ශ්‍රී ලංකා තේ ඉතිහාසයේ අමු තේ දලු කිලෝවක් සඳහා කුඩා තේ වතු හිමියනට වැඩිම මුදලක් ගෙවීමට පහත රට ඇතැම් තේ කම්හල් හිමියෝ සමත් වී සිටිති.
මේ අනුව ඔක්තෝබර් මාසය සදහා අමු තේ දලු කිලෝවකට රුපියල් 92.10 ක් කුඩා තේවතු හිමියනට ගෙවා ඇති බව කළුබෝවිටියන සී ටී සී තේ කම්හලේ අධිකාරී ජනක තිලකරත්න මහතා පවසයි.
කළුබෝවිටියන තේ කම්හලේ නිෂ්පාදිත තේ කිලෝවක් සදහා ශ්‍රී ලංකා තේ වෙන්දේසියේදී රුපියල් 688 ලැබු බවත් එය පහත රට තේ සදහා තේ වෙන්දේසියේදී ලැබුණු ඉහළම මිල බවත් තිලකරත්න මහතා කියයි.
කළුබෝවිටියන තේ කම්හලට කුඩා තේ වතු හිමියන් 2100 දෙනකු අමු තේ දලු සපයන අතර විසි දහසක පමණ දෙනෙක් එයින් ප්‍රයෝජන ලබති.
පහත රට තේ නිෂ්පාදනයේ නෙළුව මැද ගම තේ කම්හල වෙන අමු තේ දලු සපයන කුඩා තේ වතු හිමියන් සදහා අමු තේ දලු කිලෝවක් සදහා රුපියල් 84.50 ක මුදලක් හිනිදුම හීන්ගල්ගොඩ තේ කම්හල අමු තේ දලු කිලෝවකට රුපියල් 86.00 ක්ද නෙළුව මාවනාන සුවිස්කා තේ කම්හල දලු තේ කිලෝවකට රුපියල් 83.00 ක්ද තවලම සිහාරා තේ කම්හල රුපියල් 83.00 ගෙවා ඇති බව එම කම්හලේ අධිකාරිවරු පැවසුහ.
අමු තේ දලු සදහා රුපියල් 80 ක් 92 ක් දක්වා මිලක් ලැබෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ පැන් දින දින වැඩි වැඩියේ ,,,,, බීමෙන් සිරුරට සැප වැඩිවේ (නදී)
ඒ උනත් ලංකා තේ වලට ලැබිය යුතු තැන වෙන සමාගම් නිසා නැති වෙනවා. අපේ ප්‍රතිරූපය නැවත ඇති කර ගත යුතුයි.ඉස්සර නම් ලංකාවෙ කොහු බත් හිටන් රට යවල තියෙනවලු. (ස)
උඩරට තේ කිලෝ එකක් කීයද ?? මාතලේ තේ කිලෝ එකක් කීයද ?? (ස)
කුමාර, ඔය මේ ගණන් හිලව් බලන්නේ මොකද? ඔයා ආර්ථික සංවර්ධනයෙන්ද ? තේ එකක් බීල වැඩක් බලාගෙන ඉන්නවා හලෝ. (ස)
දුප්පතාගේ හිතවතා සි ටි සි කම්හලේ තිලකරත්න මහතාය..!! මේ අපේ වන්නි තිලක් රත්නද....? ගොඩක් දැවිල්ලට බත් කාල ඉගුරු දාලා උණු උණු තේ එකක් බොන කොට කොහොමද රසේ..!! හ්ම් හ්ම්ම් කියල වැඩක් නැහැ .. (ස)
100ක් ගෙවුවත් පවු විදින දුක දැක්කම.වර්ෂාව කියලා නිකන් ඉන්න බැහැ.දළු මෝරනවා.කූඩැල්ලන්.ගමනක් බිමනක් යන්න වෙලාවක් නැහැ.තේ කෑල්ලෙම තමයි ජිවිතේ.තව වැඩිවේවා! (නි)
