IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තේ පෝර මිටියට සහනයක්

(අංජුල මහික වීරරත්න)

තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල්  4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පසු ගිය කාල පරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති බව හඳුනාගනු ලැබ ඇත.

එබැවින්, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගා කරුවන්ට සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බව රජය පවසයි.

ඒ අනුව, රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000ක සහනයක් සහිතව තේ වගාකරුවන් වෙත ලබා දීම පිණිස කෘෂිකර්‌ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (4)

තේ පෝර මිටියට සහනයක්

Lalla Thursday, 22 August 2024 02:47 PM

ඇයි තේ වලට විතරක්. පොල් රබර් පලතුරු... මේව වගා නොවේද?

:       0       5

සෙනෙවිරත්න Thursday, 22 August 2024 03:32 PM

මේක මීට දවස් ගණනාවකට පෙරත් කිව්වා නේද? ඒක ලැබෙනකං බලං හිටියා, මෙන්න අද වෙන කතාවක්...? ඕක කතා කරකර රැස්වීම් වල කියව කියවා ඉන්නේ නැතිව කරලා පෙන්වන්න ඇමැතිතුමෝ...!

:       0       2

Nilame Thursday, 22 August 2024 04:18 PM

4000/= සහනයක් කියන්නේ 50000/= මිල කරලා 46000/= දෙනවා කියලාද කියන්නේ? මේ කියන්නේ වංචාවක් කියලා හිතෙනවා. නැත්නම් ඇයි මිල කියන්න බැරි? කොහොම වුණත් පොහොර නම් එතරම් හොඳ නැහැ කියලා කියන්න වෙනවා. එහෙම කියන්නෙ අගෝස්තු මස 04 වැනිදා මම ඉඩමට පොහොර යෙදුවා තවම (22 දින) නම් කිසිම ප්‍රගතියක් නැහැ. පොහොර හොඳ නම් එහෙම වෙන්න බැහැ..

:       0       4

Jayantha Thursday, 22 August 2024 06:13 PM

ඡන්ද එනකන්ම හිටියා. දිනන්නේ නැති නිසා එක නිවසකට ලක්ෂය ගානේ බෙදනවා කියලා කියන්නත් බැරිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 7 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 263 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 23 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 655 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 661 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14066 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19789 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site