2011 වසරේදී තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඝාතනය කළ කුර්හම් ෂායික්හ් නම් බි‍්‍රතාන්‍යය ජාතිකයා සම්බන්ධ සිදුවීමේ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඉක්මනින්ම ආරම්භ කිරීමට ශී‍්‍ර ලංකාව බළධාරීන් සැරසෙතියි වාර්තා වේ.
බි‍්‍රතාන්‍යයේ ‘‘ද ගාර්ඩියන්‘‘ පුවත්පතට විශේෂ ප‍්‍රකාශයක් දෙමින් ශී‍්‍රලංකා අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පවතා තිබෙන්නේ නීතිපතිවරයාම මැදහත්වී සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඉක්මනින්ම ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනා බවයි.දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු විභාගය ඉක්මනින්ම ආරම්භ කිරීමට උපදෙස් දී ඇතැයිද ඔහු කියා තිබේ.
නඩුව ඉක්මන් කිරීමට පියවර ගනිමින් සිටින්නේ මෙම සිදුවීමේ දරුණු හා ම්ලේච්ඡ භාවය නිසාම බවත් ඔහු සදහන් කර ඇත.නීතිපතිවරයාම මැදහත් වී නඩු විභාග පැවැත්වීම ඉක්මන් කරන අවස්ථා විරල වුවත් විශේෂ සිදුවීම් වලදී එසේ සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් නිසි විභාගයක් පැවැත්වීමට මෙතරම් කල් ගත වීම සම්බන්ධයෙන් ඔහු සිය කණස්සල්ලද ගාර්ඩියන් පුවත්පතට පළ කර ඇත.
මාස ගණන් එක දිගට නොඇද ඉක්මනින්ම නඩුව විමසා වැරදිකරුවන්ට දඩුවම් දීමට හැකිවන ලෙසට කටයුතු සැළැස්වීමට තමන් හා නීතිපතිවරයා වගබලාගන්නා බවද ඔහු කියා ඇත.
මෙසේ නඩු විමසීම ඉක්මන් කිරීම හා ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රද මඩුලූ සමුලූව හා සම්බන්ධයක් ඇත්දැයි විමසු විට ගම්ලත් මහතා කියා ඇත්තේ එවැන්නක් නොමැති බවයි.මෙය රටක සාමාන්‍ය පරිදි සිදුවන නඩු විභාගයක් යැයිද මෙම අවස්ථාවේ සිදුවන්නේ විදෙස් ජාතිකයෙකු සම්බනධ සිදුවීමක් නිසා නඩු විභාගයේ වැඩ කටයුතු වඩා ඉක්මනින් හා විමර්ශණශීලීව සිදුකිරීම පමණක් යැයිද ඔහු පිළිතුරු දී තිබේ.
සිය පෙම්වතිය සමග ශී‍්‍රලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි කුර්හම් ඝාතනයට පුද්ගලයින් 8 දෙනෙකු සම්බන්ධ වී ඇතැයි සිදුවීම සම්බන්ධ පොලිස් වාර්තාවේ දැක්වේ.ඔහුගේ පෙම්වතියත් ඔවුන් අතින් දුෂණයට ලක්ව ඇති බව සනාත කෙරෙන වෛද්‍ය වාර්තා ඇතත් ශී‍්‍ර ලංකා රජය දිගින් දිගටම එවැන්නක් සිදුවූ බව ප‍්‍රතික්ෂේප කරමින් සිටී.
මෙම සිදුවීම සම්බනධයෙන් නිසි පරීක්ෂණයක් නොපැවැත්වීයැයි ශී‍්‍රලංකා රජයට චෝදනා නැගෙන්නේ කලක සිටය.මෙම සිදුවීමත් තවත් සිදුවීම් කිහිපයකුත් මුල් කරගෙන ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වලට තැනක් නැතැයි කියමින් ශී‍්‍ර ලංකාවේ එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන පොදුරද මඩුළු සමුළුව වර්ජනය කිරීමට දැනටමත් කැනඩා අගමැති ස්ටීවන් හාපර් කටයුතු කර ඇත.
බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන්ටත් තම පාර්ලිමෙන්තු සගයින්ගෙන් සමුලූව වර්ජනය කරන්න යැයි පීඩනයක් එල්ල වුවත් ඔහුගේ අදහස වී තිබෙන්නේ ශී‍්‍රලංකාවට නැගී ඇති චෝදනා වලට පිළිතුරු ශී‍්‍රලංකාවෙන්ම පිළිතුරු ලබා ගැනීමටත් එම චෝදනා සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ස්ථාවරය දැනුම් දීමටත් සමුලූවට සහභාගී වීම හොද අවස්ථාවක් බවයි.