උඩුනුවර අපේ තේ වලට නම් තාම ගෙවන්නේ රුපියල් 57.00-59.00 යි. වතුර තිබ්බත් නැතත් 4%-5% මුළු තොග බරෙන් කපනවාමයි.කොච්චර හොඳට දුන්නත් ආයේ තව 1%-2% ක් දළු පැසී තිබීමට පුළුවන් කියා කපනවා. ග්‍රෑම් 300ක් වත් බර නැති දළුගෝනි වලට කිලෝ 1ක් කපනවා. කිලෝ 1.4 ක් බර ප්ලාස්ටික් කූඩ වලට කිලෝ 2ක් කපනවා. කිරනකොට කිලෝ 1ක් අඩු කරනවා. ග්‍රෑම් 1000 ට අඩු බර ගණන් ගන්නේත් නැහැ. හරිම අසාධාරණයි. අන්තිමට පාඩුයි. ඔක්කොම මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමයි දළු ගන්නේ. ඒ අයම තමයි ෆැක්ටරිකාරයෝ. පුළුවන් නම් ප්‍රමිතියක් සහ නීතියක් පනවලා දෙන්න බර සදහා. පින්සිදු වෙයි. ප්‍රාදේශීය සභා සහ තේ සමිති ගණන් ගන්නේ නැහැ. වැඩක් නැහැ. ඔවුන්ට කළ හැකි දෙයකුත් නැහැ. (නි)
නුවන්, ඔබ හරි. මගේ ළඟත් කිහිප දෙනෙක් දළු කඩනවා. මම ඔවුන්ට සළකන්නේ සේවකයෝ කියන මට්ටමින් නොවෙයි. සර්පයෝ කූඩැල්ලෝ අවු වැසි දුක බඩගින්න සමග ඔවුන් කරන සටන ගැන මට හරිම දුකයි. මගේ සේවකයින්ට මම වැටුපට අමතරව දුකට සැපට හොයලා බලනවා. ලද දෙයින් සතුටු වීම මගේ අරමුණයි. තණ්හාවට ගොඩ ගහගන්න මට ඕනෑ නැහැ. (නි)
කෝ මේ සුද්දන්ට බැනපු කට්ටිය? අපිට ඉතුරුවෙලා තියෙන්නේ සුද්දා ගෙනාපු තේ ගහයි, රේල් පාරවල් ටිකයි විතරයි. වෙන මොනවද තියෙන්නේ? සුද්දා ඒකත් නොකළා නම් අපි අද ඉතියොපියාවට වඩා හපන්.මොකද පාලකයො ගසා කන විදියට, පහතරට සාමාන්‍ය මිනිස්සු යන්තම් හරි ඔලුව උස්සාගෙන ඉන්නේ මේ තේ දල්ලට පිං සිද්ධ වෙන්න (නි)
කුමාර, පහතරට කහට වැඩි තේ වලට ඉල්ලුම මේ දවස් වල වැඩියි. වැඩි මිලක් ලැබෙනවා. උඩරට සාමාන්‍ය තේ වලට ලැබෙන්නේ අඩු මිලක්. නමුත් විශේෂ තේ වර්ග වලට නම් මිල වැඩියි. මම හිතන්නේ කහට වැඩි තේ අපෙන් අරන් කෙන්යාවේ , ඉන්දියාවේ බාල තේ වලට කලවම් කරනවා ඇති. 2013 වැස්ස වැඩි වසරක් නිසා රබර් හිමියන්ට නම් අන්තිම පාඩුලු. සමහරු පරණ රබර් ගලවලා තේ දානවා (නි)
ඇත්තටම ඔහොම මිලක් ලැබෙනවා කියන්නේ නියමම තමයි.අපේ ගෙවල් යැපෙන්නේ ඔය තේ වලින් නිසා ඔය මිලවත් හුග කාලයක් වෙනස් නොවී තිබේවා! ජයවේවා! (නි)
( ශාන්ත මහතා වෙත ) මාතලේ අපේ තේ වලට කිලෝ එකකට උපරිම ගෙවන්නේ රු 62.50 විතර . එකය් ගණන් ඇහුවේ . අලුතෙන් වැඩි වෙලාද දන්නේ නැහැනේ අපි නොදැනුවත්ව . (දී)
අපටනම් තාම ඔය කියන තරම් ඉහල මිලක් ලැබුනේ නෑ දැනට ලැබුන ඉහලම මිල රුපියල් 74 අමු තේ දළු කිලෝවකට තේ මිලත් මුහුදු රළ වගේ විටක වැඩි වෙලා විටෙක පහල මිලක රැදෙනවා (දී)
අමිල කටුනායක, > ඉස්සර නෙමෙයි දැනුත් ලංකාවෙන් ඇමෙරිකාවට කොහුබත් එවනවා. ගිය අව්රුද්දෙ කොහු බත් අපනයන කරුවෙකුට සම්මානයකුත් ලැබුන, ලංකාවේ කොහුබත් වලින් ඇමෙරිකාවේ හතු වගාවන් ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. (දී)
ඉර්ෆාන්, ස්තූතියි ඔබගේ දැනුවත් කිරීමට (නි)