IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඩෙල්ෆ් ප්‍රා සභාපතිට වෙඩි තබා මරයි

ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සිසන් මහතා යාපනය පුන්කුඩුතිව් හි පිහිටි ඔහුගේ නිවසේදී  වෙඩි තබා ඝාතනය කැර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

ඝාතනයට ලක් වු  ඩැනියෙල් මහතා  ඊ පී ඩී පී පක්ෂයේ සාමාජිකයෙකි



අදහස් (0)

ඩෙල්ෆ් ප්‍රා සභාපතිට වෙඩි තබා මරයි

කුමාරසිරි Thursday, 28 November 2013 01:07 PM

පෙරේරා , ඔය ටික ලියන්න කෙනෙක් මැරෙනකම් ද හිටියේ ? නම දැක්කහම මම හිතුවා පෘතුග්‍රීසි ජාන කියලා.(නදී)

:       0       0

පියල් Wednesday, 27 November 2013 09:58 PM

පෙරේරා සහ සනත්ගේ කටට මසුරන් දැමිය යුතුයි (නි)

:       0       0

සත්‍යයා Thursday, 28 November 2013 01:19 PM

පෙරේරා කියන දෙය දිරවා ගන්න බැරිව උඩු බුරලන කිහිප දෙනෙක් ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස තේරුම් නොගෙන අතීත කෙරුවාවන් වමාරන්න හදනවා. යුද්ධයේ සැබෑ වීරයෝ රණවිරුවෝ උනත් අවාසනාවකට ඒ ජයග්‍රහණය දේශපාලණි කරණය කරගත් විපාකය තමයි අද ශ්‍රී ලංකාව විඳවන්නේ.(නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 28 November 2013 01:31 PM

පෙරේරා සහ එයාට උඩගෙඩි දෙන අය ගැන හිතා ගන්න පුළුවන් අපිට. ඕක ජාන වල වැරැද්ද (නදී)

:       0       0

චින්තක පෙරේරා Wednesday, 27 November 2013 11:07 PM

මෙයින් රටේ සාමය ඇති වන්නට නොදී සැබෑ යුධ අපරාධ කරන්නේ කවුද කියලා ලෝකයටම ඔප්පු වෙනවා. ඒ වුණත් ඒක ලෝකය පිළිගන්න තත්වයට පත් කරගන්න සිංහල ජනතාවට බැරි වෙලා තියෙන්නේ අපේ එකමුතුවක් නැති නිසයි. ගත වූ අවුරුදු 30ක ශාපය මතක ඇති සිංහලයෙක් ඉන්නවා නම් රටේ ත්‍රස්තවාදය නැති කළ කණ්ඩායමට එකතු වී අනාගත යුද්ධය නවත්වා ගන්න මේක ආරම්භයක් කරගන්න. හෙට වෙද්දී ප්‍රමාද වැඩියි මහත්තයෝ....! (නි)

:       0       0

සනත්-කටාර් Thursday, 28 November 2013 01:44 PM

අප්පුහාමි, ඔයා හරි .අපි ඩොලර් හොයනවා තමයි ඒ හැම සතෙකින්ම තමා අපේ රට දැන් දුවන්නේ .අපි දුක් මහන්සි වෙලා එවන සල්ලි මෙයාල පිල්ලි ගහනවා නම් අපිට කැක්කුමක් තියනවා රට ගැන. අපි විජේ ල වගේ අයට කියන්නේ බොරුවට කඩේ යන්නේ නැතුව අපි වගේ රට වෙනුවෙන් රටේ දියුණුවට දායකත්වයක් ක්‍රියාවෙන් කරලා පෙන්නන්න කියල .එහෙම නැතුව දේශපාලකයන්ගේ බත් පැකට් එකට කඩේ යන මිනිහෙක් වෙලා රටට බරක් වෙන්න එපා .ඒ වැරැද්ද හදාගන්න යාලුවනේ. (ස)

:       0       0

නදීෂා Thursday, 28 November 2013 02:02 PM

ඇහුවට තරහ වෙන්න එපා. එතකොට බන්දුල පෙරේරගේත් ඒ ජානමද ?(නදී)