බි‍්‍රතාන්‍යය අගමැතිවරයා සමග සමුලූවට සහභාගී වීමට සිටින චාර්ල්ස් කුමරුද ශී‍්‍රලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිඹද නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වා ඇතැයි සදහන්ය.කුර්හම් ෂායික්හ් ඝාතනය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා බළධාරීන් හා සාකච්ඡුා කිරීමටත් ඔහු අපේක්ෂාවෙන් සිටින බව කියැවේ.
ශී‍්‍ර ලංකාව ගැනීමට යන මෙම අලූත්ම පියවරට ශී‍්‍රලංකාවට එරෙහිව චෝදනා නගන්නන්ගේ ප‍්‍රසාදය හිමිව ඇතත් ශී‍්‍රලංකාවත් ‘‘කල දුටු කල වල ඉහ ගැනීමට සැරසෙන්නේදැයි‘‘ තමන් විමසිල්ලෙන් සිටින බව ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්ච්ර ලොකු ඇමති මණ්ඩලයක් තිබිලත් ජනදිපතිතුමාට මේ වගේ ප්‍රශ්නයකදී රට ආපවාදයෙන් බේරගන්න මුල ඉඳලම මේ නඩුව කඩිනමින් විසදගන්න උනන්දු වුනේ නැති නිසා රටේ සාමාන්‍ය ජනතාවගේ මේ වගේ සිදුවීමෙකදී ක්‍රියාකරන අන්දම ගැන විදෙස් රටවල් හිතා ගනී.(නදී)
මම බැලුව මේ පැරිස් ඉදන් කඩේ යන්නේ කවුද අප්පේ කියලා. මේ අපේ බ්ලැක් බෙල්ට් නේ. අදුර ගන්නත් බැරි වුනා. දැන් ටිකක් මහත් වෙලත් වගෙයි.. (නදී)
රජයට බනින්න එපා කව්රුත්! මව්බිමේ ජනතාව/දේපල/වාහන 1977ත කලින් හෝ පසුව 79/83/89/අඩු වැඩි වශයෙන් දෙපැත්තෙන්ම මරමරා ගියේ ජතිවදයටද/ජාති ආලයටද/මයිත්‍රීය වැඩි කමටද?කියන ප්‍රශ්නය නෙවෙයි එදාත් අදත් එකම රටක ඉපදුන පුරවැසියන් යන හැගීම අපේම සහෝදරයා කියන හැගීම වචනයටත් ප්‍රචාරයටත්/ප්‍රසිද්දීයටත් විතරක් සීමා වෙලා!ප්‍රේමදස මහත්තයවත්/බණ්ඩාරනායක මහත්තයවත් දැන් ඉන්න මහත්වරුත් මිනි නොමරති!නමුත් මිනිසුන්ස්වභාවයෙන්ම වෙඩි කා නිකරුනේ මැරෙති.එතකොට හරිනේ? (අ)
රන්ජිත් මහත්තයෝ..මේ රටේ බහුතරය කලගුණ දන්නවා..යථාර්තය දන්නවා.. මේ කොමෙන්ට්ස් දමන කීප දෙනෙක් ඉන්නවා අද ඊයේ ලෝකෙට ජනිත වුනු..එයාල අපරාද මිනී මැරුම් දුෂණ වංචා ඔක්කොම දැකල තියෙන්නේ මහින්ද මහත්තය බලේට ආවට පස්සේ..එය්ට කලින් මේ රටේ මිනිස්සු සුදු රෙදි පොරවාගෙන හතර පෝයට සිල් අරන් නවගුණ වැල ගනිමින් ඉදල තියෙන්නේ පලකයොත් එක්කම ..දැන් මෙයාල මේ දුෂිත ආණ්ඩුව එලවල බලේට ගෙන්න හදන්නේ කලින් හිටපු විදියේ කට්ටියක් තමය්..අපිත් හරි ආසය් එහෙම පාලනයක් යටතේ දැහමෙන් සෙමෙන් ජීවත් වෙන්න..පොලිසි, අදිකරණ ,හිර ගෙවල් නැති සමාජයක ..අනේ එත් පෙන තෙක් මානෙක ලකුණක්වත් නැහැනේ එහෙම පාලනයක් එන, මේ දුෂිත ආණ්ඩුව යන..මිනිස්සුන්ට මෙයාල කියන දේ තෙරෙන්නැද්ද එහෙමත් නැත්නම් මිනිස්සු මෙයාලව තේරුම් අරන්ද කියන එක ගැන අවබෝදය ඉතින් බුද්දියට බාරය්.(අ)
