අම්පාර මාඔය බෝගමු යායේ තේකක් රක්ෂිතයේ අනවසරයෙන් ඇතුළු වී තේක්ක ගස් අටක් කැපු බවට වරඳ පිළිගත් යුද හමුදාවේ එකොළොස් දෙනකුට දෙහිඅත්ත කණ්ඩිය මහේස්ත්‍රාත් චාමර වික්‍රමරත්න මහතා රුපියල් විසිදහස බැගින් දඩ නියම කළේය.
කඳවුරක් ඉදි කිරීම සදහා මේ තේක්ක ගස් කැපු බව සැකකරුවෝ උසාවියට කීහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කළ ලුතිනන් කියා සිටියේ තමාට උසස්වීමක් ලැබීමට ඇති බවයි.
ඒ අනුව ලුතිනන් රුපියල් ලක්ෂයක ඇප මත මුදාහළ මහේස්ත්‍රාත් මාර්තු හතර වැනිදාට නඩුව කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ තමයි, එක්තරා පුවත් පතකට අනුව, නැගෙනහිර ගම් වල හොරකමේ ගිහින් හමුදාවේ කට්ටියක් අහුවෙලා ගමේ අය එයාලට හොදටම තඩි බාලා. හැබැයි සමහරු කිව්වේ නිකන් ඉන්න සෙබළුන්ට ගැහුවා කියල. එතනත් ජාතිවාදේ ඇවිස්සුවා. (නදී)
මේ වගේ වැඩ කරන අයට ලැබෙන උසස්වීම තමා සියලුම වියදම් රජයෙන් ගෙවූ නිවාඩුවක්, වැලිකඩට හෝ බෝගම්බරට.(දිල්)
කඳවුරක් ඉදි කිරීම සදහා තේක්ක (දිල්)
මේ ඔය කතාව ඇත්ත වෙන්න ඕන. මොකද කඳවුරක් හදන්න ලීමෝල් වලින් ගස් ගන්න කියලද කියන්නේ. අනිත් එක හොරකමක් කරනවානම් ඔහොම හොරකම් කරන්නේ නැහැ. ජාතියේ ආරක්ෂාවට ඉන්න හමුදාව ගහක් කපගත්තම මොකද වෙන්නේ .(අ)
නරකද නිකම් ඉන්න මුළු හමුදාවටම හොඳ පුහුණුවක් දුන්නොත් ප්‍රමිතියකට අනුවමේ වගේ වැඩ කරන්න? (නදී)
කඳවුරු වල ආරක්ෂාවට වෙන්න ඇති ඔය ගස් කපන්න ඇත්තේ.(නදී)
විසිදාහ වගේ කී ගුණයක් මේ අය ලී ජාවාරමෙන් හොයල ඇත්ද???? (දී)
කාට කියන්නද මේ දුක (දී)
ගෞරවනීය රස්සාව නැත්තෙන්ම නැත්තට පත්කරන්නේ මෙවන් මිනිසුන් තමයි (දී)