ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සිසන් මහතා යාපනය පුන්කුඩුතිව් හි පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
ඝාතනයට ලක් වු ඩැනියෙල් මහතා ඊ පී ඩී පී පක්ෂයේ සාමාජිකයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ හමුදා උතුරින් ඉවත් කල නොහැකි බව මෙවැනි සිදුවීම් වලින් සනාථ වෙනවා ඉදිරියේ මෙවන් සිදුවීම් නැවත සිදු නොවන සේ ආරක්ෂක අංශ වහාම අපරාද කරු සොයා නිසි දඩුවම් දෙන්න (නදී)
ගොඩක් අයට දැන් කොටි සහ ඉන්දියාව ගොඩක් හොඳ වෙලා හැබැයි ලංකාවට හැමදාම වින කලේ මේ දෙගොල්ල බව අමතක කරන්න එපා. මේ දෙගොල්ලට කත් ඇදල දේශපාලන වාසි ගන්න හදන කුහකයින්ටත් කවදාවත් ආත්මයක් නැහැ. (ස)
කෝ.... හතුරෝ, කෝ හතුරෝ කෝ අපේ හතුරෝ.... (ස)
හරියටම හරි පෙරේරා ...ඔයාගේ කටේ සිනී දාන්න ඕන ...මෙයාල යුද්දෙන් උදහස් වෙලා ..දැන් අපි යුද්ද කරන්නේ බඩට ..අනේ මගේ කට..(නදී)
යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ (නදී)-
අනේ පව්, අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාට මේ දවස්වල හරියට නින්දකුත් නැති පාටයි. අර බීමතින් රිය පදවන්නන් අල්ලන්න ගෙනා බැලුම් බෝල කතාව නම් කියලා වැඩක් නැහැ.(නදී)
සමහර අය එන් ජී ඕ සල්ලිවලට කහිනවා. (නදී)
පෙරේරා, සනත්ලා වගේ බොරුවට බුරන අය යුද්දේ කාලෙත් හිටියා. ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු ඉටු නොවුන එකේ කනගාටුවයි ඔය ප්‍රකාශ වලින් කරන්නේ.(නදී)
පෙරේරා මහතා හොඳ අදහසක් ඉදිරිපත් කර තියෙනවා.අප්පුහාමිට නම් ටිකක් තේරනව මදි.(නදී)
පෙරේරා සහ සනත් කියන්නේ ඇත්ත. මේ ප්‍රශ්න ගැඹුරෙන් තේරුම් ගන්න ඉන්නේ බොහොම ටික දෙනයි. ප්‍රාදේශීය සභාවෙන් පටන් ගත් මිනීමැරුම් වලට රටේ පාලකයන් ගත්ත පියවර මොකක්ද ? (ස)
ලංකාවේ වෙන මිනි මැරුම් වල හැටියට ඕකත් එක සිදුවීමක් විතරයි. (නදී)
පුදුමයි ඩේවිඩ් කැමරන් මේකට වරද කාරය කියල කවුරුත් කියන්නේ නැති එක. (නදී)
උතුරේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් මිනිස්සු ඒ අයට ඕන විදියට පාලනය කලාම කාටවත් මොකද?(නදී)
ජයලලිතා මැතිනියත් කැමරන් මහත්තයත් අපේ රටේ මානව හිමිකම් කඩන අයට කිසිම බුරුලක් දෙන එකක් නෑ. හොද වැඩේ (නදී)