මේ හැමෝම වැසිකිලි යන්න බැරුව ගියත් දොස් නගන්නේ රජයට . බොහෝ දේවල් මේ අයට අමතකව ගිහින් 1977 න් පසුව ටයර් වලට පිළිස්සුනු ජිවිත දහස් ගණනක් ගෙවල් වලට කඩා වැදී අහිංසකයන් ගෙන ගොස් මරා දමපු කාලේ (පේමදාස කලේ ) පුවත් පත් නිදහසක් වත් තිබුනේ නැහැ. එම කාලයේ එම රජයට විරුද්දව නොව ජනදිපතිට විරුද්ධව කතා කල කිසි කෙනෙකු ජිවත් වුයේ නැත. එම කාලයේ මෙම මානුෂික අයිති වාසිකම් කාරයන් සිටියේ නැත . සමහර මාද්‍ය වෙදීන් උස්සා ගෙන ගොස් පසුව මිනිය හමුවුයේ මුහුදු වෙරලෙනි . අද ඒ කාලයට වඩා නිදහසත් .හැම දෙයක්ම ලබාදී තිබුනත් අතීතය අමතකව මොවුන් කොක් හඬලති . පළමුව කලපනා කල යුත්තේ රට නිදහස් කර දී අවුරුදු 5ක් වත් නොමැතිව . මුළු බලවත් ලෝකයම කුරිරු යුද්දය අවසාන කර නිසා අපට එරෙහිව සිටිනා වෙලාවක රටේ කෙරෙන වැඩ කොටස අපමණය.(නදී)
තංගල්ල ප්‍රාදේශීය සබපතිව පුටුවෙන් අයින් කරන්න කාටවත් බැහැ. ඔහු කර තිබෙන්නේ වර්තමාන පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය සබාවට අවශ්‍ය ආකාරයට සුදුසුකම් ඇති ව්‍යායාමයක් පමණයි. ඔහුට දඩුවම් දීමට නම් අ හා සමාන වැරදි වැඩි හරියක් කල අය ඉතාමත් ඉහලින් වැජබෙන්නේ කෙසේද?ලාංකීය ජනතාව ඉතාමත් ඉව්සිලිවන්තයි.රටේ දැන් මොනතරම් අපරාද කව්රු කරත් නොදැක්ක ගානට ඉන්නවා මදිවට,ඒවාට විරුද්ද අයට දොස් කියා බනින තරමට සාංගික වෙලා. තමන්ගේම අයෙක්ටම දෙයක් වෙනකම් කට අරින්න ලැහැස්ති නැහැ. අනික මේ පුද්ගලයාව බලයෙන් පහ කරන්න බැරි රහස ලොක්ක හොදටම දන්නවා. ජාත්‍යන්තරය අපහාසය බල්ලට ගියත්,බලයේ කෑදරතවය හරහට ඉන්නවා සේම කී දෙනෙක්ට කියල දඩුවම් කරන්නද දෙයියනේ? අනික විදේශිකයන් කීදෙනෙක් අපේ රටේ අපරාද වලට භාජනය වෙලා තියෙනවද? ඒවාට අපි මොකටද විදේශිකයන්ට භය වෙන්නේ?ඇයි අපේ රටේ දිනකට කී දෙනෙක්නම් ඔය වගේ අතවර වලට ලක් වෙනවද?ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවත් බ්‍රතාන්‍ය ක්‍රමවේදයක් නේද අනුගමනය කරන්නේ,එතකොට ඇයි මෙහෙ නියෝජිතයන් විතරක් මෙතරම් නරුමයන් වෙලා ඉන්නේ!දැන් බන්දුල පි. කියයි අපි එංගලන්තයට බය නැහැ ගහමු කියලා.(නදී)
ලාල් ජකර්තා සල්ලාල,මිනීමරු පාදඞ දේශපාළුවන්ට විරුද්ධව නීතීය ක්‍රියාත්මක නොවන්නේ ඇයි කියා හිතාගන්නවත් අමාරුයි.ඒ මදිවාට තනතුරෙත් යහතින් වැජඹෙනවා.සියළුම රාජ්‍ය නායකයෝ මේ ගැන තදින්ම ප්‍රශ්න කළ යුතුයි. (අ)
රටක අගමැති කෙනෙක් තමාගේ ජාතිකයෙක් මැරිලා අවුරුද්දක් වැඩියෙන් ගිහින් තවත් නිදැල්ලේ එන්නේ කොහොමද කියල ප්‍රශ්න කරන්න සිද්ද වෙලා තියෙන්නේ.(අ)
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කපල කොටලා වෙඩි තියල මරල,ඔහුගේ භාර්යාවටත් දරුණු විදිහට දෂණනය කරලත් ඔය මිනිහ සභාපති පුටුවේ ඉඳ ගත්තු එක ගැනයි ලෝකයා අහන්නේ.
