බ්‍රිතාන්‍ය සහන සේවක කුරාම් ෂේර්ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි තංගල්ල ප්‍රාදේශීය සභාපති ඇතුළු හය දෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් ඇප මත මුදා හරිනු ලැබූහ.
නඩු විභාගය ජනවාරි 26 වැනි දිනට කල් තැබිණි.
ඇප අඩුපාඩු නොසපිරූ අයට ජනවාරි නවය තෙක් ඒ සඳහා කල් ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සේනාවල් වල හාමුදුරුවරු ටික පාරට බහින්නේ නැහැනේ මේ වගේ දේවලට?ඒ මොකද හාමුදුරුවනේ? (ස)
තව නඩු වාර දෙක තුනකින් නිදහසත් ලැබෙයිද දන්නෙ නැහැ (නි)
මේ අයව එළියට දමනවාට වඩා හොඳයි ඇතුළේම කාලයක් නඩුව අවසන් වෙන තුරු තියන එක (නි)
මානව හිමිකම් කඩවීම පිළිබඳව රටට ඇඟිල්ල ඔසවන අයට තවත් වාසියක් අත් කර දීලාද? රට යන අත කොයිබටද? (නි)
බැලුවහම බොහෝ දෙනෙකුට මේ පවතින ක්‍රමය ගැන පැහැදීමක් නැහැ. එහෙම වුණාට අන්තිමට වෙන්නේ හැමෝම එකතුවෙලා ඔය කියන අයවම නැවතත් කරපිටින් තියාගෙන ගිහිල්ලා පුටුවල ඉන්දනවා. අපේ මිනිස්සුන්ට ලොකු ඔලු තිබුනට ඒවා ඇතුළේ මොකුත් නැහැ. අපි අනුන්ට ප්‍රශස්ති ගී කියා කියා දුක්විඳින ජාතියක්. (නි)
අනිවාර්යෙන්ම ඔහු ගැළවෙන බව හැමෝම දන්නවා. (නි)
අපි ලබන වරත් ඔබට ඡන්දය දෙමු,අපි විදේශික බලවේග වලට ඉඩ නොදෙමු (නි)
බලමු ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා (නි)
නඩු භාන්ඩ නැති වෙන එකක් නැහැ නේද? (නදී)
ප්‍රමුක, ඔබ හරි. සුබ අනාගතය දැකලා අපිට පිස්සු වගේ! (නි)
තව ටික කලක් යනකොට රටේ ජනතාවට මොනවා වෙයිද? (නි)
මම ජීවත් වෙන්නේ විදේශ රටක ඉස්සර මේ රටවලදී අපේ රටේ අයට ඉහලම පිළිගැනීමක් තිබ්බා, නුමුත් අපේ රටේ පාලකයෝ කරන දේවල් නිසා අපිව ගණන් ගන්නෙත් දේශපාලකයන්ව ගණන් ගන්න අකරයටමයි. මම නම් දැන් රටේ නම කියන්නේ දෙපාරක් හිතල බලලයි.(නදී)
තිලක් සමග එකගයි. අපේ සමහරු හිතාගෙන ඉන්නේ රටේ වෙන වැඩ ඔක්කොම අනුමත කරන එකයි ජාත්‍යාලය කියලා. ඔය ටිකම තමන්ගේ දුවට බිරිදටත් වුණහම තමයි ඔය වගේ අයගේ ඇස් ඇරෙන්නේ (නි)
රුසියාවෙන් එන්න කියමු, අපේ රට බලන්න කියමු, බලාලා දුෂණය වෙන්න කියමු අපි. (ස)
ඔය සංචාරක කාන්තාවෝ අවට කමක් නැහැ. අපේ අහිංසක තැන්පත් මහජන නියෝජිතයෝ එහෙම අවුස්සලා නොමග යැව්වොත් බලාගෙනයි. අපි දේශප්‍රේමී කලගුණ දන්නා ජනතාවක් හොඳේ. (ස)
අචිනි - කතාව සම්පුර්ණ ඇත්ත. මන් ඇමරිකාවේ ඉන්නේ. මෙහේ අයට මම ලංකාවේ කීවම ටැමිල්ද කියලා අහනවා. ආණ්ඩුවෙන් මැරුණු කෙනාගේ පවුලට මිලියනයක් දෙන්න තිබුනා. අතවර උන කෙල්ලටත් කියක් හරි දීලා ප්‍රාදේශීය සභාපති අවුරුදු 10 යක් වත් හිරේ දාන්න තිබුනේ.(නදී)
අර සංවිධානයේ ප්‍රධානියා කෝ දැන්. මේවා පේන්නේ නැද්ද? (නදී)