සැකකරු කැමරන්!(නදී)
ඉන්දියාව මේ පාර නම් හොද පාඩමක් උගන්නාවි. ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනු කරන්න දන්නැති මෝඩයන්ට කන්න වෙන්නේ හිමින් නෙමෙයි. පණ්ඩිතකම් යන්නම හොද පාඩමක් උගන්නාවි.(නදී)
මේ ගැන සැළකිලිමත් වන්න. මේ ප්‍රදේශ වල බුද්ධි අංශ වගේම මුලු රටේම බුද්ධි අංශ තර කරන්න. මේ අයට තදින් දඩුවම් දෙන්න. (නි)
පෙරේරා මහත්මයා, ඔබ හරි. ඔබට යමක් තේරෙනවා.(නි)
මම නම් කැමතියි ඔය විදියට ගොයියෝ ටික එයාල එයාලම එකතු වෙලා ඉවරයක් වෙනව නම්. ..එවිට අපේ හමුදාවට පොලීසියට ..ශක්තිමත් වෙන්න පුළුවන් ..උතුරේ අය හිතාගෙන ඉන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් කියආ ..අපේ කොල්ලෝ ජීවිත බිලි දීල බේර ගත්තු රටේ ..ඉන්දියාවේ නීති ස්ථාපිත කරගන්න හදන අයට....ශ්‍රී ලාංකික දේශයේ ආරක්ෂාවෙන් නැගිටින්න වෙන වග පෙන්වන්න ඕන..? අපේ හමුදාව උතුරෙන් ඉවත් කරගන්න එකට තරයේම මා විරුද්ධයි ...? උතුර කියන්නේ අපේ රටේම කොටසක් ..කවුරුවත් කැමති නැහැ ..අපේ නිවසේ කාමරයක් වෙනත් රටක එකෙක් ඇවිත් ..බලෙන් පදිංචි වෙලා ඉන්නවා දකින්න ..හදවතින් කවුරුවත් කැමති නැහැ ...? ඒ වගේම තමයි අපි දේශයට ආදරෙයි ..සැවොම ජීවත් වෙන්න ඕන කෑලි කඩන්නේ ..වෙනත් නීති ස්තාපිත කරන්නේ ...පාලකයෝ දෙන්නෙක් මොකටද ...? (ස)
මෙතන අදහස් දාල තියෙන සමහරු ඉපදුන රට ගැන පුදුම වෛරයකින් ඉන්නේ කියල තේරෙනවා.ඒකට හේතුව සමහරවිට ඒ අය කැමති දේශපාලන පක්ෂයක් රට පාලනය කරන්නේ නැති නිසා වෙන්න ඇති.මොනවා වුනත් මතක තියාගන්න ආයේ ත්‍රස්තවාදයක් ඇති කරගෙන පවත්වා ගෙන යන්න නම් ඒ වගේ දුර්වල පාලකයෝ බලයට පත්වෙන්න ඕන. (ස)
එක පැත්තක මැරුන අය සමරනවා. ඒ පැත්තේම සමරන අය මරනවා. (නදී)
සනත් මහත්තයෝ..ඔබතුමාගේ සල්ලි අපි කවුරුවත් නම් පිල්ලි ගැහුවේ නැහැ..ගෙදර අයගෙන් අහල බලන්න.ඔයා විතරක් නෙමෙයි පිට රට ඉදල සල්ලි එවන්නේ..රට වෙනුවෙන් ඉටු කළ යුතුකමට අමතරව සැලකිය යුතු විදෙස් විනිමයක් යම් ප්‍රමාණයකට විදෙස් රැකියා මගින් මේ රටට මාත් ගෙනත් දීල තියෙනවා..මගේ සල්ලි නම් කවුරුවත් පිල්ලි ගැහුවේ නැහැ..