:       0       0

ධම්ම Wednesday, 27 November 2013 11:33 PM

ඩැනියෙල් මහතා වෙනුවට ඊළඟට මනාප ගත් අය පත්වේවි. ඩැනියෙල් මහතා මැරූ අයට "නීතිය" ක්‍රියාත්මක වේවි. පෙරේරාලා, සනත්ලා හීන දැක දැක ඔහොමම වයසට යාවි. (නි)

:       0       0

සෙනිත් Wednesday, 27 November 2013 11:53 PM

මතුව එන කරදර නැවත යටපත්වීමට යම් වැඩපිළිවෙළක් දියත් කළා නම් හොදයි (නි)

:       0       0

ජෝයි ඩයස් Thursday, 28 November 2013 01:12 AM

පෙරේරා මහත්තයෝ, ඔබගේ දේශපාලන දැනුම ගැන කණගාටුයි. දමිළ, සිංහල,මුස්ලිම්,බර්ගර් අපි හැමෝගේම රට මේකයි. ලංකාවෙන් පිටවුණාම කවුරුත් කියන්නේ ශ්‍රී ලංකා කියලයි.අපි හැමෝම එකතුවෙලා ත්‍රස්තවාදයට හා ජාතිවාදයට විරුද්ධව එකාමෙන් අත්වැල් අල්ලා නැගී සිටිමට දැන් කාලයයි. (නි)

:       0       0

සමන් Thursday, 28 November 2013 01:27 AM

මේ ගෙන පරීක්ෂණ තියලා වහාම වැරදිකරුවන්ට දඩුවම් කරන්න. වැරදිකරුවන් කවුරු වුණත් කමක් නැහැ. ඉතිහාසයේ අපි අතිනුත් වූ වැරදි තිබුණා. ඒවා දෙපාරක් වෙන්න දෙන්න එපා. පිට රටවල බලපෑම සුළු කොට හිතන්න එපා. අනික ඕනෑම ජාතියකට නිදහසේ නිවහල්ව ලංකාවේ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. පොලිසිය හෝ හමුදාව ලංකාවේ නීතිය අතට ගන්නේ නම් ඔවුන්ටද දඩුවම් කරන්න. නීතිය අකුරට ක්‍රියාත්මක කර පෙන්වන්න. හැම කෙනෙකුටම නීතියේ සරණ ලබා දෙන්න. එවිට හැමෝගෙම අනාගතය ආරක්ෂාකාරී වේවි (නි)

:       0       0

ප්‍රභා Thursday, 28 November 2013 01:35 AM

පෙරේරා,වෛරයෙන් තොරව බුද්ධියෙන් හිතන්න පුරුදු වෙන්න (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 28 November 2013 02:32 PM

සනත් මහත්තයෝ..ඔබතුමාගේ සල්ලි අපි කවුරුවත් නම් පිල්ලි ගැහුවේ නැහැ..ගෙදර අයගෙන් අහල බලන්න.ඔයා විතරක් නෙමෙයි පිට රට ඉදල සල්ලි එවන්නේ..රට වෙනුවෙන් ඉටු කළ යුතුකමට අමතරව සැලකිය යුතු විදෙස් විනිමයක් යම් ප්‍රමාණයකට විදෙස් රැකියා මගින් මේ රටට මාත් ගෙනත් දීල තියෙනවා..මගේ සල්ලි නම් කවුරුවත් පිල්ලි ගැහුවේ නැහැ..මේ රටට හෙන ගැහියන්, ප්‍රබාකරන් ආයෙත් වරෙන්, බෝම්බ පිපිරියන් ,මිනිස්සු මැරියන් කියල උදේ හවස ප්‍රර්ථනා කරන පිරිසක් මේ රටේ ඉන්නවා කියල අපි දන්නවා..කනගාටුයි මහත්තයෝ..ආයේ එහෙම වෙන්නේ නැහැ..නිවටව නියාලුව කොටි ඉස්සරහ දනින් වැටුණු පාලකයෝ ආයෙත් මේ රටේ බිහිවෙන්නේ නැහැ..බිහිවෙන්න මේ රටේ දේශප්‍රේමී ජනතාව ඉඩ තියන්නෙත් නැහැ..ඔබ තුමාටත් අවසානයේ කියන්න වෙන්නේ අර පෙරේරා ගොයියට කියපු එකම තමයි.. (ස)

