IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තේ මිළ ඉහළ යන තුරු වැඩි පඩි නැහැ

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරිය සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වීම නිසා  සයවන දිනයටත් වතුකම්කරුවන් සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටියි.

මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් චාන්දනී අමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්   පැවති සාකච්ඡාවේදී වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනාකර ඇත්තේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් යෝජනාවී ඇති රුපියල් දහසක   මුදල පිළිබඳව සලකා බැලීමට ලෝක වෙළෙඳපලේ තේ මිළ ඉහළයන තෙක් වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන්වූ සාකච්ඡා තරමක් ප්‍රමාදකළ යුතු බවයි.

 එතෙක් කම්කරුවන් ආරම්භකර ඇති සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරින ලෙසත් වතු වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා ඇත.  තවද සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ වතු සමාගම් වලට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත්, පවත්නා තත්වය මත තේ කර්මාන්තය කඩාවැටීමේ අවධානමකට ලක්වී ඇති බවත් වතු හාම්පුතුන්ගේ සංගමය මෙහිදී පෙන්වා දී ඇත. 

මෙම යෝජනාවට අකමැත්ත පලකළ වෘත්තීය සමිති නායකයින් සාකච්ඡා වටයෙන් ඉවත්වී නැවත මෙම සාකච්ඡාව මේ මස 15 වන දින දක්වා කල්දමා ඇත. 

වතු අධිකාරීවරුන් පෙන්වාදෙන්නේ මෙවර කම්රුවන්ට වැටුප් වැඩිකරන ලෙස යෝජනාකර ඇත්තේ 64% ක වැටුප් වර්ධකයක් බවය. එම වැටුප් වර්ධකය ලබාදුනහොත් තේ කර්මාන්තය කිසිසේත් කඩාවැටීමේ අවධානමින් ගලවාගැනීමට නොහැකි බවද වතු අධිකාරීවරුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

මෙම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ආරුමුගන් තොන්ඩමාන් මහතා ඇතුල් වෘත්තීය සමිති නායකයින් ගණනාවක් සහභාගී වී ඇති අැත.

 DSC00040 DSC00043

 



අදහස් (0)

තේ මිළ ඉහළ යන තුරු වැඩි පඩි නැහැ

වික්‍රම Saturday, 11 July 2015 11:46 PM

මෙතන පතිචාර දාන කවරුත් ව්‍යාපාරය පැත්තෙන් හිතන්නේ නැනේ. ලංකාවට විදේශ විනිමය ලැබෙන අපනයන කිහිපයෙන් එකක් තමයි තේ වගාව. ඒ වණත් දැන් ගොඩක් ව්‍යාපරිකයන් තේ වගාවෙන් ඉවත් වෙනවා ලාබ ගන්න අමාරු නිසා. තේ දළු කඩන අය වැඩ කරන්නේ දවල් 1 වෙනකල් විතරි. තේ ගස් වලට යන නඩත්තු වියදම් බැලුවහම දැනටත් ලබය ඉතාම අවමයි. මේ යන පාරේ ගියොත් ලංකාවේ තේ වගාව නැත්තටම නැති වේවි. (අ)

:       0       0

නිලාන් - කටාර් සිට Saturday, 11 July 2015 08:14 AM

අහිංසක මිනිස්සු ,මෙයාලට හරියට කෑමවෙලාවක් වත් කන්න පුලුවන්ද රුපියල් 600ට. දෛයිනික පඩියට කුලිවැඩ කරන කෙනෙකුටත් රුපියල් 1200ක් ගෙවනවා, මොකද වෙන්නේ මේ මිනුස්සුන්ට රුපියල් 1000ක් දුන්නම.මෙච්චර කාලයක් තේ කර්මානත්ය කරගෙන ගියේ මේ අහිංසක මිනිසුන්ගේ ශ්‍රමයෙන්, මහන්සියෙන්,කැපවීමෙන්, හාමපුතාලා පාඩු ලැබුවද . ඔයාලා බොරුනේ කියන්නේ.කම්කරුවන්ට සලකන්න, ඔවුන් දිරිමත් කරන්න අවශ්‍යයි ආයතනක දියුණුව කෙරෙහි,උසස් ත්තවයෙන් යුත් තේ නිෂ්පාදනයක් ලැබෙන්නේ එතකොටයි, ඉහල තත්වයකින් නිෂ්පාදනය ,ගැටලුවකින් තොරව ඉහල මිලකට විකුනන්න පුළුවන්,ඔබ පහත් තත්වයන්ගෙන් යුතු තේ නිෂ්පාදනයනට ඉහල මිල නොලැබෙන එක සාමාන්‍ය දෙයක්. (අ)

:       0       0

මුණසිංහ Sunday, 12 July 2015 03:33 AM

තේ මිල එන්න එන්න අඩු වෙනවා. යහ පාලනේ ප්‍රතිපල තව ඉදිරියට. (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 11 July 2015 12:45 PM

මේ රැකියාව අති දුෂ්කර රැකියාවක්. අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ලොකු දුකක් මේ මිනිස්සු විඳින්නේ. (අ)

:       0       0

තිලිණ Saturday, 11 July 2015 01:17 PM

නිලාන් සහ බුවනෙක...ඔය දෙන්නම වැරදි. තිඹිරි ගෙහි සිට මිනී වල දක්වා සියල්ලම කොම්පැනියෙන් කරලා දෙන එකම රස්සාව මේක. ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙනවා. පොඩි එකාට පිටි පැකට් එකේ ඉදන් ඩේ කෙයාර් ඒක පවා දෙනවා නොමිලේ. ඔයාලට පෙන්නේ වැස්සේ තෙමි තෙමී දළු කඩන ඒක විතරයි. ඇත්තෙන්ම මේ මිනිස්සු ලැබෙන පඩිය අනෙක් වරප්‍රසාද ගැන තෘප්තිමත්. ද්‍රවිඩ දේශපාලකයින් ට විතරයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවශ්‍ය. වාසිය ඒ අයටයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1002 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6172 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3442 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28522 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site