මේ රටට හෙන ගැහියන්, ප්‍රබාකරන් ආයෙත් වරෙන්, බෝම්බ පිපිරියන් ,මිනිස්සු මැරියන් කියල උදේ හවස ප්‍රර්ථනා කරන පිරිසක් මේ රටේ ඉන්නවා කියල අපි දන්නවා..කනගාටුයි මහත්තයෝ..ආයේ එහෙම වෙන්නේ නැහැ..නිවටව නියාලුව කොටි ඉස්සරහ දනින් වැටුණු පාලකයෝ ආයෙත් මේ රටේ බිහිවෙන්නේ නැහැ..බිහිවෙන්න මේ රටේ දේශප්‍රේමී ජනතාව ඉඩ තියන්නෙත් නැහැ..ඔබ තුමාටත් අවසානයේ කියන්න වෙන්නේ අර පෙරේරා ගොයියට කියපු එකම තමයි.. (ස)
ඇහුවට තරහ වෙන්න එපා. එතකොට බන්දුල පෙරේරගේත් ඒ ජානමද ?(නදී)
අප්පුහාමි, ඔයා හරි .අපි ඩොලර් හොයනවා තමයි ඒ හැම සතෙකින්ම තමා අපේ රට දැන් දුවන්නේ .අපි දුක් මහන්සි වෙලා එවන සල්ලි මෙයාල පිල්ලි ගහනවා නම් අපිට කැක්කුමක් තියනවා රට ගැන. අපි විජේ ල වගේ අයට කියන්නේ බොරුවට කඩේ යන්නේ නැතුව අපි වගේ රට වෙනුවෙන් රටේ දියුණුවට දායකත්වයක් ක්‍රියාවෙන් කරලා පෙන්නන්න කියල .එහෙම නැතුව දේශපාලකයන්ගේ බත් පැකට් එකට කඩේ යන මිනිහෙක් වෙලා රටට බරක් වෙන්න එපා .ඒ වැරැද්ද හදාගන්න යාලුවනේ. (ස)
පෙරේරා සහ එයාට උඩගෙඩි දෙන අය ගැන හිතා ගන්න පුළුවන් අපිට. ඕක ජාන වල වැරැද්ද (නදී)
පෙරේරා කියන දෙය දිරවා ගන්න බැරිව උඩු බුරලන කිහිප දෙනෙක් ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස තේරුම් නොගෙන අතීත කෙරුවාවන් වමාරන්න හදනවා. යුද්ධයේ සැබෑ වීරයෝ රණවිරුවෝ උනත් අවාසනාවකට ඒ ජයග්‍රහණය දේශපාලණි කරණය කරගත් විපාකය තමයි අද ශ්‍රී ලංකාව විඳවන්නේ.(නදී)
පෙරේරා , ඔය ටික ලියන්න කෙනෙක් මැරෙනකම් ද හිටියේ ? නම දැක්කහම මම හිතුවා පෘතුග්‍රීසි ජාන කියලා.(නදී)
මේවට වගකියන්න ඕනෑ හොඳට තිබුන රටට ඇවිල්ලා ජාතිවාදය ඇවිස්සූ පිටරට අයයි (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (ස)
මෙය සාමන්‍ය සිදු වීමක් වෙන්න පුලුවන්.. උතුරේ එක මිනිහෙක් මැරූ පමණින් ආණ්ඩුවට හෝ ආරක්ෂක අංශවලට බනින එක මොඩ වැඩක්.. අවුරුදු 30 ක යුද්ධයක් තිබුනු ප්‍රදේශයක ආයුධ නැති වෙන්න බැනේ..(නදී)
විජේ,අපට ඩොලර්ස් ලැබෙන්නේ සාක්කු වලට නෙමෙයි ගෝනිවලට. එන්.ජී.ඕ වලින් මුදල් ගෙන රටට එරෙහි වන අය අත්අඩංගුවට ගන්න නීති හදන් නැතිව හැමදාම ඕක කියවනවා විතරයි. තුනෙන් දෙකේ බලයෙන් පුලුවන් අවනත නැති අගවිනිසුරුවො අයින් කරන්න විතරයි.(නදී)
