මහඔය රක්ෂිතයේ තේක්ක ගස් කැපු හමුදා ලුතිනන් හා සෙබළුන් අත් අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි.
සිය වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් වැලිකන්ද බොරවැව යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධරයා ඉවත් කැර යුද්ධාධිකරණ නඩුවක් පැවැරීමටද නියමිතය.
මෙවැනි වැරැදි වලට සම්බන්ධ අයට කිසිම ළිහිලක් හෝ සමාවක් නොදක්වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක හමුදාව ගැන ආඩම්බරයක්, ආදරයක් ඇති වෙන්නෙ ඒ රටේ හමුදාවෙ විනය මත. එවැනි හමුදාවක් ආරක්ෂා කරන්න එම රටේ වැසියත් තම ජීවිතය උවත් පුදන්න පැකිලෙන්නෙ නෑ. රටෙත් මේ වගේ වරදි කරන සැම දෙනාට නිසි දඩුවම් දෙන්නේ නම් අප කොතරම් පිං වන්තයන්ද? යුධ හමුදාපතිතුමනි ඔබට අපගේ ගෞරවය!.(අ)
මේවා කෙරෙන්නේ දෙසපාලකයන්ගේ මග පෙන්වීම යටතේය... හමුදා පති මේවාට එරෙහි වෙන්න ගිහිල්ල දෙසපාලකයා එක පාරක් ගොරවපු ගමන් හමුදා පති නිකම්ම ගොළු වෙලා යනවා. ඔන්න ඕක තමා අද රටේ තත්වය. (දී)
යුධ හමුදාපතිතුමා නීතිගරුකයි. හමුදාපතිතුමනි ඔබට මාගේ උත්මාචාර. (දී)
මේවා කරන්න නියෝග දුන් අය පැත්තක ඇති. (දී)
හමුදා නිලධාරියෙක් නිසා හමුදා නීතියද ක්‍රයාත්මක වෙන්නේ (දී)
මේකටත් දෙස්පාලකයෙක් පිටිපස්සේ ඇති. හැම දෙයක්ම දේශපාලනීකරණය වුන රටක මේ වගේ විමර්ශන වලට වෙන්නේ මොකද්ද කියල හිතාගන්න පුළුවන් නේද (දී)
යුද්ධාදිකරන ගැන නම් අපට කිසිම සැකයක් නැහැ. පසුගිය කාලයේ ඒක මනාව ඔප්පු කළානේ. (දී)
හිටපු හමුදාපති තුමා(ජෙනරාල් සරත් පොන්සේකා) යටතේ කොච්චර විනය ගරුක හමුදාවක්ද හිටියේ , ඒකට දැන්. (නදී)
හමුදා පති තුමනි මේ දස දහස් ගණනකින් එකක් මේ ...ඔබට මගේ සුබ පැතුම් ...කල්පනාවෙන්.(නදී)
මේවා නායකත්වයේ ලක්ෂණ . හමුදා පති තුමනි ! ඔබට තෙරුවන් සරණයි.(නදී)
මෙන්න මෙවටයි නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)
මගේ රට රැකගන්න පුළුවන් එකම දෙය නීතිය හරියටම බැරිඋනත් පුළුවන් තරම් හොදට (නීතිය කියන්නේ බුරුල් තැන තියෙන නිසා ) හැමට එක විදියට ජපානයේ වගේ කලොත් පගාව (කොමිසන් ) නැති රටක් කරන්න පුළුවන් , එහෙම උනොත් ආයෝජකයන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් (දී)
රතුපස්වල හමුදා කණ්ඩායමට දඬුවම් නැද්ද. (දී)