:       0       0

පෙරේරා Thursday, 28 November 2013 02:22 AM

බන්දුල,මෙම ප්‍රශ්නයේ තීරණාත්මක සාධකය කවුද කියන එකත් මතක තබා ගන්න. (නි)

:       0       0

කපිල Thursday, 28 November 2013 02:22 AM

පෙරේරා මහත්තයා හරියට හරි. ඔබ ඕවා ගණන් ගන්න එපා. (නි)

:       0       0

වික්‍රම Thursday, 28 November 2013 02:39 AM

කණගාටුයි! (නි)

:       0       0

උපාලි Thursday, 28 November 2013 04:10 AM

පෙරේරා හිතන තරම් ඉන්දියාව මෝඩ නැහැ. මෙහෙ ඊළමක් පිහිටුවනවා කියන්නේ තමිල්නාඩුවත් ඉන්දියාවෙන් වෙන්වෙනවා කියන එකයි. (නි)

:       0       0

රානා Thursday, 28 November 2013 03:32 PM

එක පැත්තක මැරුන අය සමරනවා. ඒ පැත්තේම සමරන අය මරනවා. (නදී)

:       0       0

සරත් Thursday, 28 November 2013 04:39 AM

මේවට වගකියන්න ඕනෑ හොඳට තිබුන රටට ඇවිල්ලා ජාතිවාදය ඇවිස්සූ පිටරට අයයි (නි)

:       0       0

රන්ජිත් Thursday, 28 November 2013 05:33 AM

පෙරේරා මහත්මයා, ඔබ හරි. ඔබට යමක් තේරෙනවා.(නි)

:       0       0

අසේල Thursday, 28 November 2013 05:59 AM

මේ ගැන සැළකිලිමත් වන්න. මේ ප්‍රදේශ වල බුද්ධි අංශ වගේම මුලු රටේම බුද්ධි අංශ තර ක‍රන්න. මේ අයට තදින් දඩුවම් දෙන්න. (නි)

:       0       0

ෂෙහාර් Wednesday, 27 November 2013 05:43 PM

නැවතත් බිහිසුණූ අතීතයට යන හැඩයි (නි)

:       0       0

අප්පුහාමි Thursday, 28 November 2013 06:43 AM

ඉන්දියාව මේ පාර නම් හොද පාඩමක් උගන්නාවි. ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනු කරන්න දන්නැති මෝඩයන්ට කන්න වෙන්නේ හිමින් නෙමෙයි. පණ්ඩිතකම් යන්නම හොද පාඩමක් උගන්නාවි.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 27 November 2013 05:52 PM

තවත් කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ෂා Thursday, 28 November 2013 06:46 AM

සැකකරු කැමරන්!(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 28 November 2013 06:46 AM

ජයලලිතා මැතිනියත් කැමරන් මහත්තයත් අපේ රටේ මානව හිමිකම් කඩන අයට කිසිම බුරුලක් දෙන එකක් නෑ. හොද වැඩේ (නදී)

:       0       0

අප්පුහාමි Thursday, 28 November 2013 06:49 AM

උතුරේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් මිනිස්සු ඒ අයට ඕන විදියට පාලනය කලාම කාටවත් මොකද?(නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Wednesday, 27 November 2013 05:59 PM

තවම කොටි සෙවණැලි තිබෙනවා.වෙඩි තියපු කෙනා හොයාගන්න. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 28 November 2013 07:26 AM

පුදුමයි ඩේවිඩ් කැමරන් මේකට වරද කාරය කියල කවුරුත් කියන්නේ නැති එක. (නදී)

