මෝස්තර නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට එක් වූ තක්ෂිලා සෙව්වන්දි මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසිනි. වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා මෙන්ම ඩී.වී.ඩී. චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙස දැනට බොහෝ නිර්මාණ ප්‍රමාණයකට දායක වී ඇති තක්ෂිලා, මේ දිනවලද ඩි.වී.ඩි චිත්‍රපට කිහිපයක රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින්නීය. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අදහස් දැක්වීමට ඇය මෙලෙස "සාරවිට"ට ගොඩ වැදුණාය.
"මේ දවස්වල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඩී.වී.ඩී චිත්‍රපට 5ක රූපගත කිරීම් කරනවා. ඉතින් ටිකක් විතර කාර්යබහුලයි. දැනට මම ඩී.වී.ඩී චිත්‍රපට 25ක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී මම ඩී.වී.ඩී. චිත්‍රපට නිෂ්පාදනයටත් යොමු වෙන්න අදහසක් තියෙනවා. දැනට ඩී.වී.ඩී. චිත්‍රපට සඳහා හොඳ වෙළෙඳ පොළක් හැදිලා තියෙනවා. ඒ නිසා තමයි නිෂ්පාදනය පැත්තටත් යොමු වෙන්න අදහස් කළේ. අන්තිමට මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" කියන ටෙලි නාට්‍යයට. එහි සුළු චරිතයක් රඟපෑවා. නිළියක් විදිහට ජනතාව අතරට ගියේ ආනන්ද අබේනායක මහත්මයාගේ "අප්පච්චි" කියන ටෙලි නාට්‍යයේ මා කළ චරිතය හරහා. ඊට අමතරව මම "ශ්‍රී දළඳාගමනය", "විජය - කුවේණි" හා "ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණෝ" කියන චිත්‍රපටවලත් රංගනයෙන් දායක වූවා."
බුද්ධික සේනාධීර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තක්ෂිලා සෙව්වන්දි චිත්‍රපට නිෂ්පාදනයට