ජාතික වීර දිනය ජනවාරි 15 .වෙනි දින සැමරීමට ඉඩ නැත.(නදී)
පෙරේරා ඇත්තටම නුඹේ අම්මා අප්පා සිංහල ද ලාංකිකද? පහුගිය කාලේ හිටියේ හිටියේ කොතැනද? මේකට දේශපාලනය අවශ්‍ය නැහැ. දෙමල ජනතාවගේ අරගලය දිගටම තියේවි. ඊළම දෙනකම් මේකට යොමු කරන්නේ දෙමල දේසපාලනය සහ ඩයස්පෝරාව. (ස)
පෙරේරා උන්නැහේගේ බලාපොරොත්තුව එතරම් නම් හොඳ නැහැ ඉන්දියාව දෙමල ජාතිය සඳහා පමණි පෙනී සිටින්නේ. දේසපාලන පක්ෂ එම යට අදාල නැහැ (ස)
පෙරේරා, සනත්, අප්පුහාමි වගේ ඩොලර් කාක්කෝ යුධ සමයේත් අපි දැක්ක ප්‍රභාකරන්ට කඩේ යන හැටි.මේගොල්ලන්ට ඕන තමන් උපන් රට පැත්තකින් තියල නැවත යුද්දෙකට පාර කපල රටට විරුද්ධව කෑ ගහල රාජ්‍ය නොවන සංවිධාන වලින් දෙන ඩොලර් වලින් සාක්කු පුරවාගන්න. (ස)
පෙරේරා මහතාගේ තිත්ත ඇත්ත දිරවා ගන්න බැරි අය තව ගොඩක් ඉන්නවා. ඒකනේ හැමදාම රැවටී රැවටී ඉන්නේ. (නදී)
පෙරේරා,උපන් භූමියට අපහාස කරන්න එපා (නි)
පෙරේරා මහත්තයෝ, බල්ලෝ උදව් කරපු ආණ්ඩු ඇති. මේ ආණ්ඩුවට බල්ලන්ගේ උදව් අවශ්‍ය නැහැ.. ත්‍රස්තවාදයට අවශ්‍ය පිළිතුර දුන්න වගේම නැවත ආරම්භ කරනවා නම් ඒකටත් විසදුම් මේ ආණ්ඩුවේ තියෙනවා. ඉන්දියාව දන්නවා ඔබ තුමා නොදන්නවා උනාට. ඔබ තුමා මොකක්ද කරන්න කියන්නේ. කට්ටියට ඉඩම් පොලිස් බලතල දීල සාමදනේ සැතපෙන්න කියලද? මේක හරියට තල් අත්ත වැටුනම ලෝකේ පෙරලුන කියල දිව්වා වගේනේ..දකුණේ කොච්චර මිනී මැරුම් වෙනවද? අද මේ රටේ නීතිය උතුරටත් වලංගුයි. අපරාදකරුවන්ට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මොකටද මේක කලේ කව්ද මේක කලේ කියල ඉදිරියේදී හෙළිදරව් වේවි. ඔබ තුමාට හිටි තැන පහවුණු දේවල් පිහදා ගන්න. ගද ගහනවා හැමතැනම. (නදී)
පෙරේරා ල නිසා තමා රටට මෙහෙම වෙන්නේ.(නදී)
පෙරේරා වගේ විකාරෙන් කෑ ගහන උදවිය යුද්දේ කරන කාලෙත් අපි දැක්කා. (නදී)
උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියල කියන්නේ මොකටද කියල දැන් තේරෙනවා නේ..(නදී)
ආශ්චර්යය අනේ (නදී)
පෙරේරා මහත්තයාථ දන්නා දෙයක් කතාකරන්න. ඉන්දියාවට මොකද ඔච්චර අදින්නේ අපිට හැම වෙලේම උදැල්ල දාන නිසාද ? චීනය නැත්නම් තාම ලංකාවේ ප්‍රභාකරන් ජිවත් වෙනවා (නදී)