:       0       0

මගරි Thursday, 28 November 2013 04:33 PM

මෙතන අදහස් දාල තියෙන සමහරු ඉපදුන රට ගැන පුදුම වෛරයකින් ඉන්නේ කියල තේරෙනවා.ඒකට හේතුව සමහරවිට ඒ අය කැමති දේශපාලන පක්ෂයක් රට පාලනය කරන්නේ නැති නිසා වෙන්න ඇති.මොනවා වුනත් මතක තියාගන්න ආයේ ත්‍රස්තවාදයක් ඇති කරගෙන පවත්වා ගෙන යන්න නම් ඒ වගේ දුර්වල පාලකයෝ බලයට පත්වෙන්න ඕන. (ස)

:       0       0

රෝයි Thursday, 28 November 2013 08:00 AM

ලංකාවේ වෙන මිනි මැරුම් වල හැටියට ඕකත් එක සිදුවීමක් විතරයි. (නදී)

:       0       0

ජෙරාඩ් Thursday, 28 November 2013 08:05 AM

රජයේ හමුදා උතුරින් ඉවත් කල නොහැකි බව මෙවැනි සිදුවීම් වලින් සනාථ වෙනවා ඉදිරියේ මෙවන් සිදුවීම් නැවත සිදු නොවන සේ ආරක්ෂක අංශ වහාම අපරාද කරු සොයා නිසි දඩුවම් දෙන්න (නදී)

:       0       0

ආරියසේන Thursday, 28 November 2013 08:13 AM

පෙරේරා මහතා හොඳ අදහසක් ඉදිරිපත් කර තියෙනවා.අප්පුහාමිට නම් ටිකක් තේරනව මදි.(නදී)

:       0       0

ඉරන්ත ගමගේ Thursday, 28 November 2013 08:25 AM

පෙරේරා, සනත්ලා වගේ බොරුවට බුරන අය යුද්දේ කාලෙත් හිටියා. ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු ඉටු නොවුන එකේ කනගාටුවයි ඔය ප්‍රකාශ වලින් කරන්නේ.(නදී)

:       0       0

ටෙනිසන් Thursday, 28 November 2013 08:26 AM

සමහර අය එන් ජී ඕ සල්ලිවලට කහිනවා. (නදී)

:       0       0

රකිත් Thursday, 28 November 2013 08:38 AM

අනේ පව්, අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාට මේ දවස්වල හරියට නින්දකුත් නැති පාටයි. අර බීමතින් රිය පදවන්නන් අල්ලන්න ගෙනා බැලුම් බෝල කතාව නම් කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

මාගරී Wednesday, 27 November 2013 06:29 PM

කැමරන්ට, මානව හිමිකම් කට්ටියට මේවා වාර්තා වෙන්නේ නැද්ද ? (නි)

:       0       0

සමන්-කටාර් Thursday, 28 November 2013 08:38 AM

යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ (නදී)-

:       0       0

ෂාෆික් Wednesday, 27 November 2013 06:30 PM

නැවතත් මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

විජේ Wednesday, 27 November 2013 06:34 PM

කිසිම දෙයක් පොරවෙන් කපන්න වෙනතුරු ඉන්න එපා. නියපොත්තෙන් කඩන්න. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 27 November 2013 06:42 PM

තවත් බිහිසුණු යුද්දයක පෙර නිමිති වෙන්නත් පුලුවන් මේ අපරාද.දැම්ම පියවරක් ගන්න වෙයි.නින්දෙන් අවදි වී.(දිල්)

:       0       0

රාජේශ් Thursday, 28 November 2013 09:09 AM

හරියටම හරි පෙරේරා ...ඔයාගේ කටේ සිනී දාන්න ඕන ...මෙයාල යුද්දෙන් උදහස් වෙලා ..දැන් අපි යුද්ද කරන්නේ බඩට ..අනේ මගේ කට..(නදී)

:       0       0

පෙරේරා Wednesday, 27 November 2013 06:45 PM

දොරේඅප්පා මහතාගේ ඝාතනයෙන් තමා ප්‍රභාකරන් පටන් ගත්තේ. මේ අලුත් විනාශයට මුල යුද්ද ජයග්‍රහණයෙන් උඩඟු වුන මේ ජාතිවාදී ආණ්ඩුව සහ හෙළ උරුමය ඇතුළු සේනාව. ඉන්දියාව සද්දයක් නැතුව ඉන්නේ ලංකාවට අමතක නොවන පාඩමක් උගන්වන්න. මේ පාර අවුලවන්නේ ඉන්දියාව එලි පිටම, සහ රටවල් දෙකක් හැදීමට බව මතක තබා ගන්න. මේ ජාතිවාදී ආණ්ඩුවට උදවු කරන්න බල්ලෙක්වත් නැහැ. චීනයට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ ඉන්දියන් සාගරයේ. (දිල්)

