IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'ඩිස්කවරි' චැනල් එකට යන ආසාව තාම තියෙනවා

 

20160620Denushka-22

උදයකාන්ත වර්ණසූරියගේ 'චැලෙන්ජර්ස්' සිනමා නිර්මාණය හරහා රංගනයට පිවිසි දෙනුෂ්කා වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසයි. මේ වනවිට තාවකාලිව කලාකටයුතුවලින් ඉවත්ව සිටින දෙනුෂ්කා, ගුවන් සේවිකාවක ලෙස වසර 2ක කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින්නීය. දැනට 'චැනල් සී' නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදී සම්බන්ධවූ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ද රසික ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි.

 

20160620Denushka-4දෙනුෂ්කා දැන් කලාවෙන් ඈත් වෙලාද?

ගුවන් සේවිකාවක් විදිහට දැනට මම 'ශ්‍රී ලංකන් එයාර්ලයින්' සමාගම සමග වසර 2ක් තිස්සෙ වැඩ කරනවා. ඒ හින්දා ලොකුවට කලාව පැත්තට සම්බන්ධ වෙලා වැඩ කරන්නෙ නැහැ. ඒත්, මම 'චැනල් සී' රූපවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට තාමත් වැඩ කරනවා. ඊට අමතරව පසුගිය කාලෙදී වෙළෙඳ දැන්වීම් කිහිපයටත් දායක වුණා. ඉතින් ඉඩ ලැබෙන පරිදි කලා කටයුතුවලටත් සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා. ඒත්, ගොඩක් ආරාධනා ලැබුණේ දිර්ඝ ටෙලිනාට්‍යවලට. ඉතින් මම කරන රැකියාවත් එක්ක ඒ නිර්මාණවලට දායක වෙන්න බැහැනේ. කොටස් 40ක් වගේ තියෙන ටෙලිනාට්‍යකට එකතු වෙලා වැඩ කරන්න නම් මම කැමතියි. නමුත්, එවැනි නාට්‍යක ආරාධනාවක් මට ලැබුණේ නැහැ. අන්තිමට මම රඟපෑ‍‍වේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේම නිෂ්පාදනයක් වූ 'සිත් අහසයි' කියන ටෙලිනාට්‍යයේ.

 

ගුවන් සේවිකාවක වෙන්න දෙනුෂ්කා හීන මවපු කෙනෙක්ද?

නැහැ. මගේ හීනේ වුණේ නිවේදිකාවක් විදිහට ජාත්‍යන්තර නාළිකාවකට සම්බන්ධ වෙන්න. නමුත්, හිතේ කොණක ආසාවක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්නත්.

 

ජාත්‍යන්තර නාළිකාවට එකතු වෙන හීනේ දැන් අමතකද?

නැහැ. ගුවන් සේවිකාවක් විදිහට මට තව අවුරුදු 2ක් විතර වැඩ කරන්න ඕනා. ඊට පස්සෙ මේ රැකියාවෙන් ඉවත් වෙලා ජාත්‍යන්තර නිවේදිකාවක වෙන ඉලක්කය සපුර ගන්න ඕනා. ඇමෙරිකාවේ 'ඩිස්කවරි' රූපවාහිනි නාළිකාවට සම්බන්ධ වෙන්න තමයි මම දැනට සැලසුම් කරලා තියෙන්නේ.

 

20160620Denushka-1නිවේදිකාවක් වුණොත් රංගනය පැත්තට යොමු වෙන්නේ නැද්ද?

යොමු වෙනවා. හැබැයි ඉඩ ලැබෙන පරිදි. ඒත්, වෘත්තිය මට්ටමේ නිවේදිකාවක් විදිහට වැඩ කළොත් මට බොහෝදුරට රංගනයට පැත්තට යොමු වෙන්න කාලයක් නැති වේවි.

 

ගුවන් සේවිකාවක් විදිහට දැනට රටවල් කොපමණ ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවාද?

'ශ්‍රී ලංකන් එයාර් ලයින්' ගමන් කරන සෑම රටකටම වගේ ගිහිල්ලා තියෙනවා. මම හිතන්නෙ රටවල් 10කට 12කට වගේ ගිහිල්ලා තියෙනවා.

 

මේ රටවල් අතරින් ආස කරපු රටක් එහෙම ඇති?

ඉතාලියට ගොඩක් ආසයි. යුරෝපා රටකට වගේ අපි ගියොත් දවස් 3ක් දෙනවා රට තුළ සංචාරය කරන්න. ආසියාව වගේ රටකට ගියොත් ලැබෙන්නේ දින 2ක් කාලයක්. ඉතින් රට රටවල සංචාරය කරන්න ලැබීමත් එක්තරා විදිහට ලොකු වාසනාවක් කියලයි මම හිතන්නේ.

 

බුද්ධික සේනාධීර/ඡායාරූප අනුග්‍රහය - දෙනුෂ්කාගේ ෆේස්බුක් ගිණුම

20160620Denushka-2 20160620Denushka-3 20160620Denushka-5 20160620Denushka-6 20160620Denushka-7 20160620Denushka-8 20160620Denushka-9 20160620Denushka-10 20160620Denushka-11 20160620Denushka-12 20160620Denushka-13 20160620Denushka-14 20160620Denushka-15 20160620Denushka-16 20160620Denushka-17 20160620Denushka-18 20160620Denushka-19 20160620Denushka-21

 



අදහස් (0)

'ඩිස්කවරි' චැනල් එකට යන ආසාව තාම තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 604 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1159 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1726 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 432 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1155 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2126 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site