කොටි හෙවනැලි තවමත් හොල්මන් කරනවා . මේවට ඉන්දියාව උදව් කරනවා .(නදී)
පෙරේරා, ඉන්දියාව එච්චර ලොකුද? (නි)
පෙරේරා මහත්තයටනම් යමක් තේරිලා තියන පාටයි. මේ අය හිතාගෙන ඉන්නේ අර ගමේ මරණාධාර සමිතියේ වගේ රණ්ඩු කරලා එක එක රටවල් වලට රිද්දන්න පුළුවන් කියලා . ඔය ඔල මොට්ටලකම්වල පව් ගෙවන්න වෙන්නේ අනාගත දරු පරපුරට. ඔය මිනී මරුමත් අනාගත විපතක සෙවනැල්ලක් . බොරුවට රට ගැන උදම් අනල පම්පෝරි ගහන එක දේශපාලකයෙකුගේ එක දරුවෙකුගේවත් අනාගතය අවිනිශ්චිත නෑ. ඒ අයට වෙන රටවල් වල මෙහෙන් යවපුවා තියනවා . මේ රට බෙල්ල ගාවටම හිරවෙන කාලය ගැන අපිට දැන් දැනෙමින් තියනවා .අපිට කියන්න තියෙන්නේ "මිනිසුනේ අවදිවව් " කියන එක තමා.(නදී)
කයිවාරු කියා කියා උත්සව පවත්වමින් සල්ලි නාස්ති නොකර හැම ජන කොටසකම වුවමනාකම් සළසා දුන්නා නම් උතුරේ වුණත් මෙහෙම ප්‍රතිපල ලැබෙන්නේ නැහැ. දැන්වත් රටේ හැම දෙනෙක් ගැනම හිතන්න. (නි)
දොරේඅප්පා මහතාගේ ඝාතනයෙන් තමා ප්‍රභාකරන් පටන් ගත්තේ. මේ අලුත් විනාශයට මුල යුද්ද ජයග්‍රහණයෙන් උඩඟු වුන මේ ජාතිවාදී ආණ්ඩුව සහ හෙළ උරුමය ඇතුළු සේනාව. ඉන්දියාව සද්දයක් නැතුව ඉන්නේ ලංකාවට අමතක නොවන පාඩමක් උගන්වන්න. මේ පාර අවුලවන්නේ ඉන්දියාව එලි පිටම, සහ රටවල් දෙකක් හැදීමට බව මතක තබා ගන්න. මේ ජාතිවාදී ආණ්ඩුවට උදවු කරන්න බල්ලෙක්වත් නැහැ. චීනයට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ ඉන්දියන් සාගරයේ. (දිල්)
තවත් බිහිසුණු යුද්දයක පෙර නිමිති වෙන්නත් පුලුවන් මේ අපරාද.දැම්ම පියවරක් ගන්න වෙයි.නින්දෙන් අවදි වී.(දිල්)
කිසිම දෙයක් පොරවෙන් කපන්න වෙනතුරු ඉන්න එපා. නියපොත්තෙන් කඩන්න. (නි)
නැවතත් මොනවද මේ වෙන්නේ? (නි)
කැමරන්ට, මානව හිමිකම් කට්ටියට මේවා වාර්තා වෙන්නේ නැද්ද ? (නි)
තවම කොටි සෙවණැලි තිබෙනවා.වෙඩි තියපු කෙනා හොයාගන්න. (නි)
තවත් කණගාටුදායක පුවතක් (නි)
ඩැනියෙල් මහතා වෙනුවට ඊළඟට මනාප ගත් අය පත්වේවි. ඩැනියෙල් මහතා මැරූ අයට "නීතිය" ක්‍රියාත්මක වේවි. පෙරේරාලා, සනත්ලා හීන දැක දැක ඔහොමම වයසට යාවි. (නි)
පෙරේරා හිතන තරම් ඉන්දියාව මෝඩ නැහැ. මෙහෙ ඊළමක් පිහිටුවනවා කියන්නේ තමිල්නාඩුවත් ඉන්දියාවෙන් වෙන්වෙනවා කියන එකයි. (නි)