:       0       0

තාරුක Wednesday, 27 November 2013 06:54 PM

කයිවාරු කියා කියා උත්සව පවත්වමින් සල්ලි නාස්ති නොකර හැම ජන කොටසකම වුවමනාකම් සළසා දුන්නා නම් උතුරේ වුණත් මෙහෙම ප්‍රතිපල ලැබෙන්නේ නැහැ. දැන්වත් රටේ හැම දෙනෙක් ගැනම හිතන්න. (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 28 November 2013 09:31 AM

කෝ.... හතුරෝ, කෝ හතුරෝ කෝ අපේ හතුරෝ.... (ස)

:       0       0

ආනන්ද Thursday, 28 November 2013 09:36 AM

ගොඩක් අයට දැන් කොටි ‍සහ ඉන්දියාව ගොඩක් හොඳ වෙලා හැබැයි ලංකාවට හැමදාම වින කලේ මේ දෙගොල්ල බව අමතක කරන්න එපා. මේ දෙගොල්ලට කත් ඇදල දේශපාලන වාසි ගන්න හදන කුහකයින්ටත් කවදාවත් ආත්මයක් නැහැ. (ස)

:       0       0

තුසිත Thursday, 28 November 2013 09:47 AM

පෙරේරා සහ සනත් කියන්නේ ඇත්ත. මේ ප්‍රශ්න ගැඹුරෙන් තේරුම් ගන්න ඉන්නේ බොහොම ටික දෙනයි. ප්‍රාදේශීය සභාවෙන් පටන් ගත් මිනීමැරුම් වලට රටේ පාලකයන් ගත්ත පියවර මොකක්ද ? (ස)

:       0       0

පීටර් Thursday, 28 November 2013 09:48 AM

පෙරේරා මහතාගේ තිත්ත ඇත්ත දිරවා ගන්න බැරි අය තව ගොඩක් ඉන්නවා. ඒකනේ හැමදාම රැවටී රැවටී ඉන්නේ. (නදී)

:       0       0

සමන් Wednesday, 27 November 2013 07:10 PM

පෙරේරා,උපන් භූමියට අපහාස කරන්න එපා (නි)

:       0       0

විජේ Thursday, 28 November 2013 09:58 AM

පෙරේරා, සනත්, අප්පුහාමි වගේ ඩොලර් කාක්කෝ යුධ සමයේත් අපි දැක්ක ප්‍රභාකරන්ට කඩේ යන හැටි.මේගොල්ලන්ට ඕන තමන් උපන් රට පැත්තකින් තියල නැවත යුද්දෙකට පාර කපල රටට විරුද්ධව කෑ ගහල රාජ්‍ය නොවන සංවිධාන වලින් දෙන ඩොලර් වලින් සාක්කු පුරවාගන්න. (ස)

:       0       0

ඉන්දික Wednesday, 27 November 2013 07:21 PM

පෙරේරා, ඉන්දියාව එච්චර ලොකුද? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 27 November 2013 07:30 PM

කොටි හෙවනැලි තවමත් හොල්මන් කරනවා . මේවට ඉන්දියාව උදව් කරනවා .(නදී)

:       0       0

අනුර Thursday, 28 November 2013 10:14 AM

පෙරේරා උන්නැහේගේ බලාපොරොත්තුව එතරම් නම් හොඳ නැහැ ඉන්දියාව දෙමල ජාතිය සඳහා පමණි පෙනී සිටින්නේ. දේසපාලන පක්ෂ එම යට අදාල නැහැ (ස)

:       0       0

දාස් Wednesday, 27 November 2013 07:44 PM

පෙරේරා මහත්තයාථ දන්නා දෙයක් කතාකරන්න. ඉන්දියාවට මොකද ඔච්චර අදින්නේ අපිට හැම වෙලේම උදැල්ල දාන නිසාද ? චීනය නැත්නම් තාම ලංකාවේ ප්‍රභාකරන් ජිවත් වෙනවා (නදී)

