තංගල්ලේ නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කැර ඔහුගේ සහකාරීය කෙළෙසීයැයි සැකපිට අද අත්අඩංගුවට ගත් තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කරන්නැයි රෝහීනී වල්ගම කොළඹ මහාධීකරණ විනිසුරු නියෝග කළාය.ඇප පිට සිටි විදාන පතිරණ අසනීප යැයි පවසමින් නොපැමිණි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කැර තිබිණි.
ඔහු විසින් ඉදිරිපත් කළ වෛද්‍ය සහතික පිළිගත නොහැකි බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.
මාර්තු 27-28 දිනයන්හි නඩුව විභාග කිරීමට දින නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙලි නාටකයට නමක් තමයි නැත්තේ.(නදී)
සුබසිංහ,,, ඔබ හරියටම හරි. ලජ්ජ්වේ පන යනවා.(අ)
ඡන්දය ඉවර වෙනකන්.... මානව හිමිකන් සමුළුව ඉවර වෙනකන්... මේ සබාපතියව තොරොම්බල් කර කරා... ඉම්මු.... අන්තිමට ජාත්‍යන්තර කුමන්ත්‍රන කියා සුද්දන්ට බනිමු. දෙදහස් පන්සීය වසරේ පුරාජේරුව වයමු.(නදී)
එංගලන්තේදී ලංකාවේ කොල්ලෙක් මරා දමපු උන්ව උසාවිත් දාළ හෙට අනිද්දම තීන්දුව දෙන පාටයි. අපේ රට කොයි තරම් උතුම්ද කියනවා නම් දැන් අවුරුදු 3 කිට්ටු වෙන්ට ඇප දෙනවා අල්ලනවා ඇප දෙනවා අල්ලනවා. කාව රවටන්නද මේ. හැබැයි ඇහුවම කියන්නේ සිංහල ලාංකීය ජාතියේ පුරාජේරුව.(නදී)
මේකව නඩුව එවර වෙනතුරු නෙමෙයි මැරෙනතුරු හිරේ යවන්න ඕනේ ,කුපාඩියා (අ)
මේ කරපු හරක් වැඩේ නිසා, අපිට මේ රටවල් වල ඉන්න යාලුවෙකුටවත් කියන්න බැහැ ලංකාවට යන්න කියලා. බැංකොක් යනව කියල කවුරු හරි කියනකොටම මම කියන දේ තමයි පලයන් ලංකාවට, එහෙ හොදයි කියලා. උන් කියන්නෙ ඉන්දියාවට වැඩිය හොදයි ඒත් ටිකක් හිතන්න ඕනෙ කියලා. මේ කේස් එක හොදට ඉක්මණට කරලා හරි තීන්දුවක් දින්නොත් රටටත් හොදයි, සාධාරණයි.(නධී)
මෙයාව ආයුධ හොයන්න එක්ක යන්නේ නැද්ද? (අ)
ලංකාව ගැන ලෝකයට පෙන්නලා ඉවරයි (අ)
ඔලුවටම වෙඩි තියලා ලේ විලක් මැද මැරිලා වැටිලා ඉන්න සුද්දගේ ෆොටෝ එක අන්තර්ජාලයේ ලෝකෙටම ප්‍රසිද්ද කරලා ඉවරයි. මේ මිනීමරුවන්ට සහ ස්ත්‍රී දුෂකයන්ට දෙන දඩුවම මොකක්ද කියලා ලෝකෙම බලන් ඉන්නවා.(නදී)
මේ වගේ සිද්දි නිසා මුදල් වියදම් කරන සුද්දෝ අපේ රටට දැන් එන්නේ නැහැ. එන්නේ චුන් පාන්කාරයා එනකම් බලන් ඉන්න සල්ලි නැති අය.(නදී)
රෝහීනී වල්ගම කොළඹ මහාධීකරණ විනිසුරුතුමියගේ තීන්දුව විශිෂ්ඨයි.(නදී)
ඇයි මෙයාල රිමාන්ඩ් කලේ, මෙයාල ලොකු ලොකු අයගේ හොඳ හිතවත්තුනේ.(නදී)
මේ තරම් රටට අහේනියක් කරපු, මුළු සංචාරක සැවෝමට අපේ රට නරකම රටක් ලෙස නමක් අරන් දුන්නු මේ මිනිහට පියවරක් ගන්න අවුරුදු 3 කට වැඩිය ගියා නේද? (නදී)
කාලෙකින් ඔහොම දෙයක් උනේ! (නදී)
අන්තිමට කොහොම හරි නිදහස් වේවි. අනික මේ වගේ රට අපකීර්තියට පත් වෙන සිද්ධි සහිත නඩු ඉක්මනට අහන්න ඕන. මාස දෙකක් නඩු අහන්න කල් ගන්නේ පිට රටින් එන සාක්කි කාරයන්ට ගුවන් ගමන් ලැස්ති කර ගන්න ඕන නිසා ද? (නදී)
මට නම් එකම දෙයක් පමණයි කියන්න තියෙන්නේ." හොදම වැඩේ". (නදී)
අනිකුත් දුෂිත දේශපාලකයන්ටද පාඩමක් වනසේ දැඩි දඩුවම් ලබාදිය යුතුය.(නදී)
මොවුන්ව ආරක්ෂා කිරීමේ විපාකයන්ට ලෝක ප්‍රජාවගේ ගිලටීනයට පාලකයන්ට මුහුණ දෙන්න සිදුවෙලා.(නදී)
ඇයිද දන්නේ නැහැ වරෙන්තු පිට හිටි කෙනා අත් අඩංගුවට ගත්තේ? (නදී)
නිවැරිදි විය යුතුව තිබු දෙයක් මොන ආකාරයකින් හෝ නිවැරිදි වෙලා තියෙනවා. මේ වගේ අපරාදකරුවන්ව ඇප පිට සමාජයට මුදා නොහැරිය යුතුයි. නීති පොතේ තියෙන අඩුපාඩු කාලයට ගැලපෙන සේ සකස් කර ගත යුතුයි. මිනීමැරුම් ළමා අපචාර ස්ත්‍රී දුෂනයන්ට සම්බන්ද කිසිවෙකුට උසාවි මගින් ඇප ලබා නොදිය යුතුයි. (නදී)
කට්ටියට අමතක උනාද දකුණේ ඡන්දෙ එනවා කියලා. මෙයාව එළියේ තිබ්බොත් ආණ්ඩුව පතුරු ගහනවා විපක්ෂය. ඔන්න දැන් ඒකත් නැවැත්තුවා. ඔක්කොම කටවල් වැහිලා දැන් හොද කියනවා. අනේ අපි වගේ ගොන් රැලක්.(නදී)
මානව හිමිකම් සමුලුව නිමා වෙනකන් මෙහෙම දේවල් තවත් සිදුවිය හැක.(නදී)
ඇත්තටම මේ වගේ එක්කෙනෙකුට හරියට දඩුවම් දුන්නා නම් අනිත් අය වැරදි කරන් නැහැ.(නදී)
කාලෙකින් ඔහොම දෙයක් උනේ.(නදී)
මෙයාලට වෛද්‍ය සහතික දෙන දොස්තරලාට විරුද්ධව නඩු පැවරිය යුතුය. (නදී)