කණගාටුයි! (නි)
පෙරේරා මහත්තයා හරියට හරි. ඔබ ඕවා ගණන් ගන්න එපා. (නි)
බන්දුල,මෙම ප්‍රශ්නයේ තීරණාත්මක සාධකය කවුද කියන එකත් මතක තබා ගන්න. (නි)
පෙරේරා,වෛරයෙන් තොරව බුද්ධියෙන් හිතන්න පුරුදු වෙන්න (නි)
මේ ගෙන පරීක්ෂණ තියලා වහාම වැරදිකරුවන්ට දඩුවම් කරන්න. වැරදිකරුවන් කවුරු වුණත් කමක් නැහැ. ඉතිහාසයේ අපි අතිනුත් වූ වැරදි තිබුණා. ඒවා දෙපාරක් වෙන්න දෙන්න එපා. පිට රටවල බලපෑම සුළු කොට හිතන්න එපා. අනික ඕනෑම ජාතියකට නිදහසේ නිවහල්ව ලංකාවේ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. පොලිසිය හෝ හමුදාව ලංකාවේ නීතිය අතට ගන්නේ නම් ඔවුන්ටද දඩුවම් කරන්න. නීතිය අකුරට ක්‍රියාත්මක කර පෙන්වන්න. හැම කෙනෙකුටම නීතියේ සරණ ලබා දෙන්න. එවිට හැමෝගෙම අනාගතය ආරක්ෂාකාරී වේවි (නි)
පෙරේරා මහත්තයෝ, ඔබගේ දේශපාලන දැනුම ගැන කණගාටුයි. දමිළ, සිංහල,මුස්ලිම්,බර්ගර් අපි හැමෝගේම රට මේකයි. ලංකාවෙන් පිටවුණාම කවුරුත් කියන්නේ ශ්‍රී ලංකා කියලයි.අපි හැමෝම එකතුවෙලා ත්‍රස්තවාදයට හා ජාතිවාදයට විරුද්ධව එකාමෙන් අත්වැල් අල්ලා නැගී සිටිමට දැන් කාලයයි. (නි)
මතුව එන කරදර නැවත යටපත්වීමට යම් වැඩපිළිවෙළක් දියත් කළා නම් හොදයි (නි)
නැවතත් බිහිසුණූ අතීතයට යන හැඩයි (නි)
මෙයින් රටේ සාමය ඇති වන්නට නොදී සැබෑ යුධ අපරාධ කරන්නේ කවුද කියලා ලෝකයටම ඔප්පු වෙනවා. ඒ වුණත් ඒක ලෝකය පිළිගන්න තත්වයට පත් කරගන්න සිංහල ජනතාවට බැරි වෙලා තියෙන්නේ අපේ එකමුතුවක් නැති නිසයි. ගත වූ අවුරුදු 30ක ශාපය මතක ඇති සිංහලයෙක් ඉන්නවා නම් රටේ ත්‍රස්තවාදය නැති කළ කණ්ඩායමට එකතු වී අනාගත යුද්ධය නවත්වා ගන්න මේක ආරම්භයක් කරගන්න. හෙට වෙද්දී ප්‍රමාද වැඩියි මහත්තයෝ....! (නි)
පෙරේරා සහ සනත්ගේ කටට මසුරන් දැමිය යුතුයි (නි)
අපේ අනෙක් නායකයින්ටත් නැවත ආරක්ෂාවන් තර කරන්න වේවි. (නි)
ප්‍රභාකරන් නමැති පිළිකාව දැන් හැමතැනම ඔඩුදුවලා. මේක දැන් මේක ඉතාම පරීක්ෂාකාරීව විසඳා ගත යුතුයි (නි)
---''අළු යට ගිනි''---- (නි)
සනත්,ඔබතුමා කටාර් ගියා නම් එහෙට වෙලා ඉන්නවද දවල් හීන දකින්නෙ නැතුව (නි)
පෙරේරා හෝ කවුරු කිවුවත් කතාව ඇත්ත. (නි)