.බන්දුල පෙරේරා .මමනම් කන්නේ බත්. කර්තේලිස් එක එක පාට පුන්නක්කු කෑවට.(අ)
මගේ අම්මෝ! ඒ පාර කඩේ යන බස් එක ලංකාව, මැදපෙරදිග හරහා පැරිසිය දක්වා දාවනය වෙනවා. ඊළගට මොන රටට යාවිද මන්දා.. (නදී)
අපි හැමෝටම මතකනේ තුන්ඩු කෑල්ලට කඩවල් වහපු කාලය, රෑට ලයිට් නිවාගෙන හිටපු කාලය.. ඒ කාලේ නම් මේ වගේ චන්ඩි, බන්ඩි, හොරු ,මිනීමරුවෝ, කුඩුකාරයෝ, කසිප්පු කාරයෝ එකෙක්වත් හොයාගන්නවත් නැහැ බෙහෙතකටවත්. රට පුදුම විදියට සාමකාමියි ඒ දවස්වල. (අ)
මේවා අහලා පනයන තරමට මටම හිනා...(නදී)
කට්ටියට සත්‍යය තිත්තයි..මේ සිදුවීම දේශපාලකයන් සමග පටලවලා රජය මේ නරුමයන් නිදහස් කරන්න යත්න දරනවා කියල සමාජයට ලෝකයට පණිවිඩයක් දෙන්න ප්‍රචාරය කරන්න කට්ටියකට අවශ්‍යයි...අවශ්‍යතාවයක් තිබුනත් කව්රුවත් මේ ප්‍රශ්නයට අත දාලා නාරා වලකට දැන දැන පැනලා අසුචි නාගන්න හදයි කියලා මම නම් හිතන්නේ නැහැ....මේ රටේ මෙතුවක් තිබුණු සෑම පාලන කාලයකම අදිකරණ පද්දතියේ ක්‍රියා මාර්ගයන්ගේ අකර්යක්ෂමතාවයන් නඩු ප්‍රමාදවීම් තිබුනා. මේ වගේ අපරාද නඩුවක් සතියෙන් දෙකෙන් විසදලා දඩුවම් දුන්න බවක් මම නම් මගේ ජිවිත කාලේ දැකල නැහැ. මේ නරුමයින්ට උපරිම දඩුවම් ඉක්මනින් දිය යුතු බව මගෙත් හැගීමයි..මේකට විතරක් නෙමෙයි මේ වගේ මේ රටේ වුනු දැනට අදිකරණ ක්‍රියාවලියේ තිබෙන සෑම මානුෂිකත්වය ඉක්මවූ කුරිරු ඝාතන සියල්ලටම ඉක්මනින් විසදුම් දීල දඩුවම් කල යුතුයි කියන එකයි මගේ හැගීම..මමනම් කන්නේ බත්. කර්තේලිස් එක එක පාට පුන්නක්කු කෑවට.(නදී)
මේකට වගකිව යුත්තේ කව්ද? (නදී)
මෙයා සුචරිත ගේ කවුරු හරිද? අනේ ඒ මනුස්සයාට අපහාස කරන්න නම් එපා (ස)
බන්දුල කඩේ ගිහිල්ලා දැන් කඩේ ඇතුළෙම පදිංචි වෙලා (නි)
මෙවැනි අය නිසා හෑල්ලුවට ලක්වෙන්නේ විදේශයන් වල ජීවත්වෙමින් ලංකාවට විදේශ විනිමය ලබාදෙන ශ්‍රී ලාංකිකයන් වන අපි සහ ශ්‍රී ලංකාවේ කිර්ති නාමයයි. මේ කෙනා නැත්නම් තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ මේ තනතුර දරන්න වෙන සුදුසෙක් නැද්ද? කරුණාකර මේ නඩුව අවසන් වෙනතුරු දේශපාලන තනතුරු වලින් ඉල්ලලා අස්වෙන්න කියන්න. මේ රටේ තිබෙන ප්‍රශ්න මදිවාටද සමුළුවකුත් පටලවා ගත්තේ? (නි)
සල්ලාල,මිනීමරු පාදඞ දේශපාළුවන්ට විරුද්ධව නීතීය ක්‍රියාත්මක නොවන්නේ ඇයි කියා හිතාගන්නවත් අමාරුයි.ඒ මදිවාට තනතුරෙත් යහතින් වැජඹෙනවා.සියළුම රාජ්‍ය නායකයෝ මේ ගැන තදින්ම ප්‍රශ්න කළ යුතුයි. (නි)
ප්‍රේම ඔබ හරියටම හරි. (අ)
ලංකාදීප පුවත් පතේ විද්‍යුත් පුවත් පත . ඉස්සර මෙන් නොව ප්‍රතිචාර දැමීම ඉතාම පහල ගණයට පැමිණ තිබේ. පුවත ගේන ප්‍රතිචාර වලට වඩා තිබෙන්නේ එකීනෙකාට අපහාස කිරීමය. මම සිතන්නේ ලංකාදීප කතු මණ්ඩලය මෙයට පියවරක් ගත යුතුය. වැදගත් අදහස් වලට මුල් තැන දී මඩ ප්‍රතිචාර ඉවත් කල යුතුය . නැතිනම් මෙම පුවත් පත අර සිංහයා මඩ පුවත් පත මෙන් කුණුහරුප කිය වීමට රුචි නුගත් පාටකයන් අතරට ජනප්‍රිය වෙයි . ප්‍රතිචාර දැමිමට කාටත් අයිතිය ඇත. එය කියවා එයට අපහාස කිරීම හෝ නොයෙක් සතුන්ගේ නම් ආදේශ කර අපහාස කිරීමට ඉඩ දීම උගත් පාඨකයා පුවත් පතින් ඉවත්වී යාමක් සිදුවේ . මොකද ලංකාදීපය එකම පුවත් පත නොවේ අන්තර් ජාලය හරහා කියවීමට තිබෙන පුවත් පතේ ගෞරවය රැක ගත යුතුය.(නදි)