අවුරුදු දෙකකට පසුව අර අහවල් සමුළුවට පෙනෙන්න අත්අඩංගුවට ගනිද්දිම අපි කිව්වා මේ ටික වෙනවා කියලා. ආශ්චර්ය කියන්නේ මේවට තමයි. (ස)
ඔබ මේ පිවිසෙන්නේ අාශ්චර්යයේ පිවිසුම් දොරටුවටයි.සුබ අනාගතයක්! (නි)
මේ ශ්‍රී ලංකාවේ දැන් දැන් මෙවැනි දේශපාලකයෝ සම්බන්ධ සිදුවීම් සියල්ලක්ම පාහේ සිදුවෙන්නේ එකම රිද්මයකට අනුව බව පැහැදිලිය. නොයෙකුත් අපරාධ සිදු කිරීම,ඔවුන්ට එරෙහිව සාක්ෂි ගොනුකිරීම,ඔවුන්ට අැප ලබා දීම.ඔවුන් නිදහස් වී මල් මාලා දමා පාක්ෂිකයන් විසින් පිළිගෙන නැවතත් සුපුරුදු ක්‍රියාවලියට අවතීර්ණය වීම නොවෙනස්ව සිදුවේ.මේ නිසා මේ අයගේ හෙට දවසේ ඉරණම කුමකින් කුමක් වේදැයි කුතුහලයක් කිසිවෙකුටත් නැත.හැමෝටම හෙට සිදුවන දේ අද සිතාගන්නට පුළුවන්ය.හැමෝටම සත්‍ය අනාගත අනාවැකි පළ කළ හැකි වාතාවරණයක් උදා කර ඇත. (නි)
ප්‍රමුඛ, ඔබ හරි. තව ටිකක් එකතු කරන්න ඕනෑ. (නි)
ප්‍රමුඛ, ඔබ හරි. (නි)
සල්ලි දෙවියන්ගේ මල්ලි නෙමෙයි අයියා වෙලා (නි)
ඔව් ,කෝ මේ පින් කෙත,පිටරට යන්න එපා, මානව හිමිකම් හොයන්න එපා. ලංකාව සුන්දර රට කියන කට්ටිය? (නි)
නඩුව අහෝසි කරලා දාන්න.සහාපතිතුමාට මෙම ප්‍රශ්නය නිසා රාජකාරිය ඉෂ්ට කිරීමටත් අමාරුනේ. (නි)
ඔබ මේ පිවිසෙන්නේ ආස්චර්‍යෙ පිවිසුම් දොරටුවටයි. දේශ පාලකයන්ට සුභ අනාගතයක්.(නදී)
අපි දැනගෙන හිටියා ඔහොම වෙයි කියලා. අපේ ලංකාව පින් කෙතක් (නි)
මම නිකමටද කිව්වේ, රුසියන් ජාතිකයන් ලංකාවට එනකොට "ලංකාවට එන සංචාරකයන්ට කියල නැද්ද මැරුනොත් සොරි කොම් තමයි. නඩුත් බඩුත් දෙකම අපේ දෙවියන්ගේ අතේ කියලා.අපි දන්නවනේ ලංකාවේ හැටි. (ස)
තිලක්-ඩුබායි 2013-12-01 16:09:09 අපි මෙහේ බයෙන් ඉන්නවා අපි උපන්න රටට යන්න. කොයි වෙලාවේ කොතැනක, කාගෙන් කන්න වෙයිද කියලා දන්නේ දෙවියෝ විතරයි. මේ මිනිස්සු මොනවට එනවද මන්දා මැරුම් කන්න. (ස)
තිලක්-ඩුබායි 2013-12-01 21:51:24 අවුරුදු 5 සිට 75 දක්වා ලස්සන කාන්තාවන් දරුවන්, අම්මලා, ආච්චි අම්මල දක්වා ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරනවා නම් දෙවරක් හිතා බැලිය යුතුයි. (ස)
තිලක්-ඩුබායි , කුරාන් ජාතිකයාගේ මරණය සහ පෙම්වතිය දුෂණය කළ එකට පිටරටවල් වලින් මේ තරම් පීඩනයක් එල්ල කරලත් තවම සාධාරණයක්, යුක්තියක් මැරුන කෙනාට එකතු වුනාද?කෙනෙක්ව බේරාගන්න ගිහින් මුළු ලංකාවම නින්දා අපහාස විදින්නේ ඇයි? (නි)
සෑම්,ප්‍රසන්න රත්නායක,සජීව,නීල්,අතපත්තු,පොඩී,ඉන්දික,සසන්,සිරිල්,කේ.කේ.දී. ඩුබායි......යන අය මොනවද දන්නේ නැහැ මේ ගැන කියන්නනේ? (නි)
ඇත්තටම මා අැතුළු පිටරට ඉන්න සියලුම ලාංකිකයන් දිනෙන් දින කළකිරෙනවා තමා රට ගැන.ලෝකයේ සුන්දරම රටක්.එහෙත් මුදලට,බලයට හැමදෙයම යටවෙලා. (නි)
ප්‍රමුඛ,සහතික ඇත්ත (නි)