IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘තේ අර්බුදය උග‍්‍රයි: ප‍්‍රමාණවත් දලු නෑ’

පෝර මිල ඉහළයෑමත්, අමු තේ දලූ මිල පහත වැටීමත් සහ පවතින දැඩි නියඟයත් සමඟ ප‍්‍රමාණවත් අමු තේ දලූ නොලැබීමෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ තේ කම්හල් වැසියාමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි තේ කම්හල් හිමියෝ පවසති.

වැවිලි සමාගම් සහ පෞද්ගලික අංශ වලට අයත් තේ කම්හල් සියයකට වැඩි ප‍්‍රමාණයක් රත්නපුර පිහිටා ඇත. කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන තේ ප‍්‍රමාණය සතියෙන් සතිය පහළ යමින් පවතින බවද ඔවුහු කියති.

තේ කම්හල් ආශ‍්‍රිත රැකියාවල නිරත පිරිස් වලට වැටුප් ගෙවීම් පවා ගැටලූවක්ව ඇති බව පවසන තේ කම්හල් හිමියන්, අනියම් සහ කොන්ත‍්‍රාත් පදනම මත කම්හල් වලට ලබා ගන්නා සේවාවන් සහ රැකියා අවස්ථා නවතා දැමීමට පියවර ගෙන ඇතැයි කීහ.

තේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන තේ ප‍්‍රමාණය ශිඝ්‍ර ලෙස අඩුවෙමින් යද්දී තේ කිලෝවක මිල සුළු ප‍්‍රමාණයකින් ඉහළ ගිය ද කුඩා තේ වතු හිමියෝ තේ අර්බුදය හමුවේ විශාල ආර්ථික අපහසුතාවකට ලක්වී සිටිති.

 



අදහස් (0)

‘තේ අර්බුදය උග‍්‍රයි: ප‍්‍රමාණවත් දලු නෑ’

මැටිපහන Tuesday, 22 March 2016 07:22 AM

ලංකාව තේ වැවීමට නුසුදුසු වේගනයි එන්නේ. තේ කියන්නේ දේශගුණික වෙනස් වීම් වලට සංවේදී ශාකයක්. වෙන බෝගයකට යොමු වෙන්න කාලය ඇවිල්ල වගේ. මම දැකල තියෙනවා උඩරට පළාත් වල දැන් දැන් කුරුඳු වගා කරනවා. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 22 March 2016 07:35 AM

ගැටළුවක් නැහැ අපි ඉන්දියාවෙන් තේ ගෙන්වනවා, අඩුමිලට තේ වෙළදපොලට ලබාදෙනවා. අපේ තේ ඉඩම්වල රබර් හදනවා. ඒවගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, අපේ දේශීය කෝපි කර්මාන්තය නගාසිටුවීමට හැකිපමනින් දායක වෙන්න කියලා. (ර)

:       0       0

සුසන්ත Monday, 21 March 2016 05:50 PM

සුමිත්‍රා, ඕකට කියන්නේ යහපාලනය. ඇයි අවුල්ද? (ර)

:       0       0

කපිල Monday, 21 March 2016 06:20 PM

වෙනස සැප වැඩියිද සුමිත්‍රා? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 21 March 2016 07:04 PM

සුසන්ත, අපි ජීවත්වුණේ තේ වලින්. අපේ ගම් වල හුඟදෙනෙක් ඒ වගේ. අපිට දැන් අවුල් නෙමෙයි, යහපාලනය වහ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

චන්දා Monday, 21 March 2016 09:15 PM

තේ දළු අඩුවීමට හේතුවත් රාජපක්ෂ ආණ්ඩුව වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

තිස්ස Monday, 21 March 2016 10:57 AM

තේ වලට හොඳ මිලක් නොලැබෙන අතර ,පොර මිල 2900 ක් වී ඇත,දළු කඩන අයගේ පඩි ඉහල දැමීමක් ඉල්ලයි දැන් පොර මිල අනුව දළු කිලෝ එකක් පැට්ටරියට යවන්න රු 45-50ක් වැයවේ ,රු 58-60 මිලක් ලැබේ ඉතින් දළුවලින් ජීවත් වන්නේ කොහොමද? (අ)

:       0       0

ශාන්ත Tuesday, 22 March 2016 12:26 AM

පසුගිය රජය එහෙම මැජික් පෙන්නුවේ කොහොමද කියලා හොයල බලන්න ඕනෑ. ආණ්ඩු වෙනස්වුණ පළියට ලෝක වෙළඳපොළේ තත්වයන් වෙනස් වෙන්නේ නැහැ. එයාලා ආණ්ඩුවෙන් රුපියල් 10 ක් කිලෝ එකකට දීලා තේ දළු ගන්න මිල ඉහළින් තියා ගත්තා. එහෙම දෙන්න සල්ලි එයාලට කොහෙන් ලැබුනද කියලා හොයලා බලන්න ඕනෑ. (නි)

:       0       0

සඳරුවන් Tuesday, 22 March 2016 01:34 AM

ශාන්තගේ මොළේ තමයි මොළේ. අනේ හැබෑට! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 21 March 2016 01:28 PM

කුඩා තේ වතු හිමියන් දැන් අන්ත අසරණ තත්වයට ඇදවැටී ඇත. පෙර තිබු රජය තේ වලට ඉහල මිලක් ලබා දුන්න. පොහොර සහනාදාරය පවා තේ වතු හිමියන්ට කිසිම කරදරයකින් තොරව ලබාගැනීමට හැකිඋනා. අද මොකක්ද මේ තියන තත්වය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1760 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1653 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1155 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 616 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1140 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site