දකුණු ඇමරිකාවේ හිටපු තානාපතිවරයකු, ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ ලේකම්වරයකු හා ඊටත් කලින් හිටපු පොලිස්පතිවරයකුගේ නොගෙවූ මත්පැන් බිල නිලධාරි නිවස්නයේ ටික දවසක් එල්ලා තිබිණි.
රුපියල් 5000කට වඩා ණයට බොන්න නොදෙන මෙම නිවස්නයේ මත්පැන්හලින් එමෙන් තුන් ගුණයකටත් වැඩි මුදලක් දී තිබිණි.
පොලිස් පාර්ක් නිවස්නයේ දැන්වීම් ලෑල්ලේ එල්ලා තිබුණේ ඔහුගේ නම පමණක් නොවේ. එසේ නම් එල්ලා තිබූ කිසිවකුටත් ආයෙත් නම් ණයට බොන්නටත් බැරිය. ඒ පැත්ත පළාතේ යන්නටත් බැරිය. පරණ කාකි ලොක්කා මෙතරම් බිව්වේ කොයි කාලේදැයි එහි යන එන්නෝ අසති. ලේකම් කාලේ විය හැකි යැයි කියති. දැන් ඔහුගේ නම ණයට බිව් ණයකාරයන්ගේ ලැයිස්තුවේ නැත.
පොලිස්පති ඔහු ඒ අමාරුවෙන් ගොඩගන්නට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වෙළඳ කලාපේ මරණේ සිදු උනදා මහා මන්දිරෙදී ගුටි කාලා "අරූ මගේ වයසවත් බලන්නේ නැතුව ගැහුවා " කියා කිව්වේ මෙතුමා නේද ? (නදී)
බාල වැඩකරන්න හරිම සුරයෙක් වගෙයි පේන්නේ (නදී)
නියම දඬුවම තමයි දීලා තියෙන්නේ (නි)