:       0       0

අනුර Thursday, 28 November 2013 10:18 AM

පෙරේරා ඇත්තටම නුඹේ අම්මා අප්පා සිංහල ද ලාංකිකද? පහුගිය කාලේ හිටියේ හිටියේ කොතැනද? මේකට දේශපාලනය අවශ්‍ය නැහැ. දෙමල ජනතාවගේ අරගලය දිගටම තියේවි. ඊළම දෙනකම් මේකට යොමු කරන්නේ දෙමල දේසපාලනය සහ ඩයස්පෝරාව. (ස)

:       0       0

පොරමොලා -බින්තැන්න Thursday, 28 November 2013 10:31 AM

ජාතික වීර දිනය ජනවාරි 15 .වෙනි දින සැමරීමට ඉඩ නැත.(නදී)

:       0       0

මගලී පර්නෑන්ඩු Wednesday, 27 November 2013 08:04 PM

ආශ්චර්යය අනේ (නදී)

:       0       0

අප්පුහාමි Thursday, 28 November 2013 10:50 AM

විජේ,අපට ඩොලර්ස් ලැබෙන්නේ සාක්කු වලට නෙමෙයි ගෝනිවලට. එන්.ජී.ඕ වලින් මුදල් ගෙන රටට එරෙහි වන අය අත්අඩංගුවට ගන්න නීති හදන් නැතිව හැමදාම ඕක කියවනවා විතරයි. තුනෙන් දෙකේ බලයෙන් පුලුවන් අවනත නැති අගවිනිසුරුවො අයින් කරන්න විතරයි.(නදී)

:       0       0

දබ්බා Thursday, 28 November 2013 10:57 AM

මෙය සාමන්‍ය සිදු වීමක් වෙන්න පුලුවන්.. උතුරේ එක මිනිහෙක් මැරූ පමණින් ආණ්ඩුවට හෝ ආරක්ෂක අංශවලට බනින එක මොඩ වැඩක්.. අවුරුදු 30 ක යුද්ධයක් තිබුනු ප්‍රදේශයක ආයුධ නැති වෙන්න බැනේ..(නදී)

:       0       0

කැලුම් Thursday, 28 November 2013 11:18 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (ස)

:       0       0

සුනෙත් Wednesday, 27 November 2013 08:51 PM

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියල කියන්නේ මොකටද කියල දැන් තේරෙනවා නේ..(නදී)

:       0       0

කමල්ජිත් Wednesday, 27 November 2013 08:54 PM

පෙරේරා වගේ විකාරෙන් කෑ ගහන උදවිය යුද්දේ කරන කාලෙත් අපි දැක්කා. (නදී)

:       0       0

රූපවතී Thursday, 28 November 2013 11:52 AM

මම නම් කැමතියි ඔය විදියට ගොයියෝ ටික එයාල එයාලම එකතු වෙලා ඉවරයක් වෙනව නම්. ..එවිට අපේ හමුදාවට පොලීසියට ..ශක්තිමත් වෙන්න පුළුවන් ..උතුරේ අය හිතාගෙන ඉන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් කියආ ..අපේ කොල්ලෝ ජීවිත බිලි දීල බේර ගත්තු රටේ ..ඉන්දියාවේ නීති ස්ථාපිත කරගන්න හදන අයට....ශ්‍රී ලාංකික දේශයේ ආරක්ෂාවෙන් නැගිටින්න වෙන වග පෙන්වන්න ඕන..? අපේ හමුදාව උතුරෙන් ඉවත් කරගන්න එකට තරයේම මා විරුද්ධයි ...? උතුර කියන්නේ අපේ රටේම කොටසක් ..කවුරුවත් කැමති නැහැ ..අපේ නිවසේ කාමරයක් වෙනත් රටක එකෙක් ඇවිත් ..බලෙන් පදිංචි වෙලා ඉන්නවා දකින්න ..හදවතින් කවුරුවත් කැමති නැහැ ...? ඒ වගේම තමයි අපි දේශයට ආදරෙයි ..සැවොම ජීවත් වෙන්න ඕන කෑලි කඩන්නේ ..වෙනත් නීති ස්තාපිත කරන්නේ ...පාලකයෝ දෙන්නෙක් මොකටද ...? (ස)

:       0       0

මොහාන් Wednesday, 27 November 2013 09:00 PM

පෙරේරා ල නිසා තමා රටට මෙහෙම වෙන්නේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 27 November 2013 09:01 PM

පෙරේරා මහත්තයෝ, බල්ලෝ උදව් කරපු ආණ්ඩු ඇති. මේ ආණ්ඩුවට බල්ලන්ගේ උදව් අවශ්‍ය නැහැ.. ත්‍රස්තවාදයට අවශ්‍ය පිළිතුර දුන්න වගේම නැවත ආරම්භ කරනවා නම් ඒකටත් විසදුම් මේ ආණ්ඩුවේ තියෙනවා. ඉන්දියාව දන්නවා ඔබ තුමා නොදන්නවා උනාට. ඔබ තුමා මොකක්ද කරන්න කියන්නේ. කට්ටියට ඉඩම් පොලිස් බලතල දීල සාමදනේ සැතපෙන්න කියලද? මේක හරියට තල් අත්ත වැටුනම ලෝකේ පෙරලුන කියල දිව්වා වගේනේ..දකුණේ කොච්චර මිනී මැරුම් වෙනවද? අද මේ රටේ නීතිය උතුරටත් වලංගුයි. අපරාදකරුවන්ට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මොකටද මේක කලේ කව්ද මේක කලේ කියල ඉදිරියේදී හෙළිදරව් වේවි. ඔබ තුමාට හිටි තැන පහවුණු දේවල් පිහදා ගන්න. ගද ගහනවා හැමතැනම. (නදී)

:       0       0

සනත්- කටාර් Wednesday, 27 November 2013 09:01 PM

පෙරේරා මහත්තයටනම් යමක් තේරිලා තියන පාටයි. මේ අය හිතාගෙන ඉන්නේ අර ගමේ මරණාධාර සමිතියේ වගේ රණ්ඩු කරලා එක එක රටවල් වලට රිද්දන්න පුළුවන් කියලා . ඔය ඔල මොට්ටලකම්වල පව් ගෙවන්න වෙන්නේ අනාගත දරු පරපුරට. ඔය මිනී මරුමත් අනාගත විපතක සෙවනැල්ලක් . බොරුවට රට ගැන උදම් අනල පම්පෝරි ගහන එක දේශපාලකයෙකුගේ එක දරුවෙකුගේවත් අනාගතය අවිනිශ්චිත නෑ. ඒ අයට වෙන රටවල් වල මෙහෙන් යවපුවා තියනවා . මේ රට බෙල්ල ගාවටම හිරවෙන කාලය ගැන අපිට දැන් දැනෙමින් තියනවා .අපිට කියන්න තියෙන්නේ "මිනිසුනේ අවදිවව් " කියන එක තමා.(නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 27 November 2013 09:08 PM

පෙරේරා හෝ කවුරු කිවුවත් කතාව ඇත්ත. (නි)

:       0       0

සෙන්දීර Wednesday, 27 November 2013 09:18 PM

සනත්,ඔබතුමා කටාර් ගියා නම් එහෙට වෙලා ඉන්නවද දවල් හීන දකින්නෙ නැතුව (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 27 November 2013 09:24 PM

---''අළු යට ගිනි''---- (නි)

:       0       0

සිංහ Wednesday, 27 November 2013 09:37 PM

ප්‍රභාකරන් නමැති පිළිකාව දැන් හැමතැනම ඔඩුදුවලා. මේක දැන් මේක ඉතාම පරීක්ෂාකාරීව විසඳා ගත යුතුයි (නි)

:       0       0

අමිත් Wednesday, 27 November 2013 09:39 PM

අපේ අනෙක් නායකයින්ටත් නැවත ආරක්ෂාවන් තර කරන්න වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 844 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 751 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1022 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 204 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1213 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site