IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ශ්‍රී ලංකාව හා පකිස්තානය කරට කර

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව, පාකිස්තානය සමග සිය පළමු තරගාවලිය අරඹමින් ඊයේ පැවති කේවල තරගයකින් තරග වට 3-0 ක් ලෙස ජය ලැබීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය.
මෙම තරගාවලිය ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ඊයේ (1 වැනිදා) පැවති පළමු තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා සමගින් අඛීල් ඛාන් තරග වැදුණු අතර  එහිදී දිනේෂ්කාන්තන් පළමු වටය ලකුණු 6-4 ක් ලෙස ජය ගැනීමට සමත් විය. නමුත් දෙවන වටයේදී ඔහු ලකුණු 1-6 ක් ලෙස අඛීල් ඛාන් හමුවේ පරාජයට පත්විය. තෙවන වටය ලකුණු 2-4 ක් ලෙස තිබියදී දිනේෂ්කාන්තන් ආබාධයකට ලක්වී තරගයෙන් ඉවත් වීම හේතුවෙන් අඛීල් ඛාන්ට තරග වට 2-1 ක ජයක් හිමිවිය.
   
දෙවැනි තරගයේදී හර්ෂණ ගොඩමාන්න සමගින් අසාම් කුරේෂි තරග වැදුණ අතර එහිදී අසාම් කුරේෂි පරදවා හර්ෂණ ගොඩමාන්න තරග වට 3-0 ක් ලෙස ජය ලැබීය. තරගයේ පළමු වටය ලකුණු 7-6 ක් ලෙස ජයගත් හර්ෂණ දෙවන සහ තෙවන වට ජයගත්තේ පිළිවෙළින් ලකුණු 7-5 ක් සහ 7-6 ක් ලෙස ලකුණු වාර්තා කරමිනි.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගාවලිය කේවල තරග 4 කින් සහ යුගළ තරගයකින් සමන්විත වන අතර යුගළ තරගය අදත් (2 වැනිදා), ඉතිරි කේවල තරග 2 හෙටත් (3 වැනිදා) පැවැත්වීමට නියමිතය.

අද (2 වැනිදා) පැවැත්වෙන යුගළ තරගය සඳහා හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්ෂ, අඛීල් ඛාන් සහ අසාම් කුරේෂිට එරෙහිව තරග කිරීමට නියමිතය. හෙට (3 වැනිදා) පැවැත්වෙන ඉතිරි කේවළ තරග දෙක සඳහා හර්ෂණ ගොඩමාන්න සමගින් අඛීල් ඛාන් ද, දිනේෂ්කාන්තන් තංගරාජා සමගින් අසාම් කුරේෂි ද තරග බිමට පිවිසීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම රොහාන් ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර දිනේෂ්කාන්තන් තංගරාජ්, හර්ෂණ ගොඩමාන්න, අම්රේෂ් ජයවික‍්‍රම සහ රජීව් රාජපක්ෂ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.  මොහොමඞ් කලීිඞ් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරන අතර අඛීල් කාන්, මොහොමඞ් අබීඞ්, යසීර් කාන්, අසාම් කුරේෂි සෙසු කී‍්‍රඩකයෝ වෙති.

 

හර්ෂණ ගොඩමාන්න ජයග‍්‍රහණයෙන් පසු

 



අදහස් (0)

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ශ්‍රී ලංකාව හා පකිස්තානය කරට කර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 647 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 839 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1926 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1057 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2626 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site