බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂික් ඝාතනය කැර ඔහුගේ රුසියන් මිතුරිය 2011 දෙසැම්බර් 24 වැනිදා හිරිහර කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශිය සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විද්‍යා පතිරණ අත්අඩංගුවට ගැනීමට අද වරෙන්තු නිකුත් විය.
මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ නඩු විභාගය ගත් අවස්ථාවේ ඇපකරුවන් කියා සිටියේ සභාපති අසනීප වී ගාල්ලේ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බවයි.
නඩු විභාගය ජනවාරි 22 දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සනීප වෙයි. (නදී)
බයටම අසනීප වෙලාද? (නදී)
මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිතන්නේ ඔවුන් ඇති විශේෂ පිරිසක් කියා ; මහජන මුදල් කබාසිනියා කරමින් රටට බරක් වන මොවුන් සහ මෙම ප්‍රාදේශීය සභා ක්‍රමය ලංකාවෙන් තුරන් කල යුතුය (අ)
මිනිහ මිනී කාමරයේද බලන්න (අ)
මේ වගේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ.(නදී)
මොකද්ද දන්නේ නැහැ අසනීපය (දී)
කොහොමද වැඩේ මිනිහෙක්ට කටක් ඇරලා කියන්න පුලුවන්ද ලැජ්ජයි (දී)
දුෂකයාට දඩුවම නම් ගල්ගසා මරා දැමීමයි. අපේ රටෙත් මෙවන් නීති තිබුනා නම් බොහෝ අපරාද අඩුවෙනු ඇත.(නදී)
දේශපාලනය කරන්න පැමිණෙන පුද්ගලයන්ගේ ජිව දත්ත හොදින් විමර්ශනය කර අනුමැතිය දෙන්න ඕනා. නිසි ක්‍රම වේදයක් නැත්නම් "ප්‍රධාන සැකකරු ප්‍රාදේශිය සභාපති,පලාත් සභා මන්ත්‍රී හෝ ඇමති, කියල නිතර අහන්න දකින්න පුළුවන්. විදේශ රටවල සිට බලන අයට අපේ රටේ දේශපාලනයට කුඩු කාරයෝ,ස්ත්‍රී දුෂකයෝ,මිනි මරුවෝ, මුදල් වංචා කරන්නෝ වැනි දුෂිත අය සම්බන්දවි ඇත. දුෂිත අයට විරුද්දව නිතිය ක්‍රියාත්මක කර මහජන සේවයට කැපවෙන යහපත් මිනිසුන් දේශපාලනයට යොමු කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.(නදී)
පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ හොඳම මිනිස්සුන්ට විතරක් නාම යෝජනා දෙයි කියලා. චන්දදායකයෝ වන අපි දැන ගන්න ඕනා හොඳම මනුස්සයෙක්ව අපේ නියෝජිතයෙක් කර ගන්න. හොඳ එකෙක් නැතිනම් ඡන්දය නොදී ඉමු. ගතානුගතික කමෙන් මිදෙමු. නැතිනම් අපේ හෙට පරම් පරාවට හෙට දවසක් වගේම රටකුත් නැතුව යාවි. දුකයි මේ රට අද පත් වෙලා තියෙන තැන දැක්කම.(නදී)
අනේ අමිල එතකොට කව්ද ඔය ජීව දත්ත විමර්ශනය කරන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේද. දැන් ඉතින් වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද. (නදී)
අමිල පිරිස් ඉන්නේ මොන ලෝකෙද? (නදී)
මෙවැනි පුද්ගලයන් පළාත් පාලන ආයතන මෙහයවන කොට අපේ රටට විරුධව මානව හිමිකම් චෝදනා එල්ලවෙන එක පුදුමයක් නොවේ , (දී)
මේවා අපේ රටට අපකීර්තියක් ගෙනෙන බර පතල වැරදි (දී)