ෂ මහතා සම්මුඛ සාකච්ඡාව සිදු කර තිබිණි.
තමා ඩොලර් බිලියන 18ක් සොරකම් කළැයි පවසන බවත් එසේ එක් ඩොලරයක් හෝ සොරකම් කර ඇති බවට සාක්කි සොයාගන්නේ නම් තමා ගෙල සිඳ ගන්නා බව කී හිටපු ජනපති ඉදිරියේදීත් දේශපාලනයේ නිරතවන බවටද ඉඟියක් ප්‍රකාශ කරමින් දේශපාලනඥයන් විශ්‍රාම නොයන බව කියා ඇත.
තමා හා තම පවුල හැර වර්තමානයේ ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු දේශපාලන සිරකරුවකු නොමැති බවද ජපන් ටයම්ස් පුවත්පත හමුවේ ඔහු කියා ඇති අතර කොටි ත්‍රස්තවාදීන් සමග කළ යුද්ධයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ජනතාව අනුමත කළ බවද පවසා තිබේ.
කොටි නායක ප්‍රභාකරන් වැරදි අවබෝධයකින් සිටි බවත් සමූල ඝාතනයට එරෙහි ජාත්‍යන්තරයේ පීඩනය මත රජයේ හමුදා ආපසු යනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවූ බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තම පරාජයට හේතුව මුස්ලිම්වරුන් හා දෙමළ ජාතිකයන් තමාගෙන් ඈත්වීම බවත් රාජපක්ෂ මහතා කියන අතර තමා ශ්‍රී ලංකාවේ මිනිසුන් ඕනෑවට වඩා විශ්වාස කළ බවද පවසයි. සිංහල දෙමළ සමගිය ඇති කිරීමට තමා ක්‍රියා කළ බවත් ඒ වෙනුවෙන් උතුරු නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධනයට විශාල මුදලක් වැය කළ බවත් දෙමළ ජනයාට හිමි ඉඩම් යළි ලබාදීමට පියවර ගත් බවත් රාජපක්ෂ මහතා කියා සිටී.
ආසියාවේ නායකයින් සම්බන්ධයෙන් පවසන රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඩ් වැනි ඒකාධිපත් පාලකයන් සම්බන්ධයෙන් ප්‍රියතාවයක් දක්වන බවත් ඊට හේතුව ඔවුන් තම රටවල් දියුණු කිරීම බවත් කියයි.
විශේෂයෙන්ම මියන්මාර් නායිකා අවුන් සාන් සුකීගේ පාලනය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා විශේෂ ඇල්මක් දක්වයි.
මේ ආණ්ඩුව තමාට තුන්වැනි වරටත් ජනපති ධූරයට තරග කිරීමට තහනමක් දක්වා ඇති බව සිය සුපුරුදු සිනහව දක්වා පැවසූ හිටපු ජනපති අගමැති ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් විමසූ විට තරග නොකරනවා යැයි නොකියූ බවද ජපන් ටයිම්ස් පත්‍රය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා එක්ක අපි ඉන්නවා හැමදාම. (ර)
මගේ ජීවිත කාලයේදී දුටු ශ්‍රී ලාංකික කොන්ද පණ ඇති එකම ජනතා නායකයා ඔබයි. නැවත ශ්‍රී ලංකාව හරි මඟට යොමුකිරීමට ඉදිරියට එන්න. ශ්‍රී ලාංකික ජනතාව සහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබගේ ආරක්ෂාව ගැන වැඩියෙන් විමසිලිමත් වන්න. ඔබට සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)
නන්දලාල ද සිල්වා, ඔබට තවම ඔබ කඩේ යන යහපාලනය ශ්‍රී ලංකාව විනාශ මුඛයට ගෙන යන බව නොවැටහේද? (නි)
බෙල්ල කපන්න ඕනේ ප්‍රංශේ ඉඳන් ගොන් කතා කියන නන්දලාල්ගේ. හොරකම් කළත් ලක්ෂ 58 මෙතුමා වීරයෙක්. අවරුදු 600 කින් මේ රට එක්සේසත් කළ නායකයා අපිට ආඩම්බරයක්. (බ)
ඔහොම කියන්න එපා බය හිතෙනවා.(හේ)
මෙතුමා හොඳ ආකාරයෙන්ම දන්නවා වළකට වැටිච්ච ඇතෙක්ව ඉසකේ ගහක් දාල ගොඩ ගන්ඩ බෑ කියල ඒකයි ඔහොම පාරම් බාන්නේ (බ)
ඒ තරමටම මෙයාට ශුවර් අල්ලන්න බැරි බව (බ)
ඔබතුමා කුරිරු යුද්ධයෙන් රට මුදාගත් රට සංවර්ධනය කල අසහාය නායකයා ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. (ර)
කොච්චර මඩ ගැහුවත් රජයට කිසිදෙයක් ඔප්පු කළ නොහැකි වුණා (ම)
ඔබ තුමා වැනි නායකයන් අපේ රටේ පාලනය ගත යුතයි (ම)
මහින්ද මහත්තය මේ ටිකට රුපියල අමතක කරලා ..... (ම)
කොන්ද පන තියෙන නායකයෙක්. (ර)
මටනම් හිතෙන්නේ වයසට යනකොට මේ දේශපාලුවෝ ඔක්කොගෙම කල්පනාව නැති වෙනවා වගේ.(හේ)
හදිසියේවත් ඔප්පු වුනොත් මොකද කරන්නේ මහත්තයෝ.(හේ)
සුසිල්, ඇත්ත නේන්නම්. (ර)
දිවි නසා ගන්නයි වටින්නේ.(හේ)
මෙතුමා හොරකම් කර ඇත්නම් සියදිවිනසා ගැනීම වැලක්වීමට වහා පියවර ගතයුතුව ඇත. (ම)
ඩොලර් වලින් නම් හොරකම් කරලා නැතුව ඇති .රුපියල් වලින් කීයද ?ලංකාවේ පාවිච්චි කරන්නේ රුපියල්නේ . (අ)
ඕක කරගන්න තිබුනෙ අර කව්ද කෙනෙක් සුනාමිය ගැන වැරදි තීන්දුවක් දුන්නෙ කියපු වෙලාවේ (අ)
බෙල්ල කපා ගෙන මැරෙන බව ශ්‍රී ලංකාවේදී කිවුවා නම් වැරදි වලින් බැටකා දුක් විඳින ජනතාවගෙන් ඊට වඩා හොඳ, දරුණු දඬුවමක් ලැබෙන්නත් තිබුණා.ඔය කතාව අපේ රටේදී කියන්න තරම් මෙයාට "කොන්ද පණ" තියෙනවා කියා හිතන්නත් අමාරුයි . (අ)
මාලා... මහින්ද කී දේ කල ලොවේ එකම නායකයා. ඔබටත් මටත් ආඩම්බරයක්. (ර)
පහසුවටත් වාසියටත් කියන්න කරුණු තියනවා නැතිනම් මවලා කියනවා. (ර)
කියපු දේ කල එකම නායකයා ඔබය. (ර)
දේශපාලකයෝ කියන කතා කව්ද විශ්වාස කරන්නේ? (ර)
කතාව ඇත්ත. ලංකාවේ කොහෙන්ද ඩොලර්. (ර)
ඔබතුමා වැනි දක්ෂයෙක් අපිට විස්වාසයි. (ර)
බය නැතිව කියන්නේ කරලා නැති නිසානේ... (ර)
මේ ආණ්ඩුව තමාට තුන්වැනි වරටත් ජනපති ධූරයට තරග කිරීමට තහනමක් දක්වා ඇති බව කීම , ඉතාම වැරදි සදහන් කිරීමක්. මෙය මේ රටේ හැම ජනාධිපතිටම පොදු, ශිෂ්ට සම්පන්න හැම රටකම තියෙන පොදු නීතියක්. (ර)
මෙතුමා ඔය කියන විදියට හොරකම් කලේ නෑ කියලා කියනවා නම් එච්චර බය විය යුතු නැනේ. (ර)
මෙතුමා හිටියනම් මෙලහකට රට සංවර්ධනය වෙලා. (ර)
දැන් ඩොලරේ ගාන බැලුවම අපිට තමයි ගෙල සිද ගන්න වෙන්නේ, ඔබ තුමා සිටියානම් මේක වෙන්නේ නැහැ. (ර)
ඔයා හොරකම් කලේ රුපියල් .....(ම)