ආරියසේන මහත්තයෝ ඔබ කියන පුරවැසි අයිතිවාසි කම ලංකාවේ පමණක් නොව මේ ලොව මානුෂික අයිතිය ගැන කතා කරන ලොකුම රටෙත් නැහැ . ලංකාව තව බොහෝ විට හොඳයි. මම වාසය කරන ඇමරිකාවේ යම් කිසි වෙලාවක ඔබව පොලිසියෙන් නවතුවහොත් ඔබ එවිට ලංකාවේ අය කරනා කියනා විදියට හැසිරුනොත් එය ඔබගේ අවසන් මොහොත වෙන්නට පුළුවන්. නැතිනම් ඔබ වරද නොකලත් වැරදී කාරයා වී හමාරය . ඔබට තිබෙන මුදල් ප්‍රමාණය අනුව ඔබට ගැලවිමට තිබෙන අවස්ථා ඉතා අල්පය. අපි ලාංකියන් වී අපිටම අවලාද අපහාස නින්දා ලබා ගැනිමත් කිරීමත් රට පාවා දීමත් අතීතයේ පටන්ම කරති. මුදල ලොකු කම අඳින ඇඳුම කතා කරන භාෂාව අනුව අපිම අපේම මින්සුන්ට සලකන සහ ගරු කරන ක්‍රමයත් . අපි අපේම අතීතය ගැන බැලුවොත් අපේ ලෝකයේ වෙනත් ජාතින් යටපත් කර ගත් අකාරය ගැන බැලුවත් . ඔවුන් අපව යටත් කර ගත්තා නොව අප ඔවුන්ට පැනලා යටත් වුවා මෙනි. (නදී)
කරාටේ රන්ජිත් පැරිස්, ඔබගේ වාසගමත් කරාටේද? අපි දන්නා කරාටේ ඉගෙනගත් අය නම් වාසගමට කරාටේ කෑල්ලක් එක්කර ගත්තේ නැහැ. ලංකාවේ පිරිමි කරාටේ කියලා ඇහුවම දුවයි කියලා හිතන්න ඇති නේද? (නි)
බන්දුල පෙරේරා නමැති අහිංසක වල් ඌරෙක් හරියට ජරාව කනවා. දැන් වත් බෙහෙත් ටික වෙලාවට බොන්න වෙයි!!!!(නදී)
ඉස්සර දේශපාලනය කලේ බොහොම වැදගත් , බුද්ධිමත් , උගත්, සමාජය පිළිගත් මිනිස්සු. ඒ අයගෙන් සමාජයට, රටට හොදක් මිස නරකක් උනේ නැහැ. ඒත් අද ඉන්න බහුකරයක් එහෙම නැහැ නේද? (නදී)
බන්දුල මහත්තයෝ ,මේකනේ ප්‍රශ්නේ, මහත්තයා මෙතන අදහස් පලකරන්න එන්නේ රා කට්ට කෙසේ වෙතත්, රා ගැලුමක් විතර බීලානේ? ඉතින් ලියන්න ඕන ඒවා නෙවෙයි මහත්තයා ලියන්නේ, වෙන වල් පල් නේ. (අ)
බොහොමයක් රටවල ඒ රටේ ඉන්න පුරවැසියන්ට තියෙන තැන අපට නැහැ.යම් සිද්දියක් වුනොත් සමහර විට අපි නිවැරදි වෙන්න පුළුවන් නමුත් එරට පොලිසිය ක්‍රියා කරන්නේ අපට අවාසි වන විදියට සමරවිට නොකළ වරදකට ජීවිතාන්තය දක්වා හිරේ ඉන්නත් වෙනවා,නමුත් අපි ලකාවේ පුරවැසියෝ වශයෙන් අපට යම් වැරැද්දක් පිටරටියෙකුගෙන් වුනොත් අපේ පොලිසිය කෙලින්ම ගන්නේ ඒ පැත්ත.මේ වෙනස දැකගන්න ඕන නම් ලංකාවෙන් බැහැරව වෙනත් රටක සේවයට හෝ පදිංචියට යා යුතුය.අපේ රට ,ලෝකයේ අනිත් රටවලට වැඩිය, ආගන්තුක සත්කාර වලින් ඉහලින්ම සිටී. (අ)
අස්මිත් මහත්මයා ඔබේ අදහස් එවීම ගැන අපි සතුටු වන්නෙමු ඇතැම් අදහස් යම් යම් අපහාස වන නිසා පළ කළ නොහැකි තැන් ඇති බැවින් ඒවා සංස්කරණය කරන බව කරුණාවෙන් සලකන්න ස්තුතියි.
මේක මෙහෙමවත් අවසානයක් කරන්න හදන බව පෙන්වන්නේ අපේ නීති පද්ධතියේ හොඳකම නිසාවත්, මානව හිමිකම් වලට ගරු කරන නිසාවත් කියලා නිකම් අපිවම රවට්ටාගන්න එකෙන් වැඩක් නැහැ. මේ බලපෑම් සිදුනොවුණා නම් නඩුවට සම්බන්ධ මිනීමරුවෝ ස්ත්‍රී දුෂකයෝ නිදහස් වෙලා බොහොම කල්. සමුළුවත් එක්තරා බලපෑමක්. චමත් කියනවා වගේ සමුළුවෙන් පස්සේ මොනවා වෙයිද කියලා මටත් සැකයි. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්.මේ වගේ තිරිසනුන්ට දඩුවම් දීම එතුමාගේ වගකීමය.(අ)
කට්ටිය සුපර් මාර්කට් යන ගමන් මට බනිනවා කඩේ යනවා කියලා. පුදුම ලෝකයක්..චමින්ද මහත්තයෝ..බන්දුල පෙරේරා හොද සිංහල හාලේ බත් කන කොස් දෙල්වල රහ දන්නා ගගෙන් දොලෙන් නාන හවසට රා කට්ටක් ගහන 40 පැනපු ගමේ කොල්ලෙක්. ඔය පිට රටවල් වලට වෙලා උන්ට කඹුර කඹුර තමන්ගේ රටට හෙන ගහන කම් බලන් ඉන්න ඩුබායි තිලක්ලා වගේ නෙමෙයි..(නදී)
මමත් මේ රජයට පක්ෂපාති අති ගරු ජනාධිපතිතුමාට ඉතාමත් ඉහලින් ගරු කරන පුද්ගලයෙක්. ඊට ප්‍රධානම හේතුව තමා යුධමය වශයෙන් කොටි ත්‍රස්තවාදීන්ව පරාජය කරලා මේ රට එක්සත් කරපු ඒ මහා වීර ක්‍රියාවට ගෞරව දැක්වීම වශයෙන්. (කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්) කෙසේ වෙතටත් ජනාධිපති තුමා සහ සමහර ඇමති වරුන් කිහිපදෙනෙක් හැරෙන්න බහුතරයක් මන්ධ බුද්දික අය කරන අපරාධ සහ ම්ලේච්ච ක්‍රියාවන්. ප්‍රාදේශීය සභාව, නගර සභාව, පළාත් සභාව හා පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ අය විවිධ අපරාධ වලට සෘජුවම සම්බන්ධවීම ඉතාමත් කනගාටු දායකය. තවත් සමහරු නීතිය අතට ගෙන දේශාපාලන බලවතුන්ගේ රැකවරණය ලබාගෙන වෙනත් ආකාරයේ පිස්සු කෙලිනවා. මටනම් කියන්න තියෙන්නේ එකම දෙයය් මේ වගේ අපරාධ වලට සම්බන්ධ නූගත් හා චන්ඩි දේශපාලකයන් වහාම අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබා දී ජීවිත කාලය පුරාවටම ඔවුන්ට දේශපාලනයට සම්බන්ධ නොවීමට තීන්දු ලබාදිය යුතුය. ඒ තුලින් අනෙකුත් දේශ පාලුවෝ පාඩමක් ඉගෙන ගනී කියා විශ්වාස කරමි. එසේ නොවේ නම් අතිගරු ජනාධිපතුමා පවා මේවාට වන්දි ගෙවන්න සිදු වේවි. එතුමාව රැකගැනීම අපේ යුතුකම වගේම මේ වගේ තිරිසනුන්ට දඩුවම් දීම එතුමාගේ වගකීමය. (නදී)
සමුළුව නැත්තම් මේ අපරාදයත් අනිත් අපරාදයන් වගේ යටය නවා (නදී)
බන්දුල පෙරේරා කියන "මානසික ලෙඩාගේ" තත්වය බොහොම අයහපත් කියල දැන් දැන් දාන අදහස් වලින්ම පීනවා.කව්රුවත් ලග පාඨක නැද්ද මේ"පිස්සව" පිස්සන් කොටුවට කුදලාගෙන ගිහින් බාර කරන්න. (අ)
බන්දුල පෙරේරා.ඔහෙට සාධාරණවා හිතන්න මොලයක් කියල දෙයක් අර්ත්තේම නැද්ද?කන්නේ බත් නෙමෙයිද? විවිද නම් වලින් බයිල කියන්නේ (අ)
බන්දුල පෙරේරා මහත්තයෝ ,මම මේ දන්නේ නැති හන්දයි අහන්නේ ඔබ තුමා වැඩ කරන්නේ පිට රටක තානාපති කාර්යාලයකද? (අ)
හැම දෙයක්ම සාදාරනීය කරන බන්දුල පෙරේරා කියන "මානසික ලෙඩ" මේ මිනීමැරුම සහ ස්ත්‍රී දුෂණයක් සාදාරනීය කර ගෙන යනවා. (අ)
අගතියට පත් පාර්ශවයට සාධාරණයක් සිදුවිය යුතුයි (අ)
අපේ රටේ මිනිස්සු මොනතරම් ම්ලේච්ඡ විදියට වද විදිනවද? මැරෙනවද? (නි)
යුක්තිය පසිදන්න තිබුන වෙලාවේ ඒක නොකර දැන් අපේ ලංකාවටම කැලළකුත් ඇති වෙලා (නි)
සමහරු කියනවා සමුළුවයි මේ නඩු විමසීමයි අතර සම්බන්ධයක් නැහැ කියලා. ඒ සමුළුවෙන් පස්සේ නඩුවට වූ දෙයක්වත් හොයාගන්න නැතිවෙයි. (නි)
හැම දේටම ජාත්‍යන්තරයට බැනලා වැඩක් නෑ... අපි හරියට ඉන්නව නම්... ඡන්දේ දිපු මිනිස්සුත් වග කියන්න ඕනෑ.... 2/3 වැඩි බලයක් තියෙන රජයට නිතිය ක්‍රියාත්මක කරන්න බැරිද හරියට?... (ස)
සමුළුවට පෙර මේක අවසන් කළේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ (නි)
උණු නිසා බොන්නත් බැ. කීරි නිසා අහක දාන්නත් බැ. (අ)
මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැන් මුලු ලොවටම රහසක් නොවේ.අපි උග්‍ර දේශප්‍රේමියෝ වෙමු (නි)
මෙතෙනදී ලංකාව ජාත්‍යන්තරයේ කනෙන් රිංගනවා. (අ)
බාලගිරි දෝෂය නිමාවට පත්වේ. දැන් දඩුවම් විදින්න වෙනවා (නි)
ලෝකෙ අපි දිහා වපර ඇහින් බලන්නෙ මේ වගේ වැඩ හින්ද.වැරදි කරුවන්ට නිසි දඩුවම් දෙනවනම් ලංකාවත් මෙලහට හැදිල. අර ඩයස්පෝවෙන් හැර, ලෝකෙන් එන අපවාදවලිනුත් මෙලහට බේරිල. (අ)
තවමත් ගොඩක් රටවල් ලංකාව දිහා බලන්නේ වපර ඇහින්නේ. කුමන හෝ රටක විදේශිකයන්ට, ලංකාවේදී කවදාවත් කිසිම වැරැද්දක් කරන්න එපා. ඒ අයට උදව් කරන්න.සුහදව පිළිගන්න. එතකොට රටේ නම ආරක්ෂා වෙනවා. (නි)
අපරාධයට සම්බන්ධ සැමට මරණ දඩුවම ලබාදෙන්න. අපරාධකරුවන්ගේ බලය නිලය නොතකන්න.රටේ නම තියන්න.ජයම වේවා! (නි)
දේශපාලක මහත්වරුන්ගේ අපරාධ විසදිමට වෙනමම උසාවි පද්ධතියක් නිර්මාණය කිරීමට කාලය හරි. වැඩි අපරාධ ගණනක් කරන්නේ ජනතා වරම් ලබාගත් දේශපාලක මහත්වරුනේ. මිනිමරු සල්ලාල මන්ත්‍රිවරු සඳහා ඇයි නිතීය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද.....? (නි)
මෙදා පාර කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටලා වගේ. (නි)
මේ නඩුව විසදන්න වෙනවා. නැත්නම් ලංකාවට මානව හිමිකම් ප්‍රශ්නය තවත් ප්‍රශ්නයක් වෙයි. (නි)
ලංකාවේ නීතිය සැමටම එක විදියට ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ විදේශ බලපෑම් වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මේවට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන අය හිතන්නේ ලංකාව මානව හිමිකම් රකින රටක් කියලා. (නි)
දැන්ද මතක් වෙලා තියෙන්නේ මේක දරුණු ම්ලේච්ඡ අපරාධයක් කියලා? (නි)
ලංකාවේ මානව හිමිකම සුරක්ෂිත බව පෙන්නන්න පුළුවන් කදිම උදාහරණයක් මේක මුළු ලොවටම දැනෙන විදිහේ ඉක්මනිම්ම තීන්දුවක් දෙන එක රටට වැදගත් වේවි සල්ලාලයන් මිනීමරුවෝ දුශිතයෝ රටට පිළිලයක් නොවේද (අ)
මේකට හොදම පාඨය දුන්නේ පාර්ලිමේන්තුවේදී රන්ජන් මහතායි (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න.රැස්වීම දාට දඬුවම ක්‍රියාත්මක කරමු (නි)
බන්දුල, ඔයා බත් නෙමෙයිද කන්නේ? මම දන්නෙ නැති නිසයි අහන්නේ (නි)
මේ ගැන දන්නා තොරතුරක් වගකිවයුත්තෙකුට හා තවත් අයට දැන්වූවා. දැන් වසරකටත් වැඩියි. තාම කිසිවෙක් කතාවක් නැහැ. තොරතුරක් දුන්හම කියනවා අනන්‍යතාවය තහවුරු කරන්න කියලා. අපරාධයක් වළක්වන්න යන කෙනා පොලීසියට අනන්‍යතාවය කියන්න කාටද පොලීසිය විශ්වාස? (නි)
රුසියානු ජාතික වික්ටෝරියා දුෂණය වූ කතාව ගැන වෛද්‍ය සහතිකයේ පිටපතකුත් අන්තර්ජාලයේ තිබුණා. එය ලංකාවෙන්ම ලබාදුන් දෙයක්ලු. දැන් එහෙම නැහැ මෙහෙම නැහැ කියන එකේ තේරුමක් තිබේද ඉතින්? (නි)
ඔය තීරණය වේලාසනින්ම ගත්තා නම් කොයිතරම් හොඳද? (නි)
මේ නඩුව වගේම මෙයට වඩා ම්ලේච්ච ආකාරයට සිදු වුණු සමුහ ඝාතන නඩුත් මේ රටේ ඇහෙන්නේ යම් ක්‍රම වේදයකට..අදිකරණයේ නඩු අපේ ඉක්මන් කමට අහන්නවත් ඉක්මන් කමට ඉවර කරන්නවත් බැහැ...සාමාන්‍ය අදිකරණ ක්‍රියාවලියකදී මේ වගේ නඩු වල ප්‍රමාදය සාමාන්‍යයි,(දිල්)
දඩුවම් කරන්න බැරි ඇයි කියලා අපි දන්නවා (නි)
කවුරු කොහොම කිව්වත් ඇත්ත කතාව අරක. (දිල්)
මේ කරන වැඩ වලින් ජාත්‍යයන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව නීතියක් නැති රටක් වෙනවා දකින්න අපි කැමති නැහැ. (නි)
සිය පෙම්වතිය සමග ශී‍්‍ර ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි කුර්හම් ඝාතනයට පුද්ගලයින් 8 දෙනෙකු සම්බන්ධ වී ඇතැයි සිදුවීම සම්බන්ධ පොලිස් වාර්තාවේ දැක්වේ.ඔහුගේ පෙම්වතියත් ඔවුන් අතින් දුෂණයට ලක්ව ඇති බව සනාථ කෙරෙන වෛද්‍ය වාර්තා ඇතත් අප රට විසින් දිගින් දිගටම එවැන්නක් සිදුවූ බව ප‍්‍රතික්ෂේප කරමින් සිටී. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්ද? (නි)
ඕනෑම නරක දෙයක් සාධාරනීකරණය කරන්න ඉදිරිපත් වෙන බන්දුල පෙරේරා කියන කෙනා නැත්තේ මොකද? (නි)
සුද්දව රවට්ටන්න ගිහින් අපිවමයි රැවටෙන්නේ (නි)
අපේ රටේ මිනිස්සු මොනතරම් ම්ලේච්ඡ විදියට වද විදිනවද? මැරෙනවද? (නි)
2011 වසරේදී තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඝාතනය කළ කුර්හම් ෂායික්හ් නම් බි‍්‍රතාන්‍යය ජාතිකයා ලේ විලක් මැද වැටිලා සිටි ඡායාරූප අන්තර්ජාලය හරහා මුළු ලෝකයම දැක්කා.එහෙව් නඩුවකුත් මෙච්චර කල් මරනවා කියන්නේ ආයේ අනෙක්වා ගැන කතා කරන්න දෙයක් නැහැනේ. (නි)
මේකෙන්ම තේරෙනවනේ රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ කියලා. (නි)
මම නම් දැක්කා ඔය කියන කෙනා ඉහළ පුටුවක ඉදගෙනත් ඉන්නවා. (නි)