IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තාක්ෂණ ශිල්පීහු 200කට නිසි තැන ඉල්ලති

ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළද මූලික තාක්ෂණ සේවයේ ස්ථිර තනතුරු ලැබී නැතැයි එහි සේවකයෝ දෙසීයයක් පමණ චෝදනා කරති.

වසර 2009 හා 2013 දී දුම්රිය සේවයට බඳවාගත්තද විවිධ දේශපාලනික පළිගැනීම්වලට ලක්වෙමින් මෙතෙක් සේවය ස්ථිර නොකරීමෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි එම සේවකයෝ කියති.

මූලික තාක්ෂණ සේවයේ 11 (ආ) පන්තියේ සේවකයින් ලෙස බඳවා ගැනීමට කළ ඉල්ලීම් මෙතෙක් ඉටුවී නැතැයිද පසුගිය රජය සමයේ විවිධ දේශපාලන කටයුතුවලට බලහත්කාරයෙන් සම්බන්ධ කරගත් බවත් ජර්මානු කාර්මික පාඨමාලාව හදාරා විශේෂ සුදුසුකම් සහිතව සේවයට බැඳී කුණු කාණු සුද්ධ පවිත්‍ර කිරීමටද සිදුවූ බවත් ඔවුහු කියති.

පුර්ණ කාලීනව මෙන්ම වසර දෙක හමාර හා තුන හමාර යන කාල සීමාවක් ශ්‍රී ලංකා ජර්මාන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේදී මූලික තාක්ෂණික සේවය යාන්ත්‍රික වෑද්දුම්කරු, සාමාන්‍ය වෑද්දුම්කරු, ඩීසල් වෑද්දුම්කරු මැෂින්කරු, ගෑස් කපන්නා හා තහඩුකරු යන තනතුරු සඳහා විධිමත් පුහුණුව ලබා තිබියදී වෙනත් නුසුදුස්සන්ට දේශපාලනික පත්වීම් ලැබී ඇතැයිද ඔවුහු කියා සිටිති.

දුම්රිය සේවයට අවශ්‍ය ශ්‍රමබල ඌනතාවයට විසඳුමක් ලෙස කාර්මික විද්‍යාලය තුළ වසර 3කට වරක් ශිල්පියකු සඳහා ලක්ෂ 5 ක වියදමක් සිදුකර වසරක් අවසානයේ තාක්ෂණ ශිල්පීන් 100 දෙනකු පමණ පුහුණු කරනු ලබන බවත් එම ශිල්පීන් දුම්රිය සේවයට බඳවා නොගෙන නොපුහුණු සේවයකයින් විශේෂිත චක්‍රලේඛ හා ප්‍රතිපාදන මඟින් ස්ථිර සේවය පිහිටුවීමෙන් වර්තමානයේ පවා 50%ක පමණ අඩුවක් පවතින දුම්රිය සේවය තාක්ෂණ ශිල්පී සේවෙය් කටයුතු පවත්වාගෙන යාමට විශාල බාධාවක් සිදුවී ඇතැයිද එම තාක්ෂණ ශිල්පීහු පෙන්වා දෙති. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ලිපි මඟින් මේ පිළිබඳව දැනුම්වත් කර තිබුණද සාධාරණ පිළිතුරක් නොලැබී ඇතැයිද තමන් කම්කරු පත්වීම් මත සේවයට බඳවාගෙන විශාල අසාධාරණයකට ලක්ව ඇතැයිද සඳහන් කරති.

මෙසේ අත්දැකීම් ලබා විශේෂ පුහුණුවක් ලබාගත් තාක්ෂණ ශිල්පීන් ස්ථිර බඳවාගැනීම් සිදු නොකර පමා කරන්නේ කවර උවමනාවකටදැයි ඔවුහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති. දුම්රිය සාමාන්‍යාධිකාරී වී.අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම සේවකයින් මාස කිහිපයක් ඇතුළත ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු සිදුකරගෙන යන බවය.

 



අදහස් (0)

තාක්ෂණ ශිල්පීහු 200කට නිසි තැන ඉල්ලති

දුමින්ද Tuesday, 17 March 2015 06:56 AM

හැමෝම තම තැන ගැන ගන්න කතා- තමන් රටට දෙන තැන ගැන නොකර කතා (බ)

:       0       0

සුපුන් Tuesday, 17 March 2015 07:04 AM

ඔය ඔක්කොමල පහුගිය ආණ්ඩුවට හොදටම කඩේ ගියා (බ)

:       0       0

භානු Tuesday, 17 March 2015 07:41 AM

ආණ්ඩුවේ රැකියාව ලැබුනාම ඔක්කොම උඩින් පහල වෙන්න ඕන කියල තමයි බහුතරයක් හිතන්නේ. පුද්ගලික අංශයේ නම් අදාළ තනතුරේ "වැඩ " පෙන්නන්නේ නැතිනම් ස්ථිර කිරීම් , උසස් වීම් මොනවත් නැහැ. ඉස්සෙල්ල තමන් අදාළ තනතුරට සුදුසු බව කාර්යක්ෂමව වැඩ පෙන්වා ඔප්පු කරන්න. ඊට පස්සේ බැරිය අසාධාරණකම් ගැන කතා කරන්න. (බ)

:       0       0

විජයබාහු Tuesday, 17 March 2015 08:47 AM

මෙයාලා මේ එක පාරටම ආවේ කොහොමද (දිල්)

:       0       0

කසුන් Thursday, 19 March 2015 08:27 AM

සමන්ති,විශ්ව විද්‍යාල වලට ගිහින් දොස්තර විභාගේ පාස් කරලා දොස්තර කෙනෙක් වෙනවා වගේ තමයි මේකත්. ජර්මන් ටෙක් එකෙන් කරන්නේ දුම්රිය සේවයට අවශ්‍ය කාර්මිකයින් පුහුණු කිරිමයි. හැබැයි පහුගිය ආණ්ඩුව ලොකු වැරැද්දක් කරා දුම්රිය සේවයට. ආණ්ඩුවේ පෝස්ටර් ගහපු කඩේ ගිය ගෝල බාලයෝ පොදි පිටින් දුම්රිය සේවයට දැම්මා. එ්කෙන් උනේ ඉගෙන ගත්ත අයට තැනක් නැති උනා. මේ කියන මමත් ජර්මන් ටෙක් එකේ පාඨමාලාවක් කරලා රස්සාවක් නැතුව පිටරටකට වෙලා දුක් විදිනවා. එ්ක හරියට හොර දොස්තර ලාගෙන් බෙහෙත් ගන්නවා වගේ වැඩක්. දුම්රිය සේවයට වෙලා තියනදේ තේරෙනවද ? (නදී)

:       0       0

සමන්ති Tuesday, 17 March 2015 11:54 AM

මෙහි පුහුණුව ලබන අය දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවයට බඳවා ගන්නවා කියල නැහැ නේද ? පුහුණුවෙන් පසු සුදුසු රැකියාවක් සොයාගත යුතුයි නේද? (ර)

:       0       0

ජගනාත් Friday, 27 March 2015 07:17 AM

කසුන් සමන්තිගෙන් අහන්න එයා ඉපදුණේ කොහොමද කියලා (බ)

:       0       0

කසුන් Tuesday, 17 March 2015 11:55 AM

කවූරුත් දන්නේ නැනේ හරි විස්තරේ. නොදැන කතා කරන්න එපා. මේ අය අවූරුදු 3 සිට 4 1/2 දක්වා දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන හිමි තැන ඉල්ලන්නේ. (ර)

:       0       0

සමන්ති Wednesday, 18 March 2015 12:54 PM

කසුන්, මෙහි ඉගෙනගෙන අවසානයේදී ප්‍රයෝගික පුහුණුවට යම් යම් ආයතන වලට අනුයුක්ත කරන බව දන්නවාද? (බ)

:       0       0

ලසිරු Wednesday, 18 March 2015 03:00 PM

සමන්ති ඔබ දන්නවද ප්‍රායෝගික පුහුණුව දෙන්නේ කොහෙද කියලා​?ප්‍රායෝගික පුහුණුව ලැබෙන්නෙත් දුම්රිය දෙපාර්තුමෙන්තුවේ තියෙන කර්මාන්ත ශාලා වලමයි.(හේ)

:       0       0

එරන්ද Friday, 20 March 2015 12:34 PM

දුම්රිය නඩත්තු කරන්න නිසි පුහුණුවක් තිබෙන අය අවශ්‍යයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 1513 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 664 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 1457 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 6782 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 800 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 300 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38112 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